Saturday, September 29, 2012

බාඳුරා සිහිනය 30

පෙර කොටස බාඳුරා සිහිනය 29


දවසක් මට නිරාශ්වයි ජනානිවයි town එකේ එකට ඉඳිද්දි අතටම අහුවුණා රනූ..." රශීගේ ඇස් කඳුළෙන් තෙත් වුණා.මූණ බිමට බර වුණා.
     "මම නිරාශ් ගේ අත ජනානිගේ අත උඩින් තියලා ඔය දෙන්නා සතුටින් ඉන්න කියලා ආවා.ඇවිත් දවස් ගණං ඉකිගගහ ඇඬුවා.ජීවිතේ නැති කරගත්තේ නෑ මම මගේ රත්තරං අම්මා පව් නිසා.එතනින් මේ කථාව ඉවර නෑ රනූ.ඔයා දන්නේ එච්චරයි.ඒත් එතනින් මේක ඉවර වුණේ නෑ.ඊට පස්සේ නිරාශ් ජනානි එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා මට ආරංචි වුණා.මටත් ගොඩක් සතු‍ටු හිතුණා මම එයාලට ඉඩ දීල අයින් වුණ එක ගැන.
        ඒත් නිරාශ් සේමිණීට කරපු දේම ජනානිටත් කරන්න ගියා දෙවියනේ..ඒක කරා.ජනානිත් එක්ක බයික් එකේ කොහෙද හෝටලේකට ගිහින් එනකොට බයික් එක accident වෙලා.ඒ accident එකෙන් ජනානි නැති වුණා.නිරාශ් තවත් කෙල්ලෙක් විනාශ කරා.ජීවිතේම නැති කරා.ඒ වෙලාවේ එයා පොලීසියෙදි අසරණ වුණා.එයාගේ උදව්වට හිටියේ එයාගේ හොඳම යාළුවා විතරයි.තමන් ආදරේ කරපු කෙනෙක්,හදවතින්ම ආදරේ කරපු කෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවා මට බලං ඉන්න මට බැරි වුණා රනූ.මම කරන්න පුළුවන් හැම උදව්වම කරා නිරාශ් වෙනුවෙන්.මං එයාගේ අමාරු වෙලාවේ එයා එක්ක හිටියා.නිරාශ් ඒ කරදරෙන් නිදහස් වුණා.නිරාශුයි මමයි ආපහු එකතු වුණා.ආපහු අපි සතුටින් හිටියා.එතකොට ඔය ජානකගේ ප්‍රශ්නේ ඉවරයි."
මේ කියන accident එක මටත් මතකයි.ඒත් නිරාශ්මද කියලා මම දැනගෙන හිටියේ නෑ.
 "ඊට පස්සේ අපි දෙන්නම campus select වුණා.එයා වෙන campus එකක science faculty එකේ.මම පේරා.එයාලගේ campus එක කලින් පටන්ගත්තා.ටික දවසක් යනකොට එයා මගෙන් ඈත් වෙනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා.msg අඩු වුණා,call වලට ans කරේ නෑ.මට හේතුව හිතාගන්න බැරි වුණා.දිගින් දිගටම එහෙම වුණා.දවසක් මම දඹුල්ලේ ඉඳන් කැකිරාවට බස් එකේ එනකොට පිටිපස්සේ seat එකේ මම දැකපු දෙයින් මට මාවම එපා වුණා රනූ.නිරාශ් මුස්ලිම් කෙල්ලෙක්ගේ තුරුලේ.ලස්සන මුස්ලිම් කෙල්ලෙක්.මට හිතාගන්න බැරි වුණා රනූ." ආයෙත් රශී කඳුළු පිහිදන්න ගත්තා.
     
       "මට හැමදේම එපා වුණා.ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතුණා.කොල්ලෝ සංහතිය ගැනම මගේ හිතේ වෛරයක් ඇති වුණා.ඒත් හැමදේම අමතක කරලා campus ගියේ අළුත්ම ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.ඒත් මට තාම කොල්ලෙක්ට ආදරේ කරන්න බෑ රනූ.කවුරු හරි නිරාශ් හිටිය තැනට එන්න හදනකොට මට එයාව අයින් කරන්න හිතෙනවා.මට ඔයාගෙන් නිරාශ්ගේ ආදරේ දැනෙන්න ගත්තා රනූ.මම ඒකයි ඔයාවත් අයින් කරේ."

       මේ කථාව විස්වාස කරන්න බැරි මානසිකත්වයක මම දිගින් දිගටම හිටියේ.මේ වගේ චිත්‍රපටි,නවකථා බලලා කියවලා තියෙනවා.ඒත් මගේ ජීවිතේ මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවෙම නෑ.ඒ නිසා මම ඒක විස්වාස කරෙත් නෑ.

