"ඕක පොඩ්ඩක් එහාට කරගන්නවකෝ. යන්න එන්නවත් ඉඩක් නෑ නේ." අක්කා ඒ මැසිවිලි නැගුවේ මට ය.
ඇගේ ස්වරයට ප්රතිමැසිවිල්ලක් නඟමින් මම මගේ පත්තරය සහ කුප්පි ලාම්පුව සාලයේ අයිනකට කරගෙන මමද අයිනට ගියෙමි. ගෙබිම සිමෙන්ති දමා තිබියදී රාත්‍රිය කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් කිරීම නොගැලපීමක් ලෙස මගේ ළමා මනසට සිතුණ නමුත් දැන් මා ජගතා පත්තරයේ ඇති ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න විසඳමින් සිටින්නේ එවන් නොගැලපීම් සමූහයක් මධ්‍යයේ ය...
"පුතේ, ඔය බිම ඉඳන් වැඩ කරන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි....ලාම්පුත් එක්ක හරි පරිස්සමින් වැඩ කරන්න ඕනි. යන්න මේසෙට." ඒ තාත්තාගේ හඬ ය.
" අනේ බෑ... තාත්තේ. මෙතන හරි සනීපයි නේ." මම ආයාචනාත්මක ස්වරයෙන් පවසා යළිත් ප්‍රශ්න වලට හිත යොමු කළෙමි.
අක්කා වරෙක සාලයටත් වරෙක කුස්සියටත් තවත් විටෙක කාමරයටත් යමින් මොන මොනවාදෝ සොයනු ඇසේ. ඇය මට වඩා අවුරුදු 4ක් වැඩිමහල් ය. ඇය සොයන්නේ පාසල් වැඩකට අවශ්‍ය යමක් යැයි මගේ සිත පැවසුවත් මගෙන් ඒ ගැන කෙලින්ම නොවිමසූ නිසාවෙන්ද 8 වසරේ 'පණ්ඩිත' වැඩ මට අවශ්‍ය නැති නිසාවෙන්ද මා ඒ පිළිබඳව උදාසීන ලීලාවෙන් පසු වුණෙමි.
අම්මා කුස්සියේ ය. කුස්සිය ගෙයින් පිටත, ගෙයට අල්ලා සාදා තිබූණු නමුත් සෙවිලි කර තිබුණේ ඉලුක් ය. කුස්සියේ මිරිස් ගල පෙරලෙන ශබ්දය යාන්තමට ඇසේ. ඒ සමඟ එන ලූණු සුවඳ පවසන්නේ රෑ කෑමට ඇත්තේ අක්කාත් මමත් ඉතා කැමති 'අපේ අම්මාගේ පොල් සම්බෝලය' බවය. තාත්තා පොල් සම්බෝල කෑමට වැඩි කැමැත්තක් නැත. එහෙත් පොල් කෑමට මහත් රුචියක් දක්වයි. ඒ නිසා තාත්තාට ලුණු මිරිස් සමඟ පොල් ද, අක්කාට සහ මට පොල් සම්බෝලය ද එකම දීසියක ලිප්ගල් තුනක් සේ තබා පවුලේ 'විශේෂිත කෑම මේසය' වූ සිමෙන්ති පොළවට පැමිණීම මෙවන් වූ දිනයක සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
තාත්තාට ලුණු මිරිස් සමඟ පොල්....
අක්කාට පොල් සම්බෝල.....
මට පොල් සම්බෝල.....
අම්මට........???
අම්මා ඔය දෙකටම කැමති බව පවසන්නීය. එහෙත් අම්මා කන්න කැමති මොනවද? අම්මා කන්නේ මොනවද? අපි දන්නේ නැත.
අක්කාගේ නියමයට කීකරුව චිමිනියේ දැලි සෝදා පිරිසිදු කර මා විසින්ම පත්තු කරන ලද ලන්තෑරුම මා ඉදිරියෙන් ඇති ටීපෝ එක උඩ දැල්වේ. තාත්තා එහි එළියෙන් යමක් ලියනු පෙනේ.
