මොණරාගල යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලම දිස්ත්‍රික්කයයි. වියළි කලාපයට අයත් වන මෙම දිස්ත්‍රික්කය දුෂ්කර යනුවෙන් හැඳින්විය හැකි පහසුකම් අඩු දිස්ත්‍රික්කයකි. 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ වෙල්ලස්ස කැරැල්ල මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඊටත් වඩා පැරණි ඉතිහාසයක් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවතෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එමෙන්ම සංචාරය කිරීමට සුදුසු බොහෝ සුන්දර ස්ථාන මොණරාගල දිස්ත්‍රික්කයේ ඇත.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍රය වන මරගල කඳුවැටිය එවන් වූ සුන්දර ස්ථානයක් මෙන්ම ඓතිහාසික ස්ථානයකි. එම සුන්දරත්වය සහ ඉතිහාසයේ අක්මුල් සොයා යෑමේ මුල් පියවර තැබීමට තීරණය කර, මුහුණුපොතේ සිටින මොණරාගල මිතුරන් එකතු කරගනිමින් ඊයේ(01/16) අපි මරගල කඳුවැටියේ එක් කඳුමුදුනක් වන මොණර-ගල කඳු මුදුන තරණය කළෙමු.
ගමන් ආරම්භය : වැලියාය මයුරගිරි විදුහල අසලින්. ( වැලියාය, මොණරාගල )
මාර්ගය : මොණරාගල සිට - සිරිගල මහ රෝහල පසු වූ පසු වම් පස තිබෙන පාසල
සියඹළාණ්ඩුව සිට - වැලියාය පිරිවෙන පසු වූ පසු දකුණු පස තිබෙන පාසල
|
මොණරාගල සියඹළාණ්ඩුව මහා මාර්ගයට මොණර-ගල පෙනෙන අයුරු |
මොණර-ගල කඳු පාමුල පිහිටි මයුරගිරි රජමහා විහාරය පොළොන්නරු යුගය දක්වා දිවෙන අතීතයක් ඇති විහාරස්ථානයකි. මහා පරාක්‍රමබාහු රජතුමාට බියෙන් පලා විත් සැඟවී සිටි සුගලා දේවිය විසින් කරවූ විහාරයක් ලෙස මෙය සැලකේ.
|
රාජධානි සැලැස්ම |
|
ලෙන් විහාරය |
|
සැතපෙන ප්‍රතිමා වහන්සේ |
|
දේව ප්‍රතිමා |
|
ඊජිප්තු චිත්‍ර සිහිවෙන ලෙන් සිතුවම් |
|
විනාශ වෙමින් යන ලෙන් සිතුවම් |
|
ලෙන් වහල මත සිතුවම් |
|
අමරගිරි විහාරය සහ ඉහල බලා දිවෙන පඩිපෙළ |
|
අමරගිරි විහාරය අසල ඇති ටැම් ලිපිය |
|
බැලුම් ගල බලා දිවෙන පඩිපෙළ |
|
අතරමඟ දී බැලුම් ගල පෙනෙන අයුරු |
|
බැලුම් ගල මුදුන |
බැලුම් ගල මුදුනට යන විට එය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී තිබුණි. අවට කිසිදු දර්ශනයක් පැහැදිලිව දැකබලා ගත නොහැකි විය.
|
පොටෝජෙනික් වෙමින්... |
තවත් ස්වල්ප වේලාවකින් වර්ෂාව අප හිස් මතට ඇද හැලුණි.
|
තෙතබරිත සුන්දරත්වය |
|
සිහිවටනයක් ලෙස අප සිටවූ කොඩිය |
|
ගමන් සගයෝ |
|
පල්ලම් බසිමින්... |
අප උපන් වියළි කලාපයේ මෙවන් සුන්දර ස්ථානයක් තිබේ යැයි ගමන් යෑමට පෙර අප වත් සිතුවේ නැත. එය අප පුදුමයට පත් කළ අත්දැකීමක් විය..
තද මීදුම නිසාවෙන් අපේ කැමරා කාච වල සටහන් නොවූ දසුන් කිහිපයක්.
|
බුද්දම සහ බිබිල ප්‍රදේශය |
|
ඈතින් පෙනෙන වඩිනාගල කන්ද |
|
බැලුම් ගල මුදුනට පෙනෙන නමුණුකුළ |
|
බැලුම් ගල මුදුනට පෙනෙන පූනාගල |
|
කුඹුරු යාය |
|
ඇත්ගල, උක්කුපොත කඳු මුදුන් අන්තර්ගත වූ මරගල කඳු වැටියේ අනිත් කොටස |
මේ බුකියේ ඇති ඡායාරූප එකතුව
ප.ලි :
මේ කන්ද නඟින්න කවුරුහරි හිතනවා නම් මේ වචන ටික හොඳට මතක තියාගෙන යන්න. මේ මොණරාගල ජල මූලාශ්‍රයක්. ඒ කිව්වේ මොණරාගල ප්‍රදේශය ජලයෙන් ස්වයංපෝශිත කරන්න මේ කන්දෙනුත් දායකත්වයක් ලැබෙනවා. ඉතින් මේ පරිසරය අපි ආරක්ෂා කළ යුතුයි...
