අහීමි වී ගිය මිහිරි සුවඳක්
මතක සැමරුම් කවුළු අස්සෙන්..
එබි එබී තෙත් කරනවා නෙත්
නොවැටි කඳුළක් නෙත් අගිස්සෙන්..
නොවුණු විකසිත මිලින කුසුමක
සුවඳ හදවත පෙලන අස්සෙන්..
හීන ලෝකයේ හිටිය සඳමලි
කරයි එබිකම් හිත් අගිස්සෙන්...
ඇරඹුමක් නැති විරහවක් නැති
දෙසිත සැඟවුණ පෙමක පහසෙන්...
මතක සැඟවී තිබුණ බව මං
දන්නෙ නෑ මගෙ සිතට රහසෙන්..
ගලන ලෙස මහ කඳුළු දියවර
පොළව වෙත දුක පිරුණු අහසෙන්..
උනන කඳුළැල් හෙලනු තහනම්
ලොවේ සැමදෙන බනියි රහසෙන්..
පියාඹා ගොස් අනන්තය වෙත
කොහේ හෝ ඈ සිටි පැලැස්සෙන්..
ඇගේ සෙනෙහස සොයා යන්නට
හිතයි ගැලවී මේ පියැස්සෙන්..
ඇගේ ඇස මත මිහිරි කැලුමන්
බලමි ඇගෙ නෙත් කෙවෙනි අස්සෙන්..
තියා ඇයගේ උකුල මත හිස
හෙලමි කඳුළැල් ඇස් අගිස්සෙන්..
.
.
.
෴ රන්දු ෴
මෙන්න මෙන්න ;)
ReplyDeleteඔව් බං.. ආයේ ලියන්න හිතුණා...
Deleteකාලෙකට පස්සෙ..
ReplyDeleteඔව්ව්ව්.... දැන් දැන් ආයේ ලියවෙනවා...
Delete