Showing posts with label මගේ මතකයන්. Show all posts
Showing posts with label මගේ මතකයන්. Show all posts

Tuesday, September 23, 2014

හද අරණට සුව කැන්දන...කිරිල්ලී නුඹ දුක් සින්දන | How she come to My Life........෴



          (හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි. ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්....!!!)

         ඔව්. ආදරේ තමයි.....
        දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි....

         ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා....

"මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.

Friday, January 24, 2014

1984 මතකයන් ෴


      ලියන්න කොච්චර දේවල් තිබුණත් ලියන්න හිතෙන්නෙ නැති එක නම් හරිම ඛේදජනක තත්ත්වයක්. එහෙම තත්වයක් යාන්තන් මඟහැරගෙන මේ ලියන්න ලැහැස්ති වෙන්නේ 1980 දශකයේ කවි සඟරාවක් ගැන. මුතු කවි සඟරාව ගැන මම කලින් චුට්ටක් විතර කිව්වා. ඒ මගේ පළවෙනි කවි නිර්මාණය සහ ඒ ඔස්සේ මං මෙතෙක් ආපු ගමන් මඟ ගැන ලියපු පෝස්ට් එකේ... ඒ ලිපියෙදි මම පොරොන්දු වුණානේ ඒ සඟරාව ගැන සවිස්තරාත්මක ලිපියක් ලියන්නම් කියලා. මේ ඒ පොරොන්දු ඉෂ්ට කිරීම තමයි.....


Wednesday, January 1, 2014

කෙල්ලෙක් නිසා මට වෙච්ච හරියක්......෴

       
          2013 වසරත් ඉවරයි. එළඹිලා තියෙන්නේ 2014 වර්ෂය. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරලා ඉන්නම්. මේ වෙනකං ජීවිතේ අවුරුදු 22ක් ගත කරලා නේද කියලා වෙලාවකට හිතාගන්නත් අමාරුයි. අපිත් දැන් වයසයි.... මේ වෙනකං මම ගත කරපු ජීවිතේට කලාව ඇතුළු වුණේ නොහිතපු වෙලාවක නොහිතපු විදියකට. කලාව කියන්නේ හරිම සුන්දර දෙයක්.

          පුං‍චි කාලේ ඉඳන් අහලා තිබුණ විදියට අපේ තාත්තා හොඳ කවි කාරයෙක්. තාත්තගේ සීයා, ඒ කියන්නේ මගේ මී සීයාගේ ගෙදර තිබිලා තියෙන්නේ හික්කඩුව ප්‍රදේශයේ තොටගමුවේ. කෙටියෙන්ම කියනවා නම් තොටගමුව රජමහා විහාරයට අල්ලපු වැටේ. ඒත් තාත්තගේ තාත්තා ජීවත් වුණේ ගාලු දිස්ත්‍රික්කයේ බටපොල කියන ගමේ. ඒ නිසා තාත්තත් තරුණ කාලේ ගත කරේ ඒ පැත්තෙමයි.

Tuesday, December 24, 2013

නොදුටු සොඳුරුතමයන්ගේ සොඳුරු මතක - Cyber Mega Beach Party 2013




දිනය සීතල උඳුවප් මහේ 21 වන ශනි දා ය. සයිබර් අවකාශයේ වැඩි දෙනා ගේ කථාබහට ලක්ව තිබූ ඒ මොහොත උදා විය. සෑම වසරක මෙන්ම මෙවරත් සිංහල බසින් ලොවටම අමතන(නලීන් අයියා කිවු පරිදි) බ්ලොග් කරුවන්ගේ/කාරිණියන්ගේ සුහද හමුව පැවැත්විණි. එය මෙවර පැවැත්වුණේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේ ජෝ ජෝ ප්ලේස් හිදීය.

Friday, December 6, 2013

මා අතින් සිදුවූ බිහිසුණුම අපරාධය.....෴





"ඕක පොඩ්ඩක් එහාට කරගන්නවකෝ. යන්න එන්නවත් ඉඩක් නෑ නේ." අක්කා ඒ මැසිවිලි නැගුවේ මට ය.

