Friday, August 31, 2012

බාඳුරා සිහිනය 2

පෙර කොටස බාඳුරා සිහිනය 1

     ජීවිතේ පලවෙනි වතාවට මං ගොඩාක් ලොකු ප්‍රශ්නෙකට මුහුන දුන්නා.හිතෙන් දහස් වාරයක් සටන් කරා මාත් එක්කම.ඒත් දෙහි ගෙඩියේ පොත්ත කියන හැඟීම හිතෙන් අයින් කරන්න ගොඩක්ම අමාරුයි කියලා මට හොඳටම තේරුනා.රශීටත් ඒක හොඳට තේරුනා.

     "මගේ රනූ,අපි පිදුරුතලාගල උසයි කිව්වේ එවරස්ට් හොයාගද්දිනේ.ඉතින් ආදරයත් එහෙම තමයි.අවංක ආදරේ මනින්න පුළුවන් එකක් නෙවේ.අපි අම්මට වගේම තාත්තටත් ආදරෙයි නේද මගේ රනූ.ඉතින් අපට පායන හඳම තමයි මුලු ලෝකෙටම පායන්නේ.ඒ වගේම ඔයා මගේ වගේම නවෝද්‍යාගෙත් හඳ තමයි මගේ රනූ..."

    මේ විදියට එයා මට තවත් ලං වුනා.මට තේරුනේ නෑ මං මොනා කරන්නද කියලා.

     මං කරේ මහ ජරා වැඩක් කියලා ඕන කෙනෙක්ට කියන්න අයිතිය තියෙනවා.ඒත් මං දන්නවා,මගේ හිත දන්නව මං කරේ හිතට එකඟ දෙයක් කියලා.ඒ කිව්වේ එක සැරේ දෙන්නෙක්ට ආදරේ කරන එක නෙවෙයි.මම තීරනය කරා චූටිට මගේ ජීවිතෙන් සමු දෙන්න.

     ඒක කරන්න මම අමුතුවෙන් කිසිම දෙයක් කරේ නෑ.මේ වෙනකොටත් මගේ ජීවිතෙන් ගොඩක්ම ඈතට ගිහින් හිටපු චූටිට සමු දෙන්න එච්චර අමාරු උනේ නෑ.
එයා ගැන මගේ හිතේ ඉතිරි වෙලා තිබුන,ආදරේ නමින් තිබුන පොඩි කොටසත් රශීගෙ ආදරෙන් අයින් කරන්න රශීට පුලුවන් උනා.

    කොල්ලෙක් හිතන විදියට හිතුවොත් කොල්ලෙක්ට විවාහයක් ඕන වෙන හේතු දෙකක් තියෙනවා.

Thursday, August 30, 2012

බාඳුරා සිහිනය 1

බාඳුරා සිහිනයට පෙර

     මට.......සමහරු මට කියනවා.
            මම මෝඩයිලු.
            මම ..............ක්ලු.
            මම පව් ලු.
            මම චපලයිලු.
            මම බොලඳයිලු.

        ඒත් ඇත්තටම මම දන්නේ මෙච්චරයි.'තමා රවටනු ලැබීය' යන හැඟීමෙන් මිරිකෙන බොහොම දුක්බර හිතකින් ඉන්න කෙනෙක්  මන්.
        මගේ නම රනුක්.මට ගොඩක් අය එක එක විදියට කතා කරනවා.ඒත් මන් ආස "රනූ"කියනවට.රනූ කියල මට කතා කරන්නේ මගේ ජීවිතේ මට සමීපම අය.ඒත් දවසක් කෙනෙක් මට අහම්බෙන් 'රනූ' කියලා කතා කරා.ඒ මොහොත මගේ ජීවිතේම වෙනස් මගකට යොමු කරා.
       රනූ කියලා මට කතා කරපු වෙලාවේ මගේ ජීවිතේ එයාට ලොකු ඉඩක් තිබුනේ නෑ.මොකද ඒ වෙනකොටත් මගේ හිතේ ආදරයක් තිබුනා.අවුරුද්දක විතර ආදරයක් .ඒත් ඒ ආදරේ ගොඩක් දෙදරීම් වලට මූණ දීලා බි‍ඳෙන්න ඔන්න මෙන්න තිබුන එකක්.
       නවෝද්‍යා මගේ ජීවිතේට ආපු හැටි හරි පුදුමයක්.එයා ගැන මන් ගොඩාක් කල් ඉඳන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා,ඒක හිතේ විතරක් තිබුන දෙයක්.හදිස්සියේම මම ඒක එළියට දැම්මා.අහම්බෙන් වගේ නවෝද්‍ය මගේ ජීවිතේට ආවා.

