Saturday, September 28, 2013

වැස්ස (අ)සුන්දර ද.........? ෴

 

පේරාදෙණියට වහිනවා. අරුණාචලම් එකේ ඉස්සරහා කාණු වල වතුර ගලාගෙන යනවා. 
වැස්ස. 
මගේ ළමා කාලයේ ගොඩක්ම සුන්දර කාලයක් තමයි වැහි කාලය.
( මගේ ළමා කාලය ගැන දාපු පළවෙනි පෝස්ට් එක.... මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴ )

වැස්ස කාලෙට හැම දෙයක්ම සුන්දරයි කියලා මට හිතුණා. වැඩි වර්ෂාපතනයක් නැති අපේ ගමට වහින්න පටන්ගන්නකොටම ගොඩාක් ලස්සන සුවඳක් එනවා. අක්කා ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා. ඒ පුරුද්දට අදටත් මං ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා.
මැටි බිත්ති වලට වතුර වැටෙද්දියි ඒ සුවඳ එන්නේ කියලා මම පස්සේ කාලෙකයි දැනගත්තේ.

Friday, September 20, 2013

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්.................................

මං ආස කරන මගේ ඒ ලස්සන ළමා කාලෙට ආයෙත් යන්න මට පුළුවන් වෙයි.

          හැමදාම උදේට අම්මා බැටරි දාන සන්යෝ වර්ගයේ රේඩියෝ එකේ පිරිත් දානවා. උදේට නැගිටින්නේ  ඒ පිරිත් වල හිත නිවන රිද්මයෙන් කන් දෙක පුරවගෙන. උදේට මූණ හෝදන්න දත් මදින්න යන්නේ ඇලට. උදේ පාන්දරට ඇලේ වතුර හරිම සීතලයි.


          ඇල බන්ට්* එක දිගේ අක්කයි අක්කගේ යාලුවොයි එක්ක ඉස්කෝලේ යන්නේ පයින්මයි. ඇලට ගල්කැට විසි කර කර, ඇල දෙපැත්තේ තියෙන පේර ගස් වලින් පේර කඩ කඩ බොහොම දඟකාර විදියට ගිහිපු හරිම සුන්දර ගමනක්. ඉස්කෝලේ ඇරිලා එන ගමනත් ඒ වගේම සුන්දරයි. අක්කගේ යාලුවොත් එක්ක කයිය* ගහ ගහ එනකොට අක්කා පරක්කු වෙනවා. මං කැමති නෑ එයාලට විතරක් තේරෙන එයාලගෙ කතා අහගෙන එන්න. ඉතින් මම ගෙදර ළඟ සන්ධ්‍යා නංගිත් එක්ක ( එයා තමයි චූටි කාලේ මගේ හොඳම යාළුවා.මට වඩා අවුරුද්දක් බාලයි ) තරගෙට ඉස්කෝලෙන් එනවා. ඉස්කෝලෙන් ඉස්සෙල්ලෙම පිට වෙන්නේ අපි දෙන්නා නොවුනට පයින් යන හැමෝම පහු කරලා ඉස්සෙල්ලම යන්නේ අපි දෙන්නා තමයි. මම ඉස්සෙල්ලා ගෙදර එන එකට වඩා අක්කා පරක්කු වෙලා ගෙදර එන එකට අක්කා හැමදාම බැනුම් අහනවා. ඉතින් මට මාර සතුටුයි අක්කා බැනුම් අහනවට.

Saturday, September 14, 2013

පින්තූර ගොඩක්, එක කථාවක්!!!!!! ෴


          ගොඩක් තැන් වල කියන්නේ "එක පින්තූරයක්, කථාගොඩක්" කියලනේ.. ඒත් මේ "පින්තූර ගොඩක්, එක කථාවක්"....

බලන්න
තේරුම් ගන්න
අදහස් දක්වන්න


දිනය : 2013 සැප්තැම්බර් 14
වේලාව : උදෑසන 10.30 ත් 10.45ත් අතර
ස්ථානය :  ගෙදර පිටුපස
Camera - SGS2 


Related Posts Plugin for WordPress, Blogger...