Monday, March 11, 2013

ආදරේ තනුවට පදවැලක් ?? ෴



සිත හෙමින් සලිත කළ
ආදරේ ගීතයට
අහිමි වුණු තනුව ගැන
සිතා ඵල නැති අරුම...

Tuesday, February 19, 2013

මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි ෴

        හ්ම්ම්.... මාස තුනකට ආසන්න කාලයක් භුක්ති වින්ද නිවාඩු කාලය ඉවර වෙලා ආයෙත් සරසවි ජීවිතේ පටන් ගත්තා. ඒත් ගොඩක් දේවල් කලින්ට වඩා වෙනස්.
අපේ සුපුරුදු හොස්ටල් ජීවිතේට සමු දීලා, අක්බාර් රජදහනෙන් (අක්බාර් ශාලාවට අපි කියන්නේ එහෙමයි) ඈත් වෙලා මහවැලි ගඟ අසබඩ නිස්කලංක බෝඩිමක නව ජීවිතයක් පටන් ගත්තා.
ඒ වගේම පළමු වසරේ General Program  එක අවසාන කරලා, දෙවන වසරේ Specialized Program එක Computer Engineering අංශයෙන් පටන් ගත්ත එකත් අලුත්ම දෙයක්.
මගේ ජීවිතේ ඒ විදියට ගත වෙද්දී බ්ලොග් එක පාළුවට යන්න ඇරියොත් ඒක හරි අපරාධයක් වෙනවානේ. ඒ නිසා ඉඩක් ලැබුණ පළවෙනි මොහොතෙම පෝස්ට් එකක් දාන්නයි මේ හදන්නේ.

        දිගටම සිතුවිලි හන්තානත් එක්ක හිටිය ඔයාලට මතක ඇති අලුතින් පටන් ගත්ත වැඩේ ගැන. "හින්දියෙන් සිංහලේට" කියලා පටන් ගත්ත ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Sunday, February 10, 2013

ජාතිවාදයට විසඳුමක්...!!! ෴

සැලකිය යුතුයි-:
~ මෙය උඩින් පල්ලෙන් නොකියවා සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ සඳහා වේලාව ප්‍රමාණවත් නොමැති නම් මෙය නොකියවා මඟ හරින්න.
~ මෙය hitz ගැනීම සඳහා හෝ වෙනත් පටු අරමුණක් සඳහා ලියන ලද්දක් නොවේ. හුදෙක් මගේ මනසේ නළියමින් පවතින සිතුවිලි සමූහයක් ඔබ හමුවේ තැබීමක් පමණි.
~ තවද මෙහි සඳහන් තර්ක සියල්ල මාගේ මතයන් වන අතර ඒවාට එරෙහි වීම හෝ පිළිගැනීම ඔබ සතු වූවකි.
~ මෙය ලියන මම දකුණේ සිංහල බෞද්ධයෙක්මි.

Tuesday, February 5, 2013

අද ඉඳන් අලුත් වැඩක් !! ෴

       ම්ම්ම්ම්.....හින්දියෙන් සිංහලේට කියලා ලේබල් එකක් පටන් ගත්තේ වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙනද කියලා සමහරු නෝන්ඩියට වගේ ඇහුවා. ඒ අතර තව සමහරු කියනවා හින්දි සින්දු සිංහලේට පරිවර්තනය කරන එක නම් කාට කරන්න බැරිද කියලා. ඕක පරණ වැඩක් නේ කියලත් සමහරු නම් හිතනවා ඇති.

      ඇත්තටම මේක පරණ වැඩක් ද කියලා මාත් හිතලා බැලුවා,හොයලා බැලුවා. හින්දි සින්දු සිංහල කරන එක අද ඊයේ කරන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. එච්.ආර්.ජෝතිපාල මහා ගායකයාණන් පවා බොහොමයක් හින්දි තනු වල ගීත සිංහලෙන් ගායනා කරා. ඒත් ඒ ගීත වල තියෙන්නේ හින්දි තනුව විතරයි කියලා විස්තර හොයලා බැලුවොත් ඕනි කෙනෙක්ට වැටහේවි.ඒ කියන්නේ හින්දි තේරුමට උචිත සිංහල තේරුමක් නෑ ඒව බොහොමයක.

Friday, February 1, 2013

නුඹ නොකළ වැරදි ෴





ඳි නමුත් ළැම සළුපිළි,
කිම්ද ඉන් පල,
නොවැසෙන කළ එතැන...

