Sunday, August 28, 2016

ඉරත් හෙමිහිට සයුර සිපගෙන.........





ඉරත් හෙමිහිට සයුර සිපගෙන යන්න සැරසුණ සොඳුරු හවසක..
ඔයත් දවසක මගෙන් ඔය ලෙස යන්න යනවද ඇහුවා මතකද..
ගියත් හෙට මං ආයේ එනවා ඔයා මට ඒ කීව විලසට..
ගියත් ඉර නම් ආයෙ ආවා ඔයා ආයෙත් ආවේ නැතුවට..

මලක් පරවී යනවා දැකලා ඔයත් මිලිනවි යයිද ඇහුවම..
මිලින වූවත් හිරුත් සමඟින් යළිත් එන බව කිව්වා මතකද...
මිලින මල් හැම හිරුත් සමඟින් යළිත් නොඑනා දහම සිහිකළ..
ආයේ දවසක් හිරුත් සමඟින් ආවෙ නැති ඒ සොඳුරු මල නුඹ..

සැදැහැ සිතකින් එක්ව සිත් බැඳ පහන් දැල්වුව සොඳුරු හවසක...
පහන් සිල ලෙස සෙනෙහෙ දිගුකල් තිබේවා අපි පැතුවා මතකද..
පහන් සිල සිය දිවිය නිමකොට අඳුරු ලොව වෙත ගිහිපු විලසට...
අපේ සෙනෙහස් පහන් සිල අද නිවී ගොස් ඇත පැතුම් සුන්කොට...
.
.
.
.

~ රන්දු ~

2 comments:

  1. ඇත්තෙන්ම අපූරු කවියක්.

    නැති වූ ප්‍රේමය ගැන උපන් ශෝකය තඩින් පිලිබිඹු කලාට වෛරයක සෙවනැල්ලක් හිතේ කොනක වත් නැති බවක් හැඟවෙන විදිහට ලියපු මේ කවිය සුපිරි . . !

    ReplyDelete
  2. good blog randunu yasaranga

    tutu

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...