රතු රෝස කුසුම සිත
හැඟුම් වැල් අවුලනා..
දෙපෙති ලං වෙයි වැසෙයි
සුවඳ රස විහිදනා..
ගජිඳු දළ යුග්ම හද
සසළ කරවන මනා..
නිසල සිත් දැහැන බිඳ
නව ලොවට විවරනා..
සුදු හංස හිස් මුදුන්
අතර මිටියාවතක..
විලෙහි සැරි ඇසුරුසැණ
සිතඟ හැඟි සපුරනා..
නියඟලා පැහැය හැඩ
වශීකෘත වුව මැනා..
දෙඅඩ සඳ පළු ලොවක
විසකුරුව සුව දෙනා..
ලෝහිතය තුඩ රැගෙන
ගිරා පොව්වන් රඟන..
මේ විසල් රඟ තලය
නිරාමිස විස මුසුද...?
බොහොම ලස්සන හිතට වදින කවක් මේක.
ReplyDelete//දෙඅඩ සඳ පළු ලොවක
විසකුරුව සුව දෙනා..// මේ දෙපද බොහොම තදින් හිතට වැදුණා.
බොහොම ස්තූතියි නලීන් අයියා...
Deleteමං අදහස් කරපු දේ ග්රහණය කරගත්ත එක ගැන සතුටුයි....
කෑවොත් නියඟලා - හුටා කෙළවෙයි අග්ගලා
ReplyDeleteකීවට ගැන අග්ගලා- ආව එක ගැන ස්තුතියි කොල්ලා....
Delete:D
කලාවක්
ReplyDeleteඉනාවක්
රසවිතක්
.................එත් අවසන
මුලාවක්
දන්නෝ දනිති කිව්වලු....:P
Deleteබොහොම ස්තුතියි කමෙන්ටුවට.....
මරුනේ බොලේ..
ReplyDeleteඒකනේ බොලේ....තැන්කූ....
Deleteඔහ් අපූරු නිර්මාණයක්.
ReplyDeleteහ්ම් හ්ම්....ස්තූති වේවා.......!!
Deleteලස්සනයි කොල්ලො.....
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ....
DeleteGindhara nachan..patta adahassa
ReplyDeleteThankuu thankuu kollo.....
Deleteade appee...
ReplyDeleteWatahuna watahunaa hodata watahuna..
Apuru nirmanayak,pada rachanaya niyamai..
Jayama wewa !!!
ඒකනේ අප්පේ....තේරුණා කියලා කියන්න ලැජ්ජයිලු බං සමහරුන්ට...
Deleteඇයිද මංදා අප්පා.......:D
තැන්කූ....
ජය ජය වේවා..!!!
එළ කවි පන්තිය රන්දු. මේ බ්ලොග් එකට එන්න පාර කිවුවාට ගොඩක් ස්තූතියි. සුභපැතුම්!!
ReplyDeleteම්ම්ම්...බෝම ස්තුතියි....!! ආයෙත් එන්න.....ජය වේවා...!!!
Deleteසිතක් වසගෙට ගන්න පිපි කුසුම් පරදනා,
ReplyDeleteවිලක් ඇත සොදුරු එහි ගැබුර නොහගෙනා,
වරක් බැස බලනු සිත් කමල නලියනා,
එහෙත් ඉවසුවෙමි එරී යයි බිය නිසා.
("ගජිඳු දළ යුග්ම හද
ReplyDeleteසසළ කරවන මනා." විඳිමි රස දළ ugmawala
පිරි hadin වාසනා.) ජයවේවා ඔබට