Saturday, January 12, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D 2෴


මතක ඇතිනේ කස්ටිය කවි වලිය පටන් අරන් මෙතනට ආව හැටි.. මතක නැතිනම් මෙතනින් බලන්නකෝ..

ඔන්න දෙවෙනි දවසේ හර්ශි කරලියට එනවා...ඒත් මේ එන වෙලේ අපි කවුරුත් අහල පහල හිටියේ නෑ...බලන්නකෝ..මෙයාලා තනියම වැඩ.....


හර්ශි -
පැන පැන දෙන මුවන් ගැන අනේ මං කවි ලියලා
ඔබ සැම එකතු වී මගේ බෙල්ලම කපලා
තරහක් නොමැත මිතුරණි, ඔබේ හැකියා දැකලා
මං කැපෙනවා ඔබලට ජය සෙත පතලා
පෙර පිනකින් අනේ අපි ගැහැණුන් වීලා
කිසිදා නොකියමි ගැහැණුන්ටම දොස පාලා
කාට නමුදු දැන් ඇති නොවැ පෑවා ලීලා
මං නැති අතරේ හොදටම ඇදගෙන නාලා....
සිත්කවි සමග තුන් සොහොයුරන් කවිපද සරසනවා
කියනා දේවලට ඉහමොළ මගේ රත් වෙනවා
කහටක් නැතිව සිතු දේ මං පවසනවා
සත්තයි දිනක උඹලා සැම රජ වෙනවා



සිත් කවිය -
අපි ගැන නොදැන වදේට අවට ඔහේලා
ගැණුන් පහත් යැයි සිතුවේ ඇයි නුඹලා
අපි එක් වුනොත් කෙහෙවලු ටික අත ඇරලා
පිරිමින් ඉදි ගැහැණුන් ලග දණ නමලා


හර්ශි -
පටලවාගෙන කෙහෙ වලු...
ගහාගනිති නම් වෙන සතුටක් නෑලූ...
සද එළියේ යන්නට පාලූ
මෙවැනි කවියක් දැම්මේ යාලු...
නොදැන සැම අපේ ගැහැණු මායම්
කරන්නට අනේ ඒවි සෙල්ලම්
ගැහුවොත් අපට කවිකර පිල්ලම්
දුවන්නට දෙමි කවි ලොවම හොල්ලම්



සිත් කවිය -
කට්ටිය තාම ඇති ගුල් ඇතුලේ රිංගං
ඊයේ කාපු කෑමට තව බඩ ෆුල්නං
ලැගලා තව ටිකක් අඩු කරගෙන ඔය අං
ආයෙත් ආවතින් අරිමුකො යලි පල්ලං


හර්ශි -
සිතුවොත් සිතන්නේ අපි නොසිතපු දේවල් කොල්ලෝ
ලිව්වොත් ලියන්නේ අපි නොකියපු දේවල් කොල්ලෝ
දිනුවොත් දින්නනේ අප දෙදෙනයි පරදා මේ ගොල්ලෝ
කිව්වොත් කියන්නේ බොරුමයි මේ හො‍ටු කොල්ලෝ


(අපි නැති අතරේ සද්දේ දාන ලස්සන..!!!)


සිත් කවිය -
ඊයේ ගඟක නලා හොදටම පෙගිලා
ලොකු ලොකු කෙරුම් වලටත් අවා පැනලා
දෑන්නම් ඉගෙන ගෙන ඇති පාඩුවේ ඉදලා
කට වැරදුනොත් සායම නැති වෙයි කියලා


( ඊයේ/කවි ලිව්ව දවසේ අපි කොල්ලෝ සෙට් එක ගඟකින් නාපු බවත් මුන් දැනගෙන...)