Saturday, January 26, 2013

Thuhi Meri Shab Hai සිංහල version ෴

ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා* ඉඳලා ඔන්න අද යාන්තන් මේ පෝස්ට් එක දාගන්න පුළුවන් වුණා.

පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.

Friday, January 18, 2013

ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴

        සිතුවිලි හන්තානට එන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලුවා අධ්‍යාපනිකව වැදගත් වෙන මොනා හරි ලියන්න කියලා. ඉතින් මේ පෝස්ටුවෙන් ඒ නංගිලා මල්ලිලා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා හිතනවා.

Saturday, January 12, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D 2෴


මතක ඇතිනේ කස්ටිය කවි වලිය පටන් අරන් මෙතනට ආව හැටි.. මතක නැතිනම් මෙතනින් බලන්නකෝ..

ඔන්න දෙවෙනි දවසේ හර්ශි කරලියට එනවා...ඒත් මේ එන වෙලේ අපි කවුරුත් අහල පහල හිටියේ නෑ...බලන්නකෝ..මෙයාලා තනියම වැඩ.....


හර්ශි -
පැන පැන දෙන මුවන් ගැන අනේ මං කවි ලියලා
ඔබ සැම එකතු වී මගේ බෙල්ලම කපලා
තරහක් නොමැත මිතුරණි, ඔබේ හැකියා දැකලා
මං කැපෙනවා ඔබලට ජය සෙත පතලා
පෙර පිනකින් අනේ අපි ගැහැණුන් වීලා
කිසිදා නොකියමි ගැහැණුන්ටම දොස පාලා
කාට නමුදු දැන් ඇති නොවැ පෑවා ලීලා
මං නැති අතරේ හොදටම ඇදගෙන නාලා....

Friday, January 11, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D ෴



        අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන.. අපේ කවි සහෘදයන් ගේ Facebook Group එකක් තියෙනවා සඳ එළිය කියලා. අන්න ඒ group එකේ දී බොහොම රසවත් විදියට ගලාගෙන ගිහිපු 'කවි වලියක්' තමයි අද මං මගේ පෝස්ටුව විදියට දාන්න හිතුවේ..





        මේ කවි වලියට සහභාගී වුණා මමත් එක්ක තව සහෝදරවරු දෙන්නෙක් සහ සහෝදරියෝ දෙන්නෙක්...ගැහැණු සහ පිරිමි වලියක් තමා මෙතන තියෙන්නේ..හර්ශි තවත් කෙනෙක් සමඟ තරහින් දාන post එකක් තමයි මේ ලොකු වලියක් දක්වා දිග්ගැස්සෙන්නේ. ඇත්තටම මේක රසවත් වලියක්...
වැඩි කතා නැතුව අපි බලමුකෝ මොකක්ද මේ වලිය කියලා.....


Sunday, January 6, 2013

ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්... ෴


වෙන් වෙලා යන්න නොව ලං වුණේ මා පෙමින්...
ලං වෙලා ඉන්න මා පින් කළේ නැත ඉතින්...
සංසාර ආදරේ දවා අලු කළ සිතින්...
ඉල්ලන්න බෑ ආයේ සමාවක් නම් ඉතින්...

Tuesday, January 1, 2013

සිංglish කතා කිරීම තහනම්.....! ෴




        මෙන්න විශේෂ ප්‍රවෘත්ති. අද මධ්‍යම රාත්‍රී 12 සිට සංශෝධිත භාෂා පනත ක්‍රියාත්මක වන බව ජනාධිපති _______ මහතා නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට කවලම් භාෂාවක් කථා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එක් භාෂාවකින් එක් වගන්තියක් කථා කිරීමට පමණක් අවසර ලැබේ. එනම් සිංහල හා ඉංග්‍රීසි භාෂා භාවිතයේදී සිංහල වාක්‍ය අතරට ඉංග්‍රීසි වචන දැමීම හා ඉංග්‍රීසි වාක්‍ය අතරට සිංහල වචන දැමීම සපුරා තහනම් වේ. කථා කරන්නාවූ භාෂාවෙන් එම වාක්‍ය අවසන් කළ යුතුය. අනෙකුත් භාෂා සඳහාද එලෙසම වේ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමට රහස් නියෝජිතයන් විශාල පිරිසක් මහජනයා අතරින් යොදවා ඇත.

Friday, December 28, 2012

18+ නියඟලා ??෴



රතු රෝස කුසුම සිත
හැඟුම් වැල් අවුලනා..
දෙපෙති ලං වෙයි වැසෙයි

සුවඳ රස විහිදනා..

