Friday, March 22, 2013

අහිමි(කරගත්) ආදරය ෴

2011 මාර්තු 22............
මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක් මතකද ඔයාට..??
හ්ම්..එදා ඉඳන් අවුරුද්දයි මාස පහක කාලය...
ඒවා අමතක කරන්න පුළුවන්ද ඔයාට.???
මට නම් ඒවා කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.
ආදරය කියන්නේ විඳින්න වගේම ගොඩාක් විඳවන්න පුළුවන් දෙයක් කියලා අපි දෙන්නම ඒ ලස්සන කාලෙදි ඉගෙන ගත්තා නේද?



          හැම දේම අනිත්‍යයි කියලා දේශනා කරපු බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුවම අපේ ආදරෙත් අනිත්‍යයි කියලා කාලය විසින්ම අපිට ඔප්පු කරා නේද? ආත්මයෙන් ආත්මයට බැඳිලා එන සදාකාලික ආදරයක් කියලා විස්වාස කරපු අපේ ඒ ලස්සන ආදරේ ඒ විදියට වියැකිලා ගියා නේද කියලා හිතනකොට හිත හරිම හිස්.
විස්වාස කරන්න බැරි තරම්. අපි දෙන්නගෙ කියලා මවපු ඒ ලස්සන අනාගතය ආයේ කවදාවත් ගොඩනැගෙන්නෙ නෑ නේද කියලා හිතන්නවත් බැරි තරම්. එහෙම හිතන්න උත්සාහ කරන එක පවා හරිම බොල් හැඟීමක්.

          මම ඔයාට ගොඩක් වැරදි කරා වගේම ඔයා මටත් ගොඩක් වැරදි කරා. ඒත් එකම කාසියක දෙපැත්තක් කියලා කියපු ආදරයයි වෛරයයි කියන හැඟීම් දෙකෙන්, වෛරය කියන හැඟීම තෝරගන්න ඔයාට පුළුවන් වුණාට, ඇයි මට ඒක කරන්න බැරි වුණේ කියලා මට තාමත් ප්‍රශ්නයක්. කමක් නෑ. ආදරය කරපු හිතෙන් වෛර කරන්න ඔයාට අයිතියක් තියෙනවා.
ඒ හිත ඔයාගෙ නිසා..................

        කොහේ කාත් එක්ක හිටියත් ගොඩක් සතුටින් ලස්සනට ජීවත් වෙන්න. ගොඩාක් ලස්සන අනාගතයකට සුබපතනවා ඔයාට......!!!!!
හැමදාම හිතේ සතුට රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..................................................................






ආ..... අන්තිමට දෙයක් කියන්නම් ඔයාගෙම හොඳට....
කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කියන්න එපා,බොරු කරන්නත් එපා...........
බුදුසරණයි....!!!!!!

මේ ඔයාට ගොඩාක් ආදරේ කරපු ඔයාගෙම  _ _ _

2 comments:

  1. යන අයට යන්න දියන් බං.
    එයාලට අපි ළඟ ඉන්න ඕනි නැත්නම් බලෙන් තියාගන්න බෑ නේ.එහෙම ඕනිත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං....ගිය යකා ගියේ කොරහත් බිඳගෙන.....:D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...