හර්ශි -
ඊයේ නෑ නිසා කට්ටිය ගගකට බැහැලා
ඩිංගක් තිබුණ මොළයත් හොදටම පෙගිලා
කටමැද දෙඩෙව්වන් හට අනුකම්පා කරලා
ඉදිරියටම යමු රස පදවැල් ගොතලා
දැම්මේ කවි ගොතා සද එළියටනේ අනේ
නොදැන කෙනෙකු ආවද? සටනකට බොලේ
කවිකර ගොතා දුන්නා පාරක්ම හයේ
වැදුනාවත්ද? තුන්කට්‍ටුවගේ කනේ....



රන්දුනු -
දවල් දවසක් ඇත..
කොල්ලොන්ට වැඩ ඇත..
කෙල්ලන්ට වැඩ නැත..
දොඩව දොඩවා ඉන්න ලස්සන......
අපි නැති අතර නම්..
දොඩයි පුරසාරම්..
අපි සැවොම එනකන්..
බලන් හිටහන් කටත් බලියන්...





හර්ශි -
කවුරු ආවත් බොල
බිදිය නොහැකිය බල
ඉවසා සිටින කල
බෙදනවදෝ තෙල





රන්දුනු -
බෙදන්නට නම් තෙල..
දෙයක් ඇති වෙද බොල..
ගෑනු සැම වේ අල..
තම්බන්න වත් දන්නෙ නැති අල....



සිත් කවිය -
ඔහොම යන්නකො රත්තරං
මට්ටු වෙනකන් ඔබ අපෙන්
ආයේ අඩන්න බෑ ඉතින්
කන්න දෙනවා හොද හිතින්



හර්ශි -
කෑවත් අනේ රස කර ආහර ජාතී
කීවත් අහෝ ගැට ගසමින් පද පේළී
මිතුරා නැතිව ඔබ ඇත තවමත් වේළී
අලවත් නැතිවේවිදෝ දවසක මගේ ප්‍රේමී



සිත් කවිය -
හදේ හිටපු හාවෙක් පොළවට බැහැලා
සිංහ හමක් පොරවාගෙන ගොරවලා
අලි කොටි වලස්සුන් අතරින් රිංගලා
සද එළියට ඇවිත් පව් හොදටම නාලා



රන්දුනු -
කියනව හොඳට රස කර කර පද ලීලා..
එනමුත් මෙවුන් දන්නේ නැත තව මේවා..
ගසකට වැලක් එතෙනා බව හා වීලා..
කෙල්ලොත් එලෙසමයි තොපි නොදනිද ඒවා..



අකලංක -
අපි නැති ටිකේ උඩු බිරුවත් මේ කෙල්ලෝ...
දන්නේ එයයි එපමනමයි මේ ගොල්ලෝ...
කිව්වොත් තවත් තතු පිලිබඳ මේ කෙල්ලෝ...
කැව්වත් අනේ බත් කන්නේ නැත බල්ලෝ...



හර්ශි -
අපි තව නොදනිතිනේ උඩු බුරනා බව කෙල්ලෝ
දන්නෝ දනිති අප ගැන,නොදනිති මේ ගොල්ලෝ
කැව්වත් බල්ලන්ට නොකවති ඔබලා හට කෙල්ලෝ
කියනා මේ දේවල් වලට හිනහෙති සිව්පා බල්ලෝ.....



අකලංක -
හර්ෂිගේ පෝස්ට් එක...
වෙලා වාගේ අමතක...
ආයේ සැරයක් ඒක...
කියෙව්වොත් නොම වේවි නරක...
හර්ෂියි මුලින් සද්දේ...
දාල වලියක් ඇද්දේ...
දැන් වලිය මැද්දේ...
පිරිමි අපිටයි මෙවුන් විද්දේ...



හර්ශි -
නැහැනොවැ අපේ සද්දේ
ජොලියට වගේ කිවුදේ
සාම ගිවිසුම් මැද්දේ
තමයි ඔහේලා කලේ යුද්දේ,,,,


අකලංක -
කවියක් නිසා අද...
අපි ගහ ගන්නේ මොකටද...
එසේ නම් හිත හොඳ...
කරන් පැරදුම පිළිගනින් අද...



