Friday, January 11, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D ෴



        අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන.. අපේ කවි සහෘදයන් ගේ Facebook Group එකක් තියෙනවා සඳ එළිය කියලා. අන්න ඒ group එකේ දී බොහොම රසවත් විදියට ගලාගෙන ගිහිපු 'කවි වලියක්' තමයි අද මං මගේ පෝස්ටුව විදියට දාන්න හිතුවේ..





        මේ කවි වලියට සහභාගී වුණා මමත් එක්ක තව සහෝදරවරු දෙන්නෙක් සහ සහෝදරියෝ දෙන්නෙක්...ගැහැණු සහ පිරිමි වලියක් තමා මෙතන තියෙන්නේ..හර්ශි තවත් කෙනෙක් සමඟ තරහින් දාන post එකක් තමයි මේ ලොකු වලියක් දක්වා දිග්ගැස්සෙන්නේ. ඇත්තටම මේක රසවත් වලියක්...
වැඩි කතා නැතුව අපි බලමුකෝ මොකක්ද මේ වලිය කියලා.....




හර්ශි -
පැන පැන දෙන මුවන්
දැක මගේ දෙනුවන්
කරයි සිත අඩවන්
අනේ මෙහෙමත් ගැහැණුන් 



රන්දුනු -
කියනා පඬි වදන්..
දැක මගේ දෙනුවන්..
ඇවිලෙන හැටි මෙවුන්..
අනේ මෙහෙමත් ගැහැණුන්..



අකලංක -
පටලගන කෙහෙ වලු...
ගැහැණු එකලත් නැහුනලු...
වහින කල මෙවන් ඉඟි නළු...
වේවි මුළු "සඳ එළිය" සිත් කළු...



සිත් කවිය -
මරා ගෙන එක එකි
කරයි නම් මහ වලි
මුන්ට නම් හරි ජොලි
අනේ මෙහෙමත් පිරිමි


අකලංක -
කවි අපි ලිව්ව මෙහි දැමුවා කොතෙකුත්ද...
කොල්ලෙක් තවත් කොල්ලෙක් හට බැන ඇත්ද...
මේකත් අනේ දුං කොළ නැට්ටක් නොවෙද...
පිරිමින් මෙහෙව් වලි දානවා දැක ඇත්ද...


සිත් කවිය -
කෙල්ලන්ගෙ කවි වලට 
හොට දමන කොල්ලන්ට
තමුන්ගේ පාඩුවෙම
නරකද ඉගෙනුවොත් ඉන්නට


අකලංක -
වරද දකිනා කලට...
පෙන්නුම ගුණය කොට...
හිතු නිසා අනේ මට...
වීය එක එක පද අහන්නට...
ගෑනු ගති මොනවට...
පෙන්නන මෙහෙම කවි කොට...
පිරිමි අපි ලියනකොට...
ඔන්න ඔට්ටුයි කටු ඇනෙනවට...


සිත් කවිය -
වරද පෙන්නු හැටි
හරි මැනවි සිතු හැටි
අවුලන්න තව ගිනි
පිදුරු දාලා මුන් නටන හැටි
ගෑණු ගති නැති ලොව
පිරිමි පඹයින්ය ඇවිදින
ඇති කොට නොමැති අග
නැතිකොට බලමු කටු ගැන


රන්දුනු -
අනේ බලපංකො බං..
කෙල්ලන්ගේ විගඩං..
කටේ නරි වාදං..
බේරි බේරී වැටෙන අන්දම්..



සිත් කවිය -
තිබුණේ මෙතන අඩුවට
තව නරියෙකුගේ හු හඩ
දැන් ඉතින් ආවද
අනේ ඉන්නකො වැඩක් කරගෙන


රන්දුනු -
කෙල්ලන්ට මේ ලොව..
ඉන්නෙ එක කෙල්ලද..
අනුන්ගේ කුනුගොඩ..
කරේ ගහගෙන දඟලනා හැඩ...


අකලංක -
විද්ද පද සැර වැඩිද දුන්නෙන්...
ඇද්ද අහගත් ඩිංග අපගෙන්...
සද්ද දැම්මට ඔහේ තනියෙන්...
නැද්ද වෙන "සඳ එළියේ" කෙල්ලන්...


