Wednesday, September 26, 2012

බාඳුරා සිහිනය 28

පෙර කොටස බාඳුරා සිහිනය 27


"හරි එහෙනම්.ජානක හිතන්න ඇති ඔය කථා කරන්නේ ඒ දවස් වල මගේ පස්සෙන් ආපු .............. අයියාගේ ඉත්තෙක් කියලා.ඒකයි ඔයාට එහෙම බොරු කියන්න ඇත්තේ." ඇත්තටම මට ඒක නෑ කියලා කියන්න තරම් ප්‍රභල සාක්ෂියක් තිබුණේ නෑ.ඒක පිළිගෙන මම අනික් කරුණට බැස්සා.පිළිගත්තේ නෑ.පිළිගන්න වුණා.පිළිගත්තා කියලා පෙන්නුවා.
        ඊටපස්සේ නිරාශ් සහ රශීගේ affair එක නැවතුණ එක ගැන නිරාශ් කියපු දේ මම රශී එක්ක කිව්වා.ඒ වගේම නිරාශ් එක්ක රශී රවුම් ගහපු ඒවත් මම කිව්වා.මේ දේවල් බොහොම සාවධාන විදියට කේන්තිය උතුරලා යන මූණකින් රශී අහගෙන හිටියා.

"කවුද කියන්නේ මම නිරාශ් එක්ක ඇවිද්දා කියලා.මම බස් එකේදි හම්බවුණා විතරයි." කේන්තිය පිටවුණා.

"ඒක නිරාශ් ම මට කිව්ව දෙයක්."

"ඔයා බොරුද ඇත්තද කියන්නේ කියලා මම දන්නේ කොහොමද?" මගේ මූණට ලොකු හිනාවක් ආවා.4n එකේ තිබුණ recording එකේ කොටසක් මම ඒ වෙලේම රශීට අහන්න සැලැස්සුවා.

"හ්ම්......ජානක සම්බන්ධ සිද්ධිය නම් බොරු රනූ.ඒත් නිරාශ් එක්ක town එකේ හිටපු එක ඇත්ත.ඒත් මම එයා එක්ක අරෙහෙ මෙහේ ඇවිද්දේ නෑ රනූ.අපේ affair එක නවතින්න හේතුව විදියට එයා කියලා තියෙන්නේ බොරු."

"ඔයාට මතකද රශී මම ඔයාට කිව්වා.'ඔයා ගණිකාවක් වුණත් කමක් නෑ ඔයා මට ඇත්ත කියන්න කියලා.' ඒත් ඔයා මගේ ඒ ඉල්ලීම කනකට අරං නෑ.ජානක ගැන,නිරාශ් ගැන ඔයා මට දාහක් බොරු කියලා තියෙනවා.මේ හැමදේම දැනගන්න ලැබිලත් මම හිතුවා. 'කමක් නෑ.මේ ඔයාගේ වැරදි වලට මම පලිගන්නේවත් ඒ දේවල් නිසා තරහක් පිරිමහන්නේ වත් නෑ.අතීතේ කියන්නේ සමාව දෙන්න පුළුවන් දෙයක් නේ.වර්ථමානෙයි අනාගතෙයි නේ වැදගත්.' මම එහෙම හිතලා හිත හදාගත්තා.ඔයා ඔය කියන ජානකගේ කථාව බොරුයි කියලා නම් මට විස්වාස කරන්න බෑ කොහෙත්ම."

"නෑ.ඒක අවසාන කාලේ එහෙම නැහැයි කියන්නත් බෑ.හැබැයි දැන් ඔය ඔයාට කථා කරපු කෙනා ජානක කියලා විස්වාස කරන්නත් බෑ.ජානක දැන් army එකේ ඉන්නේ."

"ඔව්.army එකේ තමයි.මට training camp එකේ ඉඳන් තමයි කථා කරේ.මුලින් නම්බර් එක වැඩ කරේ නෑ.ඒත් පස්සේ හරි ගියා.එතකොට තමයි මම කථා කරේ."

"නිරාශ් කොහෙද හිටියේ.?"

"ඒක නම් දන්නේ නෑ.class එකකට ගියා කියලා කිව්වා මට."

"campus එකේ මගේ තිබුණ affair එක කියලා ඔයා ඔය කියන එකත් ගොඩක් අය වැරදි අවබෝධයකින් කියන එකක්.ඒ ළමයා මගෙන් යාළුවෙන්න ඇහුවා.එයත් ඔයාගේ වයසෙමයි.මම බෑ බෑ කිව්වා.ඒත් මිනිහා ඒක ඇහුවේ නෑ.අනික මම හිතුවා එයා මේ නිකං සෙල්ලමට වගේ අහනවා ඇති කියලා.මම උත්තර දුන්නෙත් හිනාවෙවී.ඒත් ඒක එයා වැරදියට තේරුම් අරන්ද මංදා.කොල්ලොන්ට එයා party එකකුත් දීලා.ඉතින් හැමෝම හිතුවා අපි set කියලා.ඒත් දවස් දෙක තුනක් යනකොට කට්ටියට තේරුණා එහෙම එකක් නෑ කියලා.ඒත් එතකොට හැමෝම හිතුවේ අපි set වෙලා ඉඳලා ඒක නැති වුණා කියලා.campus එකේ ඔය වගේ 'ගොන්තෙල්' අනන්තවත් යනවනේ.ඒ නිසා මම ඒක ගණං ගත්තේ නෑ.එහෙමයි ඔය කථාව පැතිරුණේ.මගේ හිතේ ඒ ළමයා ගැන අදහසක් තිබුණා.නැත්තේ නෑ.ඒත් එයා හරි අහිංසකයි.මම එයාට ගැලපෙන්නේ නෑ කියලා හිතුණා.ඔයාට වඩා අහිංසකයි රනූ එයා.ඒක දැන දැන මට බෑනේ පුච්චන්න."



