Saturday, September 1, 2012

බාඳුරා සිහිනය 3

පෙර කොටස බාඳුරා සිහිනය 2

     රශ්මි ලක්මාලි...මට එයාගේ ජීවිතේ ගොඩාක් දේවල් කිව්වා.ගොඩක් දෙනෙක් රශීගේ ජීවිතේට ලං වෙන්න ඇවිත් තියෙනවා.ඒත් ඒ අතරින් දෙන්නෙක්ට විතරයි රශීගේ හදවත විවර කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.එක්කෙනෙක් මම.අනිත් කෙනා නිරාශ්.
ඇත්තටම හඳක් වගේ ලස්සන මගේ රශීගෙන් කොල්ලෙක් ඇහුවේ නැති උනොත් තමයි පුදුමේ.

"ඇයි රශී  ඒ කාටවත් කැමති නොවී ඔයා මට කැමති වුනේ...?"

"ඔයාට මාව තේරුණා.මට එයාලට වඩා අමුතු හැඟීමක් ඔයාගෙන් දැනුනා.එයාලට වඩා ඔයාගේ ආදරේ ඇත්තම වගේ දැනෙනවා.සංසාර බැඳීමක් වගේ ඒක."   රශී මට තවත් ලං වුනේ එහෙමයි.

නිරාශ්.........
එයා තමයි මගේ රශීගේ හිත බිඳලා තියෙන්නේ, රශී එයාගේ රශී වෙලා හිටපු කාලේ.

"ඒක කොච්චර කල් තිබුනද රශී?"මම ඇහුවේ ඒ සම්බන්ධය ගැන.
"අවුරුද්දක් විතර,A/L කාලේ තමයි.එයත් Maths කරේ ඔයා වගේම."
"ඉතින් මොකද වුනේ?"

"එයා මගෙත් එක්ක යාළු වෙලා ඉන්න ගමන් වෙන කෙනෙක් එක්කත් affair එකක් තිබුනා.ගොඩක් අය ඒ ගැන කිව්වා.ඒත් මං විස්වාස කරේ නෑ.ඒත් දවසක් town එකේදි ඒ දෙන්න මගේ අතටම අහු වුනා.දෙයියනේ! මං මොනා කරන්නද රනූ.මං ඒ දෙන්නට wish කරලා නිරාශ්ගෙන් සමුගත්තා."  රශීගෙ ඇස් කඳුළින් තෙත් වුනා.එයා ගොඩාක් හැඟීම්බර වුණා.

"අනේ රනූ,නිරාශ් මට දුන්න දුක ඔයා නවෝද්‍යාට දෙන්න එපා කවදාවත්ම."

ඒත් එයා එහෙම කියනකොටත් මං තීරණය කරලා ඉවරයි නවෝද්‍යාට ආයුබෝවන් කියන්න.

"නිරාශ් මට දෙන්න පුළුවන් හැම වර්ගෙම වගේ තෑගි දුන්නා.ඇඳුම් වර්ග හැර.කවදාහරි අපි දෙන්න එකට ගිහින් ඇඳුම් ගන්නයි හිටියේ.මේ මුද්දත් මට එයා දුන්නේ."   එහෙම කියලා රශී මට මුද්ද පෙන්නුවා එයාගේ අතේ තිබුන.ඒකේ රෝස පාට ගලකුයි සුදුපාට ගලකුයි තිබුනා.

"රෝස මගේ ආසම පාට.සුදු පාටට තමයි නිරාශ් ආසම.ඉතින් එයා මට මේ මුද්ද හදලා දුන්නා." එහෙම කිව්වම මට ගොඩක් ඉරිසියා හිතුනා.
"ඉතින් ඒ මතකය අතීතයට නේද අයිති? ඇයි ඒ මුද්ද තවත් දාගෙන ඉන්නේ?"
"රනූ..,මං ගෙදරට කිව්වේ මේ මුද්ද වැටිලා තිබිලා හම්බ වුනා කියලා.ඉතින් මං මේක අයින් කරොත් ගෙදරින් ප්‍රශ්න කරයි.එතකොට මං මොකද කියන්නේ?"
"හ්ම්ම්..ඒකත් ඇත්ත තමයි.ඒත් රශී මං තැනකට එනකං මේ වගේ තෑගි කවදාවත් ඔයාට අරන් දෙන්න නම් මට බැරි වෙයි." හිතට ආපු දුක මං රශී ඉස්සරහා තිබ්බා.

"ඒකට මොකද රනූ.දුප්පත්කම සල්ලි වලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි.දුප්පත් වෙන එක දුකක් වෙන්නේ හදවත දුප්පත් වුනොත් විතරයි.සල්ලි වලින් දුප්පත්කම මනින්න එපා plz.නිරාශ් ඒ දේවල් මට අරන් දුන්නේ ආදරේ පෙන්නන්න මිසක් ඇත්තටම ආදරේ නිසා නෙවෙයි.එයා ඒ තෑගි වලින් ඇත්ත වැහුවා.එහෙමයි මට හිතුනේ."
රශී ගොඩාක් හොඳ කෙල්ලෙක්.මට තව තවත් ඒක හිතුනා,දැනුනා.

ඒත් මේ හැමදේම මැද්දේ මම එයාගේ එක වැ‍රැද්දක් දැක්කා.

                                                          මතු සම්බන්ධයි............

පසු කොටස බාඳුරා සිහිනය 4

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...