Thursday, May 23, 2013
Friday, May 17, 2013
ඔබේ ගිණුමට දිනපතාම සල්ලි දාන බැංකුවක්....!!
එක්තරා බැංකුවක් ඔබේ ගිණුමට සෑම උදෑසනකම රුපියල්
86400 ක් දාන්නේ යැයි සිතන්න.
නමුත් ඒ ගිණුමේ දවසින් දවස ශේෂයක් ඉතිරි වෙන්නේ නැත.
Sunday, May 12, 2013
ජීවිතයට පාඩමක්.......෴
හැමෝගෙම ජීවිත වලට වැදගත් වෙයි කියලා හිතුණු කථාවක් සිතුවිලි හන්තානට එකතු කරන්න මට හිතුණා. මේ කතාව ලංකාවේ වෙච්ච එකක් නම් නෙවෙයි. පිට රටක එකක්. කියවෙන්නේ හොඳ දෙයක් නම් රට මොකක්ද කියන එක අදාල නෑ නේ නේද?
එක මිනිහෙක්ට තරුණ වයසේ පුතාලා හතර දෙනෙක් හිටියා. පළමු දැකීමෙන් කිසිම දෙයක් පිළිබඳව තීරණය කරන්න එපා කියන පාඩම තමන්ගේ පුතාලට උගන්නන්න ඒ මිනිසාට අවශ්‍ය වුණා. ඒ සඳහා ඒ පුතුන් හතරදෙනා සෘතු හතරකදී ඈත ප්‍රදේශයක පිහිටි පෙයාර් ගසක් වෙත පිටත් කර හැරියා..

Friday, April 26, 2013
මිනිසුන්ගේ හදවත් දිනාගැනීමට නම් මෙය ඔබ සතු විය යුතුය............!!!
෴සිනහව෴
සිනහව යනු ඔබේ සිත නැමති නිවසෙහි කවුළුවකින් පිටට පැමිණෙන ආලෝකයකි.
එය, සිත නැමති නිවස තුළ ප්‍රසන්න පුද්ගලයෙක් වෙසෙන බව අන් අයට පවසයි.
Tuesday, April 16, 2013
Saturday, April 13, 2013
පුළුවන් නම් කියන්න ෴
ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම යහපත් වූ බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
ඉතින් පහු ගිය දවස් ටිකේ නොසෑහෙන්න වැඩ තිබුණ නිසා සිතුවිලි හන්තාන පාළුවට ගිහින් තිබුණා. ඒක නිසාම ටිකක් කලින් මම ලියපු පරණ සිංදුවක් පෝස්ට් එකක් විදියට දාන්න වුණා.
ඒ නිසා අද මේ පෝස්ට් එක ටිකක් වෙනස් විදියකට ලියන්න හිතුණා මට.මේ වෙලාවේ කස්ටියම නිදහසේ ඉන්න නිසා මනස ටිකක් විකාර කරන පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. බලන්න ඔයාලා කොච්චර දක්ෂද කියලා.......
Friday, April 12, 2013
Friday, March 22, 2013
අහිමි(කරගත්) ආදරය ෴
2011 මාර්තු 22............
මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක් මතකද ඔයාට..??
හ්ම්..එදා ඉඳන් අවුරුද්දයි මාස පහක කාලය...
ඒවා අමතක කරන්න පුළුවන්ද ඔයාට.???
මට නම් ඒවා කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.
ආදරය කියන්නේ විඳින්න වගේම ගොඩාක් විඳවන්න පුළුවන් දෙයක් කියලා අපි දෙන්නම ඒ ලස්සන කාලෙදි ඉගෙන ගත්තා නේද?

Saturday, March 16, 2013
සළඹයාගේ ගීතය ෴
මේ කියවෙන්නේ තවත් එක් සළඹයෙකුගේ කතාවක්. ලස්සනට දැල්වෙන පහනකින් එළිය හොයාගෙන ආපු සළඹයට වෙන දේ.................................
Monday, March 11, 2013
ආදරේ තනුවට පදවැලක් ?? ෴
සිත හෙමින් සලිත කළ
ආදරේ ගීතයට
අහිමි වුණු තනුව ගැන
සිතා ඵල නැති අරුම...
Tuesday, February 19, 2013
මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි ෴
හ්ම්ම්.... මාස තුනකට ආසන්න කාලයක් භුක්ති වින්ද නිවාඩු කාලය ඉවර වෙලා ආයෙත් සරසවි ජීවිතේ පටන් ගත්තා. ඒත් ගොඩක් දේවල් කලින්ට වඩා වෙනස්.
