Saturday, September 26, 2015

නුඹට මගෙ කවි නැති හැටී....






ආදරේ හිත පුරෝගෙන තිබු,
පිදුවෙ උණුසුම් ලෙසින් බැතියෙන්,
ඒ නමුත් පන්හිඳේ තුඩගින්,
නුඹට මගෙ කවි නැති හැටී
.....
.
මෙතෙක් කල් සිත නොලැබු සෙනෙහස,
සත්තකයි මට ලැබුණා නුඹගෙන්,
ඒ වුණත් හිත පිරුණු සෙනෙහෙන්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
විරහ ලතැවුල් නිවා හල මුදු,
සීත පහසින් සිතම තෙමමින්,
ආල වට්ටම් කොතෙක් ඇතිමුත්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
රෝස යායක අතුරවන සුව,
හංස විල මත මිහිරි පහසට,
වශීකෘත වී සිතඟ සැලුණත්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
.
෴ රන්දු ෴

5 comments:

  1. ලස්සනම ලස්සනයි.............

    ReplyDelete
  2. ඉතින් ඒයාටත් කවියක් ලියමුකෝ.................. අා... මේකත් ඒයාටනේ නේද????

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින්. මේක එයාට තමයි. බැරිම තැන මෙහෙම ලිව්වා....:)

      Delete
  3. කවි නැත්තං කතාවක් හරි ලියමු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...