| දරා නෙක නෙක සිතුම් සිත | යට |
| විරා රස සිත පතුලෙ යට | කොට |
| නුරා මුසු පෙම් හැඟුම් මතු | කොට |
| සරා සුරඟන කරා සිත | වට |
Friday, July 18, 2014
Wednesday, July 2, 2014
චූටි ඇහි පිය යට... මනමාල කවි ඇත......෴
චූටි ඇහි පිය යට,
මනමාල කවි ඇත
ඇති නමුත් අවසර,
ගයන්නට හිත නැත...
Thursday, June 26, 2014
Duet එකක් තනියම..............??? | Chahun main ya naa Sinhala Version
Duet එකක් කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. කාන්තා සහ පිරිමි කටහඬක් එකම ගීතයකින් ඇහෙනකොට අපි ඒ සින්දුවට 'Duet එකක්' එහෙම නැතිනම් සිංහලෙන් 'යුග ගීයක්' කියලා කියනවා.
ඉතින් ඒ වගේ යුග ගීයක් ගැන කියන්න තමයි තකහනියක් මේ ලියන්නේ. මේ පහුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ Aashiqui 2 චිත්‍රපටයේ Chahun main ya naa සින්දුව. ඒ ගැන මම කලින් පෝස්ට් එකකත් ලිව්වා. ඒ ලිපිය මෙතනින් බලන්න.
මේ සිංහල version එක ගොඩක් විශේෂ විදියට නිර්මාණය කරපු එකක්. ඒ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න කලින් සින්දුව අහලා ඉන්නකෝ. නැතිනම් ඒක අඩුවක් වෙයි......
Labels:
My Music Creations,
හින්දියෙන් සිංහලේට
Location:
Peradeniya, Sri Lanka
Friday, June 6, 2014
මොළේ විකාර කරගන්න අකමැතිද? එහෙනං කියවන්න එපා......෴
අම්මෝ...සෑහෙන්න කාලෙකින් නේ මං මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. සිතුවිලි හන්තාන සිතුවිලි නැතුව වල් වැදිලානේ. බොහොම අමාරුවෙන් සුද්ද කරලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා හිතුවා.
පහුගිය කාලේ ඇකඩමික් වැඩ නිසා සෑහෙන්න හිර වෙලා හිටියේ. 5වෙනි සෙමෙස්ටරේ තරම් අමාරු එකක් කැම්පස් ජීවිතේටම හම්බවුණේ නෑ....කොහොමහරි ඒ එක්සෑම් එකත් ඉවර කරගෙන තමයි ආයෙත් මේ පැත්තේ ආවේ......
අන්තිමට ලිව්වේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි ලිපියක්. ඒකේ පසු සටහනේ පොරොන්දු වුණ විදියට ඔන්න ආයෙත් මේ try කරන්නේ Paradox ගැන කතා කරන්න.
Paradox ගැන අහලා තියෙනවද? Paradox එහෙම නැත්නම් 'විරුද්ධාභාසය' කියලා කියන්නේ 'තේරුම් ගන්න දුෂ්කර දෙයක්' හඳුන්වන විදියලු. ඒත් ඒ වචනේ නිවැරදි අර්ථය ඒ විදියට ගන්න අමාරුයි. ඒ සම්බන්ධ කරුණු මොනවගේද කියලා හොයලා බැලුවම තමයි ඒකේ ඇත්තම තේරුම හිතට වදින්නේ. Paradox එකක් කියන්නේ ඇත්තටම හරිම රසවත් දෙයක්. ඒවා ගැන කල්පනා කර කර ඉන්න එක හරිම ෆන් වැඩක්. Paradox එකක් කියන්නේ මොනවගේ දෙයක්ද කියලා චූටි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් ගිහින්...
Paradox ගැන මම දැනගෙන හිටියේ බොහොම ටිකයි. ඒත් Google දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවම මෙන්න බොලේ Paradox ලිස්ට් එකක්ම එතුමා මට දුන්නා.
Labels:
මම දැනගත්ත දෙයක් ඔයාට.......
Location:
Siyambalanduwa, Sri Lanka
Tuesday, April 1, 2014
මෙය කිසිදා කියවා (සිතා) ඉවර කළ නොහැකිය | (Liar Paradox) ෴
පහළින් තියෙන වාක්‍ය වැරදියි...
.
.
.
.
Labels:
මම දැනගත්ත දෙයක් ඔයාට.......
Location:
Peradeniya, Sri Lanka
Saturday, March 22, 2014
විරහවේ සැමරුම........෴
2011 මාර්තු 22.....!!!!
අදට අවුරුදු 3ක්..!!