තවත් වසරකින් පමණ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇත. තාත්තා, අම්මා, අක්කා සහ පන්තිභාර ගුරුතුමා පවසන දෙයින් කනට ඇතුළු වන දේවල් හැරුණුකොට එම විභාගය පිළිබඳ වෙනත් අවබෝධයක් මගේ සිත තුළ නොතිබුණි. පත්තර කියවීම සහ පත්තරවල ඇති වැඩ කිරීමට ඇති ආසාව නිසාම මුනින් අතට බිම දිගාවී 'ජගතා' පත්තරයේ වැඩ කරමින් මම මෙසේ සිටින විට 'පිංචි' මගේ අතෙහි හෙවනැල්ල සමඟ සෙල්ලම් කරමින් සිටිනු මට පෙනේ.
අම්මා ඇයගේ මිතුරියකගේ නිවසින් රැගෙන ආ 'සරා' ගේ කුළුඳුල් පැටවුන් දෙදෙනාගෙන් එකෙකි 'පිංචි'. ඔවුන් උපන් දිනය තවමත් සිත සතුටින් පුරවාලයි. සුදුම සුදු පුළුන් බෝලයක් සහ කළු ඉරි ඇඳි සුදු බෝලයක් 'සරා' කුළුඳුලේම අප නිවසට දායාද කළාය.
"දෙන්නම පූසියෝ වගේ...." අම්මා පැවසුවාය.
සුදුම සුදු පුළුන් බෝලය අක්කාගේය. ඌ 'හිංචි' ය.
කළු ඉරි ඇඳි සුදු බෝලය මගේය. ඌ 'පිංචි' ය.
'හිංචි පිංචි'
උපතින්ම දුර්වලව සිටි 'හිංචි' ඇස් නොඇරම මිය ගියාය. අක්කා එදින ඉමහත් දුකින් සිටි බව දුටුවෙමි. අක්කාගේ සුරතලා මියගොස් මගේ සුරතලා ඉතුරු වූ බැවින් මම අක්කාට ඉමහත් සතුටක් පෙන්නුවද මමද එදින අවංකවම දුක් වුණෙමි.කෙසේ වුවත් ඉන්පසු හිංචිගේ කිරි ටිකද බොන 'පිංචි' වේගයෙන් ලොකුවන බව මගේ දෑස් අභියසම දැන් දක්නට ඇත. දැන් ඌට මාස හතරකට කිට්ටුය.
ඌ උගේ පාඩුවේ ඉදිරිපස ගාත් දෙක දික්කරමින්ද එක්වරම පිටුපසට පනිමින්ද වලිගය කරකවමින් අපූරු රංගනයක යෙදේ. මම මද වේලාවක් වැඩ කිරීම නවතා ඒ දෙස බලා සිටියෙමි. ගෙදර මුළුමනින්ම නිහඬය. 'ටක් ටක් ' හඬ නඟමින් බිත්ති ඔරලෝසුවේ තත්පර කටුව ගමන් කරන හඬ පවා ඇසේ. සුදු හුණු ගා පිරියම් කර තිබූ වරිච්චි බිත්තිය දිගේ හූනෙකු හෙමින් හෙමින් ඉහලට ඇදෙයි.
"පුතේ.., ඔය පූසා ඔතනින් අයින් කරලා වැඩ කරන්න.." අම්මා කුස්සියෙන් සාලයට එබී පවසයි.
"හාං......" කියූ මම 'පිංචි' ව ඈතට තල්ලු කළෙමි. ඇය මගේ අත බදාගත්තාය. මම අත ගසා දමා උගේ ඔළුව අතගා යළිත් පත්තරය වෙත හිත යොමු කළෙමි.
බිත්තියේ සිටි හූනාගෙන් 'චික් චික්' ශබ්දයක් ඇසුණි.
බිත්තියේ සිටි හූනාගෙන් 'චික් චික්' ශබ්දයක් ඇසුණි.
'පිංචි' යළිත් මගේ අවකාශය ආක්‍රමණය කරමින් සිටියි. දැන් ඌ සෙල්ලම් කරන්නේ මගේ අත ඇති මා ලියන පෑන සමඟය.
