සොයමි මම
කොහෙද අද නුඹ කියනු මැන..
මතක ඇත දුන්න වග
කවරෙකුට දැයි මතක නැත..
එකල,
සිටියේ නුඹ
අසල මා කඳුළු සලමින..
කඳුළු කැට
මැව්වේ විසිතුරු සිහින පෙළ..
යළිදු,
අවැසියි නුඹ
තබා ගන්නට නොව මා ළඟ,
පාළු සීතල තැන්නක
උසම උස ශිඛරයක
මුදුනට රැගෙන ගොස් නුඹ
නිදහස් කරමි සුළඟට
සැහැල්ලුද නුඹ?
පාවී යනු මැන අවැසි දෙසකට
නැතිනම්….
පොළව සිප
සුණු විසුණු වෙනු මැන....
.
කොහෙද නුඹ
මගේ සිත
……..
මගේ සිත
……..
.
.
෴ රන්දු ෴