Wednesday, August 29, 2012

බාඳුරා සිහිනයට පෙර....




ගහක අතු පතර විහිදෙන්නේ හැමෝටම සෙවන දෙන්න,
ගඟක් ලස්සනට ගලන්නේ මහ පොළව සාරවත් කරන්න,
සීතල හුළඟක් අවටින් හමන්නේ සිසිලස දෙන්න,
හැම රෑකම නැතත් හඳ පායන්නේ එළිය දෙන්න,
ඒත්.....
මලක රොන් පිරිලා සුවඳ විහිදුවන්නේ බඹරුන්ට පැණි දෙන්න විතරමද....???

     බඹරෙකුට පුලුවන් මලක පැණි බීලා ඒ මල තලලා දාලා යන්න,
   ඒත් මලකට පුලුවන්ද බඹරෙකුගෙ ජීවිතයම උරා බීලා ඒ බඹරා විනාශ කරලා දාන්න......???


ඔව්,
ඒ බාඳුරා මලක්...
බඹරුන්ව ගෙන්නගෙන බඹරුන්ව විනාශ කරන මලක්...
රේණු නැති මලක්...

ඒ මලට ආදරේ කරන බඹරෙක්,
ජීවිතයම බාඳුරා මලකට පූජා කරන්න හදපු බඹරෙක්,

මේ දිගහැරෙන්නේ ඒ බාඳුරා සිහිනයයි.......

(   මේ කතාව ලියැවෙන්නේ ඇත්ත කතාවක් ඇසුරෙන්.ඒත් මේ කතාවට පාදක වෙන ඇත්ත චරිත මොනාද කියලා කියන එකෙන් නම් වලකින්න මට සිද්ද වෙනවා.මේ වගේ කතාවක් මම ලියන පලවෙනි අවස්ථාව තමයි මේ.මේ කතාව කුතුහලය පිරුනු ලස්සන ඒත් දුක හිතෙන කතාවක් කියල නම් මට කියන්න පුලුවන්.ඒත් මේ කතාව ලියැවෙන විදිය නිසා ඒ හැඟීම කියවන කෙනාට හරියටම යයිද කියන එක නම් විස්වාසයෙන් කියන්න මට අමාරුයි.මොකද ඒක තීරනය කරන්න ඕනි කියවන ඔයාලමයි.ඒ නිසා මේකට ලැබෙන්න ඕනි හැම විවේචනයක්ම බාරගන්න මම සූදානම් කියල ගොඩක් සතුටින් කියනව.ඔයාලගේ විවේචන මට ගොඩාක් වැදගත් වෙයි.සිතුවිලි හන්තාන කියන මේ බ්ලොග් අඩවියෙන් හෙට ඉඳන් දිනපතාම කොටස් වශයෙන් මේ කතාව කියවන්න ඔයාලට පුලුවන්.
                                                                                                   මේ ඔයාලගෙ ආදරණීය යාළුවා 
                                                                                                                   රන්දුනු.                          )

5 comments:

  1. ලස්සනයි....ඒත් දුක හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවද කියල නම් ඉස්සරහට කියවලම තමයි බලන්න වෙන්නේ....

      Delete
  2. මට කියන්න මතක නැති උනා.මේකෙ කමෙන්ට්ස් වල වෙරිෆිකේශන් අයින් කරලා.සෙටිංස් වල බලපං.සින්ඩි කේටර්ස් වලටත් ඇඩ් කරපං. lankeeya.lk siniya.com hathmaluwa.org වගේ.

    ReplyDelete
  3. අදට පෙරවදන කියෙව්වා...

    ReplyDelete
  4. හ්ම්ම්...බලන්නකෝ අයියේ ඉස්සරහට කියවලා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...