Thursday, January 16, 2014

වෙල්ලස්සේ සොඳුරු තැන් සොයා - මරගල කන්ද ගවේෂණය ෴



          මොණරාගල යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලම දිස්ත්‍රික්කයයි. වියළි කලාපයට අයත් වන මෙම දිස්ත්‍රික්කය දුෂ්කර යනුවෙන් හැඳින්විය හැකි පහසුකම් අඩු දිස්ත්‍රික්කයකි. 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ වෙල්ලස්ස කැරැල්ල මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඊටත් වඩා පැරණි ඉතිහාසයක් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවතෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එමෙන්ම සංචාරය කිරීමට සුදුසු බොහෝ සුන්දර ස්ථාන මොණරාගල දිස්ත්‍රික්කයේ ඇත. 



          මොණරාගල දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍රය වන මරගල කඳුවැටිය එවන් වූ සුන්දර ස්ථානයක් මෙන්ම ඓතිහාසික ස්ථානයකි. එම සුන්දරත්වය සහ ඉතිහාසයේ අක්මුල් සොයා යෑමේ මුල් පියවර තැබීමට තීරණය කර, මුහුණුපොතේ සිටින මොණරාගල මිතුරන් එකතු කරගනිමින් ඊයේ(01/16) අපි මරගල කඳුවැටියේ එක් කඳුමුදුනක් වන මොණර-ගල කඳු මුදුන තරණය කළෙමු.

ගමන් ආරම්භය  : වැලියාය මයුරගිරි විදුහල අසලින්. ( වැලියාය, මොණරාගල )
මාර්ගය              : මොණරාගල සිට - සිරිගල මහ රෝහල පසු වූ පසු වම් පස තිබෙන පාසල
                           සියඹළාණ්ඩුව සිට - වැලියාය පිරිවෙන පසු වූ පසු දකුණු පස තිබෙන පාසල

සිතියම
http://trips.lakdasun.org



මොණරාගල සියඹළාණ්ඩුව මහා මාර්ගයට මොණර-ගල පෙනෙන අයුරු

         මොණර-ගල කඳු පාමුල පිහිටි මයුරගිරි රජමහා විහාරය පොළොන්නරු යුගය දක්වා දිවෙන අතීතයක් ඇති විහාරස්ථානයකි. මහා පරාක්‍රමබාහු රජතුමාට බියෙන් පලා විත් සැඟවී සිටි සුගලා දේවිය විසින් කරවූ විහාරයක් ලෙස මෙය සැලකේ.
රාජධානි සැලැස්ම



ලෙන් විහාරය



සැතපෙන ප්‍රතිමා වහන්සේ

දේව ප්‍රතිමා
ඊජිප්තු චිත්‍ර සිහිවෙන ලෙන් සිතුවම්
විනාශ වෙමින් යන ලෙන් සිතුවම්
ලෙන් වහල මත සිතුවම්
අමරගිරි විහාරය සහ ඉහල බලා දිවෙන පඩිපෙළ
අමරගිරි විහාරය අසල ඇති ටැම් ලිපිය
බැලුම් ගල බලා දිවෙන පඩිපෙළ
අතරමඟ දී බැලුම් ගල පෙනෙන අයුරු
බැලුම් ගල මුදුන




         බැලුම් ගල මුදුනට යන විට එය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී තිබුණි. අවට කිසිදු දර්ශනයක් පැහැදිලිව දැකබලා ගත නොහැකි විය. 

පොටෝජෙනික් වෙමින්...

තවත් ස්වල්ප වේලාවකින් වර්ෂාව අප හිස් මතට ඇද හැලුණි.

තෙතබරිත සුන්දරත්වය




සිහිවටනයක් ලෙස අප සිටවූ කොඩිය



ගමන් සගයෝ


පල්ලම් බසිමින්...



          අප උපන් වියළි කලාපයේ මෙවන් සුන්දර ස්ථානයක් තිබේ යැයි ගමන් යෑමට පෙර අප වත් සිතුවේ නැත. එය අප පුදුමයට පත් කළ අත්දැකීමක් විය..