ගජිඳු දළ යුග්ම හද
සසළ කරවන මනා..
නිසල සිත් දැහැන බිඳ
නව ලොවට විවරනා..

Monday, December 24, 2012

විළිලැජ්ජා නැතිකම හෙවත් සාපේක්ෂ (අඩ)නිරුවත ෴

"මොනාද පුතේ ඔය බලන්නේ.වෙන චැනල් එකකට දාන්නකෝ."  Ra-one චිත්තරපටයේ Criminal සිංදුවේ කරීනා ඇතුළු නිළි කැළ ගේ නර්ථන විලාසය අම්මාගේ ඇසට අසුවුණේ එහෙමයි.
"බලන්නකෝ ඇඳන් ඉන්න ඒවගේ හැටි......" අම්මා ඒක නම් කිව්වේ කළකිරීමකින්.


තව දුරටත් අම්මා ඉන්න තැන Ra-one බැලීමට මට සිතුණේම නැත. ඉක්මනින්ම රෙදි අපුල්ලන්නන්ගෙන් කඩේ යන්නන්ට චැනලය මාරු කර අම්මා අතට remote එක දී මම shape එකේ එතනින් මාරු වුණෙමි.(Ra-one කලින් බලලා තිබුණ නිසා හොඳයි....)

Saturday, December 15, 2012

ආදරයද රාගයද (Love or Sex) ෴


    ආදරය කියන්නේ අපි කොච්චර කථා කරත් එපා නොවෙන මාතෘකාවක් නේ. ඒ වගේම මේ ලෝකේ හැමෝම මොහොතකට හෝ කාගෙන් හෝ ආදරයක් ලබපු අය කියලා හිතන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඒ සාමාන්‍ය ආදරය ගැන නම් නෙවෙයි. (ඒ කියන්නේ අසාමාන්‍ය ආදරයක් ගැනද? ) ඔව්...අසාමාන්‍ය ආදරයක් ගැන තමයි.........


ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතර ඇති වෙන බැඳීම, එහෙමත් නැති නම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොරන ලව් එක ගැන තමයි මේ කියන්න යන්නේ...... ඒක අසාමාන්‍ය ආදරයක්ද? ඔව්. මොකද ඒ ආදරය පදනම් වෙන්නේ ආදරය කියන හැඟීම මත විතරක් නෙවෙයි.. ඒකයි මම එහෙම කිව්වේ....

(මෙතනින් ඉස්සරහට මම කථා කරන්නේ අන්න ඒ අසාමාන්‍ය ආදරය ගැන හොඳේ...)
ඇත්තටම ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද?
මගෙන් ඇහුවොත් නම් මම මේකට දෙන්නේ මෙහෙම උත්තරයක්.
ඇත්තම ආදරේ හඳුනාගත්ත කෙනා එක්කෝ මැරිලා නැත්තම් තාම ඉපදිලා නෑ.

Wednesday, December 12, 2012

෴The Story Behind Unusumata Lanwee෴




        කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු මගේ හීනයක් හැබෑ වුණා.. ඉතින් ඒ ගැන බොහොම සතුටින් සිතුවිලි හන්තානට ලියන්න ඕනි කියලා හිතුණා මට. මොකක්ද කියලා කියලා ඉන්නම්කෝ..
    හැමදාම සිංදු ලියනවා ලියනවා ඒත් ඒක නිර්මාණයක් විදියට එළියට දාන්න බැරුව බොහොම දුක්කිත තත්වෙන් තමයි මං පහු ගිය කාලයේ හිටියේ. ඒ අතරතුරේ අරෙහෙන් මෙහෙන් තනු අරගෙන ඒවට සින්දු ලියලා ඒකක් නම් යන්තන් out කරගන්න පුළුවන් වුණා.
(ඒ ගැන මං පස්සේ වෙනමම ලියන්නම් කෝ..)
   ඒත් ඉතින් අලුත්ම කටහඬකට අලුත්ම සංගීත නිර්මාණයකට අලුත්ම සිංදුවක් විදියට මගේම සිංදුවක් out කරගන්නේ කොහොමදෝ කියලා මං දස අතේ කල්පනා කරා....
  ඔන්න ඔය අතරේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් (අභීත දේශප්‍රිය සහ පවන් කල්හාර) එයාලගේ පළවෙනි සිංදුව out කරා...'වේදනා රැඳි...' සිංදුව තමයි ඒ.......