හිතුවෙ වත් නැති දවසක හිතන්නැතුවම ලන් වුනා......

      ඒත් දෙයියනේ....මෙයා හරිම ළාමක කෙල්ලෙක්.මගේ ජීවිතේට ගැලපෙන විදියට එයා හැඩගැහෙයි කියල මට නිතර හිතුනා.ඒකට මම ගොඩාක් උත්සාහ කරා.ඒත් අවුරුද්දක් විතර යනකොට මට තේරුනා මගේ හැටියට හැඩගැහෙන එක "චූටි"ට ගොඩක්ම අමාරු වැඩක් කියලා.චූටි.මම නවෝද්‍යට ආදරේට කිව්වේ එහෙමයි.

Wednesday, August 29, 2012

බාඳුරා සිහිනයට පෙර....




ගහක අතු පතර විහිදෙන්නේ හැමෝටම සෙවන දෙන්න,
ගඟක් ලස්සනට ගලන්නේ මහ පොළව සාරවත් කරන්න,
සීතල හුළඟක් අවටින් හමන්නේ සිසිලස දෙන්න,
හැම රෑකම නැතත් හඳ පායන්නේ එළිය දෙන්න,
ඒත්.....
මලක රොන් පිරිලා සුවඳ විහිදුවන්නේ බඹරුන්ට පැණි දෙන්න විතරමද....???

     බඹරෙකුට පුලුවන් මලක පැණි බීලා ඒ මල තලලා දාලා යන්න,
   ඒත් මලකට පුලුවන්ද බඹරෙකුගෙ ජීවිතයම උරා බීලා ඒ බඹරා විනාශ කරලා දාන්න......???

Sunday, August 26, 2012

Sithuwili Hanthana




හන්තාන  උසට නැගි  සිතුවිලි  බ්ලොග්ගත කිරීමේ උත්සාහය...

Thursday, August 23, 2012

(අ)සම්මත ආදරයක් 2





ඔන්න බලන්න අහසටයි සඳටයි දෙන්නටම ආදරේ කරපු මහ පොළවට වුන දේ.

   කාලයක් ඒ ආදරේ ඒ විදියටම ගෙනියනකොට හැමකෙනාටම වගේ පොළවටත් හිතුනා අහස හරි සඳ හරි  දෙන්නගෙන් එක්කෙනෙක්ව තොරගන්න.

Tuesday, August 21, 2012

(අ)සම්මත ආදරයක්


ආදරේ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් කියලා ගොඩාක් අය කියනවා.


 ඒ ආදරේ එක එක පැති තියෙන්න පුලුවන් නේ.මේකත් ආදරේ අන්න ඒ වගේ පැත්තක් ගැන මන් ලියපු සින්දුවක්.


 එක සැරේ දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන්ද?

ඇත්තටම ඒ ගැන ගොඩක් අය දකින්නෙ වරදි දෙයක් විදියට.ඒක හරියි කියල හිතන්නේ ඒ අත්දැකීම ගන්න හෝ ගත්ත අය විතරයි.


 මේ ගැන ලියවුන සින්දු කිහිපයක් හම්බ උනා මට.


"සමකෝනී ත්‍රිකෝනයකි...."


"වරදක් කළත් සිතකින් නොවේ...."


 අන්න ඒ වගේ සින්දු....


Related Posts Plugin for WordPress, Blogger...