Friday, December 27, 2013

නගර සෝබනියකට ආදරය කිරීම.....෴




වින්ද ප්‍රේමය ඔබෙන් සොඳුරුයි කියා මා හිත කියනවා... 
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා... 
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා... 
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා... 

Tuesday, December 24, 2013

නොදුටු සොඳුරුතමයන්ගේ සොඳුරු මතක - Cyber Mega Beach Party 2013




දිනය සීතල උඳුවප් මහේ 21 වන ශනි දා ය. සයිබර් අවකාශයේ වැඩි දෙනා ගේ කථාබහට ලක්ව තිබූ ඒ මොහොත උදා විය. සෑම වසරක මෙන්ම මෙවරත් සිංහල බසින් ලොවටම අමතන(නලීන් අයියා කිවු පරිදි) බ්ලොග් කරුවන්ගේ/කාරිණියන්ගේ සුහද හමුව පැවැත්විණි. එය මෙවර පැවැත්වුණේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේ ජෝ ජෝ ප්ලේස් හිදීය.

Friday, December 13, 2013

තාවකාලික ආදරවන්තිය ෴




නෙතට ගැටෙනා රුසිරු සරිනා නුඹේ වත හද සසළනා...
දකින දකිනා විටදි නුඹ මා සෙනෙහසින් කිලිපොළවනා...

Friday, December 6, 2013

මා අතින් සිදුවූ බිහිසුණුම අපරාධය.....෴





"ඕක පොඩ්ඩක් එහාට කරගන්නවකෝ. යන්න එන්නවත් ඉඩක් නෑ නේ." අක්කා ඒ මැසිවිලි නැගුවේ මට ය.

          ඇගේ ස්වරයට ප්‍රතිමැසිවිල්ලක් නඟමින් මම මගේ පත්තරය සහ කුප්පි ලාම්පුව සාලයේ අයිනකට කරගෙන මමද අයිනට ගියෙමි. ගෙබිම සිමෙන්ති දමා තිබියදී රාත්‍රිය කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් කිරීම නොගැලපීමක් ලෙස මගේ ළමා මනසට සිතුණ නමුත් දැන් මා ජගතා පත්තරයේ ඇති ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න විසඳමින් සිටින්නේ එවන් නොගැලපීම් සමූහයක් මධ්‍යයේ ය...

Monday, November 25, 2013

අසිරි සිරි බඳ වට.... යැවුණි දෑතම එරන්වන් වට...... ෴




නුරා මුසු මදහස….
අරා නෙක සනහස….
ගජිඳු දළ සිසිළස….
විඳිමි ඒ සුව නිවා සරතැස…….

Friday, November 8, 2013

කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ................෴






මේ සැරේ සිංහලේට පෙරළන්නේ මරු සින්දුවක්. කෙල්ලොන්ට පතුරු යන්න බැනපු හින්දි සින්දුවක් තමයි මේ....

Wednesday, October 30, 2013

ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ.....෴


"ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ...."
"මගෙන් ඈත් වෙලා ඉන්නවා..."

"ආයේ මේ පැත්තේ පස් පාගන්න එපා...."
"ආයේ මට කිට්ටු වෙන්න හිතන්නවත් එපා....."
"මට ඉඩ දෙන්න......."

          එදිනෙදා ජීවිතයෙදි අපි මේ වගේ වැකි ගොඩක් භාවිතා කරනවා නේද. හිතලා තියෙනවද ඇයි අපි ඒ විදියේ දේවල් ගැන කියනකොට 'සීමාවක්' ගැන සඳහන් කරන්නේ කියලා..............

Saturday, October 19, 2013

අප්‍රකාශිත ප්‍රේමයේ විප්‍රයෝගය ෴





මතකද නුඹට

_____________________

පුංචි සන්දියේ නුඹ
යෙහෙළියක් වුණා මතකයි..
අතිනත අල්ලා ගෙන
දඟකම් කළා මතකයි..
එකම මාවතේ තරඟෙට
පියවර තැබුවා මතකයි..
හදිසියේ අප අත්
වෙන් වී ගියා මතකයි..

