Monday, October 15, 2012

බාඳුරා සිහිනයක පසු වදන්.....

      
     බාඳුරා සිහිනය සම්බන්ධව ලැබුණු ඔබගේ අදහස් බෙහෙවින් අගය කොට සලකමි.‍තෝරාගත් අදහස් කිහිපයක් පමණක් මෙහි ඉදිරිපත් කරමි.



~ අකලංක ~

      "දැන් තමයි අමාරුම කාර්ය තියෙන්නේ... මට මේ ගැන හිතෙන ඒවා ලියන එක. අවංකවමයි ලියන්නේ. තරහ වෙන්න එපා හරිද... 


      වෙන වෙනම මේ චරිත දිහා බැලුවම මට දැනෙන දේවල් අනිත් අයට දැනෙන දේවල් වලට වඩා වෙනස් වෙයි. මොකද මේකේ ඉන්න චරිත මම හැබැහින් දැකල කතා බහ කරලා තියන ඒවා. මොකද රනුක් මගෙත් යාලුවෙක්නෙ. එක නිසා මම කියන්නේ මේ කතාවෙන් දැනුන ඒවටත් වඩා ඇත්ත චරිත වලිනුත් මට දැනුන ඒවා.

       රනුක් අහිංසක කොල්ලෙක්. එත් එයා බොළඳයි.
සමාජෙට නොගැලපෙන තරම් බොළඳයි. ඇත්ත රනුක් ඒ තරම් බොළඳ නැතුව ඇති. එත් මේ කතාවෙන් කියවෙන්නේ රනුක්ගේ ජිවිතයේ එක්තරා කොටසක් ගැන විතරයි. මේකෙන්, කියවන කෙනාගේ ඔලුවට යන්නේ රනුක් එහෙම කෙනෙක් කියල. ඒක මම අඩුවක් හැටියට දකිනවා. රනුක්ට තව පොඩ්ඩක් පෞරුෂයක් දෙන්න තිබ්බ කියා මට හිතෙනවා.
ඊළඟ චරිතය රශී, මම එයාගේ වරදක් දකින්නේ නෑ මේ කතාවේදී. මේකේ හැටියට එය සාධාරණයි. මොකද මේ කතාවේ හැටියට එයට කොල්ලෙක්ගෙන් වෙච්ච අසාධාරණය නිසා එයා කොල්ලන්ගෙන් පලි ගන්නවා කියලනේ කියන්නේ. ඒ නිසා, මේකේ රනුක් කියනවනේ එයාට පලිගන්න එක නවත්තන්න කියල. ඒත් රනුක් කොල්ලෝ බේරා ගත්තා මිසක් රශිගේ හිතේ තියන දුකට, රශිට වෙච්ච අසාධාරණයට කතා කලේ නෑ. ඒකට විසඳුමකුත් මට පෙනුනේ නෑ. රනුක්ගේ හිතේ රශී ගැන ආදරයක් තිබිල නෑ. රශිත් එහෙමයි. එක මොන වගේ හැඟීමක් ද දන්නේ නෑ. මට පෙනුන හැටියට එකේ කිසිම අර්ථයක් නෑ. ඔහේ තිබ්බ දැඩි බැඳීමක් විතරයි. එක ඇති උනේ හුදෙක් රශිගේ පෙනුමට කැමති වෙච්ච රනුගේ හිතේ ඇති උන හැඟීම, රනු ආදරයක් විදිහට වරදවා තේරුම් ගත්ත නිසා. එත් ඇත්ත රශීව මම කවදාවත් සාධාරණිකරණය කරන්නේ නෑ.