"අනේ...පලයංකෝ එහාට..." මම යළිත් ඌ උස්සා ඉවතට දැමුවෙමි.
'පිංචි' යළිත් මගේ පෑනට පනියි. මගේ ඉවසීම දැන් නිහඬව තිබෙන තත්පර කටුව මෙනි.
'පිංචි' යළිත් මගේ පෑනට පනියි. මගේ ඉවසීම දැන් නිහඬව තිබෙන තත්පර කටුව මෙනි.
"පලයංකෝ වද නො.."
ටකස්..!!
මගේ අත වැදී කුප්පි ලාම්පුව පෙරලුණි. එය වැටුණේ 'පිංචි' ගේ ඇඟට ය. භූමිතෙල් ඉහිරුණු ඇගේ සිරුර ගිනිදලු විසින් ක්ෂණිකව ග්‍රහණය කරගත්තේ ය.
"අනේ අම්මේ, මෙන්න පූසා ගිනිගත්තා. ඉක්ම..න..ට එන්..න.....වතුර එකක් ගේන්න.....තාත්තේ....අක්කේ..." කියා මගේ හිතින් මම කෑගැසුවත් කටින් පිටවූයේ එය නොවේ..
"අනේ... අම්මේ... පූසා...අනේ...අම්මේ......"
"අනේ... අම්මේ... පූසා...අනේ...අම්මේ......"
මට හුන් තැනින් නැගිටිණි. වචන ගොළු ගැහුණි. හිස දෙපසට වනමින් දෑත් දෙපසට දිගුකරගෙන සොලවමින් යළි යළිත් කෑගැසුවෙමි.
"අම්මේ....අනේ.....පිංචී........අම්මේ......................."
සිරුරෙහි ගිනි ඇවිළුණු පූසා එහෙට මෙහෙට දුවමින් සිටී.
"ඒයි..... ඉක්මනට වතුර එකක් ගේන්න...." තාත්තා මොරදෙනු මට සිහිනෙන් මෙන් ඇසේ. පූසා අක්කා සිටි කාමරයට දුවයයි.
"අනේ දෙයියනේ......" අම්මා වතුර බාල්දියක් රැගෙන කාමරයට දුවයි. ඒ සැණින් 'පිංචි' කාමරයෙන් එළියට දුව එයි. ඉන්පසු ඉදිරිපස දොරින් එළියටම දිව්වාය.
"අනේ අම්මේ පූසා......අනේ......." මම අත්ගසමින් 'පිංචි' පසුපස දුවයි. තාත්තා, අක්කා ද ගණ අඳුරේ 'දුවන පන්දම' හඹායමින් සිටියි.
"ඒයි..... ඉක්මනට වතුර එකක් ගේන්න...." තාත්තා මොරදෙනු මට සිහිනෙන් මෙන් ඇසේ. පූසා අක්කා සිටි කාමරයට දුවයයි.
"අනේ දෙයියනේ......" අම්මා වතුර බාල්දියක් රැගෙන කාමරයට දුවයි. ඒ සැණින් 'පිංචි' කාමරයෙන් එළියට දුව එයි. ඉන්පසු ඉදිරිපස දොරින් එළියටම දිව්වාය.
"අනේ අම්මේ පූසා......අනේ......." මම අත්ගසමින් 'පිංචි' පසුපස දුවයි. තාත්තා, අක්කා ද ගණ අඳුරේ 'දුවන පන්දම' හඹායමින් සිටියි.
" ඌව කොටුකරන්න. වතුර ගහන්න. ගේ ඇතුළට යන්න දෙන්න එපා......" තාත්තා බෙරිහන් දෙයි.
එළියට බට දුවන පන්දම මීටර හය හතක් දිව ගොස් ගේ අසල ලාවුලු ගහට නගියි. අම්මා වේගයෙන් දුවවිත් වතුර බාල්දිය දමා ගැසුවාය. කළුවරේ එල්ල කළ වතුර පහර වැදුනේ බාගෙටය. තවමත් ඇවිළෙන 'පිංචි' ගසෙන් බිමට පැනගත්තාය. දැන් ඌ දුවන්නේ ගේ පිටුපසට ය. එනම් කුස්සිය දෙසටය.
