Tuesday, October 2, 2012

බාඳුරා සිහිනයක අවසානය

අවසානයට පෙර


      මගේ හිතේ තිබුණ වෛරය මම ඒ බංකුව උඩම දාලා ආවා වගේ මට දැනුණා.මම ගෙදර නොයා මගේ යාළුවෙක්ගේ ගෙදර යන්න තීරණය කරා.මට ඌට මගේ දුකේ කොටසක් හරි කියන්න ඕනි කියලා මං හිතුවා.
      මගේ කථාවේ සැලකිය යුතු කොටසක් යාළුවට කියාගන්න මට පුළුවන් වුණා.මගේ දුක පිටවෙන්න පටන්ගත්තා.ඒ දුක හිතේ තියාගෙනම මම lap එක on කරලා මගේ හිතේ තිබුණ අදහසට අනුව රශීගේ account එකට ගියා.මම හිතුවා වගේම කැළුම් සහ රශී බොහොම romantic විදියට chat කරලා තියෙනවා.girl friend සහ boy friend විදියටම.

"ෂා...great.ඔයා වෙනුවෙන් මං මෙච්චර ඉවසලත්,ඔයා වෙනුවෙන් දෙයක් කරන්න හදලත් ඔයා මට තවත් බොරු කියලා නේ.මම දැන් ඔයාගේ ලස්සන chat ටික බලන ගමං.මරු..." මම රශීට msg එකක් යැව්වා.

"මොනාද කියන්නේ දෙයියනේ? ඔයා මගේ ජීවිතේට මේ තරම් එබෙන්නේ ඇයි? මම දැන් කොච්චර අසරණද? ඔයා දන්නේ නෑ මම ඔයා ගිහිපු වෙලාවේ ඉඳන් අඬපු හැටි." රශී මේ කිව්ව විදියට මුළු රෑ පුරාම ඇඬුවා කියන එක ඇත්ත බව මට දැනගන්න ලැබුණා.ඒත් ඒ ඇඬුවේ මං වෙනුවෙන්ද ආත්මානුකම්පාව නිසාද කියලා මට අදටත් හිතාගන්න බෑ.

"ඔයා ඇත්තටම මනුස්ස දුවක්ද ලක්මාලි.මේ හැටි බොරු කියලා තවත් මාව රවට්ටන්න පුළුවන් කියලා ඔයා හිතනවද?" රශී ගැන කිසිම අනුකම්පාවක් නෑ කියල පෙන්නන්න මම උත්සාහ කරා.ඒත් රශීට බනින හැම වචනෙකටම මටත් ඒ වගේම රිදුණා.

       ~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
           දන්නේ නැහැ මම තවත් ආදරේද මෙතරම් ~

"නෑ මට කියන්න දෙයක් නෑ.ඒත් මම ආයාචනා කරනවා මගේ account එකෙන් අයින් වෙන්න කියලා.මම ආයේ කවදාවත් fb එන්නේ නෑ.මගේ account එකෙන් මුකුත් දාන්න එපා plz.මගේ වැරදි මට පෙනුනේ අද.මට මේ කඳුළු දරාගන්න පුළුවන් කමක් නෑ.මගේ chat බැලුවට ඒත් නොබැලුව වගේ ඉන්න.මට මං ගැනම ලැජ්ජයි.ඔයා හිතලා කියන්න මගේ msg එකක් නිරාශ්ට forward කරන්න පුළුවන්ද බැරිද කියලා.මට එයාගෙන් දැනගන්න ඕනි එයා මාව දාලා ගිහින් දැන් ඒක නෑ කියන එකට හේතුව.ගිනි අරන් මගේ ආත්මෙම.ඔයාත් එහෙම කියලා මම දන්නවා.මම ජරා කෙල්ලෙක්."