ඔයා මගේ ජීවිතේට ඇවිත් අදට හරියටම අවුරුදු 3යි. අද ඔයා මගෙත් එක්ක හිටිය නම් අද දවස අපි සමරන්නේ කොච්චර සතුටින්ද. ඔයා මට ගොඩක් ආදරේ කරා කියලා මම දන්නවා. මට ඒක දැණුනා.
ඒත්.....
ඒ ආදරේට එහා ගිහිපු නොගැලපීම් ගොඩක් අපි දෙන්නගේ මැද්දට ආවා. ඔයා මට කරපු වැරදි වගේම මම ඔයාට කරපු වැරදි නිසා අපි දෙන්නට වෙන් වෙන්න වුණත්,වෙන් වෙලාගිහින් අවුරුදු එකහමාරක් වෙලත්, අදටත් මට ඔයාව මතක් වෙන්නේ ඇයිද කියලා මම වත් දන්නෙ නෑ.....
මමත් ඔයාට මෙච්චරටම ආදරේ කරාද කියලා මට හිතාගන්න බෑ.....
ඔයා පිළිගත්තේ නැති ඔයාගේ ඒ එකම එක අඩුව හදාගත්තොත් ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පෙම්වතිය වගේම හොඳම බිරිඳ . ඔයාට කවදහරි හම්බවෙන කෙනාට ඒ වගේ හොඳ කෙනෙක් වෙලා ඔයාගේ අනාගත ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
(කොහේ හරි ඉඳන් ඔයා මේක බලාගෙන ඇති කියලා මට හිතෙනවා) ගොඩාක් කාලෙකට පස්සේ අපි එකිනෙකා මුණගැහිලා වෙන් වෙලා එන දවසක මම මේ ලියපු සින්දුව ඔයාටත් මතක ඇති................
(ඒ දවස් වල නමට ඉස්සරහින් වරහන් ඇතුලේ දාපු අකුරු දෙක..........ඒක වෙනස් කරන්නැතුවම දැම්මා.)
ප.ලි : බ්ලොග් එකේ පහලට බලාගෙන යනකොට තමයි මේක දැක්කේ. ගිය අවුරුද්දෙත් මාර්තු 22 මම මේ ගැන ලිපියක් ලියලා.............
Labels:
සින්දු නොවූ සින්දු
Location:
Siyambalanduwa, Sri Lanka
Tuesday, March 11, 2014
෴.....සඳ අඳුරේ ගිලී ගියා..... ෴
Saturday, March 1, 2014
ස්ත්‍රී ආධිපත්‍යයක විස්මය | The Indian Honey bee ෴
දොරකඩ අඹ ගහ මල්වලින් පිරිලා. අඩි 7ක් විතර උස, අඹ මලින් පිරුණ අඹ ගහ දකින මට පොඩිකාලේ අඹ ගස් වලට ගල් ගහලා අඹ කඩාගෙන කාපු හැටි මතක් වෙනවා. අඩි 40ක් 50ක් විතර උස අතු අග තියෙන අඹ ගෙඩියක් කඩාගන්න කොච්චර නම් ගල් පොලු ගහන්න ඇතිද ඒ කාලේ. සොබාදහම වෙනස් කරලා. දැන් අතින් කඩන්න පුළුවන් අඹ හැදෙන ගස්. බඩ් කරපු අඹ......
Location:
Siyambalanduwa, Sri Lanka
Saturday, February 22, 2014
යෙහෙළියකගේ සිතක් කියවීමි......෴
සීත හිම යුග
බොහෝ කල් සිට,
සිත වෙලාගෙන
තදින් උන් බව,
දැනං උන් නුඹ
සමනළෙකු ලෙස,
ආවේ දිවියට
සතුට අරගෙන....
Friday, January 24, 2014
1984 මතකයන් ෴
ලියන්න කොච්චර දේවල් තිබුණත් ලියන්න හිතෙන්නෙ නැති එක නම් හරිම ඛේදජනක තත්ත්වයක්. එහෙම තත්වයක් යාන්තන් මඟහැරගෙන මේ ලියන්න ලැහැස්ති වෙන්නේ 1980 දශකයේ කවි සඟරාවක් ගැන. මුතු කවි සඟරාව ගැන මම කලින් චුට්ටක් විතර කිව්වා. ඒ මගේ පළවෙනි කවි නිර්මාණය සහ ඒ ඔස්සේ මං මෙතෙක් ආපු ගමන් මඟ ගැන ලියපු පෝස්ට් එකේ... ඒ ලිපියෙදි මම පොරොන්දු වුණානේ ඒ සඟරාව ගැන සවිස්තරාත්මක ලිපියක් ලියන්නම් කියලා. මේ ඒ පොරොන්දු ඉෂ්ට කිරීම තමයි.....