එළියට බට දුවන පන්දම මීටර හය හතක් දිව ගොස් ගේ අසල ලාවුලු ගහට නගියි. අම්මා වේගයෙන් දුවවිත් වතුර බාල්දිය දමා ගැසුවාය. කළුවරේ එල්ල කළ වතුර පහර වැදුනේ බාගෙටය. තවමත් ඇවිළෙන 'පිංචි' ගසෙන් බිමට පැනගත්තාය. දැන් ඌ දුවන්නේ ගේ පිටුපසට ය. එනම් කුස්සිය දෙසටය.
දෙයියනේ!! ඉලුක්....!!
"අයියෝ...අන්න ඌ කුස්සියට දුවනවා......" අක්කා භීතියෙන් හඬතලයි....
"අනේ.....අම්මේ.....පූසා.......අනේ....පිංචී....." මම කෑගසමින් දුවයි.
කුස්සියට ඇතුළුවීමට 'පිංචි'ට ඇත්තේ තව අඩි කිහිපයකි. තාත්තා වේගයෙන් දුවයයි. කුස්සි දොරින් එළියට පැමිණි අම්මගේ දෑතේ කොරහකි.
කුස්සියට ඇතුළුවීමට 'පිංචි'ට ඇත්තේ තව අඩි කිහිපයකි. තාත්තා වේගයෙන් දුවයයි. කුස්සි දොරින් එළියට පැමිණි අම්මගේ දෑතේ කොරහකි.
ගිනි පන්දමට ඉහළින් අම්මා කොරහ බිමට ඇතෑරියා ය. 'පිංචි' කොරහ ඇතුලේය. ඇගේ සිරුර වෙලාගත් ගිනි මාරයා අවසන් ගමන් ගොසිනි.
"ඇති යන්තං ඔයින් ගියා.." තාත්තා සුසුමක් හෙලයි.
"හදිස්සියට කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා කිව්වට, පිහිට වුණේ කොරස් කටම තමයි." අම්මා කීවාය.
මම කොරහා ඉවත් කර බැලුවෙමි. කළුවර නිසා මුකුත් නොපෙනේ.
"අක්කේ, ටෝච් එක ගේන්නකෝ...." අක්කා ඒ වනවිටත් ටෝච් එක රැගෙනවිත් තිබුණි. පූසා හොඳින් සිටී. ඔව්. 'පිංචි' හොඳින් සිටී. උගේ පසුපස ගාත් දෙක හා පසුපස පෙදෙසම පිළිස්සී ගොසිනි. නමුත් ඌ පණපිටිනි.
"අක්කේ, ටෝච් එක ගේන්නකෝ...." අක්කා ඒ වනවිටත් ටෝච් එක රැගෙනවිත් තිබුණි. පූසා හොඳින් සිටී. ඔව්. 'පිංචි' හොඳින් සිටී. උගේ පසුපස ගාත් දෙක හා පසුපස පෙදෙසම පිළිස්සී ගොසිනි. නමුත් ඌ පණපිටිනි.
"ඇති යා..න්තං...." මට සැනසුම් සුසුමක් හෙලිණි.
"මූව අරගෙන යමු ගෙට. බලමු මොනාද කරන්න පුළුවන් කියලා...." ඒ අම්මාය.
සතුන්ගේ පොඩි පොඩි ලෙඩ වලට ගොඩ බෙහෙත් කිරීමට අම්මා දක්ෂය. ඒ නිසා 'පිංචි' ද අම්මා විසින් සනීප කරනු ඇත. මගේ හිත කියයි.
සතුන්ගේ පොඩි පොඩි ලෙඩ වලට ගොඩ බෙහෙත් කිරීමට අම්මා දක්ෂය. ඒ නිසා 'පිංචි' ද අම්මා විසින් සනීප කරනු ඇත. මගේ හිත කියයි.
සම්බෝල මගේ ප්‍රියතම ආහාරය වුවත් එදා රෑට මම කෑවේ නැත්තේ මගේ අතින් වූ වරද වසාගන්නට මෙනි. පසුදා උදේම අවදි වී පිංචිව බැලීමට ඌ සිටින තැනට ගියෙමි.
