දැනෙන මේ තනිකම
කුමක් දෝ හිත රිදවන
මසිත හිර කරවන
හිතට එන දුක් කඳ
ඉකි ගසන නෙත් යුග
හදවතේ ඇති දුක
මටම පවසයි හිතේ පිරි දුක..
සහෝදර සෙනෙහස
විටෙක හිත රිදවන
අයුරු මට දැනුනද
එය නොවේ මේ හිත දවන දුක..
නොලැබෙනා දෙයකට
පෙම් කරන බව මම
දනී මගේ හිත් ගැබ
එහෙත් එය වුව නොවේ මේ දුක..
සරසවියේ මහ බර
හිතට ගෙන දේ බර
හිතට නිදහස දෙන
මොහොත පිළිබඳ නොවේ මේ දුක..
හිත සපිරි මිතු කැළ
ලඟ නොමැති කම වුව
දුකක් ලෙස සිතුවද
එයම නොව මේ හිත දවන දුක..
අඳුරු අහුමුළු සොයා
යනව මං හිත පුරා
තවම නෑ හමු වුණේ
හිත හඬන දුක මගේ..
ලියනවා ලියනවා
ඉවරයක් නැතුවම
හිතේ දුක යනකංම
ලියනවා අද මම..
ගෙවී ගිය සමයෙක
විරහ දුක මා වෙත
පැමිණියා ළඟ ළඟ
එහෙත් ඒකත් නොවේ මේ දුක..
පිට පිටම දුක් කව
වෙලා මා හිත් අසපුව
අඳුර පැතිරෙයි අද
නැතිද එළියක් කොහේ හෝ තව..
තෙරක් නැති විශ්වයේ
කොහේ කොතැනක රික්තයේ
අතරමං වී මෙසේ
ගෙවන තනිකම වත් ද දැනුනේ..
හද පෙලන දුක මගේ
බුදමි රිසි ලෙස හදවතේ
උන්මාද සිත් ජලේ
ඇසට නැගෙනා රුදුරු කඳුළේ..
කියන්නට බෑ තව
ලියන්නට බෑ තව
කඳුළු පෙඟුණා නෙත
මටම නොදැනේ මේ මම..
වැටහෙන්නේ නෑ මට
මගෙ හිතේ තනිකම
අඬන්නට හිතෙනවා
ඉකි ගසා තව තව..
දවන හද ගින්නට
දැනෙන හද ඉකියට
ඇසට එන කඳුළට
සදාකල් පෙම් බඳින්නෙමි මම..
~රන්දු with ?????????
මේක නම් සුපිරි අනේ..
ReplyDeleteජය වේවා!!
http://hithru.blogspot.com
අනේ මංදා රූ.cmps පටන් ගත්තම හැමෝටම මෙහෙම වෙලාලු..
ReplyDeletethanx යාලු....
මේක නම් කියල වැඩක් නැහැ..ජයෙන් ජයම වේවා!
ReplyDeleteමාරම ලියවිල්ලක්..
ඔබ අතින් ලියවුනු හොඳම ලිපියක්!
ආ...හිරු...හ්ම් හ්ම්...හිත ගැඹුරින්ම කිව්ව දෙයක් නේ ලිව්වේ..ඒක නිසා වෙන්න ඇති මේ...
Deleteස්තූතියෝ.......
මේ ලියලා තියෙන හිස් බව මටත් හොඳට පුරුදුයි ....... උඹ ඒක ලියලා .... මට ලියන්නවත් වචන නැතූව හිටියේ .... මරුම තමයි මචෝ ....ජය
ReplyDeleteහිස් බව........ තනිකඩ හැමෝටම පොදුයි නේ බං.....ඒකයි මේ.....
Deleteතැන්කූ....