Friday, August 31, 2012

බාඳුරා සිහිනය 2

පෙර කොටස බාඳුරා සිහිනය 1

     ජීවිතේ පලවෙනි වතාවට මං ගොඩාක් ලොකු ප්‍රශ්නෙකට මුහුන දුන්නා.හිතෙන් දහස් වාරයක් සටන් කරා මාත් එක්කම.ඒත් දෙහි ගෙඩියේ පොත්ත කියන හැඟීම හිතෙන් අයින් කරන්න ගොඩක්ම අමාරුයි කියලා මට හොඳටම තේරුනා.රශීටත් ඒක හොඳට තේරුනා.

     "මගේ රනූ,අපි පිදුරුතලාගල උසයි කිව්වේ එවරස්ට් හොයාගද්දිනේ.ඉතින් ආදරයත් එහෙම තමයි.අවංක ආදරේ මනින්න පුළුවන් එකක් නෙවේ.අපි අම්මට වගේම තාත්තටත් ආදරෙයි නේද මගේ රනූ.ඉතින් අපට පායන හඳම තමයි මුලු ලෝකෙටම පායන්නේ.ඒ වගේම ඔයා මගේ වගේම නවෝද්‍යාගෙත් හඳ තමයි මගේ රනූ..."

    මේ විදියට එයා මට තවත් ලං වුනා.මට තේරුනේ නෑ මං මොනා කරන්නද කියලා.

     මං කරේ මහ ජරා වැඩක් කියලා ඕන කෙනෙක්ට කියන්න අයිතිය තියෙනවා.ඒත් මං දන්නවා,මගේ හිත දන්නව මං කරේ හිතට එකඟ දෙයක් කියලා.ඒ කිව්වේ එක සැරේ දෙන්නෙක්ට ආදරේ කරන එක නෙවෙයි.මම තීරනය කරා චූටිට මගේ ජීවිතෙන් සමු දෙන්න.

     ඒක කරන්න මම අමුතුවෙන් කිසිම දෙයක් කරේ නෑ.මේ වෙනකොටත් මගේ ජීවිතෙන් ගොඩක්ම ඈතට ගිහින් හිටපු චූටිට සමු දෙන්න එච්චර අමාරු උනේ නෑ.
එයා ගැන මගේ හිතේ ඉතිරි වෙලා තිබුන,ආදරේ නමින් තිබුන පොඩි කොටසත් රශීගෙ ආදරෙන් අයින් කරන්න රශීට පුලුවන් උනා.

    කොල්ලෙක් හිතන විදියට හිතුවොත් කොල්ලෙක්ට විවාහයක් ඕන වෙන හේතු දෙකක් තියෙනවා.



1)සත්වයන්ගේ ප්‍රධාන ක්‍රියවලිය වන වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය,ඒ කියන්නේ ලිංගික අවශ්‍යතා ඉ‍ටු කරගන්න.
2)තමන්ගේ ජීවිතේට ශක්තියක් වෙන්න.

     ඉතින් මම කරේ අසාධාරණ දෙයක් ද නැද්ද කියලා මගේ හිත අහපු හැම වෙලේම මගේ හිත කිව්වේ ඒක සාධාරණයි කියලා.මොකද ජීවිතේට හයියක් වෙන්න බැරි,ගොඩක්ම ලාමක කෙල්ලෙක් එක්ක මුළු ජීවිතේම ගෙවන්න ගිහින් දෙන්නගෙම ජීවිත දුකට පත් කරනවට වඩා දුකක් හිතේ ඉතුරු කරලා හරි දැන්ම වෙන් වෙන එක හොඳයි කියලා මට හිතුනා.

ඈත ඉම නුඹ හෙලන සුසුමන්
මෑත ඉම මා ගතෙහි දැවටේ
ඒ සුසුම් ‍රැළි ‍රැගෙන එන්නේ
අප සසර බැඳි පැතුම් ගොන්නයි

     අපි ගතින් වෙන් වුන වෙලාවක,හිතින් එක ලඟ හිටිය වෙලාවක රශීට මාව දැනුනේ එහෙමයි.අපි දෙන්නගේ ආදර කතාව ගොඩාක් ලස්සනට ලියවුනා.හිතාගන්න බැරි තරමට අපි හිතෙන් වගේම ගතිනුත් ලං වුනා.

හඳ එළියේ සුව හින්දා මහ පොළවේ දුක බින්දා
වසත් සමේ සුව කැන්දා රශී මගේ සිත බැන්දා
හද අරනේ පෙම රන්දා මගෙ දිවියට රස කැන්දා
හිත නුඹෙ සෙනෙහස වැන්දා මගෙ දිවියම ඔබ හින්දා

දෙයියනේ....කව්ද හිතුවේ මේ වන්දනීය ආදරේම කුරිරු වෛරයකට හැරෙයි කියලා........

රශී හරිම හොඳ කෙල්ලෙක්.
ප්‍රශ්නෙකට ගොඩක් සංවේදී වෙන්න පුලුවන්.
හොඳ සාහිත්‍ය රසාස්වාදයක් තියෙනව(මමත් කැමතියි එහෙම රසාස්වාද වලට).

"ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා......      ඔය සින්දුවේ ඔය කොටසෙන් කියවෙන්නේ මොකක්ද රනූ?"

එයා මගෙන් ඔය වගේ සාහිත්‍යමය ප්‍රශ්න ගොඩක් ඇහුවා.මට හිතුනා මෙයා මටම මවපු කෙල්ලෙක් කියලා.

මෙයා රසාස්වාදයට වගේම ශෘංගාර බවටත් ලැදියි වගේ මට තේරුනා.එක එක විදියේ අය ඉන්නවනේ.මම හිතුවා "ඒ රශීගෙ හැටි වෙන්න ඇති "කියලා.ඒත් ඒක මට දැනුන නරක හැඟීමක් කියන එක එදා මම හිතුවා නම්.....

                                                                  මතු සම්බන්ධයි......

පසු කොටස බාඳුරා සිහිනය 3

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...