Friday, September 28, 2012

බාඳුරා සිහිනය 29

පෙර කොටස බාඳුරා සිහිනය 28


"මම කැළුම්ට කැමති නෑ." තදින්ම කිව්වා රශී.

"එහෙනම් ඔයා කැළුම්ට මාසයක් කල් දුන්නේ?" මටත් කේන්ති ගියා.

"මං කොහොමද කොල්ලෙක්ට එකසැරේ බෑ කියන්නේ." වැ‍රැද්ද වහගන්න දරන අසාර්ථක උත්සාහය.....මට හිනා ගියා.හදවතින් මම හිනා වුණා.

"එතකොට 3 වෙනිදා කැළුම්ට කිව්වේ ඇයි රනූට ගෙදරින් අකමැති නිසා මේක නැවැත්තුවා කියලා?"

"එතකොටත් ඔයාට ගෙදරින් අකමැති වෙලා හිටියේ."

"ගෙදරින් දන්නේ කොහොමද මං ගැන?"

"මං කිව්වා."

"ආහ්..එහෙමයි නේ.එක්කෝ මේ ගැන කිසිම දෙයක් ගෙදරින් දන්නේ නෑ.එක්කෝ ගෙදරට කියලා තියෙනවා මට අකමැති වෙන විදියට.ඔය දෙකෙන් එකක් තමයි රශී.ඔයා හදවතින් අවංකව ආදරේ කරා නම් කියන්නේ නෑ ගෙදරට.මොකද අපි දෙන්නම කථා වෙලා හිටියේ දැන්ම මේක ගෙදරට කියන්නේ නෑ කියලා.අනික ඔයා හොඳටම දන්නවා මම චූටිගෙන් වෙන් වෙලා හිටියේ නෑ කියලා.ඒ වෙන්වෙනකං ඔයා ගෙදරට කියන්නේ නෑ කියලා ඔයා මට කියලා තියෙනවා.ඉතින් දැන් ඔයා කියන එක මට විස්වාස කරන්න පුළුවන්ද?" පැහැදිලිවම ඇත්ත මොකක්ද කියලා දැනුණා,තේරුණා.ඒත් මට ඕනි වුණා රශීගේ කටින්ම ඇත්ත දැනගන්න. පාපොච්චාරණය කරවගන්න. ඒකයි මම හැමපැත්තක්ම විශ්ලේශණය කරපු විදිය රශී ඉස්සරහා දිගහැරියේ.

"මෙච්චර thousand lies මට කියලා ඔයා මට තවත් කියන මේ බොරු මට විස්වාස කරන්න කියලද කියන්නේ?"

"නෑ.විස්වාස කරන්න එපා."

"ඕනි නම් මට පුළුවන් ඔයා මේක ගෙදරට කිව්වේ නෑ කියලා ඔප්පු කරන්න."

"ඒ කොහොමද?"

"ඔප්පු කරන්නද මං.challenge එකක් දෙනවද?" රශීගෙ මූණ අඳුරු වුණා.කඩාගෙන වැ‍ටුණා.අසරණ වුණා."අභියෝගය බාරගන්නවද?"



"මම අම්මට කිව්වේ affair එකක් තියෙනවා කියලා නෙවෙයි." රශීගේ කට ඇරුණා. "මං කිව්වේ ඔයා මගෙන් අහනවා කියලා."

"ඔයා ගෙදරට කියලා නෑ පොඩ්ඩක්වත්."

"ඉතින්..ඔයා දැන් අපේ අම්මට call කරලා අහලා බලන්නකෝ.අම්මට මං කිව්වේ ඔයා අහනවා කියලා."

"හරි එහෙනම් ඔයා කියලා ඇති.මාව අම්මට එපා වෙන විදියට ඔයා මං ගැන කියන්න ඇති.'එයා මට වඩා බාලයි,පහතරට.මං කැමති වෙන්නද එපාද.'කියලා අම්මගෙන් ඇහුවම අම්මා එපා කියලානේ කියන්නේ.එහෙම අහන්න ඇති අම්මගෙන්.මම ඕනි නම් ගෙදර එන්නම්.ගෙදර ආවෙ නැතත් මට තව ක්‍රම තියෙනවා ඕක ඔප්පු කරන්න.මට challenge එක බාර දෙනවද?"

"හරි ඔයා කියන්නේ අපේ අම්මා ඔයාට අකමැති නැද්ද?"

"අකමැති වෙන්න පුළුවන්.ඒත් ඔයා අම්මට කිව්වේ අකමැති වෙන විදියට.ඒක නෑ කියනවද ඔයා?."

"හරී....එහෙනම් ඔයා අපේ ගෙදර ඉන්න නංගිට call එකක් අරන් අහන්නකෝ."

