Friday, December 28, 2012

18+ නියඟලා ??෴



රතු රෝස කුසුම සිත
හැඟුම් වැල් අවුලනා..
දෙපෙති ලං වෙයි වැසෙයි

සුවඳ රස විහිදනා..

ගජිඳු දළ යුග්ම හද
සසළ කරවන මනා..
නිසල සිත් දැහැන බිඳ
නව ලොවට විවරනා..



සුදු හංස හිස් මුදුන්
අතර මිටියාවතක..
විලෙහි සැරි ඇසුරුසැණ
සිතඟ හැඟි සපුරනා..

නියඟලා පැහැය හැඩ
වශීකෘත වුව මැනා..
දෙඅඩ සඳ පළු ලොවක
විසකුරුව සුව දෙනා..

ලෝහිතය තුඩ රැගෙන
ගිරා පොව්වන් රඟන..
මේ විසල් රඟ තලය
නිරාමිස විස මුසුද...?






20 comments:

  1. බොහොම ලස්සන හිතට වදින කවක් මේක.
    //දෙඅඩ සඳ පළු ලොවක
    විසකුරුව සුව දෙනා..// මේ දෙපද බොහොම තදින් හිතට වැදුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියා...
      මං අදහස් කරපු දේ ග්‍රහණය කරගත්ත එක ගැන සතුටුයි....

      Delete
  2. කෑවොත් නියඟලා - හුටා කෙළවෙයි අග්ගලා

    ReplyDelete
    Replies
    1. කීවට ගැන අග්ගලා- ආව එක ගැන ස්තුතියි කොල්ලා....
      :D

      Delete
  3. කලාවක්
    ඉනාවක්
    රසවිතක්
    .................එත් අවසන
    මුලාවක්

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති කිව්වලු....:P
      බොහොම ස්තුතියි කමෙන්ටුවට.....

      Delete
  4. Replies
    1. ඒකනේ බොලේ....තැන්කූ....

      Delete
  5. ඔහ් අපූරු නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....ස්තූති වේවා.......!!

      Delete
  6. ලස්සනයි කොල්ලො.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ....

      Delete
  7. Gindhara nachan..patta adahassa

    ReplyDelete
  8. ade appee...
    Watahuna watahunaa hodata watahuna..

    Apuru nirmanayak,pada rachanaya niyamai..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පේ....තේරුණා කියලා කියන්න ලැජ්ජයිලු බං සමහරුන්ට...
      ඇයිද මංදා අප්පා.......:D
      තැන්කූ....
      ජය ජය වේවා..!!!

      Delete
  9. එළ කවි පන්තිය රන්දු. මේ බ්ලොග් එකට එන්න පාර කිවුවාට ගොඩක් ස්තූතියි. සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...බෝම ස්තුතියි....!! ආයෙත් එන්න.....ජය වේවා...!!!

      Delete
  10. සිතක් වසගෙට ගන්න පිපි කුසුම් පරදනා,
    විලක් ඇත සොදුරු එහි ගැබුර නොහගෙනා,
    වරක් බැස බලනු සිත් කමල නලියනා,
    එහෙත් ඉවසුවෙමි එරී යයි බිය නිසා.

    ReplyDelete
  11. ("ගජිඳු දළ යුග්ම හද
    සසළ කරවන මනා." විඳිමි රස දළ ugmawala
    පිරි hadin වාසනා.) ජයවේවා ඔබට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...