       ඊළඟට මම කියන්නේ චුටි ගැන, චුටි සාමාන්‍ය කෙල්ලෙක්. එයාගෙයි රනුක්ගෙයි හිතේ වෙනසක් මට පෙන්නේ නෑ. රනුක් රශිට කලා වගේම, චුටිටත් ඕන උනේ රනුක්ගෙන් පලි ගන්න. ඒක නිසයි චුටි එහෙම දෙයක් කලේ. (එක යථාර්තයක් උනා නම්) චුටි කිව්වා වගේම මැරුණත්, මැරෙනවා වගේ පෙන්නුවත් ඒක කිව්වේ කලේ රනුක්ගෙන් පලි ගන්න මිසක් රනුක්ට තිබ්බ ආදරේකට නෙවෙයි. එයා මැරුණත්, එයාට තිබ්බ නිහඬව මැරිලා යන්න.(මම ආත්මාර්ථකාමී කියල හිතන්න එපා. මම කියන්නේ රනුක්ලගේ චුටිලගේ ෆැන්ටසියේ ඉන්නේ ජාතියේ කෙල්ලෙක් කොල්ලෙක්, ආදරේ වෙනුවෙන් කරන කැපකිරීමකට ගැලපෙන්න නම්, චුටිගේ මරණය සිදු විය යුතුව තිබ්බේ එහෙමයි කියන එක) එත් එයා ඒක කාට නොකිව්වත් රනුක්ට කිව්වේ, නිකන්, "මෙන්න මම උඹ නිසා දැන් මම මැරෙනවා. ඉතින් දැන් ඉඳපන් ඉවසගන." කියනවා වගේ. හැබැයි මම චුටි වැරදියි කියන්නේ නෑ. මොකද රනුක් සහ චුටි ඉන්නේ එකම තැන. රනුක් චුටිව මොන හේතු නිසා හරි අත ඇරිය. රනුක් කොහොම ඒවා සාධාරණිකරණය කර ගත්තත් චුටිට එක සාධාරණිකරණය කර ගන්න අමාරුයි. එක නිසා චුටිට රනුක්ගේ පලි ගන්න තියන එකම ක්‍රමේට එය පලි ගන්න හිතුව. රනුක් උනත් කලේ රශී එයාට පිටු පෑවම, රශී ගැන හොයල රශී ගෙන් පලි ගන්න එකයි. රනුක් එක සාධාරණිකරණය කලේ, මේක එයා මුළු කොල්ලෝ සංහතිය වෙනුවෙන්ම කරපු සේවයක් කියල ලෝකෙට පෙන්නලා. එත් එයා රශිට වෙච්ච අසාධාරණයට විඳුමක් ගැන කියල නෑ.
ඒත්, මේකේ අන්තිමට රනුක් ආයේ රශිගෙන් අහනවා ආයේ එකතු වෙමුද කියල. එත් ඒක රනුක් ඇහුවේ හදවතින්ම* නම්, (පසුව තේරුම් කරන්නම්) රනුක්ට ඒක අහන්න තව ටිකක් ඉවසන්න තිබ්බා. රශී ඉන්නේ දෙලොවටම නැති වෙලාවක. ඒ වෙලාවේ රනුක් එහෙම ඇහුවත් රශිට ආයේ රෙද්දක් ඇඳන් රනුක් එක්ක යන්න බෑ. මම හදවතින්ම කියල කිව්වේ මේකයි. මට දැනුන විදිහට රනුක් රශී අයෙත් බාර ගනියි. (රශී කැමති උනා නම්) ඒත් රශිට ඉස්සර වගේ රනුක් එක්ක ඉන්න බෑ කියන එක දෙන්නම දන්නවා. රනුක් රශිව යටත් කර ගන්න හදයි. ඒ දෙන්න අතර සැකයක් තියෙයි හැම වෙලේම. ඒක ප්‍රශ්න ගොඩක එකතුවක් වෙයි.

       කතාව හොඳයි. ඒත් සමහර තැන වල පැටලිලි සහිත බවක් දැනුන. කතාව නොදැන, ඉසිස්සෙල්ලම කියවන කෙනෙක්ට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් තැන් තියනවා වගේ මට දැනෙනවා... මම මීට වඩා නම් මුකුත් කියන්නේ නෑ... 
  