"නංගී? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේ." මට හිතුණා නංගිත් මේකට හවුල් ඇති කියලා.ඒකයි එහෙම කිව්වේ.

"හරි,මං කියන්නේ බොරු.එතකොට ඉවරනේ."

       මම තවත් තර්ක කරන්න ගියේ නෑ.මේ ඇත්ත අද දවස ඉවර වෙන්න කලින් මෙයා පාපොච්චාරණය කරයි කියලා මට හිතුණා.

"නිරාශ් එක්ක affair එක පටන් අරන් ඒක break වුණේ මොන හේතුවක් නිසා හරි ඔයා ඊට පස්සේ ජානක එක්ක විකාර affair  එකක් පටන් අරන්.මොන තරම් මෝඩ වැඩක්ද රශී.අවුරුදු හතරක් බාල මල්ලි කෙනෙක් එක්ක affair එකක්.විහිළුවට හරි ඇත්තට හරි.ඔයා කොච්චර මෝඩද රශී.අනික ඔයා කොල්ලෝ එක්ක කථා කරන්නේ හැසිරෙන්නේ කොල්ලෝ දැලේ දාගන්න බලාගෙන වගේ.මට ඒක දැනුනා.faculty වල එක එක කොල්ලොත් ඒක කියනවා.ඔයා facebook එකේ chat කරපු විදිය...මං කියෙව්වා මේ affair එක නවත්තපු දවසෙම.ඔයා password එක වෙනස් කරන්න කලින්.අන්තිමයි රශී අන්තිමයි.තුච්ඡයි.ඇග්‍රි එකේ කොල්ලෝ එක්ක,තව තව අය එක්ක ඔයා chat කරපු විදිය අන්තිමයි.ඔයාට තේරෙන්නෙ නැතුවද මංදා.එහෙම නම් ඔයා වෙන කෙල්ලෙක්ට ඒක බලන්න දෙන්න ඒ chat කරපු විදිය.ඔයාගේ කනට ගහයි ඒ කෙල්ල.ඕනිම කෙල්ලෙක් ඒ විදියට හැසිරෙණ එක,chat කරන එක අන්තිමයි කියලා අනිවා කියයි."    මේ දේවල් හිරකරගත්ත ඉවසීමකින් අහගෙන හිටියා රශී.

   "මම නිරාශ්ව හැම වෙලේම විස්වාස කරා." රශී පාපොච්චාරණය පටන්ගත්තා."නිරාශ් මගේ ජීවිතේම කියලා මම විස්වාස කරා.මම නිරාශ්ට ගොඩාක් ආදරේ කරා.ඒත් නිරාශ් මාව සෙල්ලමකට ගන්නවා කියලා මට නිකමටවත් හිතුණේ නෑ.මගේ පළවෙනි ආදරේ නිරාශ්..ඒත් නිරාශ්ගේ ජීවිතේට ඉස්සෙල්ලම ආවේ මම නෙවෙයි කියන එක මම දැනගෙන හිටියා.නිරාශ් එක්ක කලින් යාළු වෙලා හිටියා සේමිණී කියලා girl කෙනෙක්.නිරාශ් එක්ක මම යාළු වෙලා ඉන්න කාලේ සේමිණී මට නිරාශ් ගැන ගොඩක් දේ කිව්වා.නිරාශ් අතින් සේමිණී අනාථ වෙලා කියලත් සේමිණී මට කිව්වා.ඒත් මම කිසි දෙයක් අහන්නේ නැති මුරණ්ඩු හිතකින් නිරාශ්ට ආදරේ කරා.නිරාශ්ගෙන් මම සේමිණී ගැන ඇහුවම නිරාශ් මට ඒ දේවල් කිව්වා.ඒත් නිරාශ් අතින් නෙවෙයි සේමිණී අනාථ වෙලා තියෙන්නේ කියන එක නිරාශ් දිගින් දිගටම දිවුර දිවුර කිව්වා.නිරාශ් ගැන මගේ හිතේ තිබුණ ආදරේ,නිරාශ් කිව්ව ඒ දේවල් ඇත්ත කියලා හිතන්න මගේ හිත පෙළඹෙව්වා.මම මටත් වඩා විස්වාස කරලා නිරාශ්ට ආදරේ කරා.ඒ අතරේ මට තවත් ආරංචි ආවා නිරාශ්ට ජනානි කියලා තවත් girl කෙනෙක් එක්ක affair එකක් තියෙනවා කියලා.ඒක මම කොහෙත්ම විස්වාස කරේ නෑ.මට නිරාශ් ගේ ආදරේ තදින්ම දැනුණා.මොනම කථාවක් කවුරු කොහොම කිව්වත් මම නිරාශ්ව තදින්ම විස්වාස කරලා හිටියේ.
ඒත් එක දවසක්......


                                                          මතු සම්බන්ධයි........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...