මොහොතක් දෑස පියාගෙන
මවනවා සිතින් මම
තිලකයක් තැබූවොත්
කොහොමද නුඹේ නළලත..
පිච්ච මල් මාලාවක් පැළඳුවොත්
කොහොමද නුඹේ කෙහෙරැලි..
.
දෑස් හැර බලමි යළි
හිනාවේ නැහැනෙ වෙනසක්..
ඇසේ අග්ගිස්සේ රැඳි
කතාවේ නැහැනෙ වෙනසක්..
ලියැවුණේ කොතැනකද
සෙනෙහසට ජාතියක්..
මද්දලය වයන්නට හැකියි මට,
මුමුණන්න සිංහල ගීතයක්..
.
ජාතියෙන් මා සුළු ය
එහෙත් සෙනෙහස සුවිසල් ය
තහනම් නැතිය
කියන්නට (නො)හැකි ය,
.
ගොලුවූ හදවතින්
බලා හිඳීම මනකල් ය...
.
.
.
෴ රන්දු ෴
උඹට මතකද "රාධා" මේ වගේ කතාවක්....
ReplyDeleteරාධා? මේ 'සාමා' කෙනෙක් ගැන...
Deleteලස්සන කවි පෙළක් (ජාති දෙකක දෙදෙනෙකුගේ ආදරයක් ?)
ReplyDelete