Monday, October 1, 2012

බාඳුරා සිහිනය අවසානයට පෙර....

පෙර කොටස බාඳුරා සිහිනය 31


      රශී නිහඬ වුණා.එයා පිළිගත්තා නොගත්තා වගේ හිටියා.මම ආයෙත් පටන්ගත්තා.
"ඔයා ඔය කියන විදියට නිරාශ් ඔයාව දාලා යන්න මොකක් හරි ඔයාගේ වැ‍රැද්දකුත් ඇති රශී.මොකද මං ඒක කියන්නේ හේතුවක් නිසා.කොච්චර ලොකු සල්ලි කාරයෙක් වුණත් තමන් ආදරේ කරන්නේ බොරුවට නම් මුද්දක් අරන් දෙන්නෙ නෑ.ඔච්චර වටින මුද්දක්.අනික ඔයාව අනිසි විදියට පාවිච්චි කරේ නෑනේ එයා.එහෙම කරා නම් හිතන්න තිබුණා ඒකට හිලව් වෙන්න මුද්ද අරං දුන්නා කියලා.ඒත් එහෙම දෙයක් නොවුණ නිසා අපිට පැහැදිලිවම හිතන්න වෙනවා ඒ වෙන්වීමට ඔයාගෙත් වැ‍රැද්දක් ඇති කියලා.හිතලා බලන්න එයාට වෛර කරන්නේ නැතුව."

"එයා මට අරන් දුන්නේ මුද්දක් එයාගේ මුස්ලිම් ගෑණු ළමයට අරන් දුන්නේ හොඳ 4n එකක්.මම කියන්නද එයාගේ විස්තරේ." රශීගේ හිතේ නිරාශ් ගැන තියෙන වෛරය නැති කරන්න මම try කරා ඒත් ඒක අසාර්ථක උත්සාහයක් කියලා මට තේරුණා.

"මෙන්න මේ දේ මතක තියාගන්න රශී.මම නිතරම ඔයා ගැන හොයනවා.ඔයාගේ පස්සෙන් ඉන්නවා.ඔයාගේ පහනින් තව එක සළඹයෙක් හරි පුච්චන්න හැදුවොත් අන්න එදාට ඔයා තේරුම් ගනියි රනූ කවුද කියලා."

"ඇයි ඔයා මොනාද කරන්නේ?"

"ඒ අදාල කොල්ලට මම දැනගත්ත දේ සාක්ෂි ඇතුව ඔප්පු කරාම ඌ ඒව පිළිගන්නේ නැතිවෙයි කියලා ඔයා හිතනවද? නෑ.මට ඌත් එක්ක එකතු වෙලා ඕනි දෙයක් කරන්න පුළුවන් ඔයාට විරුද්ධව.ඔයා තියන හැම පියවරකටම බාධා වෙන තවත් පියවරක් ඉස්සරහින් තියෙනවා කියන එක මතක තියාගන්න.ඔයා කරන්න හදන හැම වැ‍රැද්දක් ගානෙම මම ඔයාට විරුද්ධව නැගී හිටිනවා."

"එතකොට මට වෙච්ච දේවල් වලට,ඒ අසාධාරනේට මොකද කරන්නේ?"


"ඒකට මට කරන්න දෙයක් නෑ.ඒක ඔයා කරගත්ත දෙයක්.ආත්මාර්ථකාමී වෙලා මටත් පැත්තකට වෙලා ඉන්න පුළුවන්.ඒත් මං කැමති නෑ මං විඳපු දුක් තවත් කොල්ලෙක් විඳින එකට.ඔයා පවක් කරන එක වලක්වන්නත් ඕනි,තවත් කෙනෙක් ඒ පවට අහු වෙන එක වලක්වන්නත් ඕනි.ඔයා ඊලඟට කවදහරි දවසක කාට හරි ආදරය කරයි.අන්න එදාට ඔයාගේ ඔය කථාවේ සම්පූර්ණ ඇත්ත කිසිම දෙයක් හංගන්නේ නැතුව කියන්න එයාට.එයා ඇත්තටම ඔයාට ආදරෙයි නම් කිසිම ප්‍රශ්නයක් නොවී දිගටම ඔයාලට සතුටින් ඉන්න පුළුවන් වෙයි.අන්න ඒ දේ තේරුම් අරන් වැඩ කරන්න කොල්ලෝ අමාරුවේ දාන්නෙ නැතුව.මම මේ දේ ඉස්සෙල්ල ඔයාට හොඳින් කියන්න තීරණය කරා.බුදුහාමුදුරුවෝ දේශනා කරා නේ කෙනෙක්ව හදාගන්න ඉස්සෙල්ලම හොඳින් කියන්න.ඊට පස්සේ....."

"මං දන්නවා රනූ.මට BC වලට A එකක් තියෙනවා." රශී හිනා වෙවී කිව්වා." මං මෙච්චර කල් දැක්කේ තිරිසන්නුයි මනුස්සයොයි විතරයි.ඒත් දැන් මං ඉස්සරහා දෙවියෙක් ඉන්නවා.මං එයාව නැති කරගත්තා රනූ."
     මට ඒ වචන නිකං සෝබන වචන වගේ දැනුණා.මට හිනා ගියා.
"මං දැන් කියන මොන දෙයක්වත් ඔයා විස්වාස කරන්නේ නෑ කියලා මම දන්නවා.ඒත්.......මංදා.ඔයාට මුකුත් කියන්න බෑ මට."

