නිල් නෙතු මත පෙම තවරන සහසක් කව් ගී ලියවෙන..
පෙම් සිතුවිලි සිත රන්දන දඟ බස මත පෙම සඟවන..
හිත අභියස ගී මුමුණන නෙතු දැහැනට තෙත නංවන...
සීත මාරුත සිහිල හැලුනා කෙහෙරැලින් මුදු නළල වැසුණා..
දෑසෙ ආදර කතා ඇඳුණා දෑස දෑසට යාව තිබුණා..
කොපුල් මත මුදු සුවඳ රඳනා මිහිරි සුවඳින් සිතම තෙමුණා..
නුරා රස ගඟ සිතම තෙමනා ලවන් මධු මී බොන්න හිතුණා..
ක්‍රිෂ්ණ හදවත පෙමින් මත් කළ රාධා වෙත කළ නොහැක උපමා..
රාම සීතා ප්‍රේම පුවතට නොහැක සම වනු ලෙසට ඔබ මා..
රෝමියෝ හා ජූලියට් වත් කෙලෙස කරමුද අපට උපමා..
සාංසාරික සොඳුරු සෙනෙහෙන් බැඳුණෙ මෙලෙසින් සිතින් ඔබ මා..
~ රන්දු ~
ඒකෙත් ගතියක් තියෙනවා (Y)
ReplyDelete:D තැන්කිව්....!!
Deleteඑල එල..
ReplyDeleteසුපිරියට ලියල තියෙනවා...
බෝම ස්තුතියි...!!!
Deleteසුන්දරයි..
ReplyDeleteස්තුතියි..!!
Deleteමේ විදියට බ්ලොග් ලියල වැඩක් නෑ බොල.. පින්තුරේ දැම්මම ඒ කවිය වෙනමත් දැම්මනං කියවන්න පහසුයි.
ReplyDeleteඔන්න දැම්මා දේශකයෝ....!!
Deleteබොහොම ස්තුතියි අඩුපාඩුව පෙන්නලා දුන්නට....
දැන් ඉතින් කවිපද වෙනදටත් වඩා ගලාගෙන එනවා නේද රන්දුවො. ලස්සන පද රචනාවක්. සුභපැතුම්.
ReplyDeleteනැතුව නැතුව....;)
Deleteඅපූරුයි නෙව
ReplyDeleteපට්ට ගති...
ජයවේවා
බොහොම ස්තුතියි...!!
Deleteඅපූරු පදගැලපිල්ල.........................
ReplyDeleteආ.. කාලෙකින් කුරුටු. බොහොම ස්තුතියි...!!!
Deleteකොල්ලා දැන් ආදරයෙන් මත්වෙලා ඉන්න බව පේනවා...ආදරයෙන් මත් උනාට ඇස් අන්ධ කරගන්න නම් එපා ගොයියො...
ReplyDelete