"ඉතින් ඒක පිච්චුමක් වෙන්නේ කොහොමද ඔයා එයා එක්ක යාළුවෙන එක?"

"මගේ හිතේ තාම නිරාශ් ඉන්නවා."

"එහෙනම් එයා නැතුව මාත් එක්ක යාළු වුණේ?"

"එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා.මම ඔයාට කිව්වා එහෙම දෙයක් ගැන."

"ඊට පස්සේ මාවත් ගින්නකට ඇදලා දාලා ඔයා ගියා නේ?"

"ඉතින් ඔයාට චූටිට ලංවෙන්න පුළුවන් නේ."

"එයාට මගේ ජීවිතෙන් සමු දීල දැන් මාස එකහමාරක් විතර ඇති."

"දෙයියනේ...මම හිතුවේ ඔයාට චූටි ඉඳියි කියලා.මං හිතුවේ නෑ ඔයා චූටි ට බැහැ කියයි කියලා."

"ම්.....හරි.ඒක ඉවරයි.ඊළඟ එක.....29 වෙනිදා හෝ 30 වෙනිදා කැළුම් ඔයාගෙන් ඇහුවා.ඇග්‍රි එකේ කැළුම්.ඒ වෙනකං ඔයයි කැළුම් යි ගොඩක් msg කර කර හිටියේ.ඇහුවට පස්සේ ඔයා කැළුම්ට කිව්වා මට මාසයක් කල් දෙන්න කියලා.ඉතින් 29 වෙනිදා ඉඳන් දිගටම ඔයා වෙනස් වෙන්න ගත්තා.මට msg අඩුයි,call වලට ans නෑ.එක දිගට මං දුක් වින්ඳා.හොස්පිටල් එකේ හිටියා.මේ කියන්නේ බොරු කියලා ඔයා කැමති නම් හිතන්න.ඒත් මං ඔයා වගේ කවදාවත් බොරු කිව්වෙත් නෑ.බොරු කියන්නෙත් නෑ.ඊට පස්සේ මම 8 වෙනිදා ඔයාලගේ ගෙදර ආවා.ඔයාව බලලා යන්න ආවේ.ඒක ඔයා use කරා.ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ උනා ඒක.ඒ සිද්ධිය මාව ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න use කරා.ගෙදරට කොල්ලෙක් ඇවිත් ගිය පලියට අම්මා අහන්නේ නෑ ඒ අර කොල්ලද කියලා."

"ඉතින් මං......."

"බාධා කරන්න එපා.ඔයා එදා වෙනකං මට කිව්වේ නෑ ගෙදරට මං ගැන පොඩ්ඩක් වත් කියල තියෙනවා කියලා.ඒත් එදා එක සැරේ ඔයා කිව්වා ගෙදරට මං ගැන පොඩ්ඩ පොඩ්ඩ කියලා තියෙන්නේ කියලා.අනික කෙලින්ම බාලයිද කියන එක අහන්න තරම් අම්මට මාර හැකියාවක් ඇතිනේ.ඔයා ඒක එහෙම කිව්වේ මං කොණ්ඩේ කපලා,‍රැවුල කපලා ඔයාලගේ ගෙදර ආපු නිසා වෙන්න ඇති.හැබැයි ඔයා කැළුම්ට කියලා තියෙන්නේ මෙහෙමයි.'රනුක් එක්ක යාළු වෙලා හිටියා දැන් ඒක නෑ.ගෙදරින් අකමැතියි' කියලා.ඔයා කැළුම්ට ඒක කියලා තියෙන්නේ අගෝස්තු 3 වෙනිදා.මට ඔයා ඒක කිව්වේ අගෝස්තු 8 වෙනිදා.ගෙදරින් අකමැතියි ඒක නිසා අපි මේක නවත්තමු කියලා ඔයා කිව්වේ 8 වෙනිදා.මරු විහිළුවනේ.එතකොට මට බොරුව අතේ මාට්‍ටු.මට දුක හිතුණා ඒක ඇත්තටම බොරුවක් කියලා හිතනකොට.ඔයා 8 වෙනිදා පහුවෙලා ඒක කැළුම්ට කිව්වා නම් මට විස්වාස කරන්නත් තිබුණා.අනික ඔයා 3 වෙනිදා වෙනකං කැළුම්ට කියලා නෑ මාත් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා වත්.මං අහන්නේ ඔයා කැළුම්ට කැමති වෙන්න හේතුව මොකක්ද මට අකමැති වෙලා.මට ඒක දැනගන්න ඕනි."


                                                         මතු සම්බන්ධයි........................

2 comments:

  1. nam gam wenas kurala mage kathawath oka udatama pest kuranne puluwan wage.....................

    ReplyDelete
  2. Ohh.....echcharatama darunu wenna nathuwa athi man hithanne....eth me samaje rashila inne ekkenai nam newe.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...