Monday, March 11, 2013

ආදරේ තනුවට පදවැලක් ?? ෴



සිත හෙමින් සලිත කළ
ආදරේ ගීතයට
අහිමි වුණු තනුව ගැන
සිතා ඵල නැති අරුම...

එකම තාලෙට නැඟුණ
තනු වලට ලියු කවිය
පෙමට තහනම් දමා
සිතම ආපසු අදින...

දෑස දෑසට යාව
මත්වෙනා ඒ තනුව
යළිදු හද වයන්නට
හදනවා පෙර ලෙසම...

ආයෙ ආයෙත් නුඹට
පදවැලක් ලියන්නට
මුළු හදම කෑගසයි
එහෙත් සිත පසුබටයි.....


....රන්දු....

9 comments:

  1. මම නම් කියන්නේ අලුතෙන් පද වැලක් ලිව්වොත් හොඳයි කියලා. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකට පැතුම් පුරනවා..ඒත්...
      ආසයි බයයි.....:D

      Delete
  2. ඉක්මනින් ලියන තරමටත් හොඳයි කියන එකයි මටත් කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා කියනවා නම් නොලියත් බෑ නොවැ....

      Delete
  3. ඉක්මනින් අලුතෙන් පදවැලක් ලිව්වොත් හොඳයි නේ?

    ReplyDelete
    Replies
    1. ලියමුද එහෙනම්....;) ;)

      Delete
  4. අලුත් එක්ක ලියන්න.නැත්නම් ලෝක ලෙඩක් වෙයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...ලෙඩක් වෙන්න කලින් ලියන්ට ඕනෑ...
      මේ පැත්තට අලුත් නේද.ආයෙත් එන්න හොඳේ....

      Delete
  5. යන්නේ කොහෙද මල්ලේ පොල්...
    දන්නේ නැත කියන කල්.....:D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...