Thursday, August 30, 2012

බාඳුරා සිහිනය 1

බාඳුරා සිහිනයට පෙර

     මට.......සමහරු මට කියනවා.
            මම මෝඩයිලු.
            මම ..............ක්ලු.
            මම පව් ලු.
            මම චපලයිලු.
            මම බොලඳයිලු.

        ඒත් ඇත්තටම මම දන්නේ මෙච්චරයි.'තමා රවටනු ලැබීය' යන හැඟීමෙන් මිරිකෙන බොහොම දුක්බර හිතකින් ඉන්න කෙනෙක්  මන්.
        මගේ නම රනුක්.මට ගොඩක් අය එක එක විදියට කතා කරනවා.ඒත් මන් ආස "රනූ"කියනවට.රනූ කියල මට කතා කරන්නේ මගේ ජීවිතේ මට සමීපම අය.ඒත් දවසක් කෙනෙක් මට අහම්බෙන් 'රනූ' කියලා කතා කරා.ඒ මොහොත මගේ ජීවිතේම වෙනස් මගකට යොමු කරා.
       රනූ කියලා මට කතා කරපු වෙලාවේ මගේ ජීවිතේ එයාට ලොකු ඉඩක් තිබුනේ නෑ.මොකද ඒ වෙනකොටත් මගේ හිතේ ආදරයක් තිබුනා.අවුරුද්දක විතර ආදරයක් .ඒත් ඒ ආදරේ ගොඩක් දෙදරීම් වලට මූණ දීලා බි‍ඳෙන්න ඔන්න මෙන්න තිබුන එකක්.
       නවෝද්‍යා මගේ ජීවිතේට ආපු හැටි හරි පුදුමයක්.එයා ගැන මන් ගොඩාක් කල් ඉඳන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා,ඒක හිතේ විතරක් තිබුන දෙයක්.හදිස්සියේම මම ඒක එළියට දැම්මා.අහම්බෙන් වගේ නවෝද්‍ය මගේ ජීවිතේට ආවා.

හිතුවෙ වත් නැති දවසක හිතන්නැතුවම ලන් වුනා......

      ඒත් දෙයියනේ....මෙයා හරිම ළාමක කෙල්ලෙක්.මගේ ජීවිතේට ගැලපෙන විදියට එයා හැඩගැහෙයි කියල මට නිතර හිතුනා.ඒකට මම ගොඩාක් උත්සාහ කරා.ඒත් අවුරුද්දක් විතර යනකොට මට තේරුනා මගේ හැටියට හැඩගැහෙන එක "චූටි"ට ගොඩක්ම අමාරු වැඩක් කියලා.චූටි.මම නවෝද්‍යට ආදරේට කිව්වේ එහෙමයි.



      ඉතින් මේ අවුරුද්දක විතර මගේ ආදරේ දෙදරල යන කාලයේ වසන්තයේ එක දවසක තමයි මට එයා 'රනූ' කියලා කතා කරේ.ආදරේ දැනුනේ නැති,ආදරේ හොයපු මගේ හිතට ඒ වචනේ දිව්ය ඔසුවක් උනා.

ඔන්න ඔහොමයි රශ්මි මගේ ජීවිතේට ආවේ.

     'රශී'.මම රශ්මිට කතා කරේ එහෙමයි.මගෙත් එක්ක ගත කරපු දවස් දෙක තුනේදි කවදාවත් කෙල්ලෙක් එක්ක ලන් නොවුනු තරමට මම රශීට හිතෙන් ලන්  වුනා.මම හිතුවේ ඒක යාලුකමක් කියලා.අපි දෙන්නම හිතුවේ එහෙමයි.

     මගේ යාලුවෝ,රශීගේ යාලුවෝ හැමෝම හිතුවේ අපි ලන් වුනේ ආදරෙන් කියලා.චූටි ගැන දන්න මගේ යාලුවෝ හැමෝම මට ගොඩක් බැන්නා.

"උඹ හදන්නේ චූටිට ඇනයක් දෙන්නද? පව් බන් ඒ කෙල්ල"

"නෑ බන්.එහෙම එකක් නෑ.මගෙයි රශීගෙයි තියෙන්නේ යාලුකමක් විතරයි."

      ඔහොම යාලුකමක් අපි දෙන්නා අතරේ තිබුනේ දවස් තුනයි.තුන්වෙනි දවසෙම අපි දෙන්නටම තේරුනා ආදරේකට වඩා දෙයක් අපි දෙන්න අතරේ තියෙනවා කියලා.ඒක හිත්වල හිරවෙලා තිබුනේ.ඒත් කොහොමහරි ඒක දෙන්නගෙම හිත් වලින් එළියට ආවා.

ලොවටම පැඟිරි සුවඳක් විහිදුවාගෙන
දෙහිවල ඇඹුල ඇත පොත්තෙන් වසාගෙන
කිව්වත් මුවින් සුරතල් බස් හදාගෙන
ඇත දහසකුත් සිතුවිලි හිත තබාගෙන

අපි දෙන්නම දැනගෙන හිටියා මේ ආදරේ අසම්මත එකක් කියලා.
ඔය කියන 'අ' යන්නට හේතු 2ක් තිබුනා

දෙහි ගෙඩියේ පොත්ත=මගේ අවසන් නොවූ ආදරය
දෙහි ගෙඩියේ සිවිය=රශී මට වඩා අවුරුද්දක් වැඩිමල් වීම

ඉතින් ඔය කියන 'අ'යන්න නිසා දෙහි ඇඹුල,ඒ කියන්නේ අපේ ආදරේ ,පැඟිරි සුවඳ කියන යාලුකම විදියට ලෝකෙට පෙන්නන්න අපි තීරණය කරා..

                                                              මතු සම්බන්ධයි......

බාඳුරා සිහිනය 2

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...