චූටි ඇහි පිය යට,
මනමාල කවි ඇත
ඇති නමුත් අවසර,
ගයන්නට හිත නැත...
පාට පිනි පොද කැට,
ඇත සිනිඳු තටු මත
කෝඩු පෙම් හුළඟට,
ගසාගෙන යනු ඇත...
සිතාරයෙ තත් නද,
දෙන නමුත් රස විත
අයෙක් එය වැයු සඳ ,
ඇඟිළි තුඩු වෙයි රත...
දැවටෙන්න හිතුණට,
හැඟුම් වැල් පොදි මත
සැඩයි රුදුරුයි ලොව,
රඳවගනු එය සිත...
ආල ලතැවුල් හද,
ගෙනෙයි බාධා සිත
ජය ගන්න මතු දින
තව යන්න දුර ඇත...
~ රන්දු ~
2014 මාර්තු 30
අපූරු කවියක් රන්දු
ReplyDeleteලස්සනයි
බොහොම ස්තුතියි මහේෂ්......
Deleteapuuru kavak liyevii etha....
ReplyDeleteබෝම ස්තුතියි දිලිනි.......!!
Deleteහුරතල් වචන ටික. :D
ReplyDeleteඒකට නම් මටත් හිනා ගියා......හුරතල්....:D
Deleteranduuuuu, ko mage comments
ReplyDeleteමේක විතරනේ තිබුණේ බං....:O
Deleteආල වඩවන සිත
Deleteකෝල වන තරමට
හැඟුම් එක්තැන් කර
රන්දු කවි පද ගොතයි හනිකට
ඔන්න ඔවුවා බලන්න යන්නේ නැතුව පාඩුවේ හිටින්..
ReplyDeleteඔය කිව්වට බැලෙනවනෙ බං අයියේ.....:P
Deleteහුගකාලෙකින් නේද මලයො...මොනවද විස්තර..
ReplyDeleteඔව් අයියේ...දැන් ලියවෙනවා අඩුයි......කැම්පස් එකේ වැඩ වල හිර වෙලා ඉන්නේ.....
Deleteනියම කවි ටික නේ... පහුගිය දවස් වල පේන්න හිටියේ නෑනේ... කවි ලියවෙන්නේ නෑ කිව්වට මේ ලියලා තියෙන්නේ හොඳම හොඳ කවි ටිකක්!
ReplyDeleteමේ මාර්තු මාසෙ එකක්නේ බං.....:D
Delete