2013 වසරත් ඉවරයි. එළඹිලා තියෙන්නේ 2014 වර්ෂය. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරලා ඉන්නම්. මේ වෙනකං ජීවිතේ අවුරුදු 22ක් ගත කරලා නේද කියලා වෙලාවකට හිතාගන්නත් අමාරුයි. අපිත් දැන් වයසයි.... මේ වෙනකං මම ගත කරපු ජීවිතේට කලාව ඇතුළු වුණේ නොහිතපු වෙලාවක නොහිතපු විදියකට. කලාව කියන්නේ හරිම සුන්දර දෙයක්.
පුංචි කාලේ ඉඳන් අහලා තිබුණ විදියට අපේ තාත්තා හොඳ කවි කාරයෙක්. තාත්තගේ සීයා, ඒ කියන්නේ මගේ මී සීයාගේ ගෙදර තිබිලා තියෙන්නේ හික්කඩුව ප්‍රදේශයේ තොටගමුවේ. කෙටියෙන්ම කියනවා නම් තොටගමුව රජමහා විහාරයට අල්ලපු වැටේ. ඒත් තාත්තගේ තාත්තා ජීවත් වුණේ ගාලු දිස්ත්‍රික්කයේ බටපොල කියන ගමේ. ඒ නිසා තාත්තත් තරුණ කාලේ ගත කරේ ඒ පැත්තෙමයි.
තාත්තලා තරුණ කාලේ මේ වගේ තාක්ෂණික පහසුකම් නොතිබුණත් කවිය කලාව කියන දේ සමාජගත කරන්න වෙනත් ක්‍රම ඕනි තරම් තිබිලා තියෙනවා. තාත්තාගේ ප්‍රධානත්වයෙන් 'මුතු' කියලා ප්‍රාදේශීය කවි සඟරාවක් පටන් අරන්. ඒ පැත්තෙන් සුප්‍රසිද්ධ කවියෝ විශාල වශයෙන් බිහිවුණා. වික්ටර් රත්නායකයන් ගායනා කරන 'අමා දහර' ගීතය රචනා කරපු පුණ්‍යසිරි මහවත්ත ඒ වගේ එක කවියෙක්. මුතු සඟරාව අතින් ලියලා බොහොම දුෂ්කර විදියට කරපු එකක්. ලංකාව පුරා විශාල ප්‍රමාණයක් ඒ සඟරාවට කවි එවලා තියෙනවා...
තාත්තලා තරුණ කාලේ මේ වගේ තාක්ෂණික පහසුකම් නොතිබුණත් කවිය කලාව කියන දේ සමාජගත කරන්න වෙනත් ක්‍රම ඕනි තරම් තිබිලා තියෙනවා. තාත්තාගේ ප්‍රධානත්වයෙන් 'මුතු' කියලා ප්‍රාදේශීය කවි සඟරාවක් පටන් අරන්. ඒ පැත්තෙන් සුප්‍රසිද්ධ කවියෝ විශාල වශයෙන් බිහිවුණා. වික්ටර් රත්නායකයන් ගායනා කරන 'අමා දහර' ගීතය රචනා කරපු පුණ්‍යසිරි මහවත්ත ඒ වගේ එක කවියෙක්. මුතු සඟරාව අතින් ලියලා බොහොම දුෂ්කර විදියට කරපු එකක්. ලංකාව පුරා විශාල ප්‍රමාණයක් ඒ සඟරාවට කවි එවලා තියෙනවා...
(මුතු සඟරාව ගැන වෙනමම ලිපියක් පසුව ලියන්නම්....)
ඉතින් ඔය වගේ මතකයන් ගොඩක් මට මගේ ළමා කාලෙදි තාත්තා උරුම කරලා දුන්නත් මම කවදාවත් හිතුවේ නෑ මට කවි ලියන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම කිසිම උත්සාහයක් වත් කරලා තිබුණේ නෑ.
ඒත් උසස් පෙළ කරන්න ගියාට පස්සේ මගේ හිත බොහොම තදින්ම පැහැරගත්ත එක යුවතියක් හිටියා. එයගේ අහිංසක හිනාවට, කතාවට, හැසිරීමට මගේ හිත තදින්ම ඇදිලා ගියා. ඒත් එක්කම මගේ හොඳම මිතුරෙක් වුණ චමිල, මට සහ ඒ ගැහැණු ළමයට විහිළු කරමින් එක එක කවි ලිව්වා. ඒත් එක්කම ටිකෙන් ටික මතුවෙච්ච ඒ ආදර හැඟුම් ගොන්න මගේ ඇතුලාන්තයේ හැංගිලා හිටපු කවි සිතුවිලි වලට පණ දුන්නා මෙන්න මේ විදියට.
