Friday, December 28, 2012

18+ නියඟලා ??෴



රතු රෝස කුසුම සිත
හැඟුම් වැල් අවුලනා..
දෙපෙති ලං වෙයි වැසෙයි

සුවඳ රස විහිදනා..

ගජිඳු දළ යුග්ම හද
සසළ කරවන මනා..
නිසල සිත් දැහැන බිඳ
නව ලොවට විවරනා..

Monday, December 24, 2012

විළිලැජ්ජා නැතිකම හෙවත් සාපේක්ෂ (අඩ)නිරුවත ෴

"මොනාද පුතේ ඔය බලන්නේ.වෙන චැනල් එකකට දාන්නකෝ."  Ra-one චිත්තරපටයේ Criminal සිංදුවේ කරීනා ඇතුළු නිළි කැළ ගේ නර්ථන විලාසය අම්මාගේ ඇසට අසුවුණේ එහෙමයි.
"බලන්නකෝ ඇඳන් ඉන්න ඒවගේ හැටි......" අම්මා ඒක නම් කිව්වේ කළකිරීමකින්.


තව දුරටත් අම්මා ඉන්න තැන Ra-one බැලීමට මට සිතුණේම නැත. ඉක්මනින්ම රෙදි අපුල්ලන්නන්ගෙන් කඩේ යන්නන්ට චැනලය මාරු කර අම්මා අතට remote එක දී මම shape එකේ එතනින් මාරු වුණෙමි.(Ra-one කලින් බලලා තිබුණ නිසා හොඳයි....)

Saturday, December 15, 2012

ආදරයද රාගයද (Love or Sex) ෴


    ආදරය කියන්නේ අපි කොච්චර කථා කරත් එපා නොවෙන මාතෘකාවක් නේ. ඒ වගේම මේ ලෝකේ හැමෝම මොහොතකට හෝ කාගෙන් හෝ ආදරයක් ලබපු අය කියලා හිතන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඒ සාමාන්‍ය ආදරය ගැන නම් නෙවෙයි. (ඒ කියන්නේ අසාමාන්‍ය ආදරයක් ගැනද? ) ඔව්...අසාමාන්‍ය ආදරයක් ගැන තමයි.........


ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතර ඇති වෙන බැඳීම, එහෙමත් නැති නම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොරන ලව් එක ගැන තමයි මේ කියන්න යන්නේ...... ඒක අසාමාන්‍ය ආදරයක්ද? ඔව්. මොකද ඒ ආදරය පදනම් වෙන්නේ ආදරය කියන හැඟීම මත විතරක් නෙවෙයි.. ඒකයි මම එහෙම කිව්වේ....

(මෙතනින් ඉස්සරහට මම කථා කරන්නේ අන්න ඒ අසාමාන්‍ය ආදරය ගැන හොඳේ...)
ඇත්තටම ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද?
මගෙන් ඇහුවොත් නම් මම මේකට දෙන්නේ මෙහෙම උත්තරයක්.
ඇත්තම ආදරේ හඳුනාගත්ත කෙනා එක්කෝ මැරිලා නැත්තම් තාම ඉපදිලා නෑ.

Wednesday, December 12, 2012

෴The Story Behind Unusumata Lanwee෴




        කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු මගේ හීනයක් හැබෑ වුණා.. ඉතින් ඒ ගැන බොහොම සතුටින් සිතුවිලි හන්තානට ලියන්න ඕනි කියලා හිතුණා මට. මොකක්ද කියලා කියලා ඉන්නම්කෝ..
    හැමදාම සිංදු ලියනවා ලියනවා ඒත් ඒක නිර්මාණයක් විදියට එළියට දාන්න බැරුව බොහොම දුක්කිත තත්වෙන් තමයි මං පහු ගිය කාලයේ හිටියේ. ඒ අතරතුරේ අරෙහෙන් මෙහෙන් තනු අරගෙන ඒවට සින්දු ලියලා ඒකක් නම් යන්තන් out කරගන්න පුළුවන් වුණා.
(ඒ ගැන මං පස්සේ වෙනමම ලියන්නම් කෝ..)
   ඒත් ඉතින් අලුත්ම කටහඬකට අලුත්ම සංගීත නිර්මාණයකට අලුත්ම සිංදුවක් විදියට මගේම සිංදුවක් out කරගන්නේ කොහොමදෝ කියලා මං දස අතේ කල්පනා කරා....
  ඔන්න ඔය අතරේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් (අභීත දේශප්‍රිය සහ පවන් කල්හාර) එයාලගේ පළවෙනි සිංදුව out කරා...'වේදනා රැඳි...' සිංදුව තමයි ඒ.......

අහලා බලන්නකෝ ඒ සිංදුව...........

ඒ දෙන්නට ඒ සිංදුවට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.. හිරු FM Top 40 Radio programe එකෙත් ඒක play වුණා.
ඉතින් මේ ප්‍රතිචාරත් එක්ක මේ දෙන්නට තවත් සිංදුවක් කියන්න හිතුණා.

