පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.
ඉතින් මේ දේවල් අස්සේ ඒ දවස් වල( මම මේ කියන්න යන දේ වුණ දවස් වල) Thuhi Meri Shab Hai song එක මගේ බොක්කටම වැදිලා තිබුණේ..මේකේ තේරුම හෙව්වට පස්සේ මට හිතුණා මේක සිංහලට පරිවර්තනය කරා නම් හොඳයි කියලා. ඒත් ටිකක් පරිවර්තනය කරනකොට මට හිතුණා මේක විරහ ටයිප් එකෙන් කරා නම් හොඳයි කියලා(මං ආසම විරහවටනේ :D)...
ඉතින් ලොකු ප්ලෑන් එකකුත් හිතේ තියාගෙන මං මේක මට හිතුන විදියට වචන දාලා ඒ තනුවට ගැලපුවා..
මෙන්න ඒ මම ලියපු සිංදුව.....
ඉතින් මේක මෙතනින් නවත්තන්න මට හිතුණෙම නෑ...මේකට කටහඬක් දාන්නත් මට ගොඩක්ම ලොකු උවමනාවක් තිබුණා..
ඉතින් මගේ ඒ හීනෙත් මං කොහොමහරි එළි කරගත්තා.
මගේ හොඳම යාළුවෙක් වුණ රුශාන් මට මේ වැඩේට උදව් කරා. ඉන්ටර්නෙට් එකෙන් ගත්ත කැරොකේ music එකට voice එක mix කරලා මේ වැඩේ ගොඩක් ලස්සනට කරලා දෙන්න රුශාන්ට පුළුවන් වුණා...
(Thanx රුශාන්)
මේ තියෙන්නේ ඒ සිංදුව.....
මෙතනින් download කරගන්න....
මේ වැඩේ එතනින් නතර වුනෙත් නැති එකනේ පුදුමේ.... :o
ඊට පස්සේ හිරුහිමාවි බ්ලොග් එකෙන් කරා නේ competition එකක් Stereo Hearts 2012 කියලා.
( ඒ ගැන වැඩි දුර තොරතුරු මෙන්න මේකට ගිහින් බලන්න පුළුවන්.)
ඒ තරඟෙට මම ඉදිරිපත් කරා මගේ මේ සිංදුව...
හෑ...බැලින්නම් මමත් එක ජයග්‍රාහකයෙක්......:) :)
ජයග්‍රහණය වෙනුවෙන් මට හිරුහිමා ගානේ මගේ photo එක print කරපු මග් එකක් ලැබුණා...
මේ තියෙන්නේ මට ලැබුණ මග් එකලු....:D |
මේක තමයි මග් එක වටේ print කරලා තිබුණේ... |
මේ තියෙන්නේ කට්ටියට දුන්න මග් වල සමූහ ඡායාරූපයක්.....:D |
බොහොම ස්තුතියි හිරුවෝ.......!!!!
ඉතින් ඔන්න ඔහොමලු වුණේ.......
*ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා කියලා කිව්වේ මේ තරඟේ තිබිලා දැන් ගොඩක් කල් වුණාට මට මේක ගන්න පුළුවන් වුණේ ඊයේ නිසා....
සුබ පැතුම් යාලු :)
ReplyDeleteබෝම ස්තුතියි රූවෝ......!
Deleteඇත්තටම මලයෝ හිරුහිමා අපි බ්ලොග් ලියන්න ආ දවස්වල අපට බොහෝ සේ උදව් කළ කෙනෙක්. ඒත් එයා දැන් බ්ලොග් ලියන්නෛත් නෑ.බුකියෙත් නැ.පසුගිය වසරේ සාර්ථකම බ්ලොග්කාරිණිය වූයේ ඇයයි කිව්වොත් මා වැරදි නෑ.
ReplyDeleteසිරාවටම අයියේ...මගේ බ්ලොග් එක ලියන්නත් එයා මාව ගොඩක් දිරිමත් කරා. මං ගොඩක් ආදර්ශ ගත්තෙත් එයාගෙන්.ඒත් එයා දැන් නිහඬයි තමා. බුකියේ නම් ඉන්නවා මයෙ හිතේ...
DeleteelazZ, Onna magenuth subapethum.
ReplyDeleteMe sinduwa kawada ahanna wedida danne.@ 3G Nethuwa download karamin.
Thankuuu.......
Deletemata nam hodta 3G thinawa...ewannei tikak...
සිංදුව බෑවා. පට්ටයිනේ.. ස්ටුඩියෝ එකක කරා නම් එළටම තියේවි.. හිටපු ගමන් වොයිස් ඩවුන් යනව..
ReplyDeleteඒකනේ බං....අපිට කොයින්ද බූල් බල්ලෝ කිව්වලු....
Deleteටැන්කූ ඈ...
එල එලාස් කිව්වලු.....
ReplyDeleteටැන්කූ ටැන්කූ කිව්වලු....
Deleteමේක මරුනේ අනේ... නියමයි
ReplyDeleteබෝම ස්තුතියි අක්කේ....
Deleteනියමයි.... සිංදුව ලස්සනයි...... සුභ පැතුම් මගෙනුත්....!!
ReplyDeleteම්ම්....තැන්කූ වේවා....!!
Deleteඔබේ උත්සාහය අගය කරමි. මීළගට ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න උත්සාහ ගන්න.
ReplyDeleteමග්ස් වල දෙවැනි පේලියෙ වමේ ඉදන් තුන්වෙනි මග් එක මගේ....
බොහොම ස්තූතියි සත්ගුණවත් සිරා අයියේ....ඔයාටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා මං දැනගත්තේ ගෙට්ටුවේ ගීතයෙන් ගීතය වීඩියෝ එකෙන්..මරු ආ....
Deleteස්වතන්ත්‍ර නිර්මාණයක් කරා...ඒත් ගායනාව මගේ නෙවෙයි.:D
පදරචනය විතරයි මගේ...
මේ තියෙන්නේ ඒක...
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3759/unusumata-lanwee-abheetha-pavan-harith-ft-tharanga-sinhala-mp3.html