"නෑ.මං දැන් log out වෙනවා.ඔයා password එක වෙනස් කරගන්න.දැන් password එක justwaitandwatch . නිරාශ්ගේ ඒ නම්බර් එක දැන් වැඩ කරන්නේ නෑ ලක්මාලි.අනේ ලක්මාලි.මම ඔයාට උදව් කරන්න කැමතියි.ඒත් මට හිතෙන හැටියට ඌ නම්බර් එක මාරු කරනවා.එයාගෙන් ඒක දැනගත්තා කියලා වැඩක් තියෙනවද ඔයාට.සමහරවිට මගේ හිත හදන්න එයා බොරු කියන්න ඇති.මොකද එහෙම කිව්වම මගේ හිතේ තවත් වෛරය ඇති වෙනවනේ.එයා එහෙම හිතලා බොරු කියන්න ඇති.අපි එහෙම හිතමු.හැම ප්‍රශ්නෙම අමතක කරන්න ලක්මාලි.මං මේ දේවල් ඔයාට කිව්වේ ඔයාගේ අනාගතේ වත් ලස්සනවෙයි කියලා හිතලා.ඔයාට තවත් දුකක් දෙන්න හිතලා නෙවෙයි.ඔයා දුකෙන් කියලා දැනෙනකොට මගේ ඇස් වලට කඳුළු උනනවා.මෙච්චර ඔයා මට වැරදි කරලත් එහෙම වෙන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නෑ." මේ වෙනකොට මම අඬන්න පටන් අරන්.කඳුළු උල්පතක් මගේ ඇස් වල තියෙනවදෝ කියලා මට හිතුණා.

    මගේ යාළුවට මගේ දුක ගොඩක්ම තේරුණා ඇඳේ අනිත් පැත්තෙන් හිටිය එයා 4n එකෙන් සින්දුවක් දැම්මා.
"අපි සින්දුවක් අහමු මචං."

හිත හදාගන්න පුළුවන් නම් හදාගන්න තිබුණා..
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා..
දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා..
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා..

මගෙන් අරගෙන ආදරේ අහුරක්..
දුන්නේ මා හට ආදරේ බිඳුවක්..
ඒක නිසයි කඳුළුම විතරක්..
ආදරය නිහඬම සෙවනක්..

දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්..
ඔයා දන්නේ නෑ තිබුණ සෙනෙහසක්..
ඒක නිසයි මෙතරම්ම දුකක්..
ආදරය නිහඬම ගොදුරක්..

  සිංදුවෙන් හිත නිවෙනවට වඩා හිත පෑරුණා.ඒ සිංදුව ඇහෙනකොට අදටත් මගේ ඇහැට කඳුළු එනවා.

     තවත් පැය ගානකට පස්සේ උදේ පාන්දර 1ට විතර තවත් msg එකක් ආවා.

"මට නින්ද යන්නේ නෑ රනූ.හිතේ මම ගැනම පිළිකුලයි,හිරිකිතයි ඉක්මනට මැරෙනවා නම් හොඳයි වගේ.හැම දේම එපා වෙලා.ඔයා සතුටින් ඉන්න බලන්න රනූ.මගේ හුළඟක් වත් ඔයාට නොවැදි ඉන්නයි මම හිතුවේ.ඇහැට ආපු කඳුළු ඔයා ඉස්සරහා හැංගුවේ මගේ දුක වැඩි වේවි කියලා.ඔයා මට fb එකෙන් යන්න දෙන්නෙ නැත්තේ ආදරේ නිසා.මාව අමතක කරන්න.වෙන කෙනෙක්ට ලං වෙන්න.මට ඒකට ලෝබයි.ඒත් වෙන කරන්න දෙයක් නෑ.මම චපලකමේ උපරිමේ.ඔයා අහින්සකයි.ඔයා යන්න මගෙන් ඈතට."