අපේ සුපුරුදු හොස්ටල් ජීවිතේට සමු දීලා, අක්බාර් රජදහනෙන් (අක්බාර් ශාලාවට අපි කියන්නේ එහෙමයි) ඈත් වෙලා මහවැලි ගඟ අසබඩ නිස්කලංක බෝඩිමක නව ජීවිතයක් පටන් ගත්තා.
ඒ වගේම පළමු වසරේ General Program එක අවසාන කරලා, දෙවන වසරේ Specialized Program එක Computer Engineering අංශයෙන් පටන් ගත්ත එකත් අලුත්ම දෙයක්.
මගේ ජීවිතේ ඒ විදියට ගත වෙද්දී බ්ලොග් එක පාළුවට යන්න ඇරියොත් ඒක හරි අපරාධයක් වෙනවානේ. ඒ නිසා ඉඩක් ලැබුණ පළවෙනි මොහොතෙම පෝස්ට් එකක් දාන්නයි මේ හදන්නේ.
දිගටම සිතුවිලි හන්තානත් එක්ක හිටිය ඔයාලට මතක ඇති අලුතින් පටන් ගත්ත වැඩේ ගැන. "හින්දියෙන් සිංහලේට" කියලා පටන් ගත්ත ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Labels:
My Music Creations,
හින්දියෙන් සිංහලේට
Location:
Peradeniya, Sri Lanka
Sunday, February 10, 2013
ජාතිවාදයට විසඳුමක්...!!! ෴
සැලකිය යුතුයි-:
~ මෙය උඩින් පල්ලෙන් නොකියවා සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ සඳහා වේලාව ප්‍රමාණවත් නොමැති නම් මෙය නොකියවා මඟ හරින්න.
~ මෙය hitz ගැනීම සඳහා හෝ වෙනත් පටු අරමුණක් සඳහා ලියන ලද්දක් නොවේ. හුදෙක් මගේ මනසේ නළියමින් පවතින සිතුවිලි සමූහයක් ඔබ හමුවේ තැබීමක් පමණි.
~ තවද මෙහි සඳහන් තර්ක සියල්ල මාගේ මතයන් වන අතර ඒවාට එරෙහි වීම හෝ පිළිගැනීම ඔබ සතු වූවකි.
~ මෙය ලියන මම දකුණේ සිංහල බෞද්ධයෙක්මි.

Tuesday, February 5, 2013
අද ඉඳන් අලුත් වැඩක් !! ෴
ම්ම්ම්ම්.....හින්දියෙන් සිංහලේට කියලා ලේබල් එකක් පටන් ගත්තේ වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙනද කියලා සමහරු නෝන්ඩියට වගේ ඇහුවා. ඒ අතර තව සමහරු කියනවා හින්දි සින්දු සිංහලේට පරිවර්තනය කරන එක නම් කාට කරන්න බැරිද කියලා. ඕක පරණ වැඩක් නේ කියලත් සමහරු නම් හිතනවා ඇති.
ඇත්තටම මේක පරණ වැඩක් ද කියලා මාත් හිතලා බැලුවා,හොයලා බැලුවා. හින්දි සින්දු සිංහල කරන එක අද ඊයේ කරන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. එච්.ආර්.ජෝතිපාල මහා ගායකයාණන් පවා බොහොමයක් හින්දි තනු වල ගීත සිංහලෙන් ගායනා කරා. ඒත් ඒ ගීත වල තියෙන්නේ හින්දි තනුව විතරයි කියලා විස්තර හොයලා බැලුවොත් ඕනි කෙනෙක්ට වැටහේවි.ඒ කියන්නේ හින්දි තේරුමට උචිත සිංහල තේරුමක් නෑ ඒව බොහොමයක.

Siyambalanduwa, Sri Lanka
Friday, February 1, 2013
Saturday, January 26, 2013
Thuhi Meri Shab Hai සිංහල version ෴
ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා* ඉඳලා ඔන්න අද යාන්තන් මේ පෝස්ට් එක දාගන්න පුළුවන් වුණා.
පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.
පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.
Labels:
My Music Creations,
හින්දියෙන් සිංහලේට
Location:
Siyambalanduwa, Sri Lanka
Friday, January 18, 2013
ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴
සිතුවිලි හන්තානට එන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලුවා අධ්‍යාපනිකව වැදගත් වෙන මොනා හරි ලියන්න කියලා. ඉතින් මේ පෝස්ටුවෙන් ඒ නංගිලා මල්ලිලා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා හිතනවා.
