Friday, May 8, 2015

මරණයට අඬගසමි.............෴

.
.
.
.
.
නික්මෙන්න හේතුවක් කිසිවෙකුට නොහැඟෙන්න..
සුසුම් පොද ඉවත යනු හදවතට නොදැනෙන්න..
කිසිවෙකුට කඳුලක්ද සුසුමක්ද නොතබන්න..
මරණයට අඬගසමි පැමිණ මා ගෙනියන්න..
.

මගේ දෙන අභියසට ඔබ හෙමින් පැමිණෙන්න..
නෙතට හිමි කඳුළු කැට සුසුමකින් සඟවන්න..
ඇගෙ නෙතේ කඳුළු බිඳු ආදරෙන් පිසලන්න..
තහනම්ය ඔබව මට හොඳින් සිහියට ගන්න..
.

නුඹව හැඬ වූ අයුරු නිතර සිහියට ගන්න..
ආදරෙන් සිටි අයුරු මතකයට නොනගන්න..
මගෙ පැතුම පමණක්ම මතකයේ රඳවන්න..
හැකිය මා පැතු ලෙසම නුඹට ලොව ජයගන්න..
.

නුඹේ හද අරණෙ ලියු මගේ නම වියැකෙන්න..
සිනහවෙන් නිතර නුඹෙ මුව මඬල සරසන්න..
වසන්තය යළිත් එනු බලා හිත සනසන්න..
තවත් උරහිසක නුඹෙ හිස තබා සැනසෙන්න..
.
.
.
.
.

෴ රන්දු ෴

5 comments:

  1. පට්ට . (Y)

    (අමායා මැණික් )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැණික් අක්කේ..

      Delete
  2. ලියා ඇති පද පෙල මරනය ගැන උවත්
    මගේ සිත ඇද ගතිමි එය සිත් පතුලටම
    සුන්දරයි ලස්සනයි අයියේ ඔයාගේ ඔය පද පෙල.

    මම සිතුවිලි හන්තානට ආව පලවෙනි වතාව.ඔයාගේ නිසදැස් කවි නිර්මාන ඔක්කොම ලස්සනයි.
    තවත් අලුත් පොස්ට් එකක් ලගදිම දාන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි....

      Delete
  3. සිතුවිලි හන්තානට ආවෙ අදයි. හදට දැනෙන සිතුවිලි. ආයෙත් එන්නම්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...