තද මීදුම නිසාවෙන් අපේ කැමරා කාච වල සටහන් නොවූ දසුන් කිහිපයක්.
ඡායාරූප - http://trips.lakdasun.org 
බුද්දම සහ බිබිල ප්‍රදේශය
ඈතින් පෙනෙන වඩිනාගල කන්ද

බැලුම් ගල මුදුනට පෙනෙන නමුණුකුළ
බැලුම් ගල මුදුනට පෙනෙන පූනාගල












කුඹුරු යාය

ඇත්ගල, උක්කුපොත කඳු මුදුන් අන්තර්ගත වූ මරගල කඳු වැටියේ අනිත් කොටස


මේ බුකියේ ඇති ඡායාරූප එකතුව

ප.ලි : 
          මේ කන්ද නඟින්න කවුරුහරි හිතනවා නම් මේ වචන ටික හොඳට මතක තියාගෙන යන්න. මේ මොණරාගල ජල මූලාශ්‍රයක්. ඒ කිව්වේ මොණරාගල ප්‍රදේශය ජලයෙන් ස්වයංපෝශිත කරන්න මේ කන්දෙනුත් දායකත්වයක් ලැබෙනවා. ඉතින් මේ පරිසරය අපි ආරක්ෂා කළ යුතුයි...
* පා සටහන් පමණක් තබා ගෙනියන සියල්ල නැවත රැගෙන එන්න.
* ඡායාරූප හැර වෙනත් කිසිවක් මෙයින් පිටතට රැගෙන නොයන්න.

36 comments:

  1. අපිට ඉතින් මේව බ්ලොග් එකකින්වත් බලාගෙන සැනසෙන්න තමා වෙලා තියෙන්නෙ, තව කාලයක් යනකන් ට්‍රිපක්වත් යන්න වෙන්නැති එකක් තියෙන්නෙ.. :D
    මේ ලිපිය අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි මචන් :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං ඒ....නිවාඩු කාලෙක වරෙන් මේ පැත්තේ... අපි යමු.

      Delete
  2. වියලි කලාපයේ මේ වගේ තැනක් ගැන ඇහුවෙත් අද! අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. මේ එක තැනක් විතරයි බං. නිවාඩු ලැබෙන ලැබෙන විදියට අනිත් තැනුත් බලන්න යන්න ඕනි...

      Delete
  3. ලස්සන පැත්තක් වගේම වටිනා දේවල් ගොඩක් තියන තැනක් වාගේ. අපරාදේ අර චිත්‍ර විනාශ වෙලා යන එක නම්..

    //රාජධානි සැලැස්ම// මේ පින්තරේ එක වරම දකිද්දී මං හිතුවේ සර්කිට් බෝඩ් එකක් කියල :)

    ReplyDelete
    Replies
    1. මේ කිට්ටුව පරණ දළදා මාලිගාවක නටබුන් එහෙම තියෙනවා. ඒත් ඒක බලන්න යන්න වුණේ නෑ වැස්ස නිසා. ඒ චිත්‍ර හරිම අපරාදේ තමයි....ඒ චිත්‍ර වල ඊජිප්තු ගතියක් තියෙනවා. මොකද මන්දා...
      සර්කිට් බෝඩ් කතාව මටත් දැන් මීටර් වුණේ. ඇත්ත තමයි...:v

      Delete
  4. වියලි කලාපෙ උනාට මේ පරිසරය නිකම් හන්තාන වගෙයිනෙ. මාර ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. මාත් උඩට ගිහින් වැඩියෙන්ම කියෙව්වේ හන්තාන ගැන තමයි. අපිටත් හරිම පුදුමයි මේ පරිසරේ ගැන.....

      Delete
  5. මෙවැනි ප්‍රදේශ ආශ්‍රිතව ත්‍රාසජනක ක්‍රියා සහිත සංචාරක ගමන් වඩාත් සංවිධානාත්මකව කල හැකියි. එහෙත් එයින් සිදුවන පරිසර හානිය බරපතලයි. එමෙන්ම දීර්ඝ කාලීනව සංස්කෘතික බලපෑම් පවා එල්ලවන්න පුළුවන්. මෙවැනි කුඩා කණ්ඩායම් චාරිකා තමයි වඩාත් යෝග්‍ය.

    ReplyDelete
    Replies
    1. දැනට ටික කාලෙකට කලින් කඳු නඟින්නෝ දෙන්නෙක් මේ ගලෙන් පහලට බැහැලා තියෙනවලු.
      ඔය කිව්ව අදහස මටත් ආවා. හොඳ සංචාරක ගමන් සංවිධානය කරන්න පුළුවන්. අරුගම්බේ බීච් එකත් ළඟ නිසා. ඒත් ඒකෙන් වෙන පාරිසරික හානිය වැඩියි.......

      Delete
  6. මේ එක නෙවෙයි බන් අර බැලුම්ගල පඩි පෙලේ නැග්ගේ කොමද බන්? වැටුනොත් කටුත් නෑ නේ බන්

    මොනාවුනත් එල ගමන ගැන විස්තර බෙදා ගත්තට ආයේ ගියොත් මාවත් දැනුවත් කරපන් ඈ ඉඩ තිබුනොත් එන්නම්

    ReplyDelete
    Replies
    1. අනිත් කාරණේ තමයි ඒ පඩි පෙළ පහල ඉඳන්ම නෑ බං. ඒ පඩි පෙළ ළඟට වෙනකං බඩගාගෙන තමයි යන්නේ. ඊට පස්සේ පඩි පෙළ හම්බ වුණාට පස්සේ බොහොම පරිස්සමින් නඟින්න ඕනි. වැටුණොත් සුං. :D

      අනිත් කඳු වල යනකොට උඹට කියන්නම් ඈ....