      මම මේ කියන්නේ මට දැනුන දේවල්. තව කියන්න ගොඩාක් දේවල් තියනවා, මේකේ ඉන්න කවිෂ්කට තමයි මම කැමතිම. එක නිසා රන්දුනු, රනුක්ට කියන්න මම කිව්වා කියල කවිෂ්කව මතක් කල කියල...

අන්තිමට, මම රන්දුනුගේ ඊළඟ කතාවට සුබ පතනවා...!!"


                                               **************                                                             



~ 404 page not found ~
       "මං හිතනවා රන්දුනු කියන batchaa වෙනුවෙන් මේ කතාවට 2 වෙනි පසු වදන මං ලිවුවොත් හොඳයි කියලා... ඇත්තටම කවියක එලිවැට ගලපගන්න බැරි, කතාවක් හරියට ලියාගන්න බැරි වුණත් අංශුමාත්‍රයක හෝ සාහිත්‍ය රසාස්වාදය ඇති අයෙක් වශයෙන් මේ කතාවට මං මේ විදියට පසු වදනක් සපයනවා.. මං නම් මේක බොලඳ ආදර කතාවක් විදියට නොදකිමි.හුදෙක් සාමාජීය කාරණයක් ලෙස දකිමි... අනික මේ විදියට ඛේදනීය අත්දැකීම් වලට ලක් වන්නේ පිරිමින් පමණක්ම නොවේ අනන්තවත් අහිංසක කාන්ත පාර්ශවයද මේ වගේ අසාධාරණයන්ට ලක් වෙයි.. ඇත්තටම 20 වන සත වර්ෂයෙන් පසුව ලෝකයේ ඇතිවූ තාක්ෂණික දියුනුවත් සමග නොයෙක් දේවල් අපේ ජීවිතයට ආවා . ඒ වගෙන් mobile 4n එකටයි Facebook වැනි සමාජ ජාලයන් වලටත් මුල් තැනක් ලැබුණා.අපේ ආදරවන්තයන් love letters වලින් ඈත් වුණා... ඒකටම ගැලපෙන SMS සාහිත්‍යක් FB කලාවක් ඇති වුණා... මේ කතාවෙත් ඒ ලක්ෂණය හොඳින් පෙනුණා.. ආදරවන්තයින් නව තක්ෂණික ක්‍රමත් එක්ක ගැටිලා කොහොමද ආදරේ කරන්නේ කියන එක මනාව පෙන්නුම් කලා...

       ඇත්තටම තවත් විශේෂ කාරණයක් ලෙස මං දකින්නේ මේ කතාව ගලාගෙන ගිය ආකාරයට... ඒක සුවිශේෂි වුණ නිසා මං හිතනව මා ද ඇතුලුව ගොඩක් අය මේක කියවන්න ඇති කියලා... අවසානය ගැනත් යමක් කියන්න ඕනා... අතිශය අසාධාරණ අවසානයක් යයි යමෙකුට සිතෙන්න පුලුවන්.ඒත් මං හිතන්නේ virtulity එකට වඩා කතාවේ තිබ්බ reality ගතිය අවසානයෙන් මනාව පෙන්නුම් කරා... හැම ආදර නවකතාවකම, teledrama එකටම, film එකටම පොදු වූ traditional අවසානයක් නොවී මේ කතාවට radical end එකක් දීම කතාවේ සජීවී භාවයට හේතුවක් වුණා... බොඳ මීදුම්, චාතුර්‍යා නොකියවපු මං බාඳුරා සිහිනයේ කොටස් 33න් වැඩි හරියකට වගකිවුවා.. අද කාලේ මෙගා tele drama වගේ කොටස් 300 නොපැන කොටස් 33 කින් ඉවර කරපු එකට thnx මචං... මං හිතන්නේ දැන් ඇති... මේ වගේ ඒවා තව ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා අවසාන වශයෙන් පල කරනවා... දළදා සමිඳු පිහිටයි...!!! "


                                               *************                                                                



~  ආලෝක විශ්වනාත් ~

       "කතාවේ හැම prt 1ක්ම මං read කරා.....bt මේක සිරා කතාවක් කියලා දන්නේ අන්තිමට...