හදවත සොඳුරු බව දුටුවෙමි ඔබේ | වතින්... |
සසරේ පුරුදු බව දැණුනෙමි එකම | සිතින්... |
හදවත බැඳුණි සැමදා මා ඔබට | නිතින්... |
ආදර _ _ ඔබ වෙනවද මගේ | ඉතින්... |
මේක තමයි මගේ කවි ජීවිතයේ ආරම්භය. තිඹිරි ගෙය. මේ කවියෙන් මගේ කවි අවස්ථිතිය නැති වුණා වගේ දැණුනා. මම මේ ගැහැණු ළමයට කවි බොහොම විශාල ප්‍රමාණයක් ලිව්වා. කවි 37 ක්. ඒත් ඒ සේරම මම එකතු කරගෙන හිටියා දවසක ආදරේ ප්‍රකාශ කරලම මේ ටික එයාට දෙනවා කියලා. ඒත් ඒ ආදරේ යම් යම් හේතූන් මත බොඳ වෙලා ගියා. ඒත් ඒ කවි ටික නම් මම ඒ ගැහැණු ළමයට දුන්නා. ඒ ගැහැණු ළමයගේ නම සඳහන් කවි හැර ඉතිරි ඒවා සියල්ල ඉදිරියේ දී සිතුවිලි හන්තානට එකතු කරන්නත් මගේ අදහසක් තියෙනවා.
ඉතින් ඊට පස්සේ මම මගේ ජීවිතේ එක එක සිදුවීම් පදනම් කරගෙන විවිධ කවි ලියන්න ගත්තා. හැබැයි ඒ බොහොමයක් ඒවා ආදරේ සහ විරහව පදනම් කරගත්ත නිර්මාණ. ඒ නිර්මාණ පල කරන මාධ්‍යය විදියට මම තෝරගත්තේ සයිබරය. ඒ කියන්නේ මුහුණුපොත සහ බ්ලොග් අඩවිය. ඒ නිර්මාණ පල කරපු අවස්ථා වල ලැබුණු ප්‍රතිචාර සහ මට දැණුන හැඟීම් මත මගේ නිර්මාණ වල විශේෂ අවස්ථා කිහිපයක් මේ විදියට මතු කරලා ගන්න හිතුණා.
මගේ අතින් ලියවුණ හොඳම නිසැඳස.......
නිසඳැස් නිර්මාණකරණයට වඩා ටිකක් අමාරු දෙයක් තමයි සැඳැස් නිර්මාණය. එළිසමය, විරිත්, අනුප්රාසය වගේ දේවල් ගැන සැලකිලිමත් වීමත් එක්කම අදහස ගලපා ගැනීම ටිකක් අමාරුයි.. ඒත් නිර්මාණකරනයේ යෙදෙනකොට ඒ දේවල් නිකංම ඇඟට හුරු වෙනවා. මේ තියෙන්නේ,
නුරා මුසු මදහස….
අරා නෙක සනහස….
ගජිඳු දළ සිසිළස….
විඳිමි ඒ සුව නිවා සරතැස…….
සොරා ගත් සිත යට....
විරහ රස යට කොට....
අසිරි සිරි බඳ වට....
යැවුණි දෑතම එරන්වන් වට......
සරා ඇඳි නෙතු කොඳ....
නොපිය පිය වෙන සඳ....
බලමි රස මුවරද....
සුවය දෙවමින් හංස සිසි බඳ.......
බුරා නැගි ගිනි සිත....
සරා ගිනි දෙන මත....
සලා මුව ඇය වත....
කිමිද බැලුවෙමි හංස විල මත......
ගිරා පොව්වකු වට....
නෙළුම් පෙති එක්කොට....
වැයූ වෙණ සරයට....
නොමැත උපමා එවන් වරයට......