Saturday, October 5, 2013

මං හොයන්නේ මෙන්න මේ වගේ කෙල්ලෙක්......෴

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මෙතෙක් කල් මා විසින්, මගේ ගතිලක්ෂණ වලට අනුරූප මා හට උචිත වූ යුවතියක් සතු විය යුතු ගතිලක්ෂණ පිළිබඳ සිතා නොමැත. අතීතයේ දී මා මඟ වරදාගැනීමට හේතුව එය විය හැකි බව මගේ සිත තදින්ම කියයි. ඒ බව දැනගත් මා සිත දින ගණනක් මා වෙහෙසවා, මා සිහින මවන මගේ සිහින කුමරිය යම් කිසි සුදුසුකම් සහ ගතිලක්ෂණ රාශියකින්  සමන්විත  විය යුතු බව තීරණය කරන ලදි.
හුදෙක් කාන්තා පාර්ශවයේ දැන ගැනීම උදෙසා මෙය පහත පරිදි පෙළගස්වන ලදි.................
මෙය "දැනුවත් වීම සඳහා පමණක් බවත් හුදු විහිළුවක් සේ නොසැලකිය යුතු බවත්" තරයේ සිහි තබාගත යුතුය.


Saturday, September 28, 2013

වැස්ස (අ)සුන්දර ද.........? ෴

 

පේරාදෙණියට වහිනවා. අරුණාචලම් එකේ ඉස්සරහා කාණු වල වතුර ගලාගෙන යනවා. 
වැස්ස. 
මගේ ළමා කාලයේ ගොඩක්ම සුන්දර කාලයක් තමයි වැහි කාලය.
( මගේ ළමා කාලය ගැන දාපු පළවෙනි පෝස්ට් එක.... මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴ )

වැස්ස කාලෙට හැම දෙයක්ම සුන්දරයි කියලා මට හිතුණා. වැඩි වර්ෂාපතනයක් නැති අපේ ගමට වහින්න පටන්ගන්නකොටම ගොඩාක් ලස්සන සුවඳක් එනවා. අක්කා ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා. ඒ පුරුද්දට අදටත් මං ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා.
මැටි බිත්ති වලට වතුර වැටෙද්දියි ඒ සුවඳ එන්නේ කියලා මම පස්සේ කාලෙකයි දැනගත්තේ.

Friday, September 20, 2013

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴

මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්.................................

මං ආස කරන මගේ ඒ ලස්සන ළමා කාලෙට ආයෙත් යන්න මට පුළුවන් වෙයි.

          හැමදාම උදේට අම්මා බැටරි දාන සන්යෝ වර්ගයේ රේඩියෝ එකේ පිරිත් දානවා. උදේට නැගිටින්නේ  ඒ පිරිත් වල හිත නිවන රිද්මයෙන් කන් දෙක පුරවගෙන. උදේට මූණ හෝදන්න දත් මදින්න යන්නේ ඇලට. උදේ පාන්දරට ඇලේ වතුර හරිම සීතලයි.


          ඇල බන්ට්* එක දිගේ අක්කයි අක්කගේ යාලුවොයි එක්ක ඉස්කෝලේ යන්නේ පයින්මයි. ඇලට ගල්කැට විසි කර කර, ඇල දෙපැත්තේ තියෙන පේර ගස් වලින් පේර කඩ කඩ බොහොම දඟකාර විදියට ගිහිපු හරිම සුන්දර ගමනක්. ඉස්කෝලේ ඇරිලා එන ගමනත් ඒ වගේම සුන්දරයි. අක්කගේ යාලුවොත් එක්ක කයිය* ගහ ගහ එනකොට අක්කා පරක්කු වෙනවා. මං කැමති නෑ එයාලට විතරක් තේරෙන එයාලගෙ කතා අහගෙන එන්න. ඉතින් මම ගෙදර ළඟ සන්ධ්‍යා නංගිත් එක්ක ( එයා තමයි චූටි කාලේ මගේ හොඳම යාළුවා.මට වඩා අවුරුද්දක් බාලයි ) තරගෙට ඉස්කෝලෙන් එනවා. ඉස්කෝලෙන් ඉස්සෙල්ලෙම පිට වෙන්නේ අපි දෙන්නා නොවුනට පයින් යන හැමෝම පහු කරලා ඉස්සෙල්ලම යන්නේ අපි දෙන්නා තමයි. මම ඉස්සෙල්ලා ගෙදර එන එකට වඩා අක්කා පරක්කු වෙලා ගෙදර එන එකට අක්කා හැමදාම බැනුම් අහනවා. ඉතින් මට මාර සතුටුයි අක්කා බැනුම් අහනවට.

Saturday, September 14, 2013

පින්තූර ගොඩක්, එක කථාවක්!!!!!! ෴


          ගොඩක් තැන් වල කියන්නේ "එක පින්තූරයක්, කථාගොඩක්" කියලනේ.. ඒත් මේ "පින්තූර ගොඩක්, එක කථාවක්"....