     දිගින් දිගටම රශී දුකෙන් පීඩිත වෙලා කියන එක මට තේරෙන්න ගත්තා.හැම වැ‍රැද්දක් ගැනම රශී පසුතැවෙනවා කියලා මං හොඳින්ම තේරුම්ගත්තා.එදිනෙදා වෙන හැම වැඩේ ගැනම එයා මට කිව්වා.කොල්ලෙක් call කරත්,chat කරත් හැමදේම ගැන මගෙන් ඇහුවා,මට කිව්වා.දවස් ගානක් යනකොට මට හිතුණා ආයෙත් ලංකරගන්න පුළුවන් තත්වෙට රශී ඇවිත් කියන එක.ඉතින් ඉවසීමෙන් ඉඳලා දවසක මම...
"රශී ඔයා ආයෙත් මගේ ලෝකෙට එන්න.මම හැමදේම අමතක කරා.අපි ආයෙත් සතුටින් ඉමු."

"මගේ කළු පැල්ලම් ආත්මය මම කවදාවත් ඔයාගෙ ජීවිතේට එකතු වෙන්න දෙන්නේ නෑ.ඔයාට මම වගේ පරවුණ බාඳුරා මලක් නෙවෙයි සුවඳ මලක් හොයාගන්න පුළුවන්.හිතන්න එපා මේ පව්කාර ආත්මය ගැන ආපහු.මගේ ලඟින් යාළුවෙක් වගේ හැමදාමත් ඉන්න.මගේ පව් හෝදගන්න මට පාර පෙන්නන්න." කියලා රශී කිව්වා.

                                                        *   *    *    *    *    *    *    *    *

රන්දුනුගේ පසු සටහන............

    රනුක් මට ඔය කථාව ලියලා එව්වම මේ කියවන ඔයාලට වගේම මටත් ප්‍රශ්න ගොඩක් ආවා.ඒ ප්‍රශ්න මම රනුක්ගෙන් ඇහුවා.

"රනුක්, මේ කථාව මේ විදියට blog එකකට දාන්න කියලා ඔයා කියපු එක පලිගැනීමක් නෙවෙයිද? ඇයි මේ කථාව මේ වගේ ප්‍රසිද්ධ තැනක දාන්න කිව්වේ?"

"මම කරේ හදවතින්ම ආපු හැඟීමකින්.මේ හැමදේම මම හොයාගත්ත හැටි රශීට මොන විදියකින් හරි කියන්න මට ඕනි වුණා.තමන් මොන වගේ කපටි වැඩක් කරත් ඒ හැමදේම දවසක අහුවෙනවා කියන එක, ඒ පණිවිඩේ රශීට දෙන්න මට ඕනි වුණා.ඒ වගේම, මේ වගේ කෙල්ලෝ මේ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රනූ වගේ කොල්ලන්ට ලබා දෙන්නත්,මේ වගේ හිතන,මේ වගේ වැඩ කරන කොල්ලෝ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රශී වගේ කෙල්ලන්ට ලබා දෙන්නත් මට ඕනි වුණා." රනුක් හිනාවෙවී කිව්වා.

"ඇත්තටම රනූයි රශීයි කියන්නේ සමාජේ අමුතුම චරිත දෙකක්.මගේ අනිත් ප්‍රශ්නේ.'කැළුම් සහ රශී' කථාවට මොකද වුණේ?"

"සැප්තැම්බර් 29 වෙනිදා කැළුම්ට රශී හම්බවුණා.එදා කැළුම්ට ආදරේ නෑ කියලා ප්‍රකාශ කරලා රශී ඒ කථාවට තිතක් තිබ්බා."

"අන්තිම ප්‍රශ්නේ..'රනූ සහ චූටි' ආදර කථාව තිතකින් විතරක් ඉවර වුණාද? දැන් චූටි කෝ?"
 
     රනුක් නිහඬ වුණා.
    ගොඩක් වෙලා කල්පනා කරා.
    දිග සුසුමක් හෙළුවා.
    සාක්කුවෙන් පර්ස් එක ඇදලා ගත්තා.
    අතට ලියුමක් ගත්තා.
"මේ ලියුම මට එව්වේ චූටි.ඊට වඩා මුකුත් මගෙන් අහන්න එපා"

