Friday, October 26, 2012

පැහැරගත් ආදරය.....

     මේ කාලේ හරි අමුතුයිද මංදා? මට අහන්න ලැබෙන්නේ විඳින්න ලැබෙන්නේ හරි අමුතු දේවල්.අදත් ඒ වගේ චුට්ටක් අමුතු කථාවක් මගේ යාළුවෙක්ගෙන් අහන්න ලැබුණා...

එයාගෙ ආදරයට වෙච්ච දේ ගැන තමයි මේ සටහන. සටහන කිව්වට සටහනක්මත් නෙවෙයි.... :o

      අපිට exam එහෙම ළඟයි නේ.ඉතින් අද මේ සිංදුව ලියවුණේ කුප්පියක* ඉන්නකොට....හරිම බෝරිං අවස්ථාවක හිතට ආපු සිතුවිල්ලක් මෙන්න මේ විදියට කොලේකට ලියවුණා....(කම්මැලිකමක් එන හැම වෙලේම මං කරන්නේ මේ වගේ වැඩ තමා...)

    මේක triangle love එකක්..එතනින් එහාට මුකුත් මේ ගැන කියනවට වඩා සිංදුව කියවන එක හොඳයි නේද? බලන්නකෝ කියවලා මගේ නිර්මාණය.......

Monday, October 22, 2012

මගේ පැණි කම...!!!!


     ඔන්න මේ කියන්න යන්නේ නම් මගේ දෙයක්.කියවලා ඉවර වෙලා හිනා වෙන්න නම් එපා ඔන්න. සමහරු නම් බනියි ද මංදා .  ඒත් ඉතින් මේක කියන්න ලැබුණ වෙලාවෙම කියන්න ඕනි නේ.
 ආදරේ කියන්නේ හරිම සුන්දර කරදයක් නේ. අන්න ඒ ආදරේ කියන ලස්සන බැඳීම මේ වෙනකොට මගේ ජීවිතේ ආක්‍රමණය කරලා තිබුණේ.

     ඒ කාලෙදි තමයි මං campus එකට එන්න තේරුණේ.ඔන්න ඉතින් මං හා හා පුරා කියලා campus එකට ආපි...
අම්මේ....බලන බලන අත කෙල්ලෝ ( මුගෙ පැණිකම නේද? :D )..
registration  එක දවසෙම එක කෙල්ලෙක් මගේ ඇස් දෙකට වැ‍ටුණ නේ ඔය අතරේ.හරිම අමුතු ලස්සනක් තිබුණා ඒ ලමිස්සි ගේ...
   ඒත් හත්වලාමේ...එතකොටනේ මට මතක් වුණේ මට කෙල්ලෙක් ඉන්නවා නේද කියලා."යකෝ..මොනාද මං මේ හිතන පව්කාර විතුවිලි අප්පා." මං මගේ හිතට වාරණයක් දාගත්තා.

ඉතින් මට හිතුණා මේ ගැන මොනා හරි ලියන්න ඕනි කියලා.ඉතින් මං ලිව්වා ඔන්න..


Saturday, October 20, 2012

සිතුවිලි සිරවෙන්නට පෙර...





දැනෙන මේ තනිකම

කුමක් දෝ හිත රිදවන

මසිත හිර කරවන

මටම නොහැ‍ඟේ මගේ තනිකම..


හිතට එන දුක් කඳ

ඉකි ගසන නෙත් යුග

හදවතේ ඇති දුක

මටම පවසයි හිතේ පිරි දුක..





සහෝදර සෙනෙහස

විටෙක හිත රිදවන 

අයුරු මට දැනුනද

එය නොවේ මේ හිත දවන දුක..



Friday, October 19, 2012

ඇත්තටම ඔයා වෙනුවෙන් ඉන්නේ කවුද.....??


      ආයෙත් සිතුවිලි හන්තානට ගොඩ වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...ආයෙත් අළුත් දෙයක් ලියන්න කියලා ගොඩක් අය කිව්වා.මේක පාළුවට යන්න නොදී මේකට වටිනාකමක් එකතු  කරන්න පුළුවන් දෙයක් ලියන එක ගැන මං ගොඩක් හිතුවා.ඒත් අප්පා ලියන්න හිතට ආවේ නෑ විශේෂ කිසිම දෙයක්.(ඔය කිව්වට නැත්තෙමත් නෑ...) හිතලා හිතලා හිතලා අන්තිමේදි 'හිත' ගැන මොනා හරි ලිව්ව නම් හොඳයි කියලා හිතුණා..

