Sunday, September 30, 2012

බාඳුරා සිහිනය 31

පෙර කොටස බාඳුරා සිහිනය 30


"ඔයා දැනගත්ත මේ දේවල් ඔයා කාටවත් කියන්නේ නෑ නේද රනූ." රශී අසරණ විදියට ඇහුවා.

"නෑ.මම කියන්නේ නෑ.එහෙම කියනවා නම් මම මේ විදියට ඔයාට මේ දේවල් කියන්නේ නෑ.හැබැයි මගෙයි ඔයාගෙයි affair එක නවතින්න හේතුව විදියට මගේ වැ‍රැද්දක් ඔයා කොහේදි හරි කියලා තිබුණොත් හරි මට විරුද්ධව ඔයා මොනා හරි කරන්න හැදුවොත් හරි මගේ අතින් මේවා එළියට යයි.ඔයා මාව ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න ගැහුවනේ ලොකු plan එකක්.කැළුම්ට මාසයක් කල් දීල ඇඹරුවනේ හොඳ ගුලියක්.ඉතින් ඔයා සුද්දවන්ති වෙන්න මේකටත් හොඳ plan එකක් ගහන්න බැරි නෑ.එහෙම වුණොත් මේ දේවල් එළියට යයි.ඔයා කොච්චර බුද්ධියෙන් 'අගතැන්පත්' ද කියන්න මම දන්නේ නෑ.මට කිව්ව thousand lie s වල හැටියට,ගහපු plan වල හැටියට ඔයා කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ නේ.ඒ නිසා ඔයා මට විරුද්ධව ඇඟිල්ලක් ඉස්සුවොත් මගේ මුළු ඇඟම නැගිටියි ඔයාට විරුද්ධව.
  ම්....ඊළඟට ඔයාට කියන්න තියෙනවා වැදගත්ම දෙයක්.ඔයා මුල ඉඳන්ම මෙහෙම දෙයක් නම් කරා.මට ඒක දැනුණා මුල ඉඳන්ම ඔයා 1st කියලා හිතං ඉන්නවනේ.අන්න ඒක පොඩ්ඩක් වැඩියි ඔයාගේ.ඔයා ලස්සනයි ගොඩක් හොඳයි කියලා හිතන්න,පෙන්නන්න ඔයා ගොඩක් try කරා.ඔයාගෙන් යාළු වෙන්න අහපු හැම එකක්ම වගේ අතිශයෝක්තියෙන් ඔයා මාත් එක්ක කිව්වා,මට දැනුණා ඒවා අතිශයෝක්ති කියලා.ඒවා ඇත්ත වෙන්න ඇති.ඒත් ඊට වඩා දෙයක් ඔයා උලුප්පලා පෙන්නන්න හැදුවා මට.තව එකක්.ඔයා ගොඩක් අය දන්නවා,ගොඩක් අය අඳුරනවා කියන එක නොකියා කිව්වා මට.ප්‍රසිද්ධ අයට ඔයා ගොඩක් කැමතියි කියන එක මට දැනුණා.ඒක නිරාශුත් මට කිව්වා.තරහ ගන්න එපා මෙහෙම කිව්වට.නිරාශ් කිව්වා ඔයා එයා එක්ක යාළු වුණේ එයාගේ O/L result එකට,මාත් එක්ක යාළු වෙන්න ඇත්තේ මගේ A/L result එකට වෙන්න ඇති කියලා." නිරාශ් මට පැහැදිලි කරපු දේ මම රශීට කිව්වා.

"මට එයාගේ නම්බර් එක දෙන්න රනූ.මේ මිනිහා මෙච්චර දේවල් මට කරලා තව මට මඩ ගහනවා නිරපරාදේ." රශී ගොඩක් කේන්තියෙන් කථා කරා.


"එයාගේ නම්බර් එක ඔයාට දෙන්නේ නෑ මම.මට උදව් කරපු කෙනෙක් මං ඔයාට පාව දෙන්නේ ඇයි?"

"අනේ එයාගේ උදව්.මට එයා එක්ක කථා කරන්න ඕනි රනූ.ඇයි එයා මගෙන් වෙන් වෙලත් මට පාඩුවේ ඉන්න නොදෙන්නේ.ඔයා වගේ තව කීදෙනෙක්ට එයා මං ගැන බොරු කියයි ද?"

"එයාගෙන් අහන ඕනි කෙනෙක්ට එයා ඒවා කියයි.ඔයා යාළුවෙන කෙනාට ඔයා හැමඇත්තම කිව්වා නම් ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් නිරාශ් මොන දේ කිව්වත් ඔයාට අවුලක් නෑ නේ." හිතට එන හැම සිතුවිල්ලක්ම මං රශීට කියාගෙන කියාගෙන ගියා.හිතට එන පිළිවෙලටම.
"ඔයා මට කිව්ව ඇත්ත දේවල් බොරු දේවල් මොනාද කියලා මට පස්සේ තේරුණා.ජානකගේ කථාව.ඒක මට ඔයා කිව්ව විදියේ ලොකු වෙනසක් තිබුණා කියලා මට පස්සේ තේරුණා,ඒක ගැන සැකයක් ඇති වුණ නිසා තමයි මං මෙච්චර දේවල් හොයන්න පෙළඹුනේ."