අහලා බලන්නකෝ ඒ සිංදුව...........

ඒ දෙන්නට ඒ සිංදුවට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.. හිරු FM Top 40 Radio programe එකෙත් ඒක play වුණා.
ඉතින් මේ ප්‍රතිචාරත් එක්ක මේ දෙන්නට තවත් සිංදුවක් කියන්න හිතුණා.

ඉතින් අභීත මට කිව්වා "මචං සිංදුවක් ලියපන්කෝ අපිට කියන්න." කියලා. ඉබ්බා දියට දැම්මම ඇන්නාවේ කිව්වා වගේ මටත්.. ලිව්වා ඉතින් මාත් සිංදුවක්.

Friday, December 7, 2012

ආදරයත් එක්ක ගමනක් යමුද....

ම්ම්ම්.......ගොඩක් අය නිෂ්ශබ්දයි. හැමෝටම වැඩ වගේ. මං හිතන්නේ campus වල exam තියෙන එක මේ නිෂ්ශබ්දතාවට හේතුවක් වෙන්න ඇති. අපිට නම් exam ඉවර වුණා. උදේ TV එක බැලුවම ඒකේ කිව්ව කතාවෙන් දෙයක් ගන්න තියෙනවා කියලා හිතුණා මට. අද මේ කියන්න යන්නේ නම් කථාවක්. ඒ කථාව මම නම් කලින් අහලා තිබුණා facebook එකෙන්. ඒත් එදා නොතේරුණ ගැඹුරු දෙයක් අද මට දැනෙන්න ගත්තා.

    ඔන්න දවසක් ආදරය, ආකර්ෂණය, සෞභාග්‍යය, දුප්පත්කම, සතුට, දුක, වෛරය, අනුකම්පාව, කියන අය එකම ඔරුවක ගමනක් යන්න පිටත් වුණාලු...



    ඒ ගමන යන අතරතුරේ ඔරුව කුණාටුවකට අහු වුණාලු. හැමෝම වගේ බේරිලා යන්න එක එක ක්‍රම හොයාගත්තලු. ඒත් ආදරේට එහෙම ක්‍රමයක් හොයාගන්න බැරි වුණාලු.
     ඉතින් මේකෙන් බේරිලා යන්න ආදරය එක එක අයගෙන් උදව් ඉල්ලුවලු.....

Wednesday, November 28, 2012

සිංහලෙන් type කරන එක ප්‍රශ්නයක්ද?

හැමදාම කවි, සිංදු, නිසඳැස් ලියනවා වගේම ඒවා ලියන්න කැමති අයට පොඩි උදව්වක් කරන්නත් ඕනි කියලා ඔන්න මට හිතුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "අනේ, අපි කොහොමද සිංහලෙන් type කරන්නේ...?" කියන එක.සමහරු හිතනවා එහෙම සිංහලෙන් type කරන්න නම් සිංහල keyboard එක දැනගෙන ඉන්න ඕනි කියලා. නෑ නෑ.එහෙම ඕනි නෑ..
ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. 
මේ  software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න සු වීම.
වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............

Saturday, November 24, 2012

විරහවේ අඳෝනාව.....................




දන්නෙ නැහැ හැමදාම
මගේ හිත මං ගාව
දැවටිලා හොයන්නේ
මේ කුරිරු දුකම මයි...


ආදරය ආදරය
 ආදරය විදියටම
මගෙ හිතට එබෙන්නට
ඉඩ දුන්නා හැමදාම...
මගෙ හිතේ සොඳුරු බව
මගෙ හිතේ බොළඳ කම
ආදරයේ නාමයෙන්
දණගැහුවා හැමදාම...






 ආදරය සතුටක්ලු
ආදරය සැපතක්ලු
ඒ සතුට ඒ සැපත
මා එක්ක තරහින්ද?
 හිත මගේ හඬනවා
ඉකිගගහා අඬනවා
තනිකමේ සෝගින්න
හදවතම දවනවා...

Monday, November 5, 2012

~ හත්වරක් තුන ~



දිනකි වැදගත් අද මට
හදට සතුටක් ගෙන දෙන
ඒත් අද මේ දිනයට
හිතේ සතුටින් දෝ මම...

Thursday, November 1, 2012

~ මගේ අරලිය මලට....... ~




වැටුණු මහ වැසි කෝඩය
දවස් ගානක් බරටම
වැහැලා ඉවරයි හොඳටම
මුළු අහස හිස් කරගෙන...

Related Posts Plugin for WordPress, Blogger...