* පා සටහන් පමණක් තබා ගෙනියන සියල්ල නැවත රැගෙන එන්න.
* ඡායාරූප හැර වෙනත් කිසිවක් මෙයින් පිටතට රැගෙන නොයන්න.
අපිට ඉතින් මේව බ්ලොග් එකකින්වත් බලාගෙන සැනසෙන්න තමා වෙලා තියෙන්නෙ, තව කාලයක් යනකන් ට්‍රිපක්වත් යන්න වෙන්නැති එකක් තියෙන්නෙ.. :D
ReplyDeleteමේ ලිපිය අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි මචන් :)
ඒ මොකෝ බං ඒ....නිවාඩු කාලෙක වරෙන් මේ පැත්තේ... අපි යමු.
Deleteවියලි කලාපයේ මේ වගේ තැනක් ගැන ඇහුවෙත් අද! අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ!
ReplyDeleteමේ එක තැනක් විතරයි බං. නිවාඩු ලැබෙන ලැබෙන විදියට අනිත් තැනුත් බලන්න යන්න ඕනි...
Deleteලස්සන පැත්තක් වගේම වටිනා දේවල් ගොඩක් තියන තැනක් වාගේ. අපරාදේ අර චිත්‍ර විනාශ වෙලා යන එක නම්..
ReplyDelete//රාජධානි සැලැස්ම// මේ පින්තරේ එක වරම දකිද්දී මං හිතුවේ සර්කිට් බෝඩ් එකක් කියල :)
මේ කිට්ටුව පරණ දළදා මාලිගාවක නටබුන් එහෙම තියෙනවා. ඒත් ඒක බලන්න යන්න වුණේ නෑ වැස්ස නිසා. ඒ චිත්‍ර හරිම අපරාදේ තමයි....ඒ චිත්‍ර වල ඊජිප්තු ගතියක් තියෙනවා. මොකද මන්දා...
Deleteසර්කිට් බෝඩ් කතාව මටත් දැන් මීටර් වුණේ. ඇත්ත තමයි...:v
වියලි කලාපෙ උනාට මේ පරිසරය නිකම් හන්තාන වගෙයිනෙ. මාර ලස්සනයි.....
ReplyDeleteමාත් උඩට ගිහින් වැඩියෙන්ම කියෙව්වේ හන්තාන ගැන තමයි. අපිටත් හරිම පුදුමයි මේ පරිසරේ ගැන.....
Deleteමෙවැනි ප්‍රදේශ ආශ්‍රිතව ත්‍රාසජනක ක්‍රියා සහිත සංචාරක ගමන් වඩාත් සංවිධානාත්මකව කල හැකියි. එහෙත් එයින් සිදුවන පරිසර හානිය බරපතලයි. එමෙන්ම දීර්ඝ කාලීනව සංස්කෘතික බලපෑම් පවා එල්ලවන්න පුළුවන්. මෙවැනි කුඩා කණ්ඩායම් චාරිකා තමයි වඩාත් යෝග්‍ය.
ReplyDeleteදැනට ටික කාලෙකට කලින් කඳු නඟින්නෝ දෙන්නෙක් මේ ගලෙන් පහලට බැහැලා තියෙනවලු.
Deleteඔය කිව්ව අදහස මටත් ආවා. හොඳ සංචාරක ගමන් සංවිධානය කරන්න පුළුවන්. අරුගම්බේ බීච් එකත් ළඟ නිසා. ඒත් ඒකෙන් වෙන පාරිසරික හානිය වැඩියි.......
මේ එක නෙවෙයි බන් අර බැලුම්ගල පඩි පෙලේ නැග්ගේ කොමද බන්? වැටුනොත් කටුත් නෑ නේ බන්
ReplyDeleteමොනාවුනත් එල ගමන ගැන විස්තර බෙදා ගත්තට ආයේ ගියොත් මාවත් දැනුවත් කරපන් ඈ ඉඩ තිබුනොත් එන්නම්
අනිත් කාරණේ තමයි ඒ පඩි පෙළ පහල ඉඳන්ම නෑ බං. ඒ පඩි පෙළ ළඟට වෙනකං බඩගාගෙන තමයි යන්නේ. ඊට පස්සේ පඩි පෙළ හම්බ වුණාට පස්සේ බොහොම පරිස්සමින් නඟින්න ඕනි. වැටුණොත් සුං. :D
Deleteඅනිත් කඳු වල යනකොට උඹට කියන්නම් ඈ....