කතාවේ චූටි මැරුනනම් එතන චූටි කරලා තියෙන්නේ වැරදි දෙයක් ඇත්තටම කිව්වොත් චූටි හැඟීම් වලට වහල් වෙලා......

       තවත් දෙයක් රනුක් අන්තිමට රශී ට කියපු දේ ගැන මගේ ඒ තරම් පැහැදීමක් නෑ.. රනුක්ගේ ජීවිතයට රශී ට ආයේ එන්න කියපු එක...එතනදි රශීගෙ තීරණය මාත් අනුමත කරනවා..

       මොකද ඒ දෙන්නා එකතු වුණොත් රනුක් ගෙන් කැලුම්ට වැ‍රැද්දක් වුණාදෝ යන සිතුවිල්ල මගේ හිතට දැනෙනවා.එහෙම හිතෙන්නේ කැලුම් සහ රනුක් අතර ඇතිවී තිබෙණ දෙබස් දිහා බැලුවම...
මොනා වුණත් කතාව අපිට එපා නොවෙන විදියට, කොටසක් අවසනයේ කුතුහලයක් ඇතිවෙන විදියට රචකයා කතාව ඉදිරිපත් කරලා තියෙනවා...ඊට අමතරව කියන්න තියෙන්නේ ඉතින් අනෙක් අය කියලා තියෙන හොඳම තමා ......

තවත් හොඳ කතාවක් ලියන්න wish කරනවා.

අනික Engineering facultiye කොල්ලෙක් මේ වගේ දෙයක් ලියපු එක ගැනත් සතු‍ටු වෙනවා..............

WISH U ALL THE BEST BRO.............!!! "


                                                   **************                                                         



~  හංසනී ~

       "බාඳුරා සිහිනය මුල ඉඳන්ම කුතුහලයෙන් පිරුණු කතාවක්..ඒ කුතුහලය අවසානය දක්වාම අරගෙන යන්න රචකයා සමත් වෙලා තියෙනවා. මගේ සිත් ගත් චරිතය තමයි රනුක්.


       කතාව ආරම්බයේදි නම් රනුක් ගැන මගේ හිතේ ඇතිවුනේ පිලිකුලක්,අපැහැදීමක්.ඒත් කතාව අවසානයට යද්දි ඒක නැති වුණා.ඒ රනුක් ඒ ප්‍රශ්නෙදි ක්‍රියා කරපු සාධාරණ ආකාරයට.රශී ගැන වුණත් මුලදි පිලිකුලක් ඇති වුණත් පසුව ඒ චරිතය සාධාරණීකරනය කරන්න පුලුවන් තත්වෙකට ආවා.සිත්ගත් සිද්දිය තමයි රනුක් රශීගේ රහස් සේරම හොයාගෙන රශී meet වෙන්න ගිය අවස්තාව.ඒ වෙලාවේ රශීගෙ මූනේ ඇති වූ හැඟීම් විස්තර කිරීම මගින් ඒ අවස්තාව ගොඩක් රසවත් වුණා...

        එතකොට weekness 1ක් විදිහට දකින්නේ චූටිගේ චරිතයට වැඩි ඉඩක් ලබා නොදීම.මට හිතුනේ මීට වඩා ඒකට ඉඩක් දුන්නනම් හොඳයි කියලා..කතාවේ style 1ක් ගොඩක්ම හොඳයි, ගොඩක් දැනෙන විදිහට ලියලා තියෙනවා.කතාවේ අවසානයනම් හිතුවට වඩා ගොඩක් දුකයි,මේක cmmn lv storyk උනත් ඒ දේවල් අදාල පාර්ශවයන්ට කොච්චර බලපානවද,ඒව විඳදරා ගන්නේ කොහොමද, ඒ දේවල් නිසා අදාල පාර්ශව සාධාරණව හිතන්න පටන් ගන්න හැටි,හොඳටම විස්තර කරලා තියෙනවා. ජීවිතත් එක්ක ගණුදෙනු කරද්දි කොපමන සැලකිලිමත් වෙන්න ඕනිද කියන පණිවිඩෙත් දීල තියෙනවා. ඒ වගේම තමා සැබෑ ආදරයයි ආකර්ශණයයි අතර තියෙන වෙනස.මේ හැමදේම හොඳින් කියවිලා තියෙනවා.. සමස්තයක් විදිහට ගත්තම හොඳ කතාවක්.... 

මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ලැබේවා කියලා මං ඔයාට wish කරනවා රන්දුනු..
gd luck.."

                                                  ***************                                                         



~ Addzz ~

"කථාව හොඳයි. ගත යුතු දෙවල් ගොඩක් තියනව. මිනිස් සිතුවිලි විවරනයක් වගේ. රනු කියන්නෙ බොලද පෙම්වතෙක්. එත් ඔහු පසුව බුද්ධියට ඉඩ දීම ගැන සතුටු වෙනව. රහස් පරීක්ශක කථාවක ගතියකුත් ආව. එකත් හොදයි. ඉස්සරහටත් මේ වගේ කථා ලියපන්. good luck..."



                                                   **************                                                        



~උදාරි මධුශානි~

"කතාව ගොඩක් ලස්සනයි.හිතට දැනෙන තැන් ගොඩක් තියනව මට නම්.එත් චූටිට උන දේ අසාධාරණයි. රනුක්ව උවමනාවට වඩා සාධාරණීකරනය වෙලා තියනවා. රශී හොඳ කෙනෙක් කරන්න රනුක්ගෙ උත්සාහය අගය කරන පුලුවන්. ඒ වගේ වෙලාවක කරන්න ඕන හොඳම දේ පළිගැනීම කියල නම් හිතන්න අමාරුයි."


                                                   **************                                                            



~සිත් කවිය නුඹ~

"බදුරා සිහිනයක යථාර්තය....


       රන්දුනුගේ බාඳුරා සිහිනය ඇතුලේ මටනම් ජිවිත යථාර්තය ගැන සතර පෙර නිමිතිම දකින්න ලැබුණා.


       හුදෙක් තම ආත්මාර්ථය උදෙසා සටන් වැදුණ චරිත ගොන්නක් මේ කතාව ඇතුලේ යසරංගනයක යෙදුනා. ජය පරාජය කදුළ සුසුම සමව තිබුණට දුක වැඩිපුර ඉලිප්පුනා. සමහරවිට මේ හූදකලා කතුවරයා අසාමාන්‍ය ලෙස වේදනාවෙන් ආශ්වාදය ලබන්නෙක් වුනා. 

මගේ සිත මුලින්ම පැහැරගත්තේ නවෝද්‍යා.
අවසානය දක්වාම ඇය මාව අතරමං කලා. ඇයට වෙන්න යනදේ ගැන මට කුතුහලයක් දැනුණා. ඒත් අවසානයේදි මම මෙහි ආ වඩාත්ම ආත්මාර්ථකාමි චරිතය ඇය බව පසක් කරගත්තා. රනුක්ට ඇය සම්බන්ධයෙන් මසිත නැගු සියළු චෝදනා වලින් මම ඔහු නිදොස්කොට නිදහස්කරා.

      රශිට මා සිතේ නැගුණ අනුකම්පාව අදටත් ඒ වගේම තියෙනවා. ඇය ආදරයට වඩා අනුකම්පාවට බඳුන්වුනා. රනුක්ගේ සියළුම චෝදනාවලට ඇයව වැරදිකාරිය කරන්න මට නම් බෑ. ඒත් මේ වරදේ බරින් වැඩි කොටස ඇය ඇගේ පාපොච්චාරණයේදි තුටින් බාරගැනීමෙන් ඇය අනුකම්පාව ලැබීමට සුදුසු තත්වයට පත්කරා. පරාජිත පෙම්වතෙක් වු රනුක් අතින් ඇයට යම් යම් තැන්වලදි අසාධාරණයක් සිදුවෙනවදෝ මටත් හැගුණා. නමුත් මෙහි කතෘ ඇයට පුළුවන් උපරිම සධාරණය ඉටුකලා කියලා දැන් මට හැගෙනවා.


