වින්ද ප්‍රේමය ඔබෙන් සොඳුරුයි කියා මා හිත කියනවා...
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා...
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා...
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා...
සැමට අයිතියි කියා සිතුවන් නුඹේ හිත නැත හඳුනනා...
නුඹට පමණයි එවන් පැතුමන් කයට එය නැත හිමිවනා...
කයට හිමිවෙයි ලොවේ අවමන් සිතම එහි බර කියවනා...
ලොවට නොකියයි ඔබේ හැඟුමන් මටයි ඒ සිත හිමිවෙනා...
සිහින් හැඬුමන් පැවසු දුක් ගී වෙනෙකු සවනත නොවැකෙනා...
උපන් හැඟුමන් තිඹිරි ගෙය තුල මැරුව බව ඔබ නොකියනා...
ඇසෙන් සඟවන් කඳුළු කැටයම් මිලට රැඟුමන් දක්වනා...
සිතෙන් පිනි මෙන් පිරිසිදුයි නුඹ අන් කෙනෙකු එය නොදනිනා...
සිරුර ඔබෙ පුද කෙරුවෙ දුප්පත් කමට මා එය දන්නවා...
පවරගෙන ඔබෙ සිරුරෙ නිදහස ඔවුන් බොරු සිල් ගන්නවා...
ඉසිර සුව කය දැරුවමුත් නුඹෙ සිතෙහි සුව නෑ හැඟෙනවා...
අඳුර දුරලන තරුව වන්නට වරම් මා දැන් යදිනවා…
෴ රන්දු ෴
(ඇලෙක්සන්දර් දියුමා ගේ The Lady of the Camellias- 'හිම අතර' කියවීමෙන් ලැබූ මානසික උත්තේජනයෙන් රචනා කෙරුණි.....)
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා...
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා...
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා...
සැමට අයිතියි කියා සිතුවන් නුඹේ හිත නැත හඳුනනා...
නුඹට පමණයි එවන් පැතුමන් කයට එය නැත හිමිවනා...
කයට හිමිවෙයි ලොවේ අවමන් සිතම එහි බර කියවනා...
ලොවට නොකියයි ඔබේ හැඟුමන් මටයි ඒ සිත හිමිවෙනා...
සිහින් හැඬුමන් පැවසු දුක් ගී වෙනෙකු සවනත නොවැකෙනා...
උපන් හැඟුමන් තිඹිරි ගෙය තුල මැරුව බව ඔබ නොකියනා...
ඇසෙන් සඟවන් කඳුළු කැටයම් මිලට රැඟුමන් දක්වනා...
සිතෙන් පිනි මෙන් පිරිසිදුයි නුඹ අන් කෙනෙකු එය නොදනිනා...
සිරුර ඔබෙ පුද කෙරුවෙ දුප්පත් කමට මා එය දන්නවා...
පවරගෙන ඔබෙ සිරුරෙ නිදහස ඔවුන් බොරු සිල් ගන්නවා...
ඉසිර සුව කය දැරුවමුත් නුඹෙ සිතෙහි සුව නෑ හැඟෙනවා...
අඳුර දුරලන තරුව වන්නට වරම් මා දැන් යදිනවා…
෴ රන්දු ෴
(ඇලෙක්සන්දර් දියුමා ගේ The Lady of the Camellias- 'හිම අතර' කියවීමෙන් ලැබූ මානසික උත්තේජනයෙන් රචනා කෙරුණි.....)
"සිරුර ඔබෙ පුද කෙරුවෙ දුප්පත් කමට මා එය දන්නවා... "
ReplyDeleteගොඩක් ගණිකාවන් දුප්පත් කමට තමා මේකට ඇදවැටිල තියෙන්නෙ...ඒත් වෙන හේතුත් තියනව බන් සමහර අයට...හොදට සල්ලි තියන පවුල්වල අයත් ගණිකාවො වෙලා තියනවා :)
ලස්සනට ලියල තියනවා හොද නිර්මානයක් :)
ඔව් බං... ඒක නම් ඇත්ත...සමහර ඒවාට හේතු හොයන්නත් අමාරුයි. ඒ තරම්ම සංකීර්ණයි....
Deleteබෝම ස්තුතියි.....!!!
