Tuesday, February 19, 2013

මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි ෴

        හ්ම්ම්.... මාස තුනකට ආසන්න කාලයක් භුක්ති වින්ද නිවාඩු කාලය ඉවර වෙලා ආයෙත් සරසවි ජීවිතේ පටන් ගත්තා. ඒත් ගොඩක් දේවල් කලින්ට වඩා වෙනස්.
අපේ සුපුරුදු හොස්ටල් ජීවිතේට සමු දීලා, අක්බාර් රජදහනෙන් (අක්බාර් ශාලාවට අපි කියන්නේ එහෙමයි) ඈත් වෙලා මහවැලි ගඟ අසබඩ නිස්කලංක බෝඩිමක නව ජීවිතයක් පටන් ගත්තා.
ඒ වගේම පළමු වසරේ General Program  එක අවසාන කරලා, දෙවන වසරේ Specialized Program එක Computer Engineering අංශයෙන් පටන් ගත්ත එකත් අලුත්ම දෙයක්.
මගේ ජීවිතේ ඒ විදියට ගත වෙද්දී බ්ලොග් එක පාළුවට යන්න ඇරියොත් ඒක හරි අපරාධයක් වෙනවානේ. ඒ නිසා ඉඩක් ලැබුණ පළවෙනි මොහොතෙම පෝස්ට් එකක් දාන්නයි මේ හදන්නේ.

        දිගටම සිතුවිලි හන්තානත් එක්ක හිටිය ඔයාලට මතක ඇති අලුතින් පටන් ගත්ත වැඩේ ගැන. "හින්දියෙන් සිංහලේට" කියලා පටන් ගත්ත ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Sunday, February 10, 2013

ජාතිවාදයට විසඳුමක්...!!! ෴

සැලකිය යුතුයි-:
~ මෙය උඩින් පල්ලෙන් නොකියවා සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ සඳහා වේලාව ප්‍රමාණවත් නොමැති නම් මෙය නොකියවා මඟ හරින්න.
~ මෙය hitz ගැනීම සඳහා හෝ වෙනත් පටු අරමුණක් සඳහා ලියන ලද්දක් නොවේ. හුදෙක් මගේ මනසේ නළියමින් පවතින සිතුවිලි සමූහයක් ඔබ හමුවේ තැබීමක් පමණි.
~ තවද මෙහි සඳහන් තර්ක සියල්ල මාගේ මතයන් වන අතර ඒවාට එරෙහි වීම හෝ පිළිගැනීම ඔබ සතු වූවකි.
~ මෙය ලියන මම දකුණේ සිංහල බෞද්ධයෙක්මි.

Tuesday, February 5, 2013

අද ඉඳන් අලුත් වැඩක් !! ෴

       ම්ම්ම්ම්.....හින්දියෙන් සිංහලේට කියලා ලේබල් එකක් පටන් ගත්තේ වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙනද කියලා සමහරු නෝන්ඩියට වගේ ඇහුවා. ඒ අතර තව සමහරු කියනවා හින්දි සින්දු සිංහලේට පරිවර්තනය කරන එක නම් කාට කරන්න බැරිද කියලා. ඕක පරණ වැඩක් නේ කියලත් සමහරු නම් හිතනවා ඇති.

      ඇත්තටම මේක පරණ වැඩක් ද කියලා මාත් හිතලා බැලුවා,හොයලා බැලුවා. හින්දි සින්දු සිංහල කරන එක අද ඊයේ කරන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. එච්.ආර්.ජෝතිපාල මහා ගායකයාණන් පවා බොහොමයක් හින්දි තනු වල ගීත සිංහලෙන් ගායනා කරා. ඒත් ඒ ගීත වල තියෙන්නේ හින්දි තනුව විතරයි කියලා විස්තර හොයලා බැලුවොත් ඕනි කෙනෙක්ට වැටහේවි.ඒ කියන්නේ හින්දි තේරුමට උචිත සිංහල තේරුමක් නෑ ඒව බොහොමයක.

Friday, February 1, 2013

නුඹ නොකළ වැරදි ෴





ඳි නමුත් ළැම සළුපිළි,
කිම්ද ඉන් පල,
නොවැසෙන කළ එතැන...

Related Posts Plugin for WordPress, Blogger...