      Delete
  7. ගිහින් නෑ.. යන්න වෙයිද කියන එක ගැනත් විශ්වාසයක් නෑ.. ඒ හන්දා මේවා බලලා සතුටු වෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ම්ම්...ලංකාවට ආපු වෙලාවක හැම තැනම රවුමක් දාන්න අයියේ....:D

      Delete
  8. අතිශය පැහැදිලි චාරිකා සටහන්ක් හා ඡායාරූප ගොන්නක්.. බොක්කෙන්ම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දේශකයා කමෙන්ටුවට......^_^

      Delete
  9. මොණරාගල කියන්නෙ එදා ඉදලම වීරයො බිහිවුණු තෝතැන්නක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් ඔව්. අපිත් ඒම වෙන්න තමයි බැලුවේ....

      Delete
  10. මේ විදියට විනාශ උනේ නැති ස්ථාන තවම ගොඩක් අපි අතරේ තියනවා අහම්බෙන් වගේ ඉතුරු වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව්. තවත් බොහෝ ස්ථාන මේ ප්‍රදේශයේ තියෙනවා. මිනිස් ඇසට වැඩිය හමු වුණේ නැති තැන්....

      Delete
  11. පට්ටම ප්ලේස් එකක්නේ මේ..... මේක නම් යන්න හිතෙනවා දවසක..

    ReplyDelete
    Replies
    1. යමු යමු අයියේ....මේ පැත්තේ ආවොත් කියන්නකෝ...

      Delete
  12. ඇත්තටම ලස්සනයි රන්දූ... කියල වැඩක් නෑ... යන්න ආසයි... අපේ එවුන් එකතු කරනව කියන්නෙ ලාහට ගෙම්බො එකතු කරනව වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මට එපා වුණා. ඒත් කොහොමහරි අපි ගමන ගියා සාර්ථකව...

      Delete
  13. නියම ලස්සන පළාතක් වගෙයි. විස්තෙරත් නියෙමට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මේ පළාත ගැන නම් මෙහෙම නිගමනයකට එන්න අමාරුයි. වියළි කලාපය නේ. නිහතමානීව ඒක මම පිළිගන්නවා.
      ඒත් මේ පළාතේ මේ වගේ ලස්සන තැන නම් තියෙනවා. ඒක නම් ආඩම්බරෙන් කියනවා.....

      Delete
  14. හරිම සුන්දර තැනක්... පින්තූර ටිකත් ලස්සනයි. බලන්න යන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක හරි ලස්සන තැනක්. අපිත් ඒක දැනගත්තේ ගියාට පස්සේ....

      Delete
  15. බොහොම සුන්දර චාරිකා සටහනක් මලයො...මමත් ඔය මොණරාගලින් වාර දෙක තුනකට වඩා ගිහිල්ලා නෑ....ඊලග වතාවෙ ඔය පැත්තෙ ඇවිදලම බලන්න ආශාවක් ආවා...මේ ඡායාරූප පෙල දැක්කම...

    ReplyDelete
    Replies
    1. ම්ම්....ආවොත් අනිවා කියන්න අයියේ....ගයිඩ් කරන්නම්. හිටියේ නැති වුණොත් කවුරු හරි හොයලා හරි දෙන්නම්....

      Delete
  16. තවත් බල්ලන්න යන්න ලස්සන තැනක තමයි වෙහෙරගල. ඒක මොනර ගල තරම්ම ලොකු නැහැ. ඒත් නැග්ගට පස්සේ පෙනෙන දර්ශනය හරිම සුන්දරයි. මම පොඩිකාලේ ගියාට පස්සේ ගිහින් නැහැ. ඒත් ඒ මතකයන් තාම තියෙනවා. මොනරාගල ඉඳං වැදිකුඹුර හරහා වෙහෙරගලට යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ එස් වංගුව, අලියවත්තේ කන්ද එහෙම දැන් සංවර්ධනය වෙලාත් ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් එස් වංගුව හරහා නම් ගිහින් තියෙනවා. ඒත් ඔය කියන කන්ද ට නම් මම ගිහින් නැහැ. ඒ පාර මේ ළඟදී හැදුවා. දැන් නම් එස් වංගුව නමට විතරක් එතන ඇති. වෙලාවක යන්න ඕනි ඒක බලන්න.....

      Delete
  17. කොමෙන්ට් එකට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ සහෝ. එකෙක් ඉන්නවා හරිම අමාරු කාරයෙක්. ඒකයි.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...