"ඔයාට මං ස්තූති කරන්න ඕනි මට මේ වගේ දෙයක් කරාට.මේකෙන් මගේ ජීවිතේට සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා.මේ තරම් ලස්සනට රඟපාන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන එක,කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න ශිල්ප ක්‍රමය,අඳුනන්නේ නැති කෙනෙක්ගෙන් වුණත් හදවතේ ඇතුලේම තියෙන දෙයක් ඇදලා ගන්න ක්‍රමය, කෙනෙක් එක්ක යාළුකමක් ඇතිකරගන්න එක,ලස්සන plan එකක් ගහන එක,plan වලට ප්‍රති plan ගහන එක, මේ වගේ ගොඩාක් දේවල් මගේ ජීවිතේට ලැබුණා.ඒත් ලක්මාලි දැන් ඔයාට පුළුවන්ද campus එකේදි මාව දැක්කම හිතේ දෙයක් නැතුව විවෘතව මාත් එක්ක හිනා වෙන්න? මට නම් පුළුවන්."

"මටත් පුළුවන්." රශී හිනාවෙවී කිව්වා.ඒත් මේ හිනාව ඇතුලේ හැංගුන හැඟීම් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණා." මට එයාගේ නම්බර් එක දෙන්න රනූ......" රශී බොහොම බැගෑපත් විදියට ඉල්ලුවා,

"ඇයි රශී ඇයි.මට බෑ,"

"මම තාම නිරාශ්ට ආදරෙයි රනූ.මට ආයෙත් එයාව ලං කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා.එහෙම වුණොත් ආයෙත් එයාව යන්නෙ නැති වෙන්න මං ලඟ තියාගන්න විදියත් මං දන්නවා."

"රශී" මං අවධාරනය කරන්න ගත්තා."ඔයා වලකට වැ‍ටුණා.මං ඔයාට ගොඩ ඉඳන් අත දීල ඔයාව ගොඩට ගන්න try කරා.වලේ කට ළඟට ඇවිත් ඔයා මාවත් අරං ආපහු වලටම පැන්නා.මම වලෙන් ගොඩට ඇවිත් කියලා මම දැන් හිතනවා.ඔයා ඒකෙන් එළියට එන්න හදනවා වෙනුවට ආපහු වලේම ජීවිත කාලෙම ඉන්න හදනවා.කොහොමද ඔයා එයාව විස්වාස කරන්නේ ආයෙත්.අළුත් ජීවිතයක් පටන්ගන්න රශී අළුත් ජීවිතයක්.එයාව අමතක කරන්න." රශීගේ මූණ බිමට බර වුණා.

"අඩුම තරමේ ඇයි මෙහෙම කරන්නේ කියලාවත් මට එයාගෙන් අහන්න ඉඩ දෙන්න."

"එපා රශී.ආයෙත් ඔයාව රවට්ටගනියි.ඔයා ආයෙත් එයාට ‍රැවටෙයි.මේ සැරේ ඔයා එයාට ‍රැව‍ටුනොත් ඔයාට ආපහු හැරෙන්න බැරිතරම් දුරක් එයා ඔයාව ගෙනියයි.ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න බලන්න.එයා ගැන නොහිතා."

"එයා තවත් කෙනෙක්ට මේ දේවල් කිව්වොත්..?"

"නරක් වුණ file delete කරලා දාන්න.ඒවා recycle bin එකේ තියෙන එක ඇත්ත.ඒත් කවුරුත් ඒක බලන එකක් නෑ.අපි එහෙම හිතමු.එහෙම බලයි කියල හිතනවා නම් ඒකේ තියෙන දේවල් ගැන ඒ අලුත් කෙනාට කියන්න.එතකොට හරිනේ.පහනක් වෙලා සළඹයෝ ඇදලා අරන් මරලා දානවද මලක් වෙලා සමනළයෙක්ට පැණි දෙනවද කියලා හිතලා බලන්න."

"මං ඇත්තටම ඔයාට ආදරේ කරා රනූ."
       තවදුරටත් මේ කථාව දිගින් දිගටම කරගෙන ගියොත් රශීට ඇ‍ඬෙයි කියලා මට බය හිතුණා.ඒ වගේම දුක මගේ හිතත් ටික ටික ආක්‍රමණය කරන්න පටන් අරන් තිබුණා.
"මම කැළුම්ට ආදරේ කරේ නෑ.එයා එක්ක යාළුවෙන්න හැදුවෙත් නෑ."

"ඔයා දිගින් දිගටම fb ඉන්න.ඔයාට ඕනි වෙලාවක මම යාළුවෙක් විදියට ඉන්නවා."

"මම ආයේ fb එන්නේ නෑ රනූ.මට බෑ ඒකේ ඉන්න.මම මගේ account එක deactivate කරනවා."

    රශී කැළුම් එක්ක chat කරා කියලා කැළුම් මට තිබුණේ අපේ affair එක නැවැත්තුවාට පස්සේ.ඒ chat කළ විදිය බලන්න මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා.කලින් විදියටම account එකට රිංගලා බලන්න මම හිතාගෙන හිටියේ.ඒත් account එක deactivate කරොත් ඒ දේ  කරන්න බෑ කියලා මම දන්නවා.ඒ නිසා මම බය වුණා.

"හරි.එහෙනම් password එක දෙන්න.මම ඒක deactivate කරන්නම්."

"නෑ නෑ.ඕනි නෑ.මම ම කරන්නම්."

"ඔයා account එක deactivate කරන්න එපා ලක්මාලි.එහෙම වුණොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි." මම පොඩි තර්ජනයක් කරා.

"ඇයි මොකද?"

"Just wait and watch"

      එහෙම කියලා මමයි රශීයි සමුගත්තා.
4 වෙනි mission එකත් complete කරා.

                                                              මතු සම්බන්ධයි........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...