Labels:
මම දැනගත්ත දෙයක් ඔයාට.......
Location:
Siyambalanduwa, Sri Lanka
Saturday, January 12, 2013
අනේ මෙහෙමත් ගැහැණුන්.. :D 2෴
මතක ඇතිනේ කස්ටිය කවි වලිය පටන් අරන් මෙතනට ආව හැටි.. මතක නැතිනම් මෙතනින් බලන්නකෝ..
ඔන්න දෙවෙනි දවසේ හර්ශි කරලියට එනවා...ඒත් මේ එන වෙලේ අපි කවුරුත් අහල පහල හිටියේ නෑ...බලන්නකෝ..මෙයාලා තනියම වැඩ.....
ඔන්න දෙවෙනි දවසේ හර්ශි කරලියට එනවා...ඒත් මේ එන වෙලේ අපි කවුරුත් අහල පහල හිටියේ නෑ...බලන්නකෝ..මෙයාලා තනියම වැඩ.....
හර්ශි -
පැන පැන දෙන මුවන් ගැන අනේ මං කවි ලියලා
ඔබ සැම එකතු වී මගේ බෙල්ලම කපලා
තරහක් නොමැත මිතුරණි, ඔබේ හැකියා දැකලා
මං කැපෙනවා ඔබලට ජය සෙත පතලා
පෙර පිනකින් අනේ අපි ගැහැණුන් වීලා
කිසිදා නොකියමි ගැහැණුන්ටම දොස පාලා
කාට නමුදු දැන් ඇති නොවැ පෑවා ලීලා
මං නැති අතරේ හොදටම ඇදගෙන නාලා....
Friday, January 11, 2013
අනේ මෙහෙමත් ගැහැණුන්.. :D ෴
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන.. අපේ කවි සහෘදයන් ගේ Facebook Group එකක් තියෙනවා සඳ එළිය කියලා. අන්න ඒ group එකේ දී බොහොම රසවත් විදියට ගලාගෙන ගිහිපු 'කවි වලියක්' තමයි අද මං මගේ පෝස්ටුව විදියට දාන්න හිතුවේ..
මේ කවි වලියට සහභාගී වුණා මමත් එක්ක තව සහෝදරවරු දෙන්නෙක් සහ සහෝදරියෝ දෙන්නෙක්...ගැහැණු සහ පිරිමි වලියක් තමා මෙතන තියෙන්නේ..හර්ශි තවත් කෙනෙක් සමඟ තරහින් දාන post එකක් තමයි මේ ලොකු වලියක් දක්වා දිග්ගැස්සෙන්නේ. ඇත්තටම මේක රසවත් වලියක්...
වැඩි කතා නැතුව අපි බලමුකෝ මොකක්ද මේ වලිය කියලා.....
Sunday, January 6, 2013
ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්... ෴
වෙන් වෙලා යන්න නොව ලං වුණේ මා පෙමින්...
ලං වෙලා ඉන්න මා පින් කළේ නැත ඉතින්...
සංසාර ආදරේ දවා අලු කළ සිතින්...
ඉල්ලන්න බෑ ආයේ සමාවක් නම් ඉතින්...
Tuesday, January 1, 2013
සිංglish කතා කිරීම තහනම්.....! ෴
මෙන්න විශේෂ ප්‍රවෘත්ති. අද මධ්‍යම රාත්‍රී 12 සිට සංශෝධිත භාෂා පනත ක්‍රියාත්මක වන බව ජනාධිපති _______ මහතා නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට කවලම් භාෂාවක් කථා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එක් භාෂාවකින් එක් වගන්තියක් කථා කිරීමට පමණක් අවසර ලැබේ. එනම් සිංහල හා ඉංග්‍රීසි භාෂා භාවිතයේදී සිංහල වාක්‍ය අතරට ඉංග්‍රීසි වචන දැමීම හා ඉංග්‍රීසි වාක්‍ය අතරට සිංහල වචන දැමීම සපුරා තහනම් වේ. කථා කරන්නාවූ භාෂාවෙන් එම වාක්‍ය අවසන් කළ යුතුය. අනෙකුත් භාෂා සඳහාද එලෙසම වේ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමට රහස් නියෝජිතයන් විශාල පිරිසක් මහජනයා අතරින් යොදවා ඇත.
Subscribe to:
Posts (Atom)