සිත් කවිය -
රටක් හදන්න ලස්සන
ඉදලා හරියයිද වාරාවට
හර්ෂි නාවත් සටනට
එයා වෙනුවෙන් එනවා පෙරටම



මන්තිල -
අනේ මෙහෙමත් කෙල්ලන්
හිස් වචන දොඩන අන්දන්
නැද්ද ගිනි පන්දන්
ගොස් උයාලා රෑට වලදන්..



සිත් කවිය -
විද්දේ පදුරට කියනවා
වැදුනේ හාවට රිදෙනවා
රොටිය ලිප උඩ දෑවෙනවා
නැතිනම්, අපිත් විදින්න දන්නවා


( මේ සංවාදේ යනකොට වෙලාව රෑ හතට විතර ඇති. සිත් කවිය උයනවා වගේ...:D)



අකලංක -
හිතේ තිබ්බට වදන් රොත්තක්...
මොළේ නැත හැඳි මිටේ දිගටත්...
වදේ නොම වී අනේ දැන් වත්...
වහන් යන්නකෝ නොවී තව පල්...



සිත් කවිය -
මෙන්න ඇවිදින් අත්තා
ගිහින් උයන්නලු අප්පා
අනේ මෙහෙමත් ලැජ්ජා
නැති අයෙක් තව ඇතිද මන්දා
බය වෙලා දෑන් ඔහෙලා
එලවන්න මට එනවා
මගෙන් හොදටම කනවා
පව් කියලා හැර යනවා




මන්තිල -
උයන්නට පිහන්නට
දනිත් කෙල්ලන් හොඳට
නොදන්න එවුන්ට
එක වැඩේ ඇති කවි ලියන්නට..



සිත් කවිය -
උයලා දෙන්නට මට
මිනිහෙක් හිටියොතින් හෙට
කන්නට පිටින් උට
තියන් නෑ දත් ඇන්ද ඒ කට



රන්දුනු -
අනේ මේ කෙල්ලෝ..
දොඩවන්න එනවෝ..
ඒත් වැඩ නැතියෝ..
කියල හිතෙනව මටත් අයියෝ..


අකලංක -
දකින කල මුල් කවිය මෙහි...
හර්ෂි සිත් කවියට කපයි දෙහි...
පටලගන කෙහෙවලු එහි...
වෙන්නේ නුඹටත් ඉන්න නැහි නැහි...



මන්තිල -
එපා ගන්නට තරහා
යයි වයස නුඹට හංගා
නොකරන්කො නින්දා
ගන්න මිනිහට අනේ මන්දා
ඔබ නම් බිලින්ඳා
නොහැක කඩනට මගෙ දත් ඇන්දා
දතේ එනැමලය හන්දා
ඇන්දෙ සත්තිය වැඩිද මන්දා..





සිත් කවිය -

මා ගන්නා මිනිහා
නුඹේ කවුරුද මන්දා
ඔය හැටිම දුක හින්දා
හෙටම බදිමුද අපි දෙන්නා

හිනා වෙන්නත් නුඹලට
උගන්නන්නට වෙලා මට
අනේ බං විගහට
නිදාගන්නකෝ නැගිටින්න හෙට
මේ වැනි සොදුරු සැමරැම
තිබිනිද සද එළියේ පෙර දින
පැන පැන දිලා මම
ගොඩ නගන්නේ තොපේ හොද හිත


රන්දුනු -
කියලා නුඹේ ඒ හොඳ..
හරවයි මේක වෙන අත..
පැන පැන දුන්නු ඒ පව..
ගෙවන්නට තව තවත් කල් ඇත..



අකලංක -
පැරදුම පිළිගන්න...
හිතිලා සිත් කවියට ඔන්න...
ඒකයි දැන් මෙන්න...
වෙන මගුල් කියවනවා අන්න...



සිත් කවිය -
යකෝ තොපි ටික
දෙන්න නෑ මට රැට කන්නට
අනේ ඔය බණ පද
ගිහින් දෙසනවා හොදයි වෙන තැන



අකලංක -
බනින පිරිමින් හට...
හිතුනද නුඹට බඳින්නට...
දැන් නුඹට යන්නට...
කර කාර බෑ පිරිමි දෙන්නට...



