Monday, October 22, 2012

මගේ පැණි කම...!!!!


     ඔන්න මේ කියන්න යන්නේ නම් මගේ දෙයක්.කියවලා ඉවර වෙලා හිනා වෙන්න නම් එපා ඔන්න. සමහරු නම් බනියි ද මංදා .  ඒත් ඉතින් මේක කියන්න ලැබුණ වෙලාවෙම කියන්න ඕනි නේ.
 ආදරේ කියන්නේ හරිම සුන්දර කරදයක් නේ. අන්න ඒ ආදරේ කියන ලස්සන බැඳීම මේ වෙනකොට මගේ ජීවිතේ ආක්‍රමණය කරලා තිබුණේ.

     ඒ කාලෙදි තමයි මං campus එකට එන්න තේරුණේ.ඔන්න ඉතින් මං හා හා පුරා කියලා campus එකට ආපි...
අම්මේ....බලන බලන අත කෙල්ලෝ ( මුගෙ පැණිකම නේද? :D )..
registration  එක දවසෙම එක කෙල්ලෙක් මගේ ඇස් දෙකට වැ‍ටුණ නේ ඔය අතරේ.හරිම අමුතු ලස්සනක් තිබුණා ඒ ලමිස්සි ගේ...
   ඒත් හත්වලාමේ...එතකොටනේ මට මතක් වුණේ මට කෙල්ලෙක් ඉන්නවා නේද කියලා."යකෝ..මොනාද මං මේ හිතන පව්කාර විතුවිලි අප්පා." මං මගේ හිතට වාරණයක් දාගත්තා.

ඉතින් මට හිතුණා මේ ගැන මොනා හරි ලියන්න ඕනි කියලා.ඉතින් මං ලිව්වා ඔන්න..







පොඩ්ඩක් ඉන්න.ඉවර නෑ.
       කිසිම වෙනසක් අවුලක් මං මේ  සිංදුවේ මං දැක්කේ නෑ අප්පා. හැමදේම මගේ girl friend ඉස්සරහා මං කිව්වා. මගේ හිතේ අනවශ්‍ය විවෘත බව නිසාද මංදා. කෙල්ලෙක්ගේ ලස්සන හිතට වැ‍ටුණා කියලා මිසක් එයාගෙ හැඟීම මගේ හිතට දැනුණා කියලා නෙවෙයි අප්පා මං කිව්වේ.
ඒත් අයියෝ මගේ girl friend.............!!!
මේකට හොඳටම upset ගැහුවා.මාත් එක්ක තරහ වෙලත් හිටියා හ්ම්ම්ම්ම්..... :D
       ඉතින් මං මේ  සිංදුව කුරු‍ටු ගාලම දැම්මා. මේක කවදාවත් කොහේවත් දාන්නෙ නෑ කියලා මං හිතාගත්තා.
        ඒත් මගේ හිතට මං ම දාපු ඒ වාරණය දැන් ඉවරයි.... මොකද ඒ දවස් වල මගේ girl friend දැන් මගේ හිටපු girl friend වෙලා..:( (මේ වගේ රටේම ඉන්න කෙල්ලොන්ට බැල්ම දාපු එකෙක් එක්ක කෙල්ලෙක් ඉඳියි ද නේද)

       ම්ම්ම්ම්...ඒපාර ඔය අහන්න හදන්නේ 'හිටපු' කියන එකට හේතුව මොකක්ද කියලද..? අයියෝ යාළුවනේ.. මං ඒක ඔයාලට කලින් කියලා තියෙනව නේ..
       ඒ පාර අහන්නේ කොහෙදිද මං කිව්වේ කියලද?  නෑ නෑ.ඒක නම් අහන්න එපා...
දැන් ඔයාලා අහයි ඔය සිංදුවට පාදක වුණ ගැහැණු ළමයට මොකද වුණේ කියලා.එයත් ඔය අපූරුවට ඉන්නේ මල් පාරේ...කුමාරයෙක්ගේ අතේ එල්ලිලා.....:D

එහෙනම් නවතින්නම් යාලුවනේ..........

Be the better than best.........!!!!!!!

8 comments:

  1. හී හී.. කමක් නැහැ වෙන් උනත් හොඳින් ඉන්න ඕන දෙන්නා..අපූරුයි පද ටික..ඇත්තටම සින්දුවක් කලානම් මෙලඩි එකක් දාල..නියමම නියමයි.. :)

    ReplyDelete
    Replies
    1. සින්දුවක්.....!!! ම්ම්ම්ම්....බලමුකෝ හිරු.....

      Delete
  2. බොට ඔහොම වෙලා මදි කරල තියෙන වැඩ වල හැටියට... ‍‍

    කෙල්ලෝ ගැන මගේ විශ්වාසය නං 0 ය. හොඳ කෙල්ලෝ ඉන්නවාලුය... මට නං මුණගැසී නැතිය... මුණ ගැසේ කියලාද ෂුවර් එකක් නැත...

    හ්ම්ම්... කවිය නම් අපූරුයි... හිරූ කිව්වා වගේ සින්දුවක් කළා නම් මරු... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හි හි..කෙල්ලෝ නම්......හරිම සංකීර්ණයි..සිංදුවක් කරන්න ඕනි...බලමුකෝ...

      Delete
  3. හොඳ ළමයා:)
    අපි ඔක්කොම මිනිස්සුනේ ..ආශාවන් තියනවා පාලනයයි වැදගත්:)
    හොඳ අදහසක් ඇති කවි පද ටික

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්.....මං දන්නවා මට පුළුවන් කියලා........:D

      Delete
  4. අප්පෝ ..කැත හිත :p

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...