සඳැස් නිර්මාණය සහ නිසඳැස් නිර්මාණයෙන් ඔබ්බට මගේ කලාකාමී බව ගෙනියන්න හේතුවුණෙත් තවත් ගැහැණු ළමයෙක්. ඒ ආශ්රිත සිදුවීම් කියන්න ගියොත් මේ ලිපියත් එපා වෙයි. ඉතින් ඒ විදියට කවි කලාවෙන් ඔබ්බට ගිහින් සින්දු ලියන්න පටන් ගත්ත මම ලියපු සින්දු වලින් සමහර ඒවා සින්දු නොවූ සින්දු කියන මේ ලේබයෙන් ඔයාලා කැමති නම් බලන්න පුළුවන්. ඒ සින්දු වලින්,
මගේ අතින් ලියවුණ අර්ථාන්විතම සහ මම ආසම සින්දුව.......
කවිය කියන්නේ හරි ලස්සන කලාවක්. හිතට සතුටක් දැණුනම ඒ සතුට, දුකක් දැණුනම ඒ දුක කවියකට පෙරලන එක මගේ ජිවිතේ පුරුද්දකට ගිහින්. ඉතින් ඒ වගේ මගේ හිතට ලොකූ දුකක් පාලුවක් දැණුන වෙලාවක මම මගේ දුක නැති වෙනකංම කවියක් ලියාගෙන ගියා. ඒක තමයි මං අතින් ලියවුන දිගම කවිය.
(දිග වැඩි නිසා ලින්ක් එක විතරක් එකතු කරා)
කවිය සහ සින්දුව මගේ කලාව වෙලා තිබුණ කාලේ තවත් විරහ හැඟීමක් මගේ හිතට එකතු වුණා හිතුවෙම නැති විදියට. ඒ විරහ හැඟීමෙන් ලබපු මානසික උත්තේජනයෙන් මගේ අතින් ලියවුණේ නවකථාවක්. හරියටම කියනවා නම් කෙටි නවකථාවක්...
මේ තියෙන්නේ,
ඒ විරහ අත්දැකීම මතම පදනම් වෙලා මගේ අතින් ලියවුණ සින්දුවක් පළවෙනි වතාවට හඬකින් අහන්න ලැබුණේ මේ විදියට.......
මේ සින්දුව මේ විදියට compose කරේ campus එකේ එකම batch එකේ සහෝදරයෙක් වන රුශාන් අරුනෝද්(බොහොම ස්තුතියි රුශාන්). මේ සින්දුව Homemade එකක්. studio එකක voice control කරලා කරපු එකක් නෙවෙයි.
මේ තියෙන්නේ ඒ ගැන ලියවුණ ලිපිය....
මගේ සින්දුවක් ගායන ලෝකයට එකතුවීම.....
ඔය විදියට හිතට අල්ලලා ගිහිපු ගීත කලාව original සින්දුවක් කිරීම දක්වා ගියා. මගේ අතින් ලියවුණ සින්දුවක් අලුත්ම තනුවකට අලුත්ම කටහඬකින් අලුත්ම 'ගීතයක්' විදියට නිර්මාණය වුණා.
'උණුසුමට ලංවී' ගීතය පහල තියෙන ලින්ක් දෙකෙන් එකකින් download කරගන්න පුළුවන්.
music.lk
ananmanan.lk
කැමති අයට ඒ සින්දුව ගැන සම්පූර්ණ කථාව මෙතනින් බලාගන්න පුළුවන්.
අතීතය සුන්දර වුණත් නැතත් අපේ හිතට නිරායාසයෙන්ම අතීතය මතක් වෙනවා. ඒ වගේ අතීතය මතක් වුණ වෙලාවක මගේ ළමා කාළය ගැන බොහොම ලස්සන ලිපියක් මගේ අතින් ලියවුණා. ඒක ආයෙ ආයෙ කියවන්න මම තාමත් ආසයි. ඒ තරමටම මගේ ඒ රචනයට මම ආසයි. මේ තියෙන්නේ ඒ,
මම මේ වගේ ගද්‍ය නිර්මාණ ලියන්න ගත්තට ඒවා කිසිම රීතියකට ගොඩනඟන්න උත්සාහ කරේ නෑ. ඒත් අවසානෙට මම එහෙම උත්සාහයකුත් කරා. කෙටි කතාවක මූලික ලක්ෂණ ඇතුලත් කරලා මගේ අතින් කෙටි කතාවක් ලියවුණේ මෙන්න මේ විදියට.....
*මගේ කලා හැකියාව දියුණු වීමට මහත් පිටුවහලක් වූ මගේ අතිජාත මිත්‍ර අකලංකත් මමත් එක්ව ඇරඹි සඳඑළිය මුහුණුපොත් කවිසමාජය ගැන නොකියාම බැරිය.