"මේ ඉන්නේ හොඳට." කියා මම උගේ හිස අතගෑවෙමි.
"ඤාව්..." මා දෙස අහිංසක ලෙස බලා කෙඳිරූ ඒ හඬෙහි වෙනදා ඇති දඟකාර බව නැතැයි මට සිතුණි.අම්මා ඌට බෙහෙත් කිරීම අරඹා ඇතිබව මා දැනගත්තේ කුස්සියේ තිබූ බාගෙට කැපූ කෝමාරිකා පිල්ල නිසාවෙනි.
එදින පාසල් ගොස් පැමිණි විට ඌ කොර ගසමින් ඇවිදීමට පටන්ගෙන තිබුණි. ඒ සමඟම මගේ හිතේ ඇති වී තිබූ වරදකාරී හැඟීම ක්‍රමයෙන් ඈත් වෙමින් තිබුණි.
"ඌ දැන් බත් කනවා.." අම්මා මගේ හිතේ සතුට වැඩි කරන යමක් කීවාය.
"ම්ම්..මරු මරු."
සතියක් පමණ ගතවුණි. 'පිංචි' කොරගසමින් ඇවිදියි. එහෙත් සැරින් සැරේ කෙඳිරි ගායි. ඌට දැන් හොඳයි. මගේ හිත මුමුණයි. එහෙත් සතියකට පමණ පසු එක් දිනයෙක පාසල් ගොස් නිවසට පැමිණි විට මගේ අසරණ පිංචි පණ අදිමින් සිටිනු දැකීම හිත කීරීගසන සුලු දර්ශනයක් විය.
වැරදිකාරයා මමය. අපරාධකාරයා මමය. වගකිවයුත්තා මමය.
"ඌට කන ඒවා යන්න තැනක් නෑ" අම්මාද අසරණ ලෙස කියාපායි. පිලිස්සුම් නිසා උගේ ගුද මාර්ගය අවහිරවී ගොසිනි. අම්මා කීවේ එයයි. පණ අදින පිංචි දිහා බලා සිටීමට බැරිය. මම එතනින් ඉවත් වුණෙමි. ස්වල්ප වේලාවකින් 'පිංචි' මෙලොව දමා ගිය බව අම්මා පැවසුවාය. අක්කා සහ මම පණසුන් 'පිංචි' ගේ සිරුර කාඩ්බෝඩ් පෙට්ටියක දමා පරිස්සමින් වලදැමුවෙමු. ඉන්පසු වල වසා දමා ඊට උඩින් ඉද්ද මල් දෙකක් ද තැබුවෙමු.
'සරා' ගේ කුළුඳුල් දරු දෙදෙනාම අප අතැර ගොසිනි. මගේ නෙතඟ කඳුලින් තෙමුණි.
වැරදිකාරයා මමය. අපරාධකාරයා මමය. වගකිවයුත්තා මමය.
වැරදිකාරයා මමය. අපරාධකාරයා මමය. වගකිවයුත්තා මමය.
"මම ආයේ බිම වැඩ කරන්නෑ..." මම මටම කොඳුරාගත්තෙමි.
( මෙය මගේ ළමා කාලයේ සිදුවූ සත්‍ය සිදුවීමක අඳුරු මතකය හෙළිදරව් කිරීමකි )
පසුව ලියමි:
* එදා පිංචි කුස්සියට දිව ගියේ නම් ඉලුක් වලට ගිනි ඇවිලී මුළු ගෙයම ගිනි ගැනීමට ඉඩ තිබුණි. එසේ වුණි නම් එය මගේ ළමා කාලයේ සිදුවූ බිහිසුණුම සිදුවීම වීමට ඉඩ තිබුණි.
*මෙය මගේ ළමා කාලයේ සිදුවූ ඉතාමත් දුක්බර සිදුවීමකි. දවස් දෙකක්ම මා හරිහැටි කෑමක් නොගත් බවත් සති දෙක තුනක් ගතවන තුරු මා ඔහේ කල්පනා කරමින් සිටි බවත් අම්මා අද මා සමඟ පවසයි. අදටත් ඒ සිදුවීම මතක් වන විට 'පිංචි' ගැන විශාල ශෝකයක් ඇති වේ.