"ආදරණීය රනූ,ඔයාට මේ ලියුම ලියන්නේ කඳුළු ගොඩක් හංගගෙන.මේ දේ ගැන කවදාවත් අහිතක් හිතන්න එපා.මේක බලලා ඔයා ගොඩාරියක් අඬයි.ගොඩාක්.ඒත් හිත හදාගනියි.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.ඒකයි මම මෙහෙම කරේ.ඔයා නැති ලෝකයක් මට හිතන්න බෑ.මගේ හිත පොඩියි රත්තරං.මම පහුගිය ටිකේ ඇති තරම් අඬුවා.ඒත් තවත් මේ දුක දරාගන්න බෑ.මේ ලියුම ලැබෙනකොට රනූගේ චූටි මේ ලෝකේ දාලා ගිහින්............."
     එතනින් එහාට කියවන්න තරම් මට ශක්තියක් තිබුණේ නෑ.රනුක් මාව බදාගෙන ඇඬුවා.මමත් ඇඬුවා රනුක් එක්කම......

                                                       ... බාඳුරා සිහිනයක අවසානය ...



මෙච්චර දවසක් බාඳුරා සිහිනය කියෙව්වට ඔයාට ගොඩක් ස්තුතියි..මම කැමතියි ඒ කථාව ගැන ඔයාගෙ අදහස් දැනගන්න.මේ කථාව ඇත්ත එකක් නිසා ඒ කථාව ගැන මට හිතුන දේ වගේම ඔයාට හිතුණ දේත් දැනගන්න මම කැමතියි.
>කථාවේ ඒ ඒ චරිතේ සාධාරණ අසාධාරණ බව, 
>ඒ ඒ චරිතේ කළ යුතුව තිබුණ දේ, 
>කථාව ලියපු writing style එක, 
>කථාවෙ මීට වඩා රසවත්ව ඉදිරිපත් කරන්න තිබුණ තැන්, 
>ගොඩක්ම දුක හිතුණ තැන, 
>වඩාත්ම සිත් ගත් තැන වගේ දේවල් ,
>සමස්ථ කථාව ගැන ඔයාට හිතෙන දේ 
සහ
>මේ සම්බන්ධව ඔයාට හිතෙන හැම දේම මට ලියලා එවන්න.
ඒක fb msg එකක් විදියට එවන්න.ඔයාලගෙ හැම cmnt එකක්ම blog එකේ පොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ නිසා cmnt එකට යටින් තමන්ගේ නම දානවට කැමතිද නැද්ද කියලත් කියන්න.මේ සම්බන්ධ ඕනිම විවේචනයක් බාරගන්න මම ලැහැස්තියි.ඇත්ත චරිත වලට අපහාස නොවෙන විදියේ හැම cmnt එකක්ම මම post කරන්න බලාපොරොත්තු වෙනවා.
සිංහලෙන් type කරලා එවන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි.ඒත් සින්ග්ලිශ් වලින් උනත් කමක් නෑ....

~රන්දුනු යසරංග



17 comments:

  1. මචං මුළු කතාවම මුල ඉදන් කියෙව්ව .......
    කියන්න දේවල් නම් ගොඩක් තියෙනව.රනුක් ව ටිකක් විතර දන්න නිසා අහන්නේ...චූටි ඇත්තටම මේ ලෝකෙන් ගියාද...නැත්තම් ඒක කතාවෙ කෑල්ලක් විතරද......කියපන්කො.....
    (රනුක්ව දන්නව කියන්නෙ ඇයි කියල උඹත් දන්නව....)

    ReplyDelete
    Replies
    1. dear..ඔය ප්‍රශ්නෙට මං උත්තර දෙකක් දෙන්නම්.
      1)ඔයා අහන ප්‍රශ්නෙට රනුක් උත්තර දීල තියෙනවා නේද?
      "මේ ලියුම මට එව්වේ චූටි.ඊට වඩා මුකුත් මගෙන් අහන්න එපා"

      2)මේ කථාවෙ අන්තර්ගතයෙ තියෙන හැම දෙයක් ම ඇත්ත.

      මං හිතන්නේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති.