ඉතින් අභීත මට කිව්වා "මචං සිංදුවක් ලියපන්කෝ අපිට කියන්න." කියලා. ඉබ්බා දියට දැම්මම ඇන්නාවේ කිව්වා වගේ මටත්.. ලිව්වා ඉතින් මාත් සිංදුවක්.

Friday, December 7, 2012

ආදරයත් එක්ක ගමනක් යමුද....

ම්ම්ම්.......ගොඩක් අය නිෂ්ශබ්දයි. හැමෝටම වැඩ වගේ. මං හිතන්නේ campus වල exam තියෙන එක මේ නිෂ්ශබ්දතාවට හේතුවක් වෙන්න ඇති. අපිට නම් exam ඉවර වුණා. උදේ TV එක බැලුවම ඒකේ කිව්ව කතාවෙන් දෙයක් ගන්න තියෙනවා කියලා හිතුණා මට. අද මේ කියන්න යන්නේ නම් කථාවක්. ඒ කථාව මම නම් කලින් අහලා තිබුණා facebook එකෙන්. ඒත් එදා නොතේරුණ ගැඹුරු දෙයක් අද මට දැනෙන්න ගත්තා.

    ඔන්න දවසක් ආදරය, ආකර්ෂණය, සෞභාග්‍යය, දුප්පත්කම, සතුට, දුක, වෛරය, අනුකම්පාව, කියන අය එකම ඔරුවක ගමනක් යන්න පිටත් වුණාලු...



    ඒ ගමන යන අතරතුරේ ඔරුව කුණාටුවකට අහු වුණාලු. හැමෝම වගේ බේරිලා යන්න එක එක ක්‍රම හොයාගත්තලු. ඒත් ආදරේට එහෙම ක්‍රමයක් හොයාගන්න බැරි වුණාලු.
     ඉතින් මේකෙන් බේරිලා යන්න ආදරය එක එක අයගෙන් උදව් ඉල්ලුවලු.....

Wednesday, November 28, 2012

සිංහලෙන් type කරන එක ප්‍රශ්නයක්ද?

හැමදාම කවි, සිංදු, නිසඳැස් ලියනවා වගේම ඒවා ලියන්න කැමති අයට පොඩි උදව්වක් කරන්නත් ඕනි කියලා ඔන්න මට හිතුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "අනේ, අපි කොහොමද සිංහලෙන් type කරන්නේ...?" කියන එක.සමහරු හිතනවා එහෙම සිංහලෙන් type කරන්න නම් සිංහල keyboard එක දැනගෙන ඉන්න ඕනි කියලා. නෑ නෑ.එහෙම ඕනි නෑ..
ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. 
මේ  software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න පහසු වීම.
වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............

Saturday, November 24, 2012

විරහවේ අඳෝනාව.....................




දන්නෙ නැහැ හැමදාම
මගේ හිත මං ගාව
දැවටිලා හොයන්නේ
මේ කුරිරු දුකම මයි...


ආදරය ආදරය
 ආදරය විදියටම
මගෙ හිතට එබෙන්නට
ඉඩ දුන්නා හැමදාම...
මගෙ හිතේ සොඳුරු බව
මගෙ හිතේ බොළඳ කම
ආදරයේ නාමයෙන්
දණගැහුවා හැමදාම...






 ආදරය සතුටක්ලු
ආදරය සැපතක්ලු
ඒ සතුට ඒ සැපත
මා එක්ක තරහින්ද?
 හිත මගේ හඬනවා
ඉකිගගහා අඬනවා
තනිකමේ සෝගින්න
හදවතම දවනවා...

Monday, November 5, 2012

~ හත්වරක් තුන ~



දිනකි වැදගත් අද මට
හදට සතුටක් ගෙන දෙන
ඒත් අද මේ දිනයට
හිතේ සතුටින් දෝ මම...

Thursday, November 1, 2012

~ මගේ අරලිය මලට....... ~




වැටුණු මහ වැසි කෝඩය
දවස් ගානක් බරටම
වැහැලා ඉවරයි හොඳටම
මුළු අහස හිස් කරගෙන...

Friday, October 26, 2012

පැහැරගත් ආදරය.....

     මේ කාලේ හරි අමුතුයිද මංදා? මට අහන්න ලැබෙන්නේ විඳින්න ලැබෙන්නේ හරි අමුතු දේවල්.අදත් ඒ වගේ චුට්ටක් අමුතු කථාවක් මගේ යාළුවෙක්ගෙන් අහන්න ලැබුණා...

එයාගෙ ආදරයට වෙච්ච දේ ගැන තමයි මේ සටහන. සටහන කිව්වට සටහනක්මත් නෙවෙයි.... :o

      අපිට exam එහෙම ළඟයි නේ.ඉතින් අද මේ සිංදුව ලියවුණේ කුප්පියක* ඉන්නකොට....හරිම බෝරිං අවස්ථාවක හිතට ආපු සිතුවිල්ලක් මෙන්න මේ විදියට කොලේකට ලියවුණා....(කම්මැලිකමක් එන හැම වෙලේම මං කරන්නේ මේ වගේ වැඩ තමා...)