෴ රන්දු ෴
මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴
වැස්ස (අ)සුන්දර ද.........? ෴
Images : http://www.popkitten.com
දෙයක් උණාට පස්සේ අපේ මොකක් හරි පොඩි සම්බන්දයක් තිබ්බොත් ඒ සිද්දියට, අපිට නිදහසක් නෑ ඒක ගැන මතක් වෙන වාරයක් ගානේ
ReplyDeleteහ්ම්ම්ම්...අද මං මේක මතක් කරාම අපේ තාත්තා පවා දුක් වුණා....
Deleteහරිම හැඟීම් බර උනා රන්දු මම . මට පොඩි කාලෙ මතක් උනා.. පූසො ගොඩක් එක්ක මමත් හිටියෙ.. මම ගොඩාක් ආදරෙයි උන්ට.. මට තාම මතකයි මම ඉකි ගගහ ඇඩුව හැටි කලු පූස් පැටිය නැති උන දවසෙ .. හ්ම්ම්ම්
ReplyDeleteපපුව හොස් ගාල පත්තු උනා :(
තමන් අතින්ම වුන දේකින් ඌ නැති වුණාම කොච්චර දුකද....ඒක හරිම වේදනාකාරී දෙයක්....
Deleteකුප්පිලාම්පුව ජිවිත කියක් බිලි ගත්තද
ReplyDeleteහ්ම්ම්ම්...ඔව් ඒකත් ඇත්ත. ඒ ගැන හිතද්දි නම් මේක බොහොම චූටි අනතුරක්...
Deleteසමහර දේවල් තියනවා කෙලින්ම අපේ සම්බන්ධයක් නැති වුණත් අපිට මහා වරදකාරී හැඟීමක් ඉතිරි කරවන.. ඒත් මේ වගේ දෙයක් ගැන නම් ඒ හැඟීම සිය දහස් ගුණයකින් වැඩියි.
ReplyDeleteඔව් සිතූ....ඒ හැඟීම් හරිම වේදනාකාරියි. මේක ලියාගෙන යද්දි අවංකවම මාව වෙවුලන්න ගත්තා සමහරතැන් වලදී...
Deleteමේ වගේ දෙයක් වුණා ම දරා ගන්න අමාරු යි තමයි. මටත් ඇඬුණා මේක කියවල ඉවර වෙද්දි.
ReplyDeleteම්ම්ම්....ඒ කියන්නේ මගේ සිද්ධි ප්‍රතිනිර්මාණය සාර්ථකයි...
Deleteතමංගෙ අතින් වැරැද්දක් උනා කියල හිතෙනකොට සෑහෙන්න දුකක් ඇතිවෙනව තමයි. හුරතලේට හදන සත්තු ගැන විශේෂයෙන්ම.
ReplyDeleteහ්ම්ම්ම්.......:(
Deleteමගෙත් ඇහැට කදුලක් ආවා....මමත් මේ අහිංසක සත්තුන්ට බොහොම ආදරය කරන කෙනෙක්...මම ලංකාවෙන් එන්න කලියෙන් අපේ ගෙදර හිටිය පූසට වස වර්ගයක් කැවිලා ලෙඩ වෙලා ඉන්න වෙලාවක පශු වෛද්‍ය තුමා නියම කරපු බෙහෙත් ටික පොවාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුනා...නිවසක ආදරයෙන් ඇති දැඩි කරන සතෙක් අවසන් ගමන් යන්නට සැරසෙනකොට දැනෙන්නෙ හරිම හිස් බවක්...ඒ මොකද ඒ අය ජීවත් වෙන වසර ගාන තුලදි ඒ අයත් පවුලේ කෙනෙකු වගේ සැළකුම් ලබන නිසා...
ReplyDeleteමේක මම රස කර කර ලිව්වට කියෙව්වේ එකම එක සැරයයි අයියේ. කියවන්න බැරි තරම් අප්සට්....
