Saturday, August 23, 2014

මී මුරේ හරහා ලකේගල තරණය | Lakegala Exploration via Meemure ෴

          පහුගිය සතියේ මේ වෙලාව වෙනකොට(සිකුරාදා රෑ) ගලක් උඩ හාන්සි වෙලා රාවණා රජතුමාගේ කතා කිය කිය හිටියා තාමත් මතකයි. ඒ අපේ මීමුරේ සංචාරයේ පළවෙනි රාත්‍රිය.

          ඒක එකපාරටම සංවිධානය කරගත්ත, අනපේක්ෂිත ගමනක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ උපකරණ ටිකත් අරගෙන මේ ගමන පටන් ගත්තේ සිකුරාදා උදේ 10.30ට පේරාදෙණියෙන්. University Explorers Club(UEC) එකේ Pilot Hike එකක් කිව්වොත් තමයි මේකට නියම අර්ථය එන්නේ.
          පේරාදෙණියෙන් නුවරට ඇවිත් නුවරින් හුන්නස්ගිරියට ගියා(මොණරාගල, මහියංගනය, උඩුදුම්බර වගේ ඕනි බස් එකක යන්න පුළුවනි). හුන්නස්ගිරියෙන් අඩුපාඩු වුණ අනිත් බඩු ටිකත් අරගෙන මීමුරේ දක්වා පිටත් වුණා. හුන්නස්ගිරියේ ඉඳන් මී මුරේ ට දුර කිලෝමීටර් 33ක්. ඒ දුර යන්න බස් නෑ. මී මුරේට වෙනකන්ම යන වෑන් දෙකක් වැඩ කරනවා. ඒ ගමනට එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් අයකරනවා. අන්තිම වෑන් එක යන්නේ 2- 2.30 අතර වෙලාවක. ලෝඩ් වුණ ගමන් වෑන් එක යනවා.

Friday, August 1, 2014

සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ.......෴




කැළඹුන් සරා පෙම් ගී කෙලෙස් සිතඅඟ..
නෙකඹුන් පුරා රැව් දී කරති මනදඟ..
සළඹුන් අරා සිඳ දී දිවිය සිලමඟ..
සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ..
Related Posts Plugin for WordPress, Blogger...