    මේක triangle love එකක්..එතනින් එහාට මුකුත් මේ ගැන කියනවට වඩා සිංදුව කියවන එක හොඳයි නේද? බලන්නකෝ කියවලා මගේ නිර්මාණය.......

Monday, October 22, 2012

මගේ පැණි කම...!!!!


     ඔන්න මේ කියන්න යන්නේ නම් මගේ දෙයක්.කියවලා ඉවර වෙලා හිනා වෙන්න නම් එපා ඔන්න. සමහරු නම් බනියි ද මංදා .  ඒත් ඉතින් මේක කියන්න ලැබුණ වෙලාවෙම කියන්න ඕනි නේ.
 ආදරේ කියන්නේ හරිම සුන්දර කරදයක් නේ. අන්න ඒ ආදරේ කියන ලස්සන බැඳීම මේ වෙනකොට මගේ ජීවිතේ ආක්‍රමණය කරලා තිබුණේ.

     ඒ කාලෙදි තමයි මං campus එකට එන්න තේරුණේ.ඔන්න ඉතින් මං හා හා පුරා කියලා campus එකට ආපි...
අම්මේ....බලන බලන අත කෙල්ලෝ ( මුගෙ පැණිකම නේද? :D )..
registration  එක දවසෙම එක කෙල්ලෙක් මගේ ඇස් දෙකට වැ‍ටුණ නේ ඔය අතරේ.හරිම අමුතු ලස්සනක් තිබුණා ඒ ලමිස්සි ගේ...
   ඒත් හත්වලාමේ...එතකොටනේ මට මතක් වුණේ මට කෙල්ලෙක් ඉන්නවා නේද කියලා."යකෝ..මොනාද මං මේ හිතන පව්කාර විතුවිලි අප්පා." මං මගේ හිතට වාරණයක් දාගත්තා.

ඉතින් මට හිතුණා මේ ගැන මොනා හරි ලියන්න ඕනි කියලා.ඉතින් මං ලිව්වා ඔන්න..


Saturday, October 20, 2012

සිතුවිලි සිරවෙන්නට පෙර...





දැනෙන මේ තනිකම

කුමක් දෝ හිත රිදවන

මසිත හිර කරවන

මටම නොහැ‍ඟේ මගේ තනිකම..


හිතට එන දුක් කඳ

ඉකි ගසන නෙත් යුග

හදවතේ ඇති දුක

මටම පවසයි හිතේ පිරි දුක..





සහෝදර සෙනෙහස

විටෙක හිත රිදවන 

අයුරු මට දැනුනද

එය නොවේ මේ හිත දවන දුක..



Friday, October 19, 2012

ඇත්තටම ඔයා වෙනුවෙන් ඉන්නේ කවුද.....??


      ආයෙත් සිතුවිලි හන්තානට ගොඩ වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...ආයෙත් අළුත් දෙයක් ලියන්න කියලා ගොඩක් අය කිව්වා.මේක පාළුවට යන්න නොදී මේකට වටිනාකමක් එකතු  කරන්න පුළුවන් දෙයක් ලියන එක ගැන මං ගොඩක් හිතුවා.ඒත් අප්පා ලියන්න හිතට ආවේ නෑ විශේෂ කිසිම දෙයක්.(ඔය කිව්වට නැත්තෙමත් නෑ...) හිතලා හිතලා හිතලා අන්තිමේදි 'හිත' ගැන මොනා හරි ලිව්ව නම් හොඳයි කියලා හිතුණා..

      ඒත් ඔයා දැන් ඉන්නේ මේක කලබලෙන් කියවලා දුවලා යන්න ඕනි කියලා හිතෙන මානසිකත්වයක නම් දැන් ඔයා මේක කියවන්න එපා.ඉන්නකෝ....හිත කලබල නම් චුට්ටක් නැගිටලා ගිහින් වතුර එකක් එහෙම බීල ඇවිත් මේක කියවන්නකෝ..කලබලෙන් මේක කියවලා ඉවර වෙලා "පිස්සු පොරක්" කියලා කියනවා එහෙම නෙවෙයි..:P

මෙච්චර කියවලා කියවලා මේකා මේ කියන්නේ මොනාද කියලා බලමු නේද?

Monday, October 15, 2012

බාඳුරා සිහිනයක පසු වදන්.....

      
     බාඳුරා සිහිනය සම්බන්ධව ලැබුණු ඔබගේ අදහස් බෙහෙවින් අගය කොට සලකමි.‍තෝරාගත් අදහස් කිහිපයක් පමණක් මෙහි ඉදිරිපත් කරමි.



~ අකලංක ~

      "දැන් තමයි අමාරුම කාර්ය තියෙන්නේ... මට මේ ගැන හිතෙන ඒවා ලියන එක. අවංකවමයි ලියන්නේ. තරහ වෙන්න එපා හරිද... 