සිත් කවිය -
නුඹට එවරස්ට් කන්ද ඇතිවග
නොදැන ඉන්නට මම බබා වේද
කාර බදිනට මම අද
කතා කෙරුවෙ නුඹට නොව සද

කෙනෙක් ඔතනම ඉදගෙන
හොරෙන් අඩනවා දැන දැන
තවත් මට නුඹ ගැන
දෝස් කියන්නට හිතෙන් නෑ සද
කො දැන් මේ මන්තිල
පෙන්න නෑනේ මා හට
කඩන් නෑ මම දත්ටික
එන්න ඇවිදින් අඩන්නකො තව




මන්තිල -
අන්න පිටවුනි හොඳම අදහස
දමමි මුවඟට කහවනු රනින් දිස
ගසක් අවැසිය වැඩුනු උස
නමුඳු නොබඳිමි කඹේකින් මිස..



සිත් කවිය -
ලියන්නට තව පද
එත් බඩගිනි දෑන් මට
යන්නට දෙන්න අවසර
ඕනනම් ගහ ගනිමු යළි හෙට



රන්දුනු -
දැන් ඉතින් එහෙනම්..
අදට ඇති කවි කම්..
නොමැති නම් බයකම්..
එන්න යලි යලි හෙටත් එහෙනම්..



අකලංක -
තනියෙන් සටන බැරි නං...
තවත් කෙල්ලෙක් එක්කං...
එන්න හෙට එහෙනං...
පස්සේ හම්බෙමු ගිහින් එන්නං...



සිත් කවිය -
දාහක් තරු අහසේ
පායයි රෑට රහසේ
සද නැග ආ පස්සේ
තවත් තරැ කැට මොටද ඒ අස්සේ
හර්ෂි නම් ඇවිත් හෙට
බැන්නොතින් මම නැත
ඒයා නැති අතරෙම
මාරුවෙන්න කෝ දෑන් ඉතින් අද 

මේ වලිය එක දවසෙන් ඉවර වුණේ නෑ....කවිය දැම්මේ හර්ශී වුණාට එයා කවිය දාලා කොහේටද මාරු වෙලා...game එක තනියම ගෙනිච්චේ සිත් කවිය. පෝස්ට් එක දිග වැඩි වෙයි වගේ තවත් කොටසකින් හම්බවෙමු කෝ.......

15 comments:

  1. අතීතය සිහිනයක් පමණයි...
    සදා සුවයක් නෑ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අකලංක....

      Delete
    2. එදා සෙනෙහෙන් නොබැදුණානම්
      මේදා මේ කවි නෑ :P

      මතකය පරණ වෙන්න වෙන්න
      සොදුරැ වෙනවා වෙනවාමයි අකලංක

      Delete
    3. රළ පිට රළ නැගී වෙරළට එන විලස...
      හිත පෙළ පෙළා එන සිතුවිලි තුල මනස...
      හිත රැඳී අඳුරු නටඹුන් යට ගිය දවස...
      බලමින් අපිම රිදවා ගන්නේ කෙලෙස...

      Delete

  2. හරිම සුන්දර කවි පෙළක්
    මුවගට නැගුනි සිනාහවක්
    කෑවා කරවෙච්ච රොටියක්
    ගෙවුන සුමිහිරි මතකයක්

    අද වගේ මතකයි මටත්
    හොද උත්සහයක් රන්දු
    කොටසක් කාරයෙක් විම මටත් මාරම සතුටුයි
    හර්ෂිගේ කවි ටිකත් ඊළග කොටසින් දාන්න

    හර්ෂි, මන්තිල, අකලංක, රන්දු
    හැමදාම ඔයාලගේ මතකය සුන්දර වේවි


    ReplyDelete
    Replies
    1. මුලදි අනුන්ගේ බර ඇද්දා නේද සිත් කවි....:D

      Delete
    2. ඕවානම් මොනාද අනේ
      අනුන්ගේ බර අදින එකත් මාර fun වැඩේ
      නිවාඩු වෙලාවක ඇදලා බලන්නකෝ

      :P :D

      Delete
  3. අනේ මගෙ අම්මෝ..
    මෙහෙමත් රණ්ඩු දුටුවෝ..
    මුන්ට වැඩ නැද්දෝ..
    මටත් වැඩ නැති හින්ද ආවෝ.. :P

    ReplyDelete
    Replies
    1. වැඩ නම් අපිත් කෙරුවෝ..
      ඒත් fun ගත්තෝ...
      කමෙන්ටුව දුටුවෝ...
      ආයෙ මේ දෙස එන්න කිව්වෝ....:D

      Delete
  4. හරිම අපුර්වයි මේ සංවාදය

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...මෙහෙම තමයි අපි....:D

      Delete
  5. අනේ..වලියක තියෙන රහ නේද බං.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...