Saturday, March 22, 2014

විරහවේ සැමරුම........෴

2011 මාර්තු 22.....!!!!
අදට අවුරුදු 3ක්..!!
ඔයා මගේ ජීවිතේට ඇවිත් අදට හරියටම අවුරුදු 3යි. අද ඔයා මගෙත් එක්ක හිටිය නම් අද දවස අපි සමරන්නේ කොච්චර සතුටින්ද. ඔයා මට ගොඩක් ආදරේ කරා කියලා මම දන්නවා. මට ඒක දැණුනා.
ඒත්.....
ආදරේට එහා ගිහිපු නොගැලපීම් ගොඩක් අපි දෙන්නගේ මැද්දට ආවා. ඔයා මට කරපු වැරදි වගේම මම ඔයාට කරපු වැරදි නිසා අපි දෙන්නට වෙන් වෙන්න වුණත්,වෙන් වෙලාගිහින් අවුරුදු එකහමාරක් වෙලත්, අදටත් මට ඔයාව මතක් වෙන්නේ ඇයිද කියලා මම වත් දන්නෙ නෑ.....
මමත් ඔයාට මෙච්චරටම ආදරේ කරාද කියලා මට හිතාගන්න බෑ.....

ඔයා පිළිගත්තේ නැති ඔයාගේ ඒ එකම එක අඩුව හදාගත්තොත් ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පෙම්වතිය වගේම හොඳම බිරිඳ . ඔයාට කවදහරි හම්බවෙන කෙනාට ඒ වගේ හොඳ කෙනෙක් වෙලා ඔයාගේ අනාගත ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
(කොහේ හරි ඉඳන් ඔයා මේක බලාගෙන ඇති කියලා මට හිතෙනවා)


ගොඩාක් කාලෙකට පස්සේ අපි එකිනෙකා මුණගැහිලා වෙන් වෙලා එන දවසක මම මේ ලියපු සින්දුව ඔයාටත් මතක ඇති................
(ඒ දවස් වල නමට ඉස්සරහින් වරහන් ඇතුලේ දාපු අකුරු දෙක..........ඒක වෙනස් කරන්නැතුවම දැම්මා.)






ප.ලි : බ්ලොග් එකේ පහලට බලාගෙන යනකොට තමයි මේක දැක්කේ. ගිය අවුරුද්දෙත් මාර්තු 22 මම මේ ගැන ලිපියක් ලියලා.............

Tuesday, March 11, 2014

෴.....සඳ අඳුරේ ගිලී ගියා..... ෴




කෝඩුකාර හීන ගොඩක්,

මල් පෙති මත තවරන්නට

සිහිල් පවනේ හැඟුම් මවා

Saturday, March 1, 2014

ස්ත්‍රී ආධිපත්‍යයක විස්මය | The Indian Honey bee ෴

          
          දොරකඩ අඹ ගහ මල්වලින් පිරිලා. අඩි 7ක් විතර උස, අඹ මලින් පිරුණ අඹ ගහ දකින මට පොඩිකාලේ අඹ ගස් වලට ගල් ගහලා අඹ කඩාගෙන කාපු හැටි මතක් වෙනවා. අඩි 40ක් 50ක් විතර උස අතු අග තියෙන අඹ ගෙඩියක් කඩාගන්න කොච්චර නම් ගල් පොලු ගහන්න ඇතිද ඒ කාලේ. සොබාදහම වෙනස් කරලා. දැන් අතින් කඩන්න පුළුවන් අඹ හැදෙන ගස්. බඩ් කරපු අඹ......
Related Posts Plugin for WordPress, Blogger...