මා ලියූ එකක්
ReplyDeleteබාඳුරා මලකට පෙම් බැඳි සමනලයෙකුගේ ගීතය
දහස් ගනන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකිය මද සුළෙඟ් සැලෙනා
බාඳුරා රේනු සුවඳින් මගෙ ලෝකය පිරුනා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුනා
http://kathandara.blogspot.com/2012/03/blog-post.html
ක.කා අයියත් මේ පැත්තේ ඇවිත්...බෝම ස්තුතියි ආවට....
Deleteමමත් බාඳුරා මලක් ගැන කතාවක් ලිව්වා අයියේ......:)
මං ඔය කිව්ව නිර්මාණයත් බලන්නම්.....
පේරා කස්ටියට මේ මාතෘකාව හරිම සමීපයි නේද? කකා රන්දු රන්බණ්ඩා මේ හැමෝටම මේ විෂය මාතෘකාවක් වුණා
Deleteපේරා කියලා විශේෂයක් නෑ ඉතින්...^_^
Deleteකියෙව්ව පොතකට වහවැටිලා තමයි මං නං මේක ලිව්වේ......
මොකද්ද පොත?
Deleteඇයි දිලිනි ඔය යටින් දාලා තියෙන්නේ....
Deleteඇලෙක්සැන්ද්‍ර් දියුමා ගේ The Lady of the Camellias, සිංහල පරිවර්ථනය 'හිම අතර' හොයලා බලන්නකෝ...මං කියෙව්වේ පේරා ලයිබ්‍රියෙන්.....
ලස්සන නිර්මාණයක්.. සුබ පතනවා...!!!
ReplyDeleteබෝම ස්තුතියි මහී......ජයවේවා....!!!!
Deleteහ්ම්ම් දැන් දැන් ලියෙවෙන සිද්ධියක්. කවිකමේ උත්සහය අගේයි
ReplyDeleteහ්ම්....කට්ටිය මේ ගැන හුඟක් ලියලා වගේ තමයි.....
Deleteඔබද පටාචාරාවකී...
ReplyDeleteඔබද කිසා ගෝතමියකි...
ලස්සන නිර්මානයක් රන්දු අයියෙ :)
ඕක කියෙව්වම අපේ තාත්තත් කිව්වේ ඕකම තමයි.....
Deleteබෝම ස්තුතියි සමියෝ....
මට හිතෙන්නේ මේක ආදරයකට වඩා අනුකම්පාවක්. ඒ වගේ කෙනෙක්ගේ ජිවිතේ බේරාගෙන යහපත් කරන්න ඔඑන් කියලා හිතේ ඇතිවන හැඟීම ද දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව.
ReplyDeleteඔව්...මටත් හිතෙන්නේ එහෙමයි....ඒත් ඒක දිගුකාලීන වෙනවනං ඒක ආදරයක් වෙනවා....
Deleteසාධාරණ විනිශ්චයක්. සුබපැතුම් කවියට. සුබ අළුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteස්තුතියි අයියේ....ජයවේවා!!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා....!!!
අගනා නිර්මාණයක් මේ සඳැස් කවි බ්ලොග් ගත කරද්දී මෙන්න මේ සයිට් එක භාවිත කරන්න ලස්සනට එළිවැට එනවා එතකොට http://siwpada.blogspot.com/
ReplyDeleteආ....ඒක නම් බොහොම වටින උපදෙසක් නලීන් අයියේ....බොහොමත්ම ස්තුතියි ඒක කිව්වට....
Deleteලස්සන කවියක්. මාත් ඕම එක්කෙනෙක් ගැන පොඩි අස්පට් කයියක් ලිවුවා දවසක්.
ReplyDeletehttp://bassigenawathana.blogspot.com/2013/12/blog-post_4647.html
ම්ම්...ස්තුතියි බස්සියෝ....
Deleteමං ගිහින් බලන්නම් කෝ.....
අදහසත් ලස්සනයි, කවියත් ලස්සනයි. නියමයි
ReplyDeleteම්ම්....බෝම ස්තුතියි.....
Deleteඑහෙම කෙනෙක් ගැන ආදරයක් ඇතිවුණත් පස්සෙ වුණත් හිතෙන්නෙ නැද්ද තමන්ට වැරැද්දක් කරගත්තා වගේ හැඟීමක්? අනුකම්පාව නිසා නෙවෙයිද එහෙම දෙයක් කරන්න පෙළඹෙන්නේ?