          ඇගේ ස්වරයට ප්‍රතිමැසිවිල්ලක් නඟමින් මම මගේ පත්තරය සහ කුප්පි ලාම්පුව සාලයේ අයිනකට කරගෙන මමද අයිනට ගියෙමි. ගෙබිම සිමෙන්ති දමා තිබියදී රාත්‍රිය කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් කිරීම නොගැලපීමක් ලෙස මගේ ළමා මනසට සිතුණ නමුත් දැන් මා ජගතා පත්තරයේ ඇති ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න විසඳමින් සිටින්නේ එවන් නොගැලපීම් සමූහයක් මධ්‍යයේ ය...

Saturday, September 28, 2013

වැස්ස (අ)සුන්දර ද.........? ෴

 

පේරාදෙණියට වහිනවා. අරුණාචලම් එකේ ඉස්සරහා කාණු වල වතුර ගලාගෙන යනවා. 
වැස්ස. 
මගේ ළමා කාලයේ ගොඩක්ම සුන්දර කාලයක් තමයි වැහි කාලය.
( මගේ ළමා කාලය ගැන දාපු පළවෙනි පෝස්ට් එක.... මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴ )

වැස්ස කාලෙට හැම දෙයක්ම සුන්දරයි කියලා මට හිතුණා. වැඩි වර්ෂාපතනයක් නැති අපේ ගමට වහින්න පටන්ගන්නකොටම ගොඩාක් ලස්සන සුවඳක් එනවා. අක්කා ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා. ඒ පුරුද්දට අදටත් මං ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා.
මැටි බිත්ති වලට වතුර වැටෙද්දියි ඒ සුවඳ එන්නේ කියලා මම පස්සේ කාලෙකයි දැනගත්තේ.

Friday, September 20, 2013

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්.................................

මං ආස කරන මගේ ඒ ලස්සන ළමා කාලෙට ආයෙත් යන්න මට පුළුවන් වෙයි.

          හැමදාම උදේට අම්මා බැටරි දාන සන්යෝ වර්ගයේ රේඩියෝ එකේ පිරිත් දානවා. උදේට නැගිටින්නේ  ඒ පිරිත් වල හිත නිවන රිද්මයෙන් කන් දෙක පුරවගෙන. උදේට මූණ හෝදන්න දත් මදින්න යන්නේ ඇලට. උදේ පාන්දරට ඇලේ වතුර හරිම සීතලයි.


          ඇල බන්ට්* එක දිගේ අක්කයි අක්කගේ යාලුවොයි එක්ක ඉස්කෝලේ යන්නේ පයින්මයි. ඇලට ගල්කැට විසි කර කර, ඇල දෙපැත්තේ තියෙන පේර ගස් වලින් පේර කඩ කඩ බොහොම දඟකාර විදියට ගිහිපු හරිම සුන්දර ගමනක්. ඉස්කෝලේ ඇරිලා එන ගමනත් ඒ වගේම සුන්දරයි. අක්කගේ යාලුවොත් එක්ක කයිය* ගහ ගහ එනකොට අක්කා පරක්කු වෙනවා. මං කැමති නෑ එයාලට විතරක් තේරෙන එයාලගෙ කතා අහගෙන එන්න. ඉතින් මම ගෙදර ළඟ සන්ධ්‍යා නංගිත් එක්ක ( එයා තමයි චූටි කාලේ මගේ හොඳම යාළුවා.මට වඩා අවුරුද්දක් බාලයි ) තරගෙට ඉස්කෝලෙන් එනවා. ඉස්කෝලෙන් ඉස්සෙල්ලෙම පිට වෙන්නේ අපි දෙන්නා නොවුනට පයින් යන හැමෝම පහු කරලා ඉස්සෙල්ලම යන්නේ අපි දෙන්නා තමයි. මම ඉස්සෙල්ලා ගෙදර එන එකට වඩා අක්කා පරක්කු වෙලා ගෙදර එන එකට අක්කා හැමදාම බැනුම් අහනවා. ඉතින් මට මාර සතුටුයි අක්කා බැනුම් අහනවට.

Related Posts Plugin for WordPress, Blogger...