Showing posts with label හින්දියෙන් සිංහලේට. Show all posts
Showing posts with label හින්දියෙන් සිංහලේට. Show all posts

Thursday, June 26, 2014

Duet එකක් තනියම..............??? | Chahun main ya naa Sinhala Version


          Duet එකක් කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. කාන්තා සහ පිරිමි කටහඬක් එකම ගීතයකින් ඇහෙනකොට අපි ඒ සින්දුවට 'Duet එකක්' එහෙම නැතිනම් සිංහලෙන් 'යුග ගීයක්' කියලා කියනවා.
         ඉතින් ඒ වගේ යුග ගීයක් ගැන කියන්න තමයි තකහනියක් මේ ලියන්නේ. මේ පහුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ Aashiqui 2 චිත්‍රපටයේ Chahun main ya naa සින්දුව. ඒ ගැන මම කලින් පෝස්ට් එකකත් ලිව්වා. ඒ ලිපිය මෙතනින් බලන්න.

         මේ සිංහල version එක ගොඩක් විශේෂ විදියට නිර්මාණය කරපු එකක්. ඒ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න කලින් සින්දුව අහලා ඉන්නකෝ. නැතිනම් ඒක අඩුවක් වෙයි......

Friday, November 8, 2013

කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ................෴






මේ සැරේ සිංහලේට පෙරළන්නේ මරු සින්දුවක්. කෙල්ලොන්ට පතුරු යන්න බැනපු හින්දි සින්දුවක් තමයි මේ....

Thursday, June 27, 2013

Chahun main ya naa සිංහල version ෴


අද මම සිංහලේට හරවන්න තෝරගත්තේ අලුත්ම අලුත් හින්දි සිංදුවක්. Aashiqui 2 චිත්‍රපටයේ තියෙන ලස්සනම ලස්සන සින්දු අතරින් මම තෝරගත්තේ Chahun main ya naa සින්දුව.
මේ චිත්‍රපටය ගැන කියනවා නම්.....,
2013 අප්‍රේල් 26 වනදා සිට තිරගත කිරීම ඇරඹුණ Aashiqui 2, ආදායම් වාර්ථා රැසක් බිහිකරමින් අතිසාර්ථක ලෙස ඉන්දියාව පුරා තිරගත වුණා.

අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
සංගීතය - මිතූන්, ජීත් ගංගුලි, අන්කිත් තිවාරි
ප්‍රධාන රංගනය - ආදිත්‍ය රෝයි කපූර්, ශ්‍රද්ධා කපූර්

Tuesday, February 19, 2013

මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි ෴

        හ්ම්ම්.... මාස තුනකට ආසන්න කාලයක් භුක්ති වින්ද නිවාඩු කාලය ඉවර වෙලා ආයෙත් සරසවි ජීවිතේ පටන් ගත්තා. ඒත් ගොඩක් දේවල් කලින්ට වඩා වෙනස්.
අපේ සුපුරුදු හොස්ටල් ජීවිතේට සමු දීලා, අක්බාර් රජදහනෙන් (අක්බාර් ශාලාවට අපි කියන්නේ එහෙමයි) ඈත් වෙලා මහවැලි ගඟ අසබඩ නිස්කලංක බෝඩිමක නව ජීවිතයක් පටන් ගත්තා.
ඒ වගේම පළමු වසරේ General Program  එක අවසාන කරලා, දෙවන වසරේ Specialized Program එක Computer Engineering අංශයෙන් පටන් ගත්ත එකත් අලුත්ම දෙයක්.
මගේ ජීවිතේ ඒ විදියට ගත වෙද්දී බ්ලොග් එක පාළුවට යන්න ඇරියොත් ඒක හරි අපරාධයක් වෙනවානේ. ඒ නිසා ඉඩක් ලැබුණ පළවෙනි මොහොතෙම පෝස්ට් එකක් දාන්නයි මේ හදන්නේ.

        දිගටම සිතුවිලි හන්තානත් එක්ක හිටිය ඔයාලට මතක ඇති අලුතින් පටන් ගත්ත වැඩේ ගැන. "හින්දියෙන් සිංහලේට" කියලා පටන් ගත්ත ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Tuesday, February 5, 2013

අද ඉඳන් අලුත් වැඩක් !! ෴

       ම්ම්ම්ම්.....හින්දියෙන් සිංහලේට කියලා ලේබල් එකක් පටන් ගත්තේ වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙනද කියලා සමහරු නෝන්ඩියට වගේ ඇහුවා. ඒ අතර තව සමහරු කියනවා හින්දි සින්දු සිංහලේට පරිවර්තනය කරන එක නම් කාට කරන්න බැරිද කියලා. ඕක පරණ වැඩක් නේ කියලත් සමහරු නම් හිතනවා ඇති.

      ඇත්තටම මේක පරණ වැඩක් ද කියලා මාත් හිතලා බැලුවා,හොයලා බැලුවා. හින්දි සින්දු සිංහල කරන එක අද ඊයේ කරන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. එච්.ආර්.ජෝතිපාල මහා ගායකයාණන් පවා බොහොමයක් හින්දි තනු වල ගීත සිංහලෙන් ගායනා කරා. ඒත් ඒ ගීත වල තියෙන්නේ හින්දි තනුව විතරයි කියලා විස්තර හොයලා බැලුවොත් ඕනි කෙනෙක්ට වැටහේවි.ඒ කියන්නේ හින්දි තේරුමට උචිත සිංහල තේරුමක් නෑ ඒව බොහොමයක.

Saturday, January 26, 2013

Thuhi Meri Shab Hai සිංහල version ෴

ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා* ඉඳලා ඔන්න අද යාන්තන් මේ පෝස්ට් එක දාගන්න පුළුවන් වුණා.

පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...