      කතාව වටා එතුන අනෙකුත් සෙසු චරිත කතාවේ ප්‍රධාන චරිත අභිබවා ඉස්මතුවුන අවස්ථා එමටයි. එය කතාවට කෙතරම් වැදගත් වුනත් බාදුරා සීහිනයේ හරය එතනදි මොහොතකට හෝ ගිලිහුණා. එය කතෘගේ දුර්වල කමක් කියලා අසතුටින් නමුත් මම කියනවා. මගුල් ගෙදරක සෙසු පිරිස කෙතරම් වැදගත් වුවත් මනාල යුවල මිසක් දෙවන මනාල මනාලියෝ මල් කුමාරයෝ කැපි පෙනෙන එක කොයිතරම් උචිතදැයි සිතිමට ඔබටම අරධනා කරනවා.


රනුක් ඔබ උල්පතක්ව ඇරඹී
දියකඩිත්තක්ව ගලාවිත්
විටක මෘදුව, විටක සැඩව මහ ගංගාවක් බවට පත්ව
නිසලව සහ සසලව අවසන මහසයුරතෙක් ගලා ගොස් නිහඩ විය. 
ඔබ උගත් ජිවන යථාර්තය මෙහි පාඨකයාට මහගු අත්දැකිමක් වනු ඇත.
නෙක කලාවන් මා තුල මැවු නුඹ 
දෑන් මසිත තුලද ඔබ නිහඩය. 
අවංකවම මා ඔබ ලැබු මේ නිදහසට ඔබට සුභ පතමී.

     තවත් ෆැන්ටසියක අවසන. අපි සැවෝම පැහැදිලි මනසකින් , නිරූවත් දෑසකින් ප්‍රේමයේ මායාදෑලින් මිදි සැබෑ ලොව වෙත අවදිව බාඳුරා සිහිනයට සමුදෙමු."


~SAMARA



                        *************                                  

හදපිරි අදහස් විවර හදවතින් මා වෙත එවූ ඔබ සැමට මාගේ හදවතේ ප්‍රණාමය....!!



                                              >>>රන්දුනු යසරංග          






7 comments:

  1. අලුත් දෙයක් ලියන්න කාලේ හරි නේද?? :)

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනි හිරු..ඒත් මගේ Blog එකේ සිත් ඇදගන්නා සුළු බව වැඩි කරගන්න ඕනි කියලා හිතුනා ඊට කලින්.ඉතින් ඒක කරන විදිය තනියම හරි ඉගෙන ගන්න ඕනි කියලා හිතුණා මට.මේ දවස් වල මං ඒ පිළිබඳව වැඩ....:)
      තැන්කූ මග පෙන්වන එකට...

      Delete
    2. ඔබ ලස්සන ටෙම්ප්ලේට් එකක් භාවිතා කරන්න.එතකොට ඉබේම බ්ලොගය ලස්සන වේවි..සිත් ඇදගන්නා සුළු වර්ණයක් භාවිතා කරන්න..මොනාහරි තිබුනොත් මගේ බ්ලොගයේ කමෙන්ටුවක් දමන්න.නැත්තම් පේජ් එකේ හරි.පුළුවන් උදව්වක් කරන්නම්.ජය!

      Delete
  2. ඔව්..හිමාවි කිව්ව වගේ දැන් උඹට අලුත් දෙයක් ලියල අපිට දෙන්න කාලෙ හරි..කතාවක්ම ඕන නෑ බං.....ඕන දෙයක්...ජය...!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් පිසා...දැන් නම් කාලෙ හරි තමා..අනිවා ලියනවෝ...

      Delete
  3. මේවගේ දේවල් වෙනවා කියල හිතන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඒත් අවාසනාවට මේක ඇත්ත කථාවක්.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...