"රශී රශී රශී,ඔයා පුදුම කෙල්ලෙක්.මගේ හොඳම යාළුවෙක්ට අවුරුදු හතරක affair එකක් තිබුණා.school කාලෙම එකක්.දෙන්නම campus select වුණා.ඒත් campus දෙකකට.තවත් කාලයක් මේ affair එක තිබුණා.ඊට පස්සේ කෙල්ල කොල්ලට කිව්වා 'ඔයාට වඩා දැනෙන කෙනෙක් මට හම්බවුණා.plz කොහොමහරි හිත හදාගන්න' කියලා.එහෙම කියලා කෙල්ල වෙන් වුණා.කැළුම් හම්බවුණාම මට ඇත්ත කියලා වෙන්වෙන්න තිබුණා මේ plan ගහන්නේ නැතුව.ඒ බොරුව නිසා මට ඔයාව හොයන්න වුණේ.ඒකෙන් ඔයාගේ හැමදේම එළි වුණා."
මම කට කොනකින් හිනා වුණා."ඇයි මට එහෙම කියලා වෙන් නොවුණේ? "
රශී නිශ්ශබ්දයි."ඒ කොල්ලා අදටත් සතු‍ටු වෙනවා 'එයා මට ඇත්ත කියලා වෙන් වුණා නේ' කියලා.
"මේ හැමදේම දැනගත්තම මට මෙහෙම හිතුණා.'මේකි මේ කරන්නේ මොනම හේතුවක් නිසා හරි කොල්ලෝ අමාරුවේ දාන එක.ඒ නිසා මේකිට ආයේ එකම කොල්ලෙක් එක්ක වත් set වෙන්න දෙන්නෙ නෑ.' කියලා.ඒත් ආයෙත් හිතුණා ' එහෙම කරන එකෙන් රශී තනිවෙනවා.ඒක මට තවත් දුකක්.ඔයා තනි වෙලා නම්,ඔයා මානසිකව දුක් විඳිනව නම් ඒක මට ලොකු දුකක්.' ඒ නිසයි මම පලිනොගෙන ඉන්න තීරණය කරේ.මගේ හොඳම යාළුවෙක් කිව්වා.'අඩෝ කොහොමද බං උඹ පලිනොගෙන ඉන්න තීරණය කරේ' කියලා."

"ඔයා එයාට කොහොමද මේ ගැන කිව්වේ.මං ගැන හැමදේම කිව්වද?"

"නැ.කියන්න පුළුවන් හැමදේම කිව්වා.ඔයාගේ චරිතෙට බරපතල හානි වෙන කිසිම දෙයක් කිව්වේ නෑ.මොකද කෙල්ලෙක්ගේ චරිතේ වටිනවා ඒ කෙල්ල කොහොම කෙල්ලෙක් වුණත්.මම එහෙම හිතනවා නිතරම.ඒ නිසා මම ඔයාගේ ආත්ම ගෞරවය ගැනත් හිතුවා.මේ හැම එකක්ම ඇත්ත ඇති සැටියෙන් දන්නේ ඔයයි මමයි නිරාශුයි විතරයි.මම මේ දේවල් හොයන්න පරක්කු වුණා වැඩියි රශී.මේ දේවල් මම කලින් හෙව්වේ නැත්තේ බයට.ඒ දවස් වල මේවා හෙව්වා කියලා ඔයාට ආරංචි වුණොත් මොකද වෙන්නේ.ඔයා හිතනවා 'මෙයාට මාව විස්වාස නෑ.ඒ නිසා මේක නවත්තන්න ඕනි' කියලා.අන්න ඒකට මම බය වුණා.ඔයා එහෙම හිතයි කියලා මම බය වුණා.එහෙම හිතලා ඔයා මගෙන් වෙන් වෙයි කියලා මම බය වුණා.මම කරපු ලොකු මෝඩකමක් තමයි ඒ.හැබැයි එදා මම මේ දේවල් හෙව්වා නම් මම මෙච්චර මානසික කඩාවැටීමකට ලක් වෙන්නේ නෑ.ඒත් පස්සේ හරි මම මේ දේවල් හෙව්ව එක ගැන මම සතු‍ටුයි.
     රහස් පරීක්ෂකයෙක් වගේ මෙහෙයුම් වලට වෙන් කරලා මේ දේ හෙව්වා මම." රශී බිම බලාගෙන හිනා වුණා.දැන් අපි දෙන්නගෙම හිත් වල සැහැල්ලුවක් තිබුණා වගේ මට තේරුණා.

"ඔයාගේ මේ විස්තර හොයන්නම මට 1600ක් වියදම් වුණා.4n card,බස් වියදම් අනං මනං." මමයි රශීයි දෙන්නම හිනා වුණා."දවල් වරු ගානක් කෑවේ නෑ.town ගානේ රස්තියාදු වුණා.එහෙම කරලා මේ හැමදේම හොයාගත්තේ ඔයාගෙන් පලිගන්න.ඒත් අන්තිමට මට එහෙම කරන්න හිතුණේ නෑ.මගේ යාළුවා කිව්වා ' උඹ හොඳ වැඩියි බං.මම නම් කරන්න ඕනි දේ දන්නවා.කොහොමහරි ඕකි එක්ක ආයේ යාළු වෙලා,ඕකි ඉවරයක්ම කරලා දානවා.හැමදේම ඒකිට නැති කරනවා.ඊට පස්සේ අතහැරලා දානවා.' එහෙමයි කිව්වේ" රශී ලාවට හිනා වුණා.
     "ඒත් මට එහෙම කරන්න හිතුණේ නෑ.මේ හැමදේම මෙහෙම කරන්නේ ඇයි.වෛරයෙන් වෛරය සංසි‍ඳෙන්නේ නෑ නේ.තවත් පව් අපි කරන්නේ ඇයි.මේ සංසාරය තවත් දික්කරගන්නේ මොකටද කියලා හිතුණා මට.ඒකයි මේ හැමදේම ඔයාට කියලා,මේවා වැරදියි කියලා ඔයාට කියලා දීලා ඔයාව හරිමගට ගන්න මම හිතුවේ.ඒකයි මේ දේවල් මේ විදියට ඔයාට කියන්න හිතුවේ මම."


                                                               මතු සම්බන්ධයි............................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...