නෙතට ගැටෙනා රුසිරු සරිනා නුඹේ වත හද සසළනා...
ලොවම කියනා ලෙසට උවිනා නුඹ හැඩයි හිත පවසනා...
නෙතඟ සරනා සිතුම් අමුණා කියන බස මා සඟවනා...
දිනෙන් දින මා නුඹට බැඳුණා කෙළිලොලින් හිත පුරවනා...
කනට ඇසෙනා හඬත් සිත මා නුඹට බැඳි පෙම දලු ලනා...
සිතින් රැකි මා පැතුම් බිඳුණා සැවොම මා හිත අවුලනා...
නිතර ඔබ හා රැඳිල තිබෙනා දුරකතනෙ හද බිඳවනා...
පැතුම් පුරලා නමත් සොයලා ෆේස්බුකියම පීරනා...
එහෙත් නුඹ හා පෙමක් පුරනා කෙනෙකු වේ යැයි කිව්සැනා...
නුඹේ රුවිනා "සොයුරි" සිටිනා බවක් නෙත ගැටි එසඳිනා...
සිතින් ඔබ මා අතැර දැමිනා ඇයව සොයනට පෙළඹිනා...
෴ රන්දු ෴
Image :
සිහින ලෝකේ හැටි ඔහොමමයි එකින් එක ඒ කාරණා
ReplyDeleteපියවි ලෝකෙට වැටෙන විටදිම සිහිනයෙන් මෙන් වැටහෙනා... :)
ලස්සනයි. අත්දැකිමක්ද???
යෙස්.....අත්දැකීමක්.....හැබැයි අත්විඳීමක් නෙවෙයි......:)
Deleteඒ සිහින ලෝකේ කොච්චර සුන්දරද නේද....ඒ ලෝකෙම ඉන්න පුළුවන් නම්....................
එල හොදට ලියලා තියෙනවා
ReplyDeleteඅනුප්රාසය රැකගන්න සෑහෙන්න උත්සාහයක් දැරුවා.....බෝම ස්තුතියි මහී.....!!
Deleteela macho
ReplyDeleteThanx machan....
Deletefb එක හරහා ලංවෙනවා කියන්නේ නම් පරිස්සම් වෙන්න ඕන කාරණයක් හැබැයි
ReplyDeleteඅම්මේ ඔව්....දනිමි අත්දැකීමෙන්ම....මේක ෆැන්ටසියක්.....
Deleteනියමයි... :)
ReplyDeleteබෝම ස්තුතියි....!!!!
Deleteකවිය එල.. මාත් ඉතින් බුකියෙන් ලවු කරන මනුස්සයනේ..
ReplyDeleteතැන්කිව් අයියේ...දෙන්නා බුකියෙන්ම බඳියිද මන්දා.....o.O
Deleteඔය වැඩෙනම් හරියන්නෙ නැ පුතො.දැන් නැගිටපන් එලිවෙලා
ReplyDeleteනැඟිටලා බලද්දී ඒකී වෙන කොල්ලෙක් එක්ක මියුසිකල් ශෝ එකක් බලනවා.......:v
Deleteහාපායි පුතේ මේ මුණුපොතේ ලව් වැඩිපුරම තියෙන ඉලව් වෙන විදියට. සාර කවියක්..
ReplyDeleteමේක නම් මූණුපොතේ ලව් එකක් නෙවෙයි ඈ...මනෝ රාජ්ජයේ එකක්....
Deleteබෝම ස්තුතියි.....!
සැහ්! මං උබේ කවි මම දැක්කෙ ලඟදි .. ඒක පට්ට්ටම ලස්සනයි මචං රන්දු :)
ReplyDeleteආ...තැන්කිව් මචං....හෙන ගේමක් දුන්නා මේක ලියන්න....^_^
Deleteමචෝ ඔය ලෝකේ එච්චර හොදමදී..ඉක්මනට අලුත් ලෝකයක් හොයාගත්තොත් හොදයි..
ReplyDeleteඒක නම් මටත් තේරීගෙන එනවා.....මොනා කරන්නද අප්පා....
Deleteහොඳ යි හොඳ යි. මොකෝ මේ තැන් තැන්වල අකුරු ලොකු කරලා?
ReplyDeleteඒකෙන් විශේෂ අකුරු මතු කරා... ඒ වගේම ඒකෙන් අමුතු ලස්සනක් එනවා කියලා හිතෙනවා....
Deleteලස්සනයි ලස්සනයි... ඉතින් ඒ හීනෙට පණ දෙන්න අදහසක් නැද්ද?
ReplyDeleteඅපෝ නෑ...මේක නිකන්ම නිකන් හීනයක් විතරයි....:D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි :)ලස්සනයි
ReplyDeleteම්ම්....බෝම ස්තුතියි.....!!
Deleteලස්සනයි ලස්සනයි. අපූරු සංකල්පනාවක්... අන්තිමට ඔහොම වෙයි කියලා හිතුනෙම නෑ මුල් කවි ටික කියවද්දි.
ReplyDeleteහිතන්නෙ නැති දේවල් කොච්චර නම් වෙනවද බස්සී......
Deleteබෝම ස්තුතියි....!!
කවි පද ටික ලස්සනයි ............. අපි නම් ඉතින් ෆේස් බුක් නැහැ .......
ReplyDeleteබොහොම ස්තුතියි.....!!!
Deleteමලයා තාම අරයා ගැන හිතනවා නේද...ඔහොම කාලයට ඉඩ දෙමු...වේදනාව අඩු වෙයි..
ReplyDeleteඒ....අපෝ නෑ....දැන් නම් එයා ගැන හිතන්නෙම නෑ... මේ නිකං මනෝ විකාරයක්......!!!
Deleteහ්ම්ම්...........ඔය ෆැන්ටසියෙන් එළියට එන්ට.....ලස්සන සුරංගනාවියක් කොහේ ඉඳන් හරි ඒවි වෙලවට...
ReplyDeleteලස්සනයි කවි ටික...ෆේස්බුක් අත්දැකීම නම් නෑ අපට ;)
අපි කවි ලියන්නෙම ෆැන්ටසිවල ඉඳන් නොවැ...^_^
Deleteකිව්ව විදියෙන් නම් අත්දැකීම් නෑ වගේ තමයි....:p
//පැතුම් පුරලා නමත් සොයලා ෆේස්බුකියම පීරනා...\\
ReplyDeleteමේකනම් මටත් පොදු වෙච්ච කාලයක් තිබුනා :(
:D දැන් ගොඩක් උන් ලව් කරන්නේ බුකියෙන් නොවැ....
Delete