      ඒත් ඔයා දැන් ඉන්නේ මේක කලබලෙන් කියවලා දුවලා යන්න ඕනි කියලා හිතෙන මානසිකත්වයක නම් දැන් ඔයා මේක කියවන්න එපා.ඉන්නකෝ....හිත කලබල නම් චුට්ටක් නැගිටලා ගිහින් වතුර එකක් එහෙම බීල ඇවිත් මේක කියවන්නකෝ..කලබලෙන් මේක කියවලා ඉවර වෙලා "පිස්සු පොරක්" කියලා කියනවා එහෙම නෙවෙයි..:P

මෙච්චර කියවලා කියවලා මේකා මේ කියන්නේ මොනාද කියලා බලමු නේද?

Monday, October 15, 2012

බාඳුරා සිහිනයක පසු වදන්.....

      
     බාඳුරා සිහිනය සම්බන්ධව ලැබුණු ඔබගේ අදහස් බෙහෙවින් අගය කොට සලකමි.‍තෝරාගත් අදහස් කිහිපයක් පමණක් මෙහි ඉදිරිපත් කරමි.



~ අකලංක ~

      "දැන් තමයි අමාරුම කාර්ය තියෙන්නේ... මට මේ ගැන හිතෙන ඒවා ලියන එක. අවංකවමයි ලියන්නේ. තරහ වෙන්න එපා හරිද... 


      වෙන වෙනම මේ චරිත දිහා බැලුවම මට දැනෙන දේවල් අනිත් අයට දැනෙන දේවල් වලට වඩා වෙනස් වෙයි. මොකද මේකේ ඉන්න චරිත මම හැබැහින් දැකල කතා බහ කරලා තියන ඒවා. මොකද රනුක් මගෙත් යාලුවෙක්නෙ. එක නිසා මම කියන්නේ මේ කතාවෙන් දැනුන ඒවටත් වඩා ඇත්ත චරිත වලිනුත් මට දැනුන ඒවා.

       රනුක් අහිංසක කොල්ලෙක්. එත් එයා බොළඳයි.

Tuesday, October 2, 2012

බාඳුරා සිහිනයක අවසානය

අවසානයට පෙර


      මගේ හිතේ තිබුණ වෛරය මම ඒ බංකුව උඩම දාලා ආවා වගේ මට දැනුණා.මම ගෙදර නොයා මගේ යාළුවෙක්ගේ ගෙදර යන්න තීරණය කරා.මට ඌට මගේ දුකේ කොටසක් හරි කියන්න ඕනි කියලා මං හිතුවා.
      මගේ කථාවේ සැලකිය යුතු කොටසක් යාළුවට කියාගන්න මට පුළුවන් වුණා.මගේ දුක පිටවෙන්න පටන්ගත්තා.ඒ දුක හිතේ තියාගෙනම මම lap එක on කරලා මගේ හිතේ තිබුණ අදහසට අනුව රශීගේ account එකට ගියා.මම හිතුවා වගේම කැළුම් සහ රශී බොහොම romantic විදියට chat කරලා තියෙනවා.girl friend සහ boy friend විදියටම.

"ෂා...great.ඔයා වෙනුවෙන් මං මෙච්චර ඉවසලත්,ඔයා වෙනුවෙන් දෙයක් කරන්න හදලත් ඔයා මට තවත් බොරු කියලා නේ.මම දැන් ඔයාගේ ලස්සන chat ටික බලන ගමං.මරු..." මම රශීට msg එකක් යැව්වා.

"මොනාද කියන්නේ දෙයියනේ? ඔයා මගේ ජීවිතේට මේ තරම් එබෙන්නේ ඇයි? මම දැන් කොච්චර අසරණද? ඔයා දන්නේ නෑ මම ඔයා ගිහිපු වෙලාවේ ඉඳන් අඬපු හැටි." රශී මේ කිව්ව විදියට මුළු රෑ පුරාම ඇඬුවා කියන එක ඇත්ත බව මට දැනගන්න ලැබුණා.ඒත් ඒ ඇඬුවේ මං වෙනුවෙන්ද ආත්මානුකම්පාව නිසාද කියලා මට අදටත් හිතාගන්න බෑ.

"ඔයා ඇත්තටම මනුස්ස දුවක්ද ලක්මාලි.මේ හැටි බොරු කියලා තවත් මාව රවට්ටන්න පුළුවන් කියලා ඔයා හිතනවද?" රශී ගැන කිසිම අනුකම්පාවක් නෑ කියල පෙන්නන්න මම උත්සාහ කරා.ඒත් රශීට බනින හැම වචනෙකටම මටත් ඒ වගේම රිදුණා.