ReplyDeleteමොනව වුණත් කවිය නම් නියමයි...
ම්ම්ම්ම්.....තමන්ට වැරැද්දක් කරගත්තා වගේ හැඟීමක්.....??
Deleteමට හිතෙන හැටියට නම් එහෙම වෙන්න විදියක් නෑ..මොකද තමන් එයාට කැමති වෙන්නේ යම් යම් කාරණා මත නේ.. අනික යොවුන් ආදරේ වගේ බොළඳ තීරණයක් නෙවෙයි නේ.....
එක අතකට ඔයා කියන එකත් හරි.
"කවුරු කොහොම මොන පොර ටෝක් එක දුන්නත් ආදරේ දී අපි කවුරුත් බොළඳ සමනල්ලු...."
එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා...!!!
ReplyDeleteනියමයි රණ්දුවෝ...
ඒක නම් ඇත්ත. ඒත් නිරාමිස ආදරයක් කොහෙන් හොයන්නද....
Deleteබෝම ස්තුතියි.....
\කයට හිමිවෙයි ලොවේ අවමන් සිතම එහි බර කියවනා..\ මේ තත්වෙට වැටෙන්න හුඟක් හේතු තියෙනවා..
ReplyDeleteපද වැල් ටික නම් හරිම ලස්සනයි...
ඔව්...මාත් එහෙම හිතනවා....
Deleteබෝම ස්තුතියි තුශානි...
මේකනේ බං සම්මතයත් අසම්මතය උණු ලෝකේ අසම්මතයට හිත යාම අරුමයක්!
ReplyDeleteඒකත් එක අතකට ඇත්ත. මිනිසා යනු ගවේශණශීලී සත්වයෙකි. ඒ නිසා අසම්මතයට පෙම් කරන්න තමයි බලන්නේ....
Deleteඅමරසිරි පීරිස් මහත්තයගේ සින්දුවක් තියෙන්නෙ ලදුනේ කියල..එකත් මේ වගේ.මේ වගේ කිව්වට මේ තේරුම නෙවෙයි..මේ වගේ උසස් ගනයේ ප්‍රබුද්ධ නිර්මාණ..
ReplyDeleteඒ ගීතය ලියවුනේ නැසීගිය නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්නයන් අතින්...නඩුවක කටයුත්තකට නුවර උසාවියට ගිහිල්ලා ඒ කටයුතු ආරම්භ වන තුරු දළදා මාළිගයය වදින්න ගිහිල්ලා තියෙනවා එතුමා....ඒ වෙලාවෙ සුදු ඔසරියකින් සැරසිලා නෙළුම් මල් පොකුරක් සමග පැමිණි කාන්තාවක් එතුමාගේ මිතුරෙක් විසින් පෙන්නලා.... ඇය ගණිකා වෘත්තියේ නිරත වන කෙනෙක් බව පවසා තියෙනවා. නවාතැනට ආ පසු උදේ කාලයේ තමන්ගේ සිතට සමීප වූ කලින් කිව් සිතුවිල්ල නිසාම මේ පද පෙල ලියවුනු බව තමයි මම අසා තියෙන්නෙ...
Deleteඒ සින්දුව මම ගොඩක් ගරු කරන නිර්මාණයක්...ඒකේ හරිම ලස්සන යෙදුම් තියෙනවා...
Delete"දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ..."
"කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ..."
"ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ..."
ඒක හරිම ලස්සන රස විඳිය හැකි නිර්මාණයක්....
සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙ....අමරසිරි පීරිස් කියන ගායකයා එක රැයින් ජනතාව අතරට ගියේ ඔය ගීතයෙන්...
Deleteමේකනේ මලේ කාරණේ...තිරය පිටුපස කම් සැප විදලා එළියට ආවම සැප විදපු එකාම නොවැ නගර සෝභනියට බනින්නෙ...හරියට එයා තනි අතෙන් අත්පුඩි ගැහුවා වගේ...
ReplyDeleteඒක තමයි පිළිකුල් සහගතම සිද්දිය......:/
Deleteඈත අතීතයේ සිටම සිදු වන දෙයක් නෙව ඔය කෙංගෙඩිය. නිර්මාණයට සුභ පැතුම්..
ReplyDeleteඒක නේන්නම්. පැරණිම රස්සාව ලු නේ...
Delete