*හින්දි සින්දු සිංහලයට අනුවර්ථනය කිරීමේ අහිංසක උත්සාහය.
*මා ලියූ ගද්‍ය නිර්මාණ.
*මා ලියූ සමහර සින්දු.
*මා ලියූ සමහර කවි.
කලාවේ විවිධ තැන් ස්පර්ශ කරමින් පැමිණි අවුරුදු 22 ක මගේ ඉතිහාසය දිගහැරෙන්නේ එපරිදිය...
මා නිර්මාණකරණයෙන් යම් සාර්ථකත්වයක් ලබා තිබේ නම් එහි පැසසුම අපහසුවෙන් හෝ ඒවා කියවා නිතර මා දිරිමත් කළ ඔබ සියලු දෙනාට නොමඳව හිමිවේ. මගේ මෙතෙක් ගමන් මඟ පිළිබඳව ඔබගේ අදහස්, යෝජනා, චෝදනා වේ නම් (විශේෂයෙන්ම චෝදනා) මෙහි සටහන් කිරීමට ඔබගේ කාලයෙන් මොහොතක් වෙන් කරන්නේ නම් එය මට කරන මහත් උපකාරයක් සේ සලකමි.......
෴රන්දුනු යසරංග
හ්ම්ම් ... හොද ගමනක්
ReplyDeleteම්ම්ම්....බොහොම ස්තුතියි.....!!!
Deleteඅර සිංහල වර්ශන් එක ඇහුවෙ අද.
ReplyDeleteනියමයි.
සිංදුව කියනකොය වීදුරු බිඳෙන සද්දෙ දෙපාරක් ඇහෙනවා... o.O
ස්තූතියි....^_^
Deleteමාර කොල්ලෙක්නෙ..සුභ පතනව ඉදිරියටම යන්න කියල..
ReplyDeleteබොහොම ස්තුතියි උමේෂ්........
Deleteලස්සනයි මල්ලි...විරහව උනත් බොහොම කලාත්මකව මේ විදියට විදදරාගන්න එක ගැන...ඔබ වැනි කලාකාමී සොදුරු හදවතක් හැර ගිය ඇය සැබවින්ම අවාසනාවන්තියක්....2014 වසරේවත් ඔය හිත හැදේවා...ඔබ පතනා ආකාරයේ හදවතක් ලං වේවා !
ReplyDeleteකලාකාමී වුණාට මගේ හදවත සොඳුරු නැතුව ඇති අයියේ....:(
Deleteබොහොම වැදගත් සුභ පැතුමක්. ඒකට බෝම ස්තුතියි.....!!!
උඹට හරියන්නේ ඔය පැත්ත බං! අපි ඔය C කෑලි C++ කෑලි අමතක කරලා මේ පැත්තටම බහිමු බං!
ReplyDeleteඒක තමයි මාත් කල්පනා කරේ.....ඒත් කලාවෙන් ජිවත් වෙන්න බෑ නේ බං...:(
Deleteඑහෙම ජීවත් වෙන්න නම් රැල්ලට යන්න වෙනවා.....එතකොට කරන්න වෙන්නේ අපිට ඕනි නිර්මාණ නෙවෙයි.
ජනතාව ඉල්ලන කුණු රසය..........
අප්පට සිරි ඔයා ෆට්ට බුලට් එකක් නේ එල එල දිගු ගමනකට සුබ පැතුම
ReplyDeleteඅඩේ ෆට්ට බුලට් එකක් නම් නෙවෙයි බං. නිකං ආසාවට කරපු දේවල්....කවි ලිව්වේ නම් දුකට....:D
Deleteසුභ පැතුම් මලයා.. දිගු ගමනක් සාර්ථකව යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබෝම ස්තුතියි අයියේ........
Deleteබොහොම අගෙයි රන්දුනු.. මලයා.. ජයවේවා
ReplyDeleteජයවේවා දේශකයා අයියේ.....
Deleteතැන්කිව්...^_^
නවකතාව ගැන නම් මම මගේ අදහස කිව්වනේ.. මේකේ තියන නිර්මාණ වලින් මම කැමතිම සඳැස් නිර්මාණයට..
ReplyDeleteම්ම්..ඒක මෑතක දි ලියවුණ එකක්. මමත් ආසම ඒකට.