      වෙන වෙනම මේ චරිත දිහා බැලුවම මට දැනෙන දේවල් අනිත් අයට දැනෙන දේවල් වලට වඩා වෙනස් වෙයි. මොකද මේකේ ඉන්න චරිත මම හැබැහින් දැකල කතා බහ කරලා තියන ඒවා. මොකද රනුක් මගෙත් යාලුවෙක්නෙ. එක නිසා මම කියන්නේ මේ කතාවෙන් දැනුන ඒවටත් වඩා ඇත්ත චරිත වලිනුත් මට දැනුන ඒවා.

       රනුක් අහිංසක කොල්ලෙක්. එත් එයා බොළඳයි.

Tuesday, October 2, 2012

බාඳුරා සිහිනයක අවසානය

අවසානයට පෙර


      මගේ හිතේ තිබුණ වෛරය මම ඒ බංකුව උඩම දාලා ආවා වගේ මට දැනුණා.මම ගෙදර නොයා මගේ යාළුවෙක්ගේ ගෙදර යන්න තීරණය කරා.මට ඌට මගේ දුකේ කොටසක් හරි කියන්න ඕනි කියලා මං හිතුවා.
      මගේ කථාවේ සැලකිය යුතු කොටසක් යාළුවට කියාගන්න මට පුළුවන් වුණා.මගේ දුක පිටවෙන්න පටන්ගත්තා.ඒ දුක හිතේ තියාගෙනම මම lap එක on කරලා මගේ හිතේ තිබුණ අදහසට අනුව රශීගේ account එකට ගියා.මම හිතුවා වගේම කැළුම් සහ රශී බොහොම romantic විදියට chat කරලා තියෙනවා.girl friend සහ boy friend විදියටම.

"ෂා...great.ඔයා වෙනුවෙන් මං මෙච්චර ඉවසලත්,ඔයා වෙනුවෙන් දෙයක් කරන්න හදලත් ඔයා මට තවත් බොරු කියලා නේ.මම දැන් ඔයාගේ ලස්සන chat ටික බලන ගමං.මරු..." මම රශීට msg එකක් යැව්වා.

"මොනාද කියන්නේ දෙයියනේ? ඔයා මගේ ජීවිතේට මේ තරම් එබෙන්නේ ඇයි? මම දැන් කොච්චර අසරණද? ඔයා දන්නේ නෑ මම ඔයා ගිහිපු වෙලාවේ ඉඳන් අඬපු හැටි." රශී මේ කිව්ව විදියට මුළු රෑ පුරාම ඇඬුවා කියන එක ඇත්ත බව මට දැනගන්න ලැබුණා.ඒත් ඒ ඇඬුවේ මං වෙනුවෙන්ද ආත්මානුකම්පාව නිසාද කියලා මට අදටත් හිතාගන්න බෑ.

"ඔයා ඇත්තටම මනුස්ස දුවක්ද ලක්මාලි.මේ හැටි බොරු කියලා තවත් මාව රවට්ටන්න පුළුවන් කියලා ඔයා හිතනවද?" රශී ගැන කිසිම අනුකම්පාවක් නෑ කියල පෙන්නන්න මම උත්සාහ කරා.ඒත් රශීට බනින හැම වචනෙකටම මටත් ඒ වගේම රිදුණා.

       ~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
           දන්නේ නැහැ මම තවත් ආදරේද මෙතරම් ~

"නෑ මට කියන්න දෙයක් නෑ.ඒත් මම ආයාචනා කරනවා මගේ account එකෙන් අයින් වෙන්න කියලා.මම ආයේ කවදාවත් fb එන්නේ නෑ.මගේ account එකෙන් මුකුත් දාන්න එපා plz.මගේ වැරදි මට පෙනුනේ අද.මට මේ කඳුළු දරාගන්න පුළුවන් කමක් නෑ.මගේ chat බැලුවට ඒත් නොබැලුව වගේ ඉන්න.මට මං ගැනම ලැජ්ජයි.ඔයා හිතලා කියන්න මගේ msg එකක් නිරාශ්ට forward කරන්න පුළුවන්ද බැරිද කියලා.මට එයාගෙන් දැනගන්න ඕනි එයා මාව දාලා ගිහින් දැන් ඒක නෑ කියන එකට හේතුව.ගිනි අරන් මගේ ආත්මෙම.ඔයාත් එහෙම කියලා මම දන්නවා.මම ජරා කෙල්ලෙක්."

Monday, October 1, 2012

බාඳුරා සිහිනය අවසානයට පෙර....