Deleteඅපේ ගෙදර හිටපු අනිත් සුරතල් සත්තු නම් ගොඩක් දුරට අපිට නොපෙනී මැරුණේ(මැරුණා කියලා හිතනවා). එයාලා අවසාන කාලේ ගෙදරින් ගිහින්......
හ්ම්ම්ම්.... ගොඩක් දුකයි.....තමන්ගේ සුරතලා නැති වුනාම ඇතිවෙන දුක මමත් අත්දැකලා තියෙනවා,,,,,,,අපේ ගෙදර හිටපු බලු පැටිය නැති වුනාමත් අපේ ගෙදර හරියට මල ගෙයක් වගේ වුනා.....
ReplyDeleteඒ සුරතලා නැති වෙන්නේ තමන්ගේ අතින්ම වෙන වැරද්දකින් නම්.....හ්ම්ම්ම්ම්
Deleteජීවිතේ අපි නොහිතන තරම් ඩෙවල් වෙනවා බං ....ඕක තමයි ජීවිතේ
ReplyDeleteහ්ම්ම්. ඔව් බං. ජීවිතේ හරි පුදුමයි...!!
Deleteපිංචියා ගැන මට දුක යි, රන්දු. කියවලා ඉවර වෙනකොට මට ඇඬුණා :'(
ReplyDeleteම්ම්..ඇඬුණා නම් මගේ රචනා ශෛලිය ගැන මට සතුටු වෙන්න පුළුවන්...
Deleteඒත් ඒ දුක ගැන නම්............:(
ඔව් රන්දු මේ වගේ දේවල් වුනාම ජීවිත කාලෙම ඒක අපේ ඔලුවෙ වැඩකරනව..හිතල කරපු දෙයක් නෙවෙයිනෙ.
ReplyDeleteමේ මතකය හරිම අමිහිරි මතකයක්........
Deleteමේ වගේ දේකින් හරි ඒ බර බිමින් තිබ්බ එක හොදයි
ReplyDeleteඅන්න අයියට තේරුණා මේක ලිවීමේ නියම අරමුණ........
Deleteකියවලා ඉවර වෙද්දි ඇස් දෙකේ කඳුළු පිරුනා. මම ලේසියෙන් අඬන කෙනෙක් නෙවේ. ඒ කියන්නෙ මේක අපූරුවටම ලියවිලා තියනවා. ගෙදරක ඇතිකරන සුරතල් සත්තු කියන්නෙ පවුලෙම අය වගේනෙ. එයාල දාල ගියාම දුක හිතෙනව තමා. මට ඉස්සෙල්ලම මරණය කියන අත්දැකීම ගැන අවබෝධයක් ලැබුනෙ අපේ ගෙදර ඇති කරපු මියෑව් මියෑව් අපිව දාල ගියපු දවසෙ. කම්පනය තවමත් ඒ විදියටම දැනෙනව මතක් වෙද්දි.
ReplyDeleteඅසෙනි, බෝම ස්තුතියි අගය කිරීමට..
Deleteබලාගෙන යනකොට ගොඩක් අය සුරතලෙක් විදියට පූසන්ව ඇති කරපු අය නේද, ඒ වගේම නැතිවීමේ වේදනාව දරපු අය....
ඇහැට කඳුලක් ආවා..මාත් පුසන්ට හරිම ආදරෙයි..
ReplyDeleteහ්ම්ම්.....
Deleteකුප්පි ලාම්පු කියන්නේ අපේ ජීවිත වල අතීත කාලය ආලෝකමත් කරපු දේ කිව්වොත් නිවැරදී. එහි වාසි මෙන්ම අවාසිත් තියන්වා. මෙන්න මේ වගේ ගිනි අනතුරු වලට කුප්පි ලාම්පුව ඉතා ප්‍රසිද්ධියක් දරනවා. එමනිසා පරිස්සමෙන් මෙව්ව පවිච්චිය ඉතා හොද දෙයක් වෙවී.
ReplyDeleteමං හිතන්නේ දැන් නම් මේවා පාවිච්චිකරන උදවිය ගොඩක් අඩු ඇති.
Deleteඅපේ ගමේ නම් ඇත්තෙම නැති තරම්......