හර්ශි -
කවියක් නිසා අද
ගහගන්නේ ඇයි සද
අහගන්නෙ නැතිව හොද පද
පැරදුම පිළිගත්තොත්නේ සොද...(ලොල්)


අකලංක -
ඇදගෙන නානා...
අපේ සුදු නෝනා...
චික් චික් ගානා...
වාගෙයි හූනා...
බස බස ගගා කවි දැම්මත් මේ කෙල්ලෝ...
කොච්චර දැගලුවත් වාගෙයි ගොළු බෙල්ලෝ...
නෑ කිසි පලක් පැරදී ඇත ඔය ගොල්ලෝ...
කිසි තරගෙකින් පැරදී නෑ මේ කොල්ලෝ...



හර්ශි -
ඇදගෙන නානා
වගේ අනේ පේනා
හු හු ගානා
නරිකම් පානා
හූ හූ කියා කෑ ගැසුවත් මේ නරියෝ
ගමන හෙමින් වැඩ පෙන්වති ගොලුබෙල්ලෝ
නැත කිසි පලක් යැයි සිතුවත් මේ ගොල්ලෝ
යන යන තැනක ජය නියතයි මේ කෙල්ලෝ...


අකලංක -
නුඹ කොහොම උඩ පැන්නත්...
මොනවා නුඹ මෙහි කිව්වත්...
කොච්චර දෙඩෙව්වත්...
පිරිමි ගුණ මේ ගැහැණු නොදනිත්...



සිත් කවිය -
සුන්දරද කෙතරම්
පෙරළෙනා මතක පිටුදෑන්
සිත් අහසේ මනරම්
මතක ඇදී ඔබ සැමට තුති මල්







ඔන්න ඔහොමලු වලිය ඉවර වුණේ.........!!

11 comments:

  1. අන්තිමට අපි දිනලා නේද රන්දු, මගේ අන්තිම කවියට පස්සේ against එකට කවියක් දාල නැනේ කව්රුත්. පව් අනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...කොල්ලෝ දිනුවා.....
      :D

      Delete
  2. හැක් හැක් හැක් ............. තව කොටසක් එයි වගේ

    ReplyDelete
    Replies
    1. හයියෝ....ඉවරයිනේ දිනෙල්ක....මේ වගේ තව කවි වලි නම් ඇති...ඕනි නම් ඒවා දෙන්න හැකිය....

      Delete
  3. මේක පෝඩාවක් කියල තේරෙනවා.වෙන දෙයක් තොර ගත්තනම් හොදා.

    ReplyDelete
    Replies
    1. අනේ 'අයියේ'...මේක ප්‍රෝඩාවක් නෙවෙයි....:D
      ඕනි නම් සඳ එළිය group එකේ සැප්තැම්බර් මාසේ පෝස්ටු ටික බලන්නකෝ......

      Delete
  4. මරු කවි වලිය බං මේවා තමා ඕන කරන්නේ.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අයියේ....
      තව තව හොඳ ඒවා තියෙනවා ඒ පැත්තේ....
      www.facebook.com/groups/sandaeliya/

      Delete
  5. කට ගහන් ආවත්..
    උඩ පැනන් ආවත්..
    කොයි කොහොම ආවත්..
    පිරිමි අවසන දිනනු නියතත්...

    ReplyDelete
    Replies
    1. එදා මේ තරගෙටත්...
      ආව නම් මේ යසිත්..
      කවි පෙළ මීට රසවත්..
      වේවි කියලා මසිත පවසත්...:D

      Delete
  6. දන්නවා නං මමත්
    එනවා නිසැක එදත්
    ආයෙත් මෙලෙස උවොත්
    එමි අම්මපා කවි ගොතනු වස්

    අගෙයි කවි හරබය
    කෙල්ලන්ට උණු දේ අරුමය
    ජය යන වචනය
    කොල්ලන්ට නිති උරුමය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...