පෙර කොටස බාඳුරා සිහිනය 31


      රශී නිහඬ වුණා.එයා පිළිගත්තා නොගත්තා වගේ හිටියා.මම ආයෙත් පටන්ගත්තා.
"ඔයා ඔය කියන විදියට නිරාශ් ඔයාව දාලා යන්න මොකක් හරි ඔයාගේ වැ‍රැද්දකුත් ඇති රශී.මොකද මං ඒක කියන්නේ හේතුවක් නිසා.කොච්චර ලොකු සල්ලි කාරයෙක් වුණත් තමන් ආදරේ කරන්නේ බොරුවට නම් මුද්දක් අරන් දෙන්නෙ නෑ.ඔච්චර වටින මුද්දක්.අනික ඔයාව අනිසි විදියට පාවිච්චි කරේ නෑනේ එයා.එහෙම කරා නම් හිතන්න තිබුණා ඒකට හිලව් වෙන්න මුද්ද අරං දුන්නා කියලා.ඒත් එහෙම දෙයක් නොවුණ නිසා අපිට පැහැදිලිවම හිතන්න වෙනවා ඒ වෙන්වීමට ඔයාගෙත් වැ‍රැද්දක් ඇති කියලා.හිතලා බලන්න එයාට වෛර කරන්නේ නැතුව."

"එයා මට අරන් දුන්නේ මුද්දක් එයාගේ මුස්ලිම් ගෑණු ළමයට අරන් දුන්නේ හොඳ 4n එකක්.මම කියන්නද එයාගේ විස්තරේ." රශීගේ හිතේ නිරාශ් ගැන තියෙන වෛරය නැති කරන්න මම try කරා ඒත් ඒක අසාර්ථක උත්සාහයක් කියලා මට තේරුණා.

"මෙන්න මේ දේ මතක තියාගන්න රශී.මම නිතරම ඔයා ගැන හොයනවා.ඔයාගේ පස්සෙන් ඉන්නවා.ඔයාගේ පහනින් තව එක සළඹයෙක් හරි පුච්චන්න හැදුවොත් අන්න එදාට ඔයා තේරුම් ගනියි රනූ කවුද කියලා."

"ඇයි ඔයා මොනාද කරන්නේ?"

"ඒ අදාල කොල්ලට මම දැනගත්ත දේ සාක්ෂි ඇතුව ඔප්පු කරාම ඌ ඒව පිළිගන්නේ නැතිවෙයි කියලා ඔයා හිතනවද? නෑ.මට ඌත් එක්ක එකතු වෙලා ඕනි දෙයක් කරන්න පුළුවන් ඔයාට විරුද්ධව.ඔයා තියන හැම පියවරකටම බාධා වෙන තවත් පියවරක් ඉස්සරහින් තියෙනවා කියන එක මතක තියාගන්න.ඔයා කරන්න හදන හැම වැ‍රැද්දක් ගානෙම මම ඔයාට විරුද්ධව නැගී හිටිනවා."

"එතකොට මට වෙච්ච දේවල් වලට,ඒ අසාධාරනේට මොකද කරන්නේ?"

Sunday, September 30, 2012

බාඳුරා සිහිනය 31

පෙර කොටස බාඳුරා සිහිනය 30


"ඔයා දැනගත්ත මේ දේවල් ඔයා කාටවත් කියන්නේ නෑ නේද රනූ." රශී අසරණ විදියට ඇහුවා.

"නෑ.මම කියන්නේ නෑ.එහෙම කියනවා නම් මම මේ විදියට ඔයාට මේ දේවල් කියන්නේ නෑ.හැබැයි මගෙයි ඔයාගෙයි affair එක නවතින්න හේතුව විදියට මගේ වැ‍රැද්දක් ඔයා කොහේදි හරි කියලා තිබුණොත් හරි මට විරුද්ධව ඔයා මොනා හරි කරන්න හැදුවොත් හරි මගේ අතින් මේවා එළියට යයි.ඔයා මාව ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න ගැහුවනේ ලොකු plan එකක්.කැළුම්ට මාසයක් කල් දීල ඇඹරුවනේ හොඳ ගුලියක්.ඉතින් ඔයා සුද්දවන්ති වෙන්න මේකටත් හොඳ plan එකක් ගහන්න බැරි නෑ.එහෙම වුණොත් මේ දේවල් එළියට යයි.ඔයා කොච්චර බුද්ධියෙන් 'අගතැන්පත්' ද කියන්න මම දන්නේ නෑ.මට කිව්ව thousand lie s වල හැටියට,ගහපු plan වල හැටියට ඔයා කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ නේ.ඒ නිසා ඔයා මට විරුද්ධව ඇඟිල්ලක් ඉස්සුවොත් මගේ මුළු ඇඟම නැගිටියි ඔයාට විරුද්ධව.
  ම්....ඊළඟට ඔයාට කියන්න තියෙනවා වැදගත්ම දෙයක්.ඔයා මුල ඉඳන්ම මෙහෙම දෙයක් නම් කරා.මට ඒක දැනුණා මුල ඉඳන්ම ඔයා 1st කියලා හිතං ඉන්නවනේ.අන්න ඒක පොඩ්ඩක් වැඩියි ඔයාගේ.ඔයා ලස්සනයි ගොඩක් හොඳයි කියලා හිතන්න,පෙන්නන්න ඔයා ගොඩක් try කරා.ඔයාගෙන් යාළු වෙන්න අහපු හැම එකක්ම වගේ අතිශයෝක්තියෙන් ඔයා මාත් එක්ක කිව්වා,මට දැනුණා ඒවා අතිශයෝක්ති කියලා.ඒවා ඇත්ත වෙන්න ඇති.ඒත් ඊට වඩා දෙයක් ඔයා උලුප්පලා පෙන්නන්න හැදුවා මට.තව එකක්.ඔයා ගොඩක් අය දන්නවා,ගොඩක් අය අඳුරනවා කියන එක නොකියා කිව්වා මට.ප්‍රසිද්ධ අයට ඔයා ගොඩක් කැමතියි කියන එක මට දැනුණා.ඒක නිරාශුත් මට කිව්වා.තරහ ගන්න එපා මෙහෙම කිව්වට.නිරාශ් කිව්වා ඔයා එයා එක්ක යාළු වුණේ එයාගේ O/L result එකට,මාත් එක්ක යාළු වෙන්න ඇත්තේ මගේ A/L result එකට වෙන්න ඇති කියලා." නිරාශ් මට පැහැදිලි කරපු දේ මම රශීට කිව්වා.