Deleteබෝම ස්තුතියි සිතූ.....
පිස්සු කොර නේ.. කවි කාරයෙක් ගීත රචකයෙක් බවට පත් වෙලා..
ReplyDeleteජයම වේවා.. හෙමීට සිංදුව අහල බලමුකෝ..
:D :D
Deleteහ්ම් හ්ම්..අහලා බලන්ටකෝ අයියේ...ගුණ දොස් කියන්න.
විරහව කියල කියන්නෙ නිර්මාණ උල්පතක්. තව දුර යන්න ශක්තිය පතනවා. මමත් වෙලාවක මෙහෙම එකතුවක් දාන්නම්කෝ... මේ වගේ දිග කතාවක් තියනවා මටත්.
ReplyDeleteඔව්. නිර්මාණ උල්පතක්....බොහොම ස්තුතියි සුභ පැතුමට....
Deleteඔයත් දාන්නකෝ. ඒ කතාව කොහොමද කියලා බලන්න ඕනි....
නියමයිනෙ මල්ලි.
ReplyDeleteහැකියාවන් දියුණු කරගෙන තව බොහේ දුර යන්න හැකිවේවා කියල පතනව.
බොහොම ස්තුතියි අයියේ........
Deleteඔක්කොම එකම වහලක් යටින් :D
ReplyDeleteපලවෙනි කවිය හදන්න අහීතයෙ ගොඩක් දුරකට යන්න වෙලා නෑ මට වගේම .. හරිම ලස්සනයි සියලුම නිර්මාන.. සදැස් නිර්මානෙයෙ වචන හරඹය මරු.. :)
:D :D ඔව් ඔව්.... කාලය අතින් ගත්තොත් මම තාම ළදරු කවියෙක්......
Deleteබෝම ස්තුතියි මචං.....
ඉතාමත් ඉහළයි රන්දු මලයා
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් අයියේ.........
Deleteසියලු සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteහැකියාවන් දියුණු කරගෙන තව බොහේ දුර යන්න හැකිවේවා කියල හදවතින්ම සුභ පතනවා
ඔබටත් එසේම වේවා.....!!!!
Deleteබොහොම ස්තුතියි සුභ පැතුමට.....
අගය කරමි :) නියමයි රන්දු ලැබුවාවූ නව වසරටත් සුබ පතනවා !!!!!!
ReplyDeleteස්තුතියි රූවෝ.....
Deleteඔයාටත් එසේම වේවා...!!!!
කෙල්ලෙක් කරපු මගුලක් ඈ
ReplyDeleteසිරාවට ඕයි......
Deleteඅර මුතු කවි සඟරාව 1884 එකක්ද? එතකොට ඒ ඔයා ගේ තාත්තාගේ තරුණ කාලෙද? මට ඒක පොඩ්ඩක් අවුල්.
ReplyDeleteඒ සඟරාව ගැන ලිපිය කියවන්න කැමතියි!
අම්මේ....ඇති යන්තන් එක්කෙනෙක් හරි ඒ ගැන ඇහුවා...බෝම ස්තුතියි අයියේ ඒ ගැන ඇහුවට...
Deleteඔව් අයියේ. ඒක තාත්තා තරුණ කාලේ කරපු වැඩක්. 1984. ඒකේ නවයේ යට රවුම ටිකක් වැඩියෙන් ගිහින් නිසා 8 වගේ පේන්නේ....:D
මේ සතියේ අපිට එක්සෑම්. ඊළඟ සතියේ ඒ ලිපිය දාන්නම් අනිවා....
මේ අවුරුද්දෙත් අපිත් එක්ක ඉදලා මේ විදියටම ලියමු එහෙනම්
ReplyDeleteම්ම්ම්....ඔව් ඔව්. අනිවා....
Deleteතව කලාව සමිබන්ධයෙන් කරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවාද??? o.O
ReplyDeleteදිගටම සුභ පැතුමි :)
ඒක තමයි මාත් කල්පනා කරේ.....:D
Deleteසින්දුවක් කියන්න, රඟපාන්න වගේ ඒවා තමයි ඉතුරු වෙලා තියෙන්නේ........
සිංදුවනම් බුකියෙ ලින්ක් එක හරහා ගිහින් කලින් ඇහුවා අද තමා මේ පෝස්ට් එක කියෙව්වෙ, කලා හැකියාව දිනෙන් දින දියුනු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචෝ :)
ReplyDelete