      Delete
    2. උත්තර නම් හම්බුනේ නෑ හරියට.............
      කතාව ඉවරයි..දැන් බ්ලොග් එකට උඹ මොකක්ද කරන්නේ...දිගටම තව පෝස්ට් දානවද.......?

      Delete
    3. අනිවා.තව ඉස්සරහට තව නව කථාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා.ඒකත් ඇත්ත කථාවක්.මේකෙ normal articles නම් දාල වැඩක් නෑ.ඒව බලන අය අඩුයි.ඒකයි හේතුව...

      Delete
  2. meka kiyanawata kiyana kathawak newe pathagena awa ranukgema cooti kawada hari enawa..........iwasima uthum bawa kiwe boruwaka chayawak wath nomathi muwa kamalakin.............ranukta wagema eduka mamath widinawa habai mata athithaye cootila idala na ekai wenasa good luck hoda uthsahayak bulb eka eka para haduwe nane macho.....

    ReplyDelete
  3. මුල ඉඳන් අගට එක හුස්මට කියෙවුවා... කොන්දත් රිදෙනවා අනේ ලැපට නැමීගෙන ඉඳලා. කතාව හරිම රහයි. චූටි ගැන දුකයි. රනූ පිස්සෙක්. රශීට හපන් යාලුවෙක් මට ඉන්නවා කැම්පස් එකේ. රශී එක පාරකට හැන්ඩ්ල් කරන්නේ එකයි, ඒත් මගේ යාලුවා 4ක්!! හදන්න ට්‍රයි කරා අවුරුදු හතරක් තිස්සෙ. වැඩක් නැත.

    අලේ තව ටයිප් කොරන්න මහන්සියි. කොටස් තිස් තුනක් එක හුස්මට කියෙවුවානෙ.

    ReplyDelete
    Replies
    1. අම්මේ....එක දිගටම කියෙව්වද? මරු මරු...එහෙම කෙල්ලෝ කොල්ලෝ දැන් ගොඩක් ඉන්නවා බස්සී... ලෝකෙ දැන් ගොඩක් වෙනස් වෙලා....

      Delete
  4. මචන් මාත් අද කියෙව්වේ කතාව... චූටිගේ කතාවත් චූටි මේ විදියට බ්ලොග් එකක දැම්ම නම් රනුක් කියන මෙන්න මේ කතාව ගැන ඌටම හිතන්න තිබුනා...

    "මම කරේ හදවතින්ම ආපු හැඟීමකින්.මේ හැමදේම මම හොයාගත්ත හැටි රශීට මොන විදියකින් හරි කියන්න මට ඕනි වුණා.තමන් මොන වගේ කපටි වැඩක් කරත් ඒ හැමදේම දවසක අහුවෙනවා කියන එක, ඒ පණිවිඩේ රශීට දෙන්න මට ඕනි වුණා.ඒ වගේම, මේ වගේ කෙල්ලෝ මේ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රනූ වගේ කොල්ලන්ට ලබා දෙන්නත්,මේ වගේ හිතන,මේ වගේ වැඩ කරන කොල්ලෝ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රශී වගේ කෙල්ලන්ට ලබා දෙන්නත් මට ඕනි වුණා."

    මොනවා වුනත් කතාව ලියපු හැටි ලස්සනයි.. එක දිගට කොටස් ඔක්කොම කියෙව්වා.. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං....මේකේ අඩුපාඩු ගොඩක් තියෙනවා බං. ඇත්ත කතාවක් නවල් එකක් කරනකොට හිතන්න ඕනි පැති ගොඩක් තියෙනවානේ. සමහර දේවල් හංගන්න වුණා මේකේ ඇත්ත චරිත වල ගෞරවය ගැන හිතලා.

      මං හිතන්නේ චූටි ගේ කතාවත් ඉස්සරහට ලියවෙයි.... අපි බලමු.....

      Delete
  5. ~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
    දන්නේ නැහැ මම තවත් ආදරේද මෙතරම් ~

    ReplyDelete
  6. kanduluth awa...hugaaak lssanai..digatama lynna..suba pathnawa!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....!!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...