"මට එයාගේ නම්බර් එක දෙන්න රනූ.මේ මිනිහා මෙච්චර දේවල් මට කරලා තව මට මඩ ගහනවා නිරපරාදේ." රශී ගොඩක් කේන්තියෙන් කථා කරා.

Saturday, September 29, 2012

බාඳුරා සිහිනය 30

පෙර කොටස බාඳුරා සිහිනය 29


දවසක් මට නිරාශ්වයි ජනානිවයි town එකේ එකට ඉඳිද්දි අතටම අහුවුණා රනූ..." රශීගේ ඇස් කඳුළෙන් තෙත් වුණා.මූණ බිමට බර වුණා.
     "මම නිරාශ් ගේ අත ජනානිගේ අත උඩින් තියලා ඔය දෙන්නා සතුටින් ඉන්න කියලා ආවා.ඇවිත් දවස් ගණං ඉකිගගහ ඇඬුවා.ජීවිතේ නැති කරගත්තේ නෑ මම මගේ රත්තරං අම්මා පව් නිසා.එතනින් මේ කථාව ඉවර නෑ රනූ.ඔයා දන්නේ එච්චරයි.ඒත් එතනින් මේක ඉවර වුණේ නෑ.ඊට පස්සේ නිරාශ් ජනානි එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා මට ආරංචි වුණා.මටත් ගොඩක් සතු‍ටු හිතුණා මම එයාලට ඉඩ දීල අයින් වුණ එක ගැන.
        ඒත් නිරාශ් සේමිණීට කරපු දේම ජනානිටත් කරන්න ගියා දෙවියනේ..ඒක කරා.ජනානිත් එක්ක බයික් එකේ කොහෙද හෝටලේකට ගිහින් එනකොට බයික් එක accident වෙලා.ඒ accident එකෙන් ජනානි නැති වුණා.නිරාශ් තවත් කෙල්ලෙක් විනාශ කරා.ජීවිතේම නැති කරා.ඒ වෙලාවේ එයා පොලීසියෙදි අසරණ වුණා.එයාගේ උදව්වට හිටියේ එයාගේ හොඳම යාළුවා විතරයි.තමන් ආදරේ කරපු කෙනෙක්,හදවතින්ම ආදරේ කරපු කෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවා මට බලං ඉන්න මට බැරි වුණා රනූ.මම කරන්න පුළුවන් හැම උදව්වම කරා නිරාශ් වෙනුවෙන්.මං එයාගේ අමාරු වෙලාවේ එයා එක්ක හිටියා.නිරාශ් ඒ කරදරෙන් නිදහස් වුණා.නිරාශුයි මමයි ආපහු එකතු වුණා.ආපහු අපි සතුටින් හිටියා.එතකොට ඔය ජානකගේ ප්‍රශ්නේ ඉවරයි."
මේ කියන accident එක මටත් මතකයි.ඒත් නිරාශ්මද කියලා මම දැනගෙන හිටියේ නෑ.
 "ඊට පස්සේ අපි දෙන්නම campus select වුණා.එයා වෙන campus එකක science faculty එකේ.මම පේරා.එයාලගේ campus එක කලින් පටන්ගත්තා.ටික දවසක් යනකොට එයා මගෙන් ඈත් වෙනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා.msg අඩු වුණා,call වලට ans කරේ නෑ.මට හේතුව හිතාගන්න බැරි වුණා.දිගින් දිගටම එහෙම වුණා.දවසක් මම දඹුල්ලේ ඉඳන් කැකිරාවට බස් එකේ එනකොට පිටිපස්සේ seat එකේ මම දැකපු දෙයින් මට මාවම එපා වුණා රනූ.නිරාශ් මුස්ලිම් කෙල්ලෙක්ගේ තුරුලේ.ලස්සන මුස්ලිම් කෙල්ලෙක්.මට හිතාගන්න බැරි වුණා රනූ." ආයෙත් රශී කඳුළු පිහිදන්න ගත්තා.
     
