Wednesday, July 23, 2014

...සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...





අවරගිරින් රක්ත වර්ණ සායම් ඇඳි ගගන තලේ...
සියොත් කැලක් ගිමන නිවන භවන සොයා පියා සැලේ...
ඉරබටු තරුවත් මතුවී තනිව අඳුරෙ දිලෙන වෙලේ...
සඳ දෙව්දුව පමා නොවී සරසාපන් අහස් තලේ...


කෑලි කපන අඳුර වැටී මහීකතම නිසල කලේ...
නීල ගගනෙ නේක වර්ණ තරු මිණි වල එළිය දිලේ...
තනිව අඳුර බිඳිනු බැරිව බලා සිටියි පහන් සිලේ...
සඳ මිතුරිය පමා නොවී සරසාපන් අහස් තලේ...


කඩුපුල් මල් සීත පින්නෙ නැහැවි හෙමින් සිනා සැලේ...
මණ්ඩුක සංගීත නදින් මීන නින්ද සලිත කලේ...
කුමුදු මලට පිපෙනු බැරිව බලා හිඳි‍යි නිහඬ ජලේ...
සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...


෴ රන්දු ෴

Friday, July 18, 2014

අවදි කරවමි යළිත් කවි සිත ෴



    


දරා නෙක නෙක සිතුම් සිතයට
විරා රස සිත පතුලෙ යටකොට
නුරා මුසු පෙම් හැඟුම් මතු කොට
සරා සුරඟන කරා සිත වට

Wednesday, July 2, 2014

චූටි ඇහි පිය යට... මනමාල කවි ඇත......෴




චූටි ඇහි පිය යට,
මනමාල කවි ඇත
ඇති නමුත් අවසර,
ගයන්නට හිත නැත...

Related Posts Plugin for WordPress, Blogger...