Friday, October 19, 2012

ඇත්තටම ඔයා වෙනුවෙන් ඉන්නේ කවුද.....??


      ආයෙත් සිතුවිලි හන්තානට ගොඩ වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...ආයෙත් අළුත් දෙයක් ලියන්න කියලා ගොඩක් අය කිව්වා.මේක පාළුවට යන්න නොදී මේකට වටිනාකමක් එකතු  කරන්න පුළුවන් දෙයක් ලියන එක ගැන මං ගොඩක් හිතුවා.ඒත් අප්පා ලියන්න හිතට ආවේ නෑ විශේෂ කිසිම දෙයක්.(ඔය කිව්වට නැත්තෙමත් නෑ...) හිතලා හිතලා හිතලා අන්තිමේදි 'හිත' ගැන මොනා හරි ලිව්ව නම් හොඳයි කියලා හිතුණා..

      ඒත් ඔයා දැන් ඉන්නේ මේක කලබලෙන් කියවලා දුවලා යන්න ඕනි කියලා හිතෙන මානසිකත්වයක නම් දැන් ඔයා මේක කියවන්න එපා.ඉන්නකෝ....හිත කලබල නම් චුට්ටක් නැගිටලා ගිහින් වතුර එකක් එහෙම බීල ඇවිත් මේක කියවන්නකෝ..කලබලෙන් මේක කියවලා ඉවර වෙලා "පිස්සු පොරක්" කියලා කියනවා එහෙම නෙවෙයි..:P

මෙච්චර කියවලා කියවලා මේකා මේ කියන්නේ මොනාද කියලා බලමු නේද?



      අපේ හිත...නෑ මගේ හිත.ඔය මොන වචනෙන් කොහොම කිව්වත් ඒ ගැන හැඳින්නුවත් ඇත්තටම ඒක අපේද? මගේද? මගේ දෙයක් නම් ඒක මට ඕනි විදියට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනි නේද? ඒත් අපි කවුරුත් අපේ හිත අපිට ඕනි විදියට පාලනය කරනවද? ඒ හිත කියන විදියට වැඩ කරනවද? ඇත්තටම අපි වෙනුවෙන් ඉන්නේ කවුද? අපිට ඉන්නේ කවුද?

මෙන්න මේ ප්‍රශ්න ටික ඔයා ඔයාගෙම හිතෙන් අහලා බලන්නකෝ....


~ මගේ හිත නිදහස් ද?

~ මගේ හිත හොඳටම තේරුම් අරන් ඉන්නේ කවුද?

~ මට, මගේ හිතට වැඩිපුරම ආදරේ කරන්නේ කවුද?

~ මගේ හිතේ ලොකුම වෙනස කරන්න පුළුවන් කෙනා කවුද?

~ මම තනිවුණ වෙලාවක මගේ තනිකම නැති කරන්න පුළුවන් කෙනා කවුද?

~ මට ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක ඒ ප්‍රශ්නේ ඇහුම්කන් දෙන්න ඉන්නේ කවුද?

~ මගේ හිත කියන හැම දෙයක්ම කරන්න මට නිදහස තියෙනවද?

~ මගේ හිත කිසිම බයක් නැතුව සතුටින් විවෘත කරන්න පුළුවන් කවුරු ළඟදි ද?

~ මගේ හිතට ලොකුම සැනසීමක් දැනෙන්නේ කවුරු ළඟදිද?


~ මගේ හිතට එන නරක සිතුවිලි ( බුද්ධ ධර්මයෙන් කියවෙන අකුසල් සිතුවිලි, කිතු දහමෙන් කියවෙන පාපී සිතුවිලි ) පාලනය කරන්න මගේ හිතට පුළුවන්ද ?

~ මගේ හිතට වැඩියෙන්ම එන්නේ 'මම දුර්වලයි' කියලා මම වට්ටන සිතුවිලිද? එහෙම නැත්තම් 'මම ~ ශක්තිමත්' කියලා මාව නැගිට්‍ටුවන සිතුවිලිද?

~ මම මගේ හිත තේරුම් අරං ඉන්නවද?

~ මගේ හිතේ සතුට වෙනුවෙන් මම කොයි තරම් දුරට වැඩ කරනවද?

~ අනිත් අයට ඕනි විදියට වැඩ කරන්න ගිහින් ඔයාගේ හිතේ නිදහස ඔයා කොයිතරම් දුරට නැතිකරගෙන තියෙනවද?


මේ ප්‍රශ්න කොහේවත් තිබුණ ඒවා නම් නෙවෙයි ඔන්න. මගේ හිත තේරුම් ගන්න මම මගෙන්ම අහපු ප්‍රශ්න.:D

      අපි අපේ ජීවිත හැඩගස්සවාගන්නකොට අපේ හිත ඉල්ලන සතුට එයාට නොදෙන්නේ ඇයි? ඇත්තටම අපි කොයිතරම් අනුන්ට ඕනි විදියට වැඩ කරනවද නේද?

හිතන්න....
      කන්නේ බොන්නේ, නිදාගන්නේ වත් අපේ හිත අපිට කියන විදියටද අපේ හිත අපිට කියන වෙලාවටද?
අනේ මංදා, මට නම් ඒකට උත්තරේ 'නෑ'. Intervel දෙන වෙලාවට කන්න බොන්න, නිදහස තියෙන වෙලාවට වැඩ හසුරවගන්න හිත programme වෙලා.අඩුම තරමේ අපේ හිත කියන වෙලාවට නිදාගන්නවත් අපි අපේ හිතට ඉඩ දෙනවද?

ආයෙත් හිතන්න.......
      මේ දේවල් කොච්චර හිතුවත් අපිට ඒ බාහිර පරිසරය, අපේ හිතත් එක්ක හිතට ඕනි විදියට එහෙම වෙනස් කරන්න බෑ කියලද ඔය කියන්න හදන්නේ..ඔව්, ඒක ඇත්ත තමයි...:(

ඒත්....
අපේ හිතත් එක්ක තනි වෙන්න දවසේ පොඩි වෙලාවක් හරි වෙන්කරගමු.
හිත අපිට කියන  දේට අපි ඇහුම්කන් දෙමු.
හිතෙන් මම ඇහුවා වගේ ප්‍රශ්න අහලා ඒවට උත්තර හොයමු.
අපේ හිතේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරමු.
එතකොට අපේ හිත් ගොඩක් ලස්සන වෙයි.
හිත් ලස්සන වුණාම අපි හරි අපූරු මිනිසුන් වේවි...
අපි ලස්සන වුණාම මේ ලෝකෙත් හරිම ලස්සන එකක් වේවි......

එහෙනම් මං ගියා.....

Be the better than the best...!!!

3 comments:

  1. ඔයා හරි යාලු..මම නම් ඇත්තටම සෑහෙන ට්‍රයි කරනවා මට ඕන විදිහට,හරියට ජිවත් වෙන්න..
    දිගටම ලියමු.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඔය යථාර්තයට මුහුණ දෙන්න හරිම අමාරුයි අප්පා..ඒකනේ හෙනේ...
      Thanx හිරු..

      Delete
  2. ඇත්තටම ඕක මාත් හිතනව රන්දු, ඒත් දවසෙ වැඩ ටික ඉවර කරල නිදාගන්න ඇවිත් පොඩ්ඩක් හිතල බලපුවාම හැමදාම දුවල තියෙන්නෙ එකම ට්‍රැක් එකේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...