       "මට හැමදේම එපා වුණා.ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතුණා.කොල්ලෝ සංහතිය ගැනම මගේ හිතේ වෛරයක් ඇති වුණා.ඒත් හැමදේම අමතක කරලා campus ගියේ අළුත්ම ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.ඒත් මට තාම කොල්ලෙක්ට ආදරේ කරන්න බෑ රනූ.කවුරු හරි නිරාශ් හිටිය තැනට එන්න හදනකොට මට එයාව අයින් කරන්න හිතෙනවා.මට ඔයාගෙන් නිරාශ්ගේ ආදරේ දැනෙන්න ගත්තා රනූ.මම ඒකයි ඔයාවත් අයින් කරේ."

Friday, September 28, 2012

බාඳුරා සිහිනය 29

පෙර කොටස බාඳුරා සිහිනය 28


"මම කැළුම්ට කැමති නෑ." තදින්ම කිව්වා රශී.

"එහෙනම් ඔයා කැළුම්ට මාසයක් කල් දුන්නේ?" මටත් කේන්ති ගියා.

"මං කොහොමද කොල්ලෙක්ට එකසැරේ බෑ කියන්නේ." වැ‍රැද්ද වහගන්න දරන අසාර්ථක උත්සාහය.....මට හිනා ගියා.හදවතින් මම හිනා වුණා.

"එතකොට 3 වෙනිදා කැළුම්ට කිව්වේ ඇයි රනූට ගෙදරින් අකමැති නිසා මේක නැවැත්තුවා කියලා?"

"එතකොටත් ඔයාට ගෙදරින් අකමැති වෙලා හිටියේ."

"ගෙදරින් දන්නේ කොහොමද මං ගැන?"

"මං කිව්වා."

"ආහ්..එහෙමයි නේ.එක්කෝ මේ ගැන කිසිම දෙයක් ගෙදරින් දන්නේ නෑ.එක්කෝ ගෙදරට කියලා තියෙනවා මට අකමැති වෙන විදියට.ඔය දෙකෙන් එකක් තමයි රශී.ඔයා හදවතින් අවංකව ආදරේ කරා නම් කියන්නේ නෑ ගෙදරට.මොකද අපි දෙන්නම කථා වෙලා හිටියේ දැන්ම මේක ගෙදරට කියන්නේ නෑ කියලා.අනික ඔයා හොඳටම දන්නවා මම චූටිගෙන් වෙන් වෙලා හිටියේ නෑ කියලා.ඒ වෙන්වෙනකං ඔයා ගෙදරට කියන්නේ නෑ කියලා ඔයා මට කියලා තියෙනවා.ඉතින් දැන් ඔයා කියන එක මට විස්වාස කරන්න පුළුවන්ද?" පැහැදිලිවම ඇත්ත මොකක්ද කියලා දැනුණා,තේරුණා.ඒත් මට ඕනි වුණා රශීගේ කටින්ම ඇත්ත දැනගන්න. පාපොච්චාරණය කරවගන්න. ඒකයි මම හැමපැත්තක්ම විශ්ලේශණය කරපු විදිය රශී ඉස්සරහා දිගහැරියේ.

"මෙච්චර thousand lies මට කියලා ඔයා මට තවත් කියන මේ බොරු මට විස්වාස කරන්න කියලද කියන්නේ?"

"නෑ.විස්වාස කරන්න එපා."

"ඕනි නම් මට පුළුවන් ඔයා මේක ගෙදරට කිව්වේ නෑ කියලා ඔප්පු කරන්න."

"ඒ කොහොමද?"

"ඔප්පු කරන්නද මං.challenge එකක් දෙනවද?" රශීගෙ මූණ අඳුරු වුණා.කඩාගෙන වැ‍ටුණා.අසරණ වුණා."අභියෝගය බාරගන්නවද?"

Wednesday, September 26, 2012

බාඳුරා සිහිනය 28

පෙර කොටස බාඳුරා සිහිනය 27


"හරි එහෙනම්.ජානක හිතන්න ඇති ඔය කථා කරන්නේ ඒ දවස් වල මගේ පස්සෙන් ආපු .............. අයියාගේ ඉත්තෙක් කියලා.ඒකයි ඔයාට එහෙම බොරු කියන්න ඇත්තේ." ඇත්තටම මට ඒක නෑ කියලා කියන්න තරම් ප්‍රභල සාක්ෂියක් තිබුණේ නෑ.ඒක පිළිගෙන මම අනික් කරුණට බැස්සා.පිළිගත්තේ නෑ.පිළිගන්න වුණා.පිළිගත්තා කියලා පෙන්නුවා.
        ඊටපස්සේ නිරාශ් සහ රශීගේ affair එක නැවතුණ එක ගැන නිරාශ් කියපු දේ මම රශී එක්ක කිව්වා.ඒ වගේම නිරාශ් එක්ක රශී රවුම් ගහපු ඒවත් මම කිව්වා.මේ දේවල් බොහොම සාවධාන විදියට කේන්තිය උතුරලා යන මූණකින් රශී අහගෙන හිටියා.