       ~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
           දන්නේ නැහැ මම තවත් ආදරේද මෙතරම් ~

"නෑ මට කියන්න දෙයක් නෑ.ඒත් මම ආයාචනා කරනවා මගේ account එකෙන් අයින් වෙන්න කියලා.මම ආයේ කවදාවත් fb එන්නේ නෑ.මගේ account එකෙන් මුකුත් දාන්න එපා plz.මගේ වැරදි මට පෙනුනේ අද.මට මේ කඳුළු දරාගන්න පුළුවන් කමක් නෑ.මගේ chat බැලුවට ඒත් නොබැලුව වගේ ඉන්න.මට මං ගැනම ලැජ්ජයි.ඔයා හිතලා කියන්න මගේ msg එකක් නිරාශ්ට forward කරන්න පුළුවන්ද බැරිද කියලා.මට එයාගෙන් දැනගන්න ඕනි එයා මාව දාලා ගිහින් දැන් ඒක නෑ කියන එකට හේතුව.ගිනි අරන් මගේ ආත්මෙම.ඔයාත් එහෙම කියලා මම දන්නවා.මම ජරා කෙල්ලෙක්."

Monday, October 1, 2012

බාඳුරා සිහිනය අවසානයට පෙර....

පෙර කොටස බාඳුරා සිහිනය 31


      රශී නිහඬ වුණා.එයා පිළිගත්තා නොගත්තා වගේ හිටියා.මම ආයෙත් පටන්ගත්තා.
"ඔයා ඔය කියන විදියට නිරාශ් ඔයාව දාලා යන්න මොකක් හරි ඔයාගේ වැ‍රැද්දකුත් ඇති රශී.මොකද මං ඒක කියන්නේ හේතුවක් නිසා.කොච්චර ලොකු සල්ලි කාරයෙක් වුණත් තමන් ආදරේ කරන්නේ බොරුවට නම් මුද්දක් අරන් දෙන්නෙ නෑ.ඔච්චර වටින මුද්දක්.අනික ඔයාව අනිසි විදියට පාවිච්චි කරේ නෑනේ එයා.එහෙම කරා නම් හිතන්න තිබුණා ඒකට හිලව් වෙන්න මුද්ද අරං දුන්නා කියලා.ඒත් එහෙම දෙයක් නොවුණ නිසා අපිට පැහැදිලිවම හිතන්න වෙනවා ඒ වෙන්වීමට ඔයාගෙත් වැ‍රැද්දක් ඇති කියලා.හිතලා බලන්න එයාට වෛර කරන්නේ නැතුව."

"එයා මට අරන් දුන්නේ මුද්දක් එයාගේ මුස්ලිම් ගෑණු ළමයට අරන් දුන්නේ හොඳ 4n එකක්.මම කියන්නද එයාගේ විස්තරේ." රශීගේ හිතේ නිරාශ් ගැන තියෙන වෛරය නැති කරන්න මම try කරා ඒත් ඒක අසාර්ථක උත්සාහයක් කියලා මට තේරුණා.

"මෙන්න මේ දේ මතක තියාගන්න රශී.මම නිතරම ඔයා ගැන හොයනවා.ඔයාගේ පස්සෙන් ඉන්නවා.ඔයාගේ පහනින් තව එක සළඹයෙක් හරි පුච්චන්න හැදුවොත් අන්න එදාට ඔයා තේරුම් ගනියි රනූ කවුද කියලා."

"ඇයි ඔයා මොනාද කරන්නේ?"

"ඒ අදාල කොල්ලට මම දැනගත්ත දේ සාක්ෂි ඇතුව ඔප්පු කරාම ඌ ඒව පිළිගන්නේ නැතිවෙයි කියලා ඔයා හිතනවද? නෑ.මට ඌත් එක්ක එකතු වෙලා ඕනි දෙයක් කරන්න පුළුවන් ඔයාට විරුද්ධව.ඔයා තියන හැම පියවරකටම බාධා වෙන තවත් පියවරක් ඉස්සරහින් තියෙනවා කියන එක මතක තියාගන්න.ඔයා කරන්න හදන හැම වැ‍රැද්දක් ගානෙම මම ඔයාට විරුද්ධව නැගී හිටිනවා."

"එතකොට මට වෙච්ච දේවල් වලට,ඒ අසාධාරනේට මොකද කරන්නේ?"
Related Posts Plugin for WordPress, Blogger...