"ඇයි මට නිරාශ්ගේ නමබර් එක දෙන්නේ නැත්තේ." ගොඩක් කේන්තියෙන් වේගෙන් රශී ඇහුවා.

"කේන්තියි දැන් මාර විදියට මාත් එක්ක නේ."

"නෑ.ඔයාත් එක්ක නෙවෙයි.මට ඒක දෙන්නේ නැත්තේ."

"දෙන්නේ මොකටද? ඔයාට හැදෙන්න දේවල් තියෙද්දී වෙන කෙනෙක්ව හදන්නද ඔයා හදන්නේ.එයාගේ කට වහන්නද ඔයා හදන්නේ.එයාගේ කටවහන්න බෑ ඔයාට.වැඩක් නෑ ඔයාට.ඔයා මොකක්ද මං ගැන හිතන්නේ.මේ හැමදේම මම ඔයාට කිව්වේ ඇයි කියලද ඔයා හිතන්නේ.'මේකා මේ බටර් පාර ගාගෙන එන්නේ ලොකු ගුලියක් අඹරලා වෙන්න ඇති' කියලද ඔයා හිතන්නේ.ඔයා කැමති විදියකට හිතන්න.ඒත් මගේ හිත දන්නවා ඇත්ත මොකක්ද කියලා.සමහරවිට ඔයාට මාව හතුරෙක් වගේ පේනව ඇති."

"මං ඔයාට ඇත්තටම ආදරේ කරා රනූ.ඒ ආදරේ බොරුවක් නෙවෙයි.ඒත් අන්තිමේදි මට ඔයාව අයින් කරන්න හිතුණා.මගේ හදවතේ නිරාශ් හිටිය තැනට කවුරු හරි ලං වෙන්න හදනකොට එයාව අයින් කරනවා මම."

"එහෙම අයින් කරන එක සාධාරනයි මුලදී නම්,ඒත් ලං කරගෙන මේ තරම් පහත් විදියට අයින් කරන එක සාධාරන නෑ."

"මම ක්‍රියාත්මක වෙන්නේ මගේ හිත කියන විදියට රනූ.එතකොට මං එයාව අතහරිනවා."

"හරි. ඒ කියන්නේ ඔයා මාව අතහැරියා කියන එකනේ.ගෙදරින් අකමැති වීමයි මාව අයින් කරපු එකයි අතරෙයි සම්බන්ධේ මොකක්ද කියලා මට කියනවද?ඔයා මාව 'අයින් කරා' නම් ගෙදරින් 'අකමැති කරවගත්තා' නෙවෙයිද?" මං කේන්තියෙන් ඇහුවා.

"නෑ.නෑ.නෑ." රශී එයාගේ අත්දෙකෙන් ඔලුව බදාගත්තා."ඔයාට ගෙදරින් අකමැතියි." මම ඇත්ත තේරුම් ගත්තා.

"හ්ම්..මට දැන් තේරෙනව.ඔයා මේ කරන්නේ සමස්ථ කොල්ලෝ සංහතියෙන්ම පලිගන්න එක."

"එයා ඒක කරා නම් ඇයි මට බැරි."

"මම හිතුවා.මම හිතුවා.ඔයා ඒක තමයි කරන්නේ කියල මට හිතුණා.ඔයා ජානකට කරේ ඒක,ඔයලගේ facultyයේ කොල්ලට කරෙත් ඒක,මට කරෙත් ඒක,කැළුම්ට කරන්න හැදුවෙත් ඒක.ඔයා ඒ කරන්නේ කොල්ලෙක්ගෙන් ඔයාට වුණ අසාධාරනේ තවත් කොල්ලෙක්ට දෙන එක.හැබැයි ඔයා ඒක මෙතනින් ඉස්සරහට තවත් කෙනෙක්ට කරොත් ඔයාට වෙන දේ බලාගන්න."

"ඉතින් ඇයි මගේ මාර්ගය ඔයා අහුරන්නේ.මට නිරාශ්ගේ නම්බර් එක දෙන්නේ නැත්තේ." රශී ආවේගෙන් ඇහුවා.

"ඉතින් ඇයි මං දෙන්නේ?" මමත් ආවේගෙන්."ඔයාට කරපු දේට ඔයාට අසාධරනයක් වුණ පලියට, එක මකුණෙක් කාපු පලියට හැම මකුණගෙන්ම පලිගන්නේ ඇයි?"

"ඇයි මට අදාල මකුණව මරන්න දෙන්නේ නැත්තේ?"

"ඇයි අදාල මකුණව මරන්නේ?"

"ඇයි ඌ ජීවත් කරවන්නේ?"

"එයා දැන් වෙන තැනකට වෙලා එයාගේ පාඩුවේ ඉන්නවා නම් ඔයාට ප්‍රශ්නයක් නෑනේ."

"ඌ ලේ බිව්ව නිසා දැන් මට ආත්මයක් නැත්නම්?"

"එහෙනම් ඔයා පාඩුවේ ඉන්න.නිවිලා ගිහිපු දැල්ලක් විදියට පැත්තකට වෙලා.ඇවිලෙන්නේ නැතුව.ඇවිලිලා පැත්තක ඉන්න සළඹයෝ ඒකට ඇදලා පුච්චන්නේ නැතුව."


                                                                 මතු සම්බන්ධයි..........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...