"කවුද කියන්නේ මම නිරාශ් එක්ක ඇවිද්දා කියලා.මම බස් එකේදි හම්බවුණා විතරයි." කේන්තිය පිටවුණා.

"ඒක නිරාශ් ම මට කිව්ව දෙයක්."

"ඔයා බොරුද ඇත්තද කියන්නේ කියලා මම දන්නේ කොහොමද?" මගේ මූණට ලොකු හිනාවක් ආවා.4n එකේ තිබුණ recording එකේ කොටසක් මම ඒ වෙලේම රශීට අහන්න සැලැස්සුවා.

"හ්ම්......ජානක සම්බන්ධ සිද්ධිය නම් බොරු රනූ.ඒත් නිරාශ් එක්ක town එකේ හිටපු එක ඇත්ත.ඒත් මම එයා එක්ක අරෙහෙ මෙහේ ඇවිද්දේ නෑ රනූ.අපේ affair එක නවතින්න හේතුව විදියට එයා කියලා තියෙන්නේ බොරු."

"ඔයාට මතකද රශී මම ඔයාට කිව්වා.'ඔයා ගණිකාවක් වුණත් කමක් නෑ ඔයා මට ඇත්ත කියන්න කියලා.' ඒත් ඔයා මගේ ඒ ඉල්ලීම කනකට අරං නෑ.ජානක ගැන,නිරාශ් ගැන ඔයා මට දාහක් බොරු කියලා තියෙනවා.මේ හැමදේම දැනගන්න ලැබිලත් මම හිතුවා. 'කමක් නෑ.මේ ඔයාගේ වැරදි වලට මම පලිගන්නේවත් ඒ දේවල් නිසා තරහක් පිරිමහන්නේ වත් නෑ.අතීතේ කියන්නේ සමාව දෙන්න පුළුවන් දෙයක් නේ.වර්ථමානෙයි අනාගතෙයි නේ වැදගත්.' මම එහෙම හිතලා හිත හදාගත්තා.ඔයා ඔය කියන ජානකගේ කථාව බොරුයි කියලා නම් මට විස්වාස කරන්න බෑ කොහෙත්ම."

"නෑ.ඒක අවසාන කාලේ එහෙම නැහැයි කියන්නත් බෑ.හැබැයි දැන් ඔය ඔයාට කථා කරපු කෙනා ජානක කියලා විස්වාස කරන්නත් බෑ.ජානක දැන් army එකේ ඉන්නේ."

"ඔව්.army එකේ තමයි.මට training camp එකේ ඉඳන් තමයි කථා කරේ.මුලින් නම්බර් එක වැඩ කරේ නෑ.ඒත් පස්සේ හරි ගියා.එතකොට තමයි මම කථා කරේ."

"නිරාශ් කොහෙද හිටියේ.?"

"ඒක නම් දන්නේ නෑ.class එකකට ගියා කියලා කිව්වා මට."

"campus එකේ මගේ තිබුණ affair එක කියලා ඔයා ඔය කියන එකත් ගොඩක් අය වැරදි අවබෝධයකින් කියන එකක්.ඒ ළමයා මගෙන් යාළුවෙන්න ඇහුවා.එයත් ඔයාගේ වයසෙමයි.මම බෑ බෑ කිව්වා.ඒත් මිනිහා ඒක ඇහුවේ නෑ.අනික මම හිතුවා එයා මේ නිකං සෙල්ලමට වගේ අහනවා ඇති කියලා.මම උත්තර දුන්නෙත් හිනාවෙවී.ඒත් ඒක එයා වැරදියට තේරුම් අරන්ද මංදා.කොල්ලොන්ට එයා party එකකුත් දීලා.ඉතින් හැමෝම හිතුවා අපි set කියලා.ඒත් දවස් දෙක තුනක් යනකොට කට්ටියට තේරුණා එහෙම එකක් නෑ කියලා.ඒත් එතකොට හැමෝම හිතුවේ අපි set වෙලා ඉඳලා ඒක නැති වුණා කියලා.campus එකේ ඔය වගේ 'ගොන්තෙල්' අනන්තවත් යනවනේ.ඒ නිසා මම ඒක ගණං ගත්තේ නෑ.එහෙමයි ඔය කථාව පැතිරුණේ.මගේ හිතේ ඒ ළමයා ගැන අදහසක් තිබුණා.නැත්තේ නෑ.ඒත් එයා හරි අහිංසකයි.මම එයාට ගැලපෙන්නේ නෑ කියලා හිතුණා.ඔයාට වඩා අහිංසකයි රනූ එයා.ඒක දැන දැන මට බෑනේ පුච්චන්න."

Related Posts Plugin for WordPress, Blogger...