පූසා කියන්නේ මමත් ආසම නැති සතෙක්.
ReplyDeleteඒ උනාට මේක කියෙව්වම නං මාර විදිහට දුක හිතුනා බං. :( :(
හ්ම්ම්....හිතපන්කෝ එතකොට මේක ලිව්ව විදිය.(බස් එකේදී වෙවුල වෙවුල ලිව්වේ...) :( :(
Deleteපුස්ලා කියන්නේ මගේ ජීවිතෙත් කොටසක් වගේ.. මට ලඟින්ම හිටපු කෙනා මිය ගියේ මම ගෙදරින් පිට ඉන්න කාලේ. මට අන්තිමට එයාගේ මරණය වත් බලන්න බැරි වුණා. එයා නැතිවෙලා සතියකට විතර පස්සේ තමයි මම ගෙදර ගියේ...එතකොට ගෙදරම දැනුනේ ලොකුම ලොකු පාලු ගතියක්.. ඒ වේදනාව කියන්න වචන මදි...
ReplyDeleteඅම්මෝ....ලොකු දෙයක් ඔයා ඔයා එයාව දැක්කේ නැති එක. එහෙම දැක්කා නම් ඒක දරාගන්න ගොඩක් අමාරු වෙන්න තිබුණා.....
Deleteපූසට හරි පව්..අපරාදෙ..
ReplyDeleteහ්ම්ම්.ඉතුරු වුණ එකම දේ අනුකම්පාව විතරයි.....
Deleteමගේ අතින් අපේ ගෙදට හුරතලේට ඇති කරපු ලේනෙක් මැරුනා ඌට වැඩි ආදරේට කිසි පොවන්න ගිහින් ඌ එළියට පැනලා පූසාට අහු වෙලා. එදා ඉඳන් මම හුරතලේට සත්තු හදන්නේ නෑ. හුරතලේට හිටිය සතෙක් මැරෙන එක තරම් වේදනාවක් තවත් නෑ...:(
ReplyDeleteලේනෙක්.....!! මරු නේ....ඒත්..??
Deleteඅපේ ගෙදර හිටපු එකම බලල මරුන දෑසත් ඔය වගේ බන්. මතක් වෙද්දී තාම දුකයි :(
ReplyDeleteහයියෝ....දුකම තමයි...
Deleteමේ මගුලේ විජෙට් අයින් කරහන්කෝ
ReplyDelete:o මේකේ අනවශ්‍ය විජෙට් නෑ නේ බං......:/
Deleteaiyooo patta awl wadak nee..math podi kale puwakwa kiri bon naa kiyala kiri eka oban idala marila tiyanawaa ..eth itin e nodanuwath kamata ..uta hodak karanna gihin thamai u nathii uneeee
ReplyDeleteAiyoo....puusata kiri pewiima kiyala lipiyak liwwa nam hari....
Deleteඅනේ.... මම පුංචි කාලෙ අපේ ලපයාව ඔන්චිලි පද්දන්න ගිහින් ඌ බිම වැටිලා කකුලක් කඩාගත්තු හැටි මතක් උනා. ඒකනම් වෙටා සනීප කලාට ඒ වෙලාවෙ දැනුන උගුර හිර වෙනවා වාගෙ හැඟීම තාමත් මතකයි. පවු පිංචි. මොනා කරන්නද ඉතින් එයා ගෙනා ආයුෂ ඉවර ඇති.
ReplyDeleteඅපිටත් වෙටෙක් හිටිය නම් පිංචි ව සනීප කරගන්න තිබුණා....ඒ පැත්ත ඒ දවස් වල මාර දුෂ්කරයි.....වෙටෙක් තියා ඩොකෙක් වත් හොයාගන්න හරි අමාරුයි....
Deleteithin booruwo poosawa pashu waiya kenek lagata aran gihin operate karanna tharanwath molayak thopita thibbe nadda?
ReplyDeletegoda wedakan kara kara hitiye uoota ?
ඒ කාලේ ඒ පැත්ත පලාතක පශු වෛද්‍යවරයෙක් හිටියේ නෑ...ඉතින් කොහේ කියලා ගෙනියන්නද? :( :( :(
Delete