(හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි.
ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්....!!!)
ඔව්. ආදරේ තමයි.....
දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි....
ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා....
"මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.