බලන්න
තේරුම් ගන්න
අදහස් දක්වන්න


දිනය : 2013 සැප්තැම්බර් 14
වේලාව : උදෑසන 10.30 ත් 10.45ත් අතර
ස්ථානය :  ගෙදර පිටුපස
Camera - SGS2 


Monday, August 5, 2013

ඇයි කෙල්ලෝ ගොඩක් බොරු කියන්නේ......???

සෑහෙන්න කාලෙකට පස්සෙයි සිතුවිලි හන්තානෙන් ඔයාලව මුණගැහෙන්නේ.
"මොකද දැන් බ්ලොග් එක ලියන්නැත්තේ..?"
"සිතුවිලි හන්තාන පාළුවට ගිහිල්ලා.."
"ඔයාගේ ටෝක් තියෙන ලින්ක් එකක් නැතුව දැන් නිව්ස් ෆීඩ් එක පාළුයි."
"රන්දුනුට දැන් කවි අමතක වෙලාද..?"
"ලඟදි සිංදුවක් එහෙම ලිව්වේ නැද්ද? ට්‍රාන්ස්ලේට් කරෙත් නැද්ද..?"
කියලා සැරින් සැරේ මගෙන් අහපු සිතුවිලි හන්තාන ගැන හොයලා බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
ඇකඩමික් වැඩත් එක්ක හිර වුණාම ටිකක් මේක ලියන එක අතපසු වෙනවා තමයි......

වල් පල් පැත්තක දාලා අද ලියන්න ආපු දේ ගැන කතා කරමුකෝ...
(කෙල්ලොන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහන්නයි මං මේ හදන්නේ ..... :p)


Thursday, June 27, 2013

Chahun main ya naa සිංහල version ෴


අද මම සිංහලේට හරවන්න තෝරගත්තේ අලුත්ම අලුත් හින්දි සිංදුවක්. Aashiqui 2 චිත්‍රපටයේ තියෙන ලස්සනම ලස්සන සින්දු අතරින් මම තෝරගත්තේ Chahun main ya naa සින්දුව.
මේ චිත්‍රපටය ගැන කියනවා නම්.....,
2013 අප්‍රේල් 26 වනදා සිට තිරගත කිරීම ඇරඹුණ Aashiqui 2, ආදායම් වාර්ථා රැසක් බිහිකරමින් අතිසාර්ථක ලෙස ඉන්දියාව පුරා තිරගත වුණා.

අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
සංගීතය - මිතූන්, ජීත් ගංගුලි, අන්කිත් තිවාරි
ප්‍රධාන රංගනය - ආදිත්‍ය රෝයි කපූර්, ශ්‍රද්ධා කපූර්

Wednesday, June 12, 2013

මගේ Love Story පහ ෴



සිතින් Love
ඇසින් විඳි නුඹ
හිමි කරගන්න නොහැකිව
කුලුඳුලේ පෙම
ඇති වෙලා නැති වූ හැඩ..
ඒවි යැයි නුඹ
සිතුවෙ නෑ යළි කිසි දින

Friday, May 17, 2013

ඔබේ ගිණුමට දිනපතාම සල්ලි දාන බැංකුවක්....!!



එක්තරා බැංකුවක් ඔබේ ගිණුමට සෑම උදෑසනකම රුපියල් 86400 ක් දාන්නේ යැයි සිතන්න.
නමුත් ඒ ගිණුමේ දවසින් දවස ශේෂයක් ඉතිරි වෙන්නේ නැත.

Sunday, May 12, 2013

ජීවිතයට පාඩමක්.......෴

හැමෝගෙම ජීවිත වලට වැදගත් වෙයි කියලා හිතුණු කථාවක් සිතුවිලි හන්තානට එකතු කරන්න මට හිතුණා. මේ කතාව ලංකාවේ වෙච්ච එකක් නම් නෙවෙයි. පිට රටක එකක්. කියවෙන්නේ හොඳ දෙයක් නම් රට මොකක්ද කියන එක අදාල නෑ නේ නේද?

එක මිනිහෙක්ට තරුණ වයසේ පුතාලා හතර දෙනෙක් හිටියා. පළමු දැකීමෙන් කිසිම දෙයක් පිළිබඳව තීරණය කරන්න එපා කියන පාඩම තමන්ගේ පුතාලට උගන්නන්න ඒ මිනිසාට අවශ්‍ය වුණා. ඒ සඳහා ඒ පුතුන් හතරදෙනා සෘතු හතරකදී ඈත ප්‍රදේශයක පිහිටි පෙයාර් ගසක් වෙත පිටත් කර හැරියා..

Related Posts Plugin for WordPress, Blogger...