Labels:
මගේ මතකයන්,
මුතු සඟරාව
Location:
Siyambalanduwa, Sri Lanka
Thursday, January 16, 2014
වෙල්ලස්සේ සොඳුරු තැන් සොයා - මරගල කන්ද ගවේෂණය ෴
මොණරාගල යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලම දිස්ත්‍රික්කයයි. වියළි කලාපයට අයත් වන මෙම දිස්ත්‍රික්කය දුෂ්කර යනුවෙන් හැඳින්විය හැකි පහසුකම් අඩු දිස්ත්‍රික්කයකි. 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ වෙල්ලස්ස කැරැල්ල මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඊටත් වඩා පැරණි ඉතිහාසයක් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවතෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එමෙන්ම සංචාරය කිරීමට සුදුසු බොහෝ සුන්දර ස්ථාන මොණරාගල දිස්ත්‍රික්කයේ ඇත.
Labels:
Goldbows Photograpy,
ගවේෂණ
Location:
Monaragala, Sri Lanka
Wednesday, January 8, 2014
බසයේදී ඇති වූ වලත්ත සිතුවිලි....෴
Wednesday, January 1, 2014
කෙල්ලෙක් නිසා මට වෙච්ච හරියක්......෴
2013 වසරත් ඉවරයි. එළඹිලා තියෙන්නේ 2014 වර්ෂය. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරලා ඉන්නම්. මේ වෙනකං ජීවිතේ අවුරුදු 22ක් ගත කරලා නේද කියලා වෙලාවකට හිතාගන්නත් අමාරුයි. අපිත් දැන් වයසයි.... මේ වෙනකං මම ගත කරපු ජීවිතේට කලාව ඇතුළු වුණේ නොහිතපු වෙලාවක නොහිතපු විදියකට. කලාව කියන්නේ හරිම සුන්දර දෙයක්.
පුංචි කාලේ ඉඳන් අහලා තිබුණ විදියට අපේ තාත්තා හොඳ කවි කාරයෙක්. තාත්තගේ සීයා, ඒ කියන්නේ මගේ මී සීයාගේ ගෙදර තිබිලා තියෙන්නේ හික්කඩුව ප්‍රදේශයේ තොටගමුවේ. කෙටියෙන්ම කියනවා නම් තොටගමුව රජමහා විහාරයට අල්ලපු වැටේ. ඒත් තාත්තගේ තාත්තා ජීවත් වුණේ ගාලු දිස්ත්‍රික්කයේ බටපොල කියන ගමේ. ඒ නිසා තාත්තත් තරුණ කාලේ ගත කරේ ඒ පැත්තෙමයි.
Friday, December 27, 2013
නගර සෝබනියකට ආදරය කිරීම.....෴
වින්ද ප්‍රේමය ඔබෙන් සොඳුරුයි කියා මා හිත කියනවා...
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා...
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා...
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා...
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා...
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා...
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා...
Tuesday, December 24, 2013
නොදුටු සොඳුරුතමයන්ගේ සොඳුරු මතක - Cyber Mega Beach Party 2013
Friday, December 13, 2013
තාවකාලික ආදරවන්තිය ෴
Friday, December 6, 2013
මා අතින් සිදුවූ බිහිසුණුම අපරාධය.....෴
"ඕක පොඩ්ඩක් එහාට කරගන්නවකෝ. යන්න එන්නවත් ඉඩක් නෑ නේ." අක්කා ඒ මැසිවිලි නැගුවේ මට ය.
ඇගේ ස්වරයට ප්‍රතිමැසිවිල්ලක් නඟමින් මම මගේ පත්තරය සහ කුප්පි ලාම්පුව සාලයේ අයිනකට කරගෙන මමද අයිනට ගියෙමි. ගෙබිම සිමෙන්ති දමා තිබියදී රාත්‍රිය කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් කිරීම නොගැලපීමක් ලෙස මගේ ළමා මනසට සිතුණ නමුත් දැන් මා ජගතා පත්තරයේ ඇති ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න විසඳමින් සිටින්නේ එවන් නොගැලපීම් සමූහයක් මධ්‍යයේ ය...
Labels:
මගේ මතකයන්,
හමා ගිය ගැමි සුවඳ
Location:
Siyambalanduwa, Sri Lanka
Monday, November 25, 2013
අසිරි සිරි බඳ වට.... යැවුණි දෑතම එරන්වන් වට...... ෴
Friday, November 8, 2013
කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ................෴
Labels:
හින්දියෙන් සිංහලේට
Location:
Siyambalanduwa, Sri Lanka
Monday, November 4, 2013
ඔයා දන්නේ නෑ.....෴
Subscribe to:
Posts (Atom)