ගිහින් නෑ.. යන්න වෙයිද කියන එක ගැනත් විශ්වාසයක් නෑ.. ඒ හන්දා මේවා බලලා සතුටු වෙන්නම්..
ReplyDeleteම්ම්...ලංකාවට ආපු වෙලාවක හැම තැනම රවුමක් දාන්න අයියේ....:D
Deleteඅතිශය පැහැදිලි චාරිකා සටහන්ක් හා ඡායාරූප ගොන්නක්.. බොක්කෙන්ම ස්තුතියි..
ReplyDeleteබෝම ස්තුතියි දේශකයා කමෙන්ටුවට......^_^
Deleteමොණරාගල කියන්නෙ එදා ඉදලම වීරයො බිහිවුණු තෝතැන්නක්...
ReplyDeleteහ්ම් ඔව් ඔව්. අපිත් ඒම වෙන්න තමයි බැලුවේ....
Deleteමේ විදියට විනාශ උනේ නැති ස්ථාන තවම ගොඩක් අපි අතරේ තියනවා අහම්බෙන් වගේ ඉතුරු වෙලා
ReplyDeleteඔව්. තවත් බොහෝ ස්ථාන මේ ප්‍රදේශයේ තියෙනවා. මිනිස් ඇසට වැඩිය හමු වුණේ නැති තැන්....
Deleteපට්ටම ප්ලේස් එකක්නේ මේ..... මේක නම් යන්න හිතෙනවා දවසක..
ReplyDeleteයමු යමු අයියේ....මේ පැත්තේ ආවොත් කියන්නකෝ...
Deleteඇත්තටම ලස්සනයි රන්දූ... කියල වැඩක් නෑ... යන්න ආසයි... අපේ එවුන් එකතු කරනව කියන්නෙ ලාහට ගෙම්බො එකතු කරනව වගේ....
ReplyDeleteඔව් බං. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මට එපා වුණා. ඒත් කොහොමහරි අපි ගමන ගියා සාර්ථකව...
Deleteනියම ලස්සන පළාතක් වගෙයි. විස්තෙරත් නියෙමට ලියල තියෙනව.
ReplyDeleteමේ පළාත ගැන නම් මෙහෙම නිගමනයකට එන්න අමාරුයි. වියළි කලාපය නේ. නිහතමානීව ඒක මම පිළිගන්නවා.
Deleteඒත් මේ පළාතේ මේ වගේ ලස්සන තැන නම් තියෙනවා. ඒක නම් ආඩම්බරෙන් කියනවා.....
හරිම සුන්දර තැනක්... පින්තූර ටිකත් ලස්සනයි. බලන්න යන්න හිතෙනවා..
ReplyDeleteඔව්. මේක හරි ලස්සන තැනක්. අපිත් ඒක දැනගත්තේ ගියාට පස්සේ....
DeleteEla wadak kollo
ReplyDeletehm hmm.....Thanx..
Deleteබොහොම සුන්දර චාරිකා සටහනක් මලයො...මමත් ඔය මොණරාගලින් වාර දෙක තුනකට වඩා ගිහිල්ලා නෑ....ඊලග වතාවෙ ඔය පැත්තෙ ඇවිදලම බලන්න ආශාවක් ආවා...මේ ඡායාරූප පෙල දැක්කම...
ReplyDeleteම්ම්....ආවොත් අනිවා කියන්න අයියේ....ගයිඩ් කරන්නම්. හිටියේ නැති වුණොත් කවුරු හරි හොයලා හරි දෙන්නම්....
Deleteතවත් බල්ලන්න යන්න ලස්සන තැනක තමයි වෙහෙරගල. ඒක මොනර ගල තරම්ම ලොකු නැහැ. ඒත් නැග්ගට පස්සේ පෙනෙන දර්ශනය හරිම සුන්දරයි. මම පොඩිකාලේ ගියාට පස්සේ ගිහින් නැහැ. ඒත් ඒ මතකයන් තාම තියෙනවා. මොනරාගල ඉඳං වැදිකුඹුර හරහා වෙහෙරගලට යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ එස් වංගුව, අලියවත්තේ කන්ද එහෙම දැන් සංවර්ධනය වෙලාත් ඇති.
ReplyDeleteමමත් එස් වංගුව හරහා නම් ගිහින් තියෙනවා. ඒත් ඔය කියන කන්ද ට නම් මම ගිහින් නැහැ. ඒ පාර මේ ළඟදී හැදුවා. දැන් නම් එස් වංගුව නමට විතරක් එතන ඇති. වෙලාවක යන්න ඕනි ඒක බලන්න.....
Deleteකොමෙන්ට් එකට මොකද වුනේ?
ReplyDeleteකමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ සහෝ. එකෙක් ඉන්නවා හරිම